අන්තවාදී කි‍්‍රයා ගැන පොලීසියට තොරතුරු ලබාදුන් මුස්ලිම් ජාතිකයෙකු අත්තනගල්ල, අලවල ප්‍රදේශයේදී ඝාතනය කර තිබෙනවා
මොහොමඞ් ආදීල් නැමැති ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා වඩේ වෙළදාමේ නිරත වූ අයෙකු බවයි පොලීසිය පැවසුවේ.
බරපතල තත්ත්වයේ පසු වූ එම පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
අවස්ථා ගණනාවකදී අන්තවාදී කි‍්‍රයා පිළිබඳ මොහු පොලීසිය වෙත තොරතුරු ලබාදී ඇති බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. මෙම ඝාතනය අන්තවාදී කල්ලියක කි්රයාවක් විය හැකි බවයි සැක පළ කරන්නේ. නිට්ටඹුව පොලීසිය මගින් මෙම ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.
Code:
http://nethnews.lk/article/66144?fbclid=IwAR2ZhuNs_u8TfPsPg7bD5fOKXorGt6jK_1D274yKCKrSwrsNVRs9HynLzEs
Last edited:


