සහරාන් කල්ලියට ඇප දීමේ ඇත්ත කතාව කියයි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    සහරාන් කල්ලියට ඇප දීමේ ඇත්ත කතාව කියයි

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් නවදෙනකුට අලුත්කඩේ අංක දෙක උසාවියේ මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිස් විරෝධය නොතකා ඇප ලබා දුන් බවටත්, එය නඩු වාර්තාවේ සඳහන් කර නොමැති බවටත් චෝදනා කරමින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාන මහතා අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

    සැකකරුවන්ට ඇප නොදෙන ලෙස පොලිසිය කළ ලිඛිත හා වාචික ඉල්ලීම් නොසලකා ඇප ලබා දී ඇති බවටත් එහි ප්‍රතිඵලයක් ලෙස තමා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව පොලිස් මූලස්ථා⁣නයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවටත් හේවාවිතාන මහතා තම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

    එම නිසා මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරන්නැයි අධිකරණ සේවා කොම්සමෙන් ඉල්ලා සිටින බවද එහි සඳහන් වේ. සැකකරුවන්ට ඇප ලබා දීමට පොලිසිය දැඩි ලෙස විරුද්ධ වූ බවට මෙම නඩුවේම විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීවේදී පිටිගල කංකානම්ලාගේ දොං වසන්ත මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් පවසා ඇතැයිද එම පැමිණිල්ලේ සඳහන් වේ.

    දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ කරන ලද විමර්ශනයේදී මෙම සැකකරුවන් සිම්පත් දෙකේ සිට අට දක්වා සංඛ්‍යාවක් ළඟ තබාගෙන ඇති බවත්, ඔවුන් අපරාධය සඳහා පැහැදිලි අවබෝධයෙන් කටයුතු කර ඇතැයි විමර්ශනයේදී පෙනී ගොස් ඇති බවත් අධිකරණයට වාර්තා කළ බවද පොලිස් ස්ථානාධිපතිවරයා සිය පැමිණෙල්ලේ සඳහන් කර ඇත.

    කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත මහතා පසුගිය අප්‍රේල් මස 21 දින රාත්‍රියේ කළ දැනුම්දීමක් මත වැල්ලම්පිටියේ පිහිටි කොලෝසස් නැමැති තඹ කම්හලට ආරක්ෂාව යෙදූ බවත් පසුව ඔහුගේ උපදෙස් මත පුද්ගලයන් නව දෙනකු පොලිස් බාරයට ගත් බවත් පොලිස් ස්ථානාධිපති ගාමිණී හේවාවිතාන මහතා සඳහන් කර තිබේ.

    http://www.lankadeepa.lk/latest_news
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අලුත්කඩේ අංක දෙක උසාවියේ මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා