Minister Rishard Bathiudeen phoned me and made a request - Army Commander

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,792
    9,494
    113
    සැකකරුවෙකු අත්අඩංගුවට ගත් විට බදියුදීන් මට කතා කළා-හමුදාපති මාධ්‍යයට කියයි

    mahesh.jpg

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව දෙහිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට අවස්ථා තුනකදී කතා කළ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසා සිටියි.

    හමුදාපතිවරයා මේ බව අනාවරණ කළේ, අද (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විශ්වාසභංගයේ ඇතුළත් කරුණක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමිනි.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් නිදහස් කරන ලෙසට බලපෑම් සිදු වු බවට මැයි මස 5 දින පුවත්පතකට සිදුකල ප්‍රකාශය පිළිබඳව එහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ එය බලපෑමකට වඩා ඉල්ලීමක් ලෙස තමන් සඳහන් කිරීමට කැමති බවයි.

    එහිදී එක්තරා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව රිෂාඩ් ඇමතිවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් එහිදී තමන් විසින් ඊට පිළිතුරු 2ක් ලබාදුන් බවත් යුධ හමුදාපතිවරයා කියා සිටියේය.

    පළමු අවස්ථාවේ දී තමන් අදාළ සැකකරු පිළිබඳව සොයා බලා ඉදිරියේදී දැනුම් දෙන බවත්, දෙවනි වරත් ඒ පිළිතුරම ලබා දුන් බව පැවසු හමුදාපතිවරයා තුන්වෙනි වර ඇමතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට පත් වුවන් අතර එවන් පුද්ගලයෙකු සිටින බවත් නැවත අවුරුදු එක හමාරකට පසුව මෙම දුරකථන ඇමතුම ලබා ගන්නා ලෙසත්ය.

    අදාළ සැකකරු පිළිබඳ මාධ්‍යවේදීන් විමසු අවස්ථවේ ඔහු කියා සිටියේ නිශ්චිතවම එය කිව නොහැකි බවත් දෙහිවලින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ලෙස කිව හැකි බවත්ය.

    Dialy mirror/Ada derana
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763

    මෙතනම තවත් සාක්ෂියක් රිෂාඩ් බල්ලව ඇතුලට දාන්න :angry:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    gfdgfgdfgd.jpg

    රිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇති බව එහි උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට කටයුතු කළ අතුරුලියේ රතන හිමියන්ට වත්මන් ත්‍රස්තවාදය පරාජය කිරිමට කිසිම යෝජනාවක් ගෙන ඒමට අයිතියක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

    “අතුරලියේ රතන හාමුදුරුවෝ වැනි උදවිය කියනවා රිෂාඩ් බදුර්දින් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනවා කියලා. රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා පළවා හැරීම සම්බන්ධයෙන්යෙන් අපිට කිසිම ගැටලුවක් නෑ. ඔහු අන්තවාදීන් පෝෂණය කළ පුද්ගලයෙක්. ඔහුට එරෙහිව රජය විසින් කිසිදු පියවරක් ගන්නෙ නෑ. ඒත් සඳහා සියලු සාක්ෂි තිබෙනවා.

    මේ විතරක් නෙමෙයි අන්තවාදය වපුරනවාන්නේ උත්සහ කරපු සියළුම මුස්ලිම් අන්තවාදී නායකයින් ගැන අපගේ බරපතළ ගැටලුවක් තිබෙනවා. නමුත් මේ සියලු කටයුතුවල මූලාරම්භය වුනේ 2015 ජනවාරි අටවෙනි දින මෙරට විජාතිකයන්ට පාවා දෙන ආකාරයට ගල් ලෙන බිඳලා ලෙන්දොර ඇරලා මහින්ද රාජපක්ෂ එළියට අරගෙන්මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න මුල් වෙච්ච අතුරලියේ රතන හා හාමුදුරුවන්ට මේ ත්‍රස්ත ත්‍රස්තවාදී පරාජය කරන්න කිසිදු අයිතියක් නෑ. ඒ නිසා උන් වහන්සේ ගෙන එන කිසිදු යෝජනාවකට අපගේ සහය සහයෝගයක් නෑ. ඒක වගකීමෙන් යුක්තව කියන්න ඕන.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට

    ඉබ්‍රාහිම් නානා සනීපෙන්ද කොල්ලෝ