ජවිපෙට ප්‍රශනයක්...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජවිපෙට ප්‍රශනයක්...

    කිරියේ ඉන්න ක්‍රියාකාරී සහ ජවිපෙට පක්ෂ එලකිරියන්ස් ලාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ?

    ප්‍රශ්නය : බදියුදීන්ට ගෙනා විශ්වාසභංගයට පක්ෂව ජවිපෙ ඡන්දය දෙනවද?
     
    • Like
    Reactions: Ithika mithika

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එහි අන්තර්ගතය කුමක්දැයි ඔබ දන්නවාද? අන්තර්ගතය නොදන්නා දෙයකට චන්දය ලබා දෙන්නේද නැද්ද යන්න කිව හැක්කේ අන්තර්ගතය දැනගැනීමෙන් පසුව බව ජවිපෙ ටිල්වින් සිල්වා පෙරේදා ප්‍රකාශ කළේය.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහි අන්තර්ගතය කුමක්දැයි ඔබ දන්නවාද? අන්තර්ගතය නොදන්නා දෙයකට චන්දය ලබා දෙන්නේද නැද්ද යන්න කිව හැක්කේ අන්තර්ගතය දැනගැනීමෙන් පසුව බව ජවිපෙ ටිල්වින් සිල්වා පෙරේදා ප්‍රකාශ කළේය.

    අන්තර්ගතය දැනගත්තත් දෙන්නෑ බං :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    එහි අන්තර්ගතය කුමක්දැයි ඔබ දන්නවාද? අන්තර්ගතය නොදන්නා දෙයකට චන්දය ලබා දෙන්නේද නැද්ද යන්න කිව හැක්කේ අන්තර්ගතය දැනගැනීමෙන් පසුව බව ජවිපෙ ටිල්වින් සිල්වා පෙරේදා ප්‍රකාශ කළේය.

    මේකෙම විසිපස් වතාවකට වඩා දාල තිබ්බ, උඹ බොරුවටනෙ කියන්නෙ අන්තර්ගතය දන්නෙ නෑ කියල :lol:

    aBkkqlK.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    මේකෙම විසිපස් වතාවකට වඩා දාල තිබ්බ, උඹ බොරුවටනෙ කියන්නෙ අන්තර්ගතය දන්නෙ නෑ කියල :lol:

    aBkkqlK.jpg
    මේක 2018 එකක්නේ බන් :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    මේක 2018 එකක්නේ බන් :lol::lol:

    අන්තර්ගතය මේක නං ජෙප්පෙක් විදිහට උඹ මොකද හිතන්නෙ, ජවිපෙ පක්ශ විය යුතුද විපක්ශ විය යුතුද? ;)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේක 2018 එකක්නේ බන් :lol::lol:

    ජෙපි මිතුර..දවස සාදා ඇත...බොම්බේ පිපුරුනේ 2019 දීය...ඇයි පිළිතුරු නොදෙන්නේ ...ඉබ්‍රාහිම් නානගේ නම තියන හින්දද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    අන්තර්ගතය මේක නං ජෙප්පෙක් විදිහට උඹ මොකද හිතන්නෙ, ජවිපෙ පක්ශ විය යුතුද විපක්ශ විය යුතුද? ;)

    බම්ප්!
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කිරියේ මීටවඩා වගකීම් සහගත ජෙප්පෙක් නැද්ද ? අංක sir ට හිර උනාම හැන්ගෙනවා ....
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Mehemai... karumekata wage...muslim janathwage niyojanaya thiyenne me amathi lage...
    Dan muwa ain kaloth... samajeta mathayak yanna puluwan.... Muslim janathawa ta parlimenthuwe niyojanayak na...kiyala.... ethakota ithin ayeth civil war ekakkata api para kapanwa.. rate awasanwa.... badurdeen wage palakyek muslim aya niyojanya karana eka... Muslim aya meeta wada buddimathwa thmange chande pavichi kala yuthui
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අන්තර්ගතය මේක නං ජෙප්පෙක් විදිහට උඹ මොකද හිතන්නෙ, ජවිපෙ පක්ශ විය යුතුද විපක්ශ විය යුතුද? ;)

    ඔකේ පලවෙනි කාරණේ ගැන හමුදාපති කිව්වේ එයාට ඉල්ලීමක් කළා, ඕන නම් කෙනෙකුට එක බලපෑමක් විදියට අර්ථකථනය කරන්න පුළුවන් කියල,

    දෙවෙනි කාරණෙත් සාදාරන නෑනේ බන්, ඉබ්‍රහයිම්ට මහින්දත්, ජී එල් පිරිස්, වගේ අයත් හොඳම ව්‍යවසායක සම්මාන දීල තියනවා. හොඳම ව්‍යවසායකයට තඹ දුන්න එක වැරදි කියන්න පුලුවන්ද?

    තුන්වෙනි කාරණේ ගැන වැල්ලම්පිටිය ස්ථානාධිපති අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කරලා තියනවා විනිසුරු ලිඛිත සහ වාචික විරෝධතා මැද ඇප ලබා දුන්නා කියල.

    M.Z.M රිස්වාන් කියන්නේ ත්‍රස්තවාදීන්ට කෙලින්ම සපෝට් කරපු කෙනෙක්, පොහොට්ටුවේ සංවිධායක. එකෙන් මහින්ද ත්‍රස්තයෙක් කියන්න බෑ වගේම ඔය කියන කාරණාවෙන් බදුර්දීන් ත්‍රස්තයෙක් කියන්නත් බෑනේ.

    5 වෙනි කාරණෙත් ඉබ්‍රහයිම් ගැනමයි.

    6 වෙනි කාරණෙත් බදුර්දීන් ගැන නෙමෙයි වෙන මිනිහෙක් ගැන

    7 වෙනි කාරණෙත් වෙන මිනිහෙක් ගැන

    8 නම් සහෝදරයා සතොසේ වාහනයක් අරන් ගියා කියල. එක නම් වැරදි

    9 සමාජයේ සැකය මතු උනා කියල හරියන්නේ නෑ බන්, ඕක ඔප්පු කරලා පෙන්නන්න ඕනනේ.

    10 ගැනනම් කියන්න තේරෙන්නේ නෑ හරියට.

    පෙන විදියට නම් ප්‍රභල විස්වාස භංගයක් නෙමෙයි. මගේ පෞද්ගලික මතය ඕක විස්වාසය කඩ උනා කියන්න තරම් සැලකිය යුතු කාරනා නෙමෙයි කියන එක. අනික ප්‍රභල කරුණු නැත්නම් නිකන් ඕකව පාර්ලිමේන්තුවෙන් එලවල නැති ප්‍රශ්නයක් හදාගන්න වෙන්නේ. ඔයිට වඩා ප්‍රභල යෝජනා තිබිය යුතුයි කියන එකයි මගේ අදහස

    එඩිට් : මම හිතන්නේ නෑ මහින්ද උනත් ඕකට සපෝට් දෙයි කියල.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Mehemai... karumekata wage...muslim janathwage niyojanaya thiyenne me amathi lage...
    Dan muwa ain kaloth... samajeta mathayak yanna puluwan.... Muslim janathawa ta parlimenthuwe niyojanayak na...kiyala.... ethakota ithin ayeth civil war ekakkata api para kapanwa.. rate awasanwa.... badurdeen wage palakyek muslim aya niyojanya karana eka... Muslim aya meeta wada buddimathwa thmange chande pavichi kala yuthui

    පාර්ලිමේතුවේ මුසිල්ම් මන්ත්‍රීවරු කීයක් ඉන්නවද ?

    බදුර්දීන්ව ඉවත් කලාම replace කරන්නේ සිංහල නායකත්වයකින්ද ? මුස්ලිම් නායකත්වයකින්ද ?

    ඕව බොහොම ලාබාල තර්ක මචන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    Mehemai... karumekata wage...muslim janathwage niyojanaya thiyenne me amathi lage...
    Dan muwa ain kaloth... samajeta mathayak yanna puluwan.... Muslim janathawa ta parlimenthuwe niyojanayak na...kiyala.... ethakota ithin ayeth civil war ekakkata api para kapanwa.. rate awasanwa.... badurdeen wage palakyek muslim aya niyojanya karana eka... Muslim aya meeta wada buddimathwa thmange chande pavichi kala yuthui

    මුස්ලිම් ජනතා නියෝජිතවරු මාධ්‍ය සාකච්ඡාවක් තියලම කිව්ව ස්වයං විවේචනයක් කරන්න කැමතියි කියලා. බදියුදීන් නැතිවුණා කියල මුස්ලිම් ජනතා නියෝජනය නැතිවෙන්නෙ නෑ මුස්ලිම්වරු යුද්දෙකට යයි කියල බයට අපි විපක්ශ වෙනව කිව්වොත් එහෙම අර කඩු ගත්තෙ තණකොළ කපන්න කියපු එකේ අනික :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔකේ පලවෙනි කාරණේ ගැන හමුදාපති කිව්වේ එයාට ඉල්ලීමක් කළා, ඕන නම් කෙනෙකුට එක බලපෑමක් විදියට අර්ථකථනය කරන්න පුළුවන් කියල,

    දෙවෙනි කාරණෙත් සාදාරන නෑනේ බන්, ඉබ්‍රහයිම්ට මහින්දත්, ජී එල් පිරිස්, වගේ අයත් හොඳම ව්‍යවසායක සම්මාන දීල තියනවා. හොඳම ව්‍යවසායකයට තඹ දුන්න එක වැරදි කියන්න පුලුවන්ද?

    තුන්වෙනි කාරණේ ගැන වැල්ලම්පිටිය ස්ථානාධිපති අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කරලා තියනවා විනිසුරු ලිඛිත සහ වාචික විරෝධතා මැද ඇප ලබා දුන්නා කියල.

    M.Z.M රිස්වාන් කියන්නේ ත්‍රස්තවාදීන්ට කෙලින්ම සපෝට් කරපු කෙනෙක්, පොහොට්ටුවේ සංවිධායක. එකෙන් මහින්ද ත්‍රස්තයෙක් කියන්න බෑ වගේම ඔය කියන කාරණාවෙන් බදුර්දීන් ත්‍රස්තයෙක් කියන්නත් බෑනේ.

    5 වෙනි කාරණෙත් ඉබ්‍රහයිම් ගැනමයි.

    6 වෙනි කාරණෙත් බදුර්දීන් ගැන නෙමෙයි වෙන මිනිහෙක් ගැන

    7 වෙනි කාරණෙත් වෙන මිනිහෙක් ගැන

    8 නම් සහෝදරයා සතොසේ වාහනයක් අරන් ගියා කියල. එක නම් වැරදි

    9 සමාජයේ සැකය මතු උනා කියල හරියන්නේ නෑ බන්, ඕක ඔප්පු කරලා පෙන්නන්න ඕනනේ.

    10 ගැනනම් කියන්න තේරෙන්නේ නෑ හරියට.

    පෙන විදියට නම් ප්‍රභල විස්වාස භංගයක් නෙමෙයි. මගේ පෞද්ගලික මතය ඕක විස්වාසය කඩ උනා කියන්න තරම් සැලකිය යුතු කාරනා නෙමෙයි කියන එක. අනික ප්‍රභල කරුණු නැත්නම් නිකන් ඕකව පාර්ලිමේන්තුවෙන් එලවල නැති ප්‍රශ්නයක් හදාගන්න වෙන්නේ. ඔයිට වඩා ප්‍රභල යෝජනා තිබිය යුතුයි කියන එකයි මගේ අදහස

    එඩිට් : මම හිතන්නේ නෑ මහින්ද උනත් ඕකට සපෝට් දෙයි කියල.

    ඔව් පිළිතුර පැහැදිලියි...ජවිපෙ සාමාජික යාගේ මතය අනුව ජවිපෙ විශ්වාස බන්ගයට සහය දෙන්නේ නැත
    නැත නැත