Google විසින් Huawei ඉවත් කරන්න හේතුව
මායි මල්ලියි රණ්ඩුවෙද්දි ඒක විසඳන්න බැරි වුනහම අපේ තාත්ත ගන්න තීරණ අපිට දැනගන්න ලැබෙන්නෙත් දවස් දෙක තුනක් ගිහින්
අපේ මල්ලි ඇපල් කාරයෙක්. ඌ තාත්තා ජනාධිපතිවුන එකේ උපරිම ප්රයෝජනය ගන්නවා. යන්නේ අලුත්ම Mercedes-AMG G 63 එකක. එයාටම කියලා defenders 6 කුත් පස්සෙන් යනවා. Shangrila එකේ wedding එක තියන්න බෑ කිව්වහම් Hilton එකට මාරු කලා. ඒ වගේම තාත්තා එක්ක හැම රටකටම යනවා. මල්ලි හරිම පොශ්. iPhone XS එකට අමතරව එයා ගාවා Apple watch, Ipad Air(2019), MacBook Pro එහෙමත් තියනවා.
මං යූස් කරන්නේ Huawei එකක්. මගේ හස්බන්ඩ් බිස්නස් කරාට මන් එහෙම නෑ. මේ ෆෝන් එක ගත්තෙත් ජනාධිපති තාත්තා පලමු පිටපත විකුණපු සල්ලි වලින්. ඒකත් Phone Only ගත්තේ. Full Set නෙවෙයි.
දවසක් මං ලස්සන Ringtone එකක් ෆෝන් එකේ දාන් හිටියා. මේ ලඟදි පාටියකදී මගේ ෆෝන් එක ring වෙද්දි පාටියට ඇවිත් හිටපු හැමෝම මේ tone එකට කැමති වුනා. කොටින්ම අපේ තාත්තත්. හැබැයි මල්ලි ගාව Apple නිසා එයාගේ එකේ තිබ්බේ අර සුපුරුදු Apple tone එක. ඉතින් එයා කොච්චර posh දුරකථනයක් භාවිතා කලත් පිලිගැනීම තිබ්බේ මට. සමහර අය එයාට විහිලු කලා " ආපෝ.. ඇපල් වලට ringtone නෙවෙයි ඉතින් සින්දුවක් දාගන්නත් මාර ගේමක් දෙන්න ඕනේ නේ" කියලා.
අපේ මල්ලිට ඉක්මනට මල පනිනවා. මතක නේ අර CliQ එකේදී ගහගත්තා. ඇයි අර මාලු මාලු හොටෙල් එකේ සීන් එකත් එහෙම නේ. ඉතින් ඒ වගේම මේ සීන් එකටත් මල්ලිට මල පැනලා පාටිය මැදදි එයා මගේ Huawei Phone එක අරන් පොලොවේ ගැහුවා. පස්සේ මායි එයයි අතර බහින්බස් වීමක් ඇති වුනා. මේක කොයිතරම් දුරට ගියාද කියනවා නම් රටේ අච්චර ප්රශ්ණ තියන වෙලාවකත් අපි ඒවා අමතක කරන්න පාටියක් දැම්මත්, තාත්තා උරණ වෙලා එයා හද්සියේම දින තුනක සංචාරයකට චීනෙට ගියා.
අපි දෙන්න අතර ප්රශ්ණේ කොහොම හරි සමතයකට පත් වුනා. මල්ලි අනික් දවස උදේම මට අලුත් ෆෝන් එකක් අරන් දුන්නා. ජොබ් නොකලට මල්ලි ගාව ඇතිතරම් සල්ලි තිබ්බා. මල්ලි හරිම ආදරෙයි අපිට.
දින තුනකින් තාත්තා ලංකාවට ආවා. අපි දෙන්නා එක්ක සාමානය විදිහට කතා කරා. ඇයි හදිසියේම චීනෙට ගියේ කියලවත් කිව්වේ නැහැ. අපි ඇහුවත් එයා හිනා වෙලා හිටියා. පස්සේ අපි එයා ගෙනාපු චයිනිස් ටොෆි චුවින්ගම් බෙදාගෙන කෑවා.
අද මං දවල් බත්කාගෙන ඉද්දි අමුතු නිව්ස් එකක් දැක්කා. ඒ තමයි Huawei දුරකථන සමාගම සහ Google සමාගම අතර තිබූ බැඳීම බිඳ වැටී මින් ඉදිරියට Huawei Devices වලට android OS එක නොදෙන බව. එකපාරට හිතාගන්න බැරි වුනා. මං මල්ලිට කතා කලේ එයාට devices ගැන ලොකු knowledge එකක් නොමැති වුනත් මට නොතේරෙන දෙයක් එයාගෙන් දැන් ගැනීමේ අටියෙන්. මල්ලිත් නිව්ස් එක දැකලා පුදුම වුනා.
පස්සේ අපි TV එක off කරලා යද්දි දැක්කා තාත්තා කජු ටිකක් අතේ තියාගෙන එකින් එක කටේ දමමින් හිනාවෙනි " අමර බන්දු.. රූප සිංහ.... අම....ර.... බන්...දු.... රූප... සිංහ... " ගීතය ගායනා කරමින් එහෙ මෙහේ යනවා
එතකොට තමයි මටයි මල්ලිටයි තේරුණේ තාත්තා එදා හදිසියේම චීනෙට ගිහින් තියෙන්නේ අපි දෙන්නා අතර එදා ඇතිවුන වලිය සමතයකට පත් කරන්න. තාත්තා Huawei කම්පැණියට ගිහින් කියලා "තොපේ phone නිසා මගේ දුවයි පුතයි මරාගන්නවා. වහාම ඔය කම්පැණිය වහලා දාපිය" කියලා.
චීන්නු තඹ සතේකට ගනන් අරගෙන නැහැ. පස්සේ අපේ තාත්තා චීනේ ඉඳලා Donal Trump ට IDD කෝල් එකක් අරන් කියලා " තොපේ Android OS පලහිලව්ව නිසයි මුන් මෙච්චර නටන්න. තව සතියක් දෙනවා, ඒ අතරතුර මුන් එක්ක තියන agrement එක කැන්සල් කරේ නැත්තම් මගේ [email protected] ගිණුම ඇතුලු තමන්ගේ පවුලේ සියලු දේනාගෙම gmail ගිණුම් delete කර yahoo වලට මාරු වන බව "
Trump කියන්නෙත් අමුතු පොරක්. Trump ට තාත්තව වටිනවා. එයා මේ රාජය පාලනය කරොත් විතරයි trumpt එයාට ඕන විදිහට අපේ රට හසුරවන්න පුලුවන්. ඉතින් Trump ගේ බලපෑම මත Google සමාගම Huawei සමග තිබු ගිවිසුම අද දින අවසන් කලා.
තාත්තා මේ වගේ අපිට හිතාගන්න බැරි පුදුමාකාර වැඩ කරනවා. මටයි මල්ලිටයි ඇඬුනා ඒ වෙලාවේ. මොකද තාත්තා කියන්නේ පවුලට හරිම ආදරේ කෙනෙක්. ඒක එයා ඔප්පු කලා.
-Copied-