දරාගැනීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,064
    11,883
    113
    උඹලගේ ලොකුම දරාගැනීම මොකක්ද? මගේ නම් මේක...

    මගේ තාත්තා පණ ගියේ මගේ ඉස්සරහ...මම එයා නැතිවෙන්න කලින් සෑහෙන්න බලා ගත්තා. හොදම දේ ගෙනත් දුන්නා..හොදම අයගෙන් බෙහෙත් අරන් දුන්නා. කැමැතිම කෑම , ලෝබ නැතුව ගෙනත් දුන්නා. මගේ තාත්තා නැති වුනේ පිලිකාවකින්, මම දැනන් හිටියා එයා නැතිවෙනවා කියලා. මම සෑහෙන්න බණ ධර්මයට යොමුවුනා. අනිත්‍ය මෙනෙහි කලා. ස්ටේජ් 04 තාත්තා හිටියේ. ඒත් මම හොදට සැලකුවා. මට තාත්තාගේ එකම ඉල්ලීමයි කරන්න බැරිවුනේ. කසාද බදින එක. මම දන්නවා කසාද බැන්දනම් මට ලොවෙත් එයාට සලකන්න බැරි විත්තිය. ඒක විතරයි මම එයාගෙන් හැංගුවේ. මම කාගෙන්වත් සත පහක් ඉල්ලන්නැතුව මගේම රස්සාවකින් මම තාත්තාව බලාගත්තා. තාත්තා එක දිගටම එකතැන් වුනේ නෑ කවදාවත්..එකතැන් වෙලා හිටියේ දවස් 05 යි . තාත්තා නැතිවුනේ අපේක්ෂා එකේ.මම හොදම ගෙවන වාට්ටුවක නතර කලේ. ඒත් මට කරන්න පුලුවන් හැම දේම කලා. මම හිතින් ශක්තිමත් වුනා දවසින් දවස..ලොවෙත් කවුරුත් මට හිටියේ නෑ..ලගට වෙලා..හිතපන් ආදරේ කරන්න කවුරුත් නැතුව තනියෙම ඉදන් මෙහෙම චැලේන්ජ් එකක් පාස් කරන්නේ කෝමද කියලා. මොනව වුනත් මම ප්‍රාර්ථනා කලේ එකම දෙයයි. මම තාත්තාට අවංක හදවතින් සැලකුවා නම් ලොවෙත් මට කදුලු වැටෙන්න එපා මරණය ආදහනය කරන දවසේ. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. මටම පුදුමයි. මට කිසිම කදුලු බිංදුවක් එදා ආවේ නෑ.. තාත්තාගේ ආදාහනය දවසේ මම ගොඩක් උපේක්ෂා සහගතව ඒ දේ දිහා බැලුවා කියලා මට දැනුනේ..මට ඒකයි කදුලු ආවේ නැත්තේ කියලා මට තවත් වෙලාවක හිතුනා..
    හැබැයි මට ඇඩුනා මරණයට පහුවදා දවසේ (බොරු කියන්න බැහැනේ)

    උඹේ ලොකුම දරාගැනීම දාමු කමෙන්ට් එකකින්