මල්වල ලස්සන බලන්න මල් කඩලා අතට ගන්නම ඕනෙ
ගොඩක් අය මේ වගේ දිග කතාවක් දැක්කාම අපෝ වෙලා නෑ කියවන්න පස්සේ කියවනවා කියල හිතනවා. නමුත් මෙක කියවන්න යන්නේ විනාඩි 4 වැනි සුලුකාලයක්.( මට විනාඩියකට වචන 200 කියවන්න පුලුවන්. මේකේ වචන 563 තියනවා.)
"ජීවිතය වෙනස් කරන කතා" මෙම පොතේ එන ලස්සන කතාවක් තමයි මෙක. එම පොතේම කතාවක් ලගදි මෙම්බර් කෙනෙකුත් දාලා තිබේ. ඒ වගේම මේ පොත ලියලා පාඨක අපේ හිත් ප්‍රබෝදමත් කල කැලුම් වැලිගම අයියටත් බොහොම ස්තුතීයි. ඉතින් අද ඉදල මෙම පොතෙ එන ලස්සන කතා වලින් එක එක එලකිරියට දාන්නම්. සම්පුර්න කතාවම නැතත් අව්ශ්‍ය කොටස් පමනක් ලියලා දාන්නම්.
කදුලු වැස්ස
අපේ හිත්වල තියන හැගීම් දැනීම් විස්තර කරන්න වචන තාමත් ශබ්ද කෝෂවල නෑ. හැගීම් දැනීම් කියගන්න බැරි තැනදී සමහර සම්බන්දතා විරහවෙන් නිමාවෙන්නේ හිතාගන්නවත් බැරි විදිහට. ඉතින් මෙකත් එහෙම කතාවක් තමා.
මට ඇයව මුලින්ම මුන ගැසුනේ හය වසර පංතියට ආව දවසේදී. අපේ ගුරුතුමිය ගැහැනු පිරිමි මිශ්‍රකරලා වාඩි කලා. එදා ඇය මගෙ ලගට දෙයියෝ එව්වා වගේ. ඉතින් කාලයත් සමගම අපි දෙන්නා හොද යාලුවෝ වුනා. එම නිසාම මම විශේෂ ආදරයක් පෙන්වන්න ගියේ නෑ.
මෙහෙම කාලයක් ගතවෙද්දී ඇය ලොකු ලමයෙක් වුනා. සදක් වගේ පිරිලා ඇය පංතියට ආවාම යහලුවෝ එයාට ගොඩක් විහිලු කලා. ඇයගේ කොපුල් ජම්බු වගේ රෝස පාට වුනා. ඇස් රතු වුනා. වැඩි කාලයක් යන්න කලින් ඇයගේ පස්සේන් පිරිමි ලමයෙක් එනවා කියලා ඇය පලමු වතාවට මට කිවා. මමත් එන්නේ ඔයාගේ පස්සෙන් කියලා මටත් කියන්න හිතුනා. එත් එහෙම කිව්වේ නෑ. මොකද අපි හොද යාලුවෝ නිසා. නමුත් මටනම් එයා හොදම යාලුවෙක්ට වඩා විශේෂයි කියන්න ඔනේ කම තිබ්බා නමුත් එය එදා නොකියවුනා.
උසස්පෙල කරන කාලයේ එයා පිරිමි ලමයෙක් එක්ක යාලු වුනා. මට මතක තියෙන්නෙ ඒ කතාව ඇහුවම මම ලොවට හොරෙන් හැඩුව කියලා විතරයි. එහෙත් දවසක් පංතිය ඉවර වෙලා යනකොට ඇය මාව හමුවෙන්න ආවා. තම පෙම්වතා නොගැලපෙන බවත් එම සම්බන්දය නැවැත්තූ බවත් ඇය මට පැවසුවා. මම සතුටින් ඇයගේ හිත හැදෙන්න කතා කලා. එය එදා මගෙන සමු ගත්තේ මාව වැලදගෙන. ඇගේ සිනිදු රැලි කොන්ඩයේ හමාගිය ජනප්‍රිය ෂැම්පු සුවදත්, මාගේ මුහුනේ ගෑවුන පවුඩර් සුවදත් මාගේ මතක පොතේ තවමත් තියනවා. අපි හොදම යාලුවෝ නේද. “ඔව්” ඇය එහම කිව්වේ ලපටි සිනහවක් දාන ගමන්.
එදත් මට ඔයාව විශේශයි කියලා කියන්න හිතුනත් එය නොකිය වුනා.
උපාධියෙන් පස්සේ ඇය බැන්දා. මමත් වෙනත් නගරයක රස්සාවක් කලා. මමත් ඇයගෙ වෙඩින් එකට ගියා.එහිදී ඇයත් කිහිපවරක්ම මාදිහා දුකෙන් වගේ බැලුවා. මම ඇය ලගින් වාඩි වුනා. අපි හොද යාලුවෝ නේද? ඇය මගෙන් රහසින් ඇහුවා. මම සුපුරුදු පරිදි ඔව් කිව්වත් ඔයාමට යාලුවෙක්ට වඩා විශේෂයි කියන්න ඕනකමක් තිබුනත් එය එදත් නොකිය වුනා. මම එදා ගෙදර ආවේ ලොකු දුකකින්.
රුසියානු මීග් යානයක වේගයෙන් කාලය පියාසර කලා. මම රජයේ සේවයෙන් විශ්‍රාම අරගෙන ලොකු පුතාගේ ගෙදර නැවතුනා. එක් දිනයක ආව ලියුමකින් මගේ ගත් සිත සලිත වුනා. ”ඔබගේ මිතුරිය නැති වුනා. ඔබට අවසන් වතාවට ඇයව පෙන්වන්න කියලා මට කියලා තිබුනා.”
මම ඇයගේ මෘත ශරීරය දිහා අවදානයෙන් බලා සිටියා.කලු පෙටීයක් තුල නිහඩව සතපලා ඉන්න මෙම නිසල ජිවීයාගේ සජීවී චලනයන්ට මම ඒ කාලයේ කොයිතරම් ආදරය කලාද. ඒ කාලයේ ඇය මගෙ ලගට ලංවන විට හැමුව ඕඩිකොලොන් සුවද වෙනුවට මට එදා දැනුනේ බෙහෙත් සුවදක්.
මම යන්න ඔන්න මෙන්න තියද්දී ඇගේ සැමියා මට කලු පාට පොත් කිහිපයක් ගෙනත් දුන්නා.
“ මේ ඩයරිස් ඔයාට වැදගත් වෙයි.ඒ කාලේ ආයෙත් ඔයාට මතක් වෙයි.” මද සිනහවක් පාමින් ඔහු එහෙම කිවා.
මම ඒ ඩයරිවල තිබුන සියලු දේවල් ඔබට කියාන්න යන්නෑ. දුරින් හිද කල ඒ අපදෙන්නාගේ අහින්සක ආලය ගැන ගොඩක් දේවල් ඒවායේ ලියවේලා තිබුනා. එක් වැසිබර සදුදා දිනයක සටහනක් මෙහෙම ලියවෙලා තිබුනා.
“එදා හුගක් වැස්ස දවසක්. මන් ආස නිසා එයා මට මිල්ටන්ගේ සිංදු පොතක් ගෙනත් දුන්නා. පොත ගන්න කොට අපේ අත් යාන්තමින් ගෑවුනා.මට ආදරනීය උනුසුමක් දැනුනා. එහෙත් මම ඒ උනුසුම පෙන්න්වන්නේ නැතුව ගින්දරට අත පිච්චුන බව පෙන්වලා වේගයෙන් අත පැත්තකට ගත්තා. “අපි හොද යාලුවෝ නේද?” එයා ඉක්මනින් එහෙම ඇහුවත් මට යාලුවෙක්ට වඩා ඔයා ගොඩක් විශේෂයි කියන්න හිතුනත් නමුත් එක හැමදාම වගේ නොකිය වුනා.”
ඔව් අපි දෙන්නා තුලම තිබුනේ නොකිය වුන ආදරයක්. මම අද ඒ ගැන දුක්වෙන්නේ නෑ. ආදරය හිමිවීමෙන් ලැබෙන හෝ අහිමි වීමෙන් නොලැබෙන දෙයක් නෙවෙයි කියලා මගේ හදවත කියනවා. සැබවින්ම ආදරය කියන්නේ අනෙකා ඔබගේ ජිවිතය තුල තබලා යන සදාතනිත සුවදට මිසක් අනෙකාගේ ශරිර කුඩුව හිමිවීමට හෝ අහිමිවීම්ට නෙවෙයි. මට ඇය නොලැබුනත් ඇගේ ආදරයේ සුවද තාමත් මගේ හදවත පුරා හමනවා.
“මල්වල ලස්සන බලන්න මල් කඩලා අතට ගන්න ඔනේ නෑ.”

Last edited:
+දිගටම කරගෙන යන්න..............
රිප්ලයි අඩු වෙවි...එත් නවත්තන්න එපා.....