විල්පත්තුවට අබ සරණයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    විල්පත්තුවට අබ සරණයි

    විල්පත්තුව නඩුව මුල සිට ආරම්භ කෙරේ..



    ඒ අතරේ විල්පත්තුවේ තවත් නිවාස ඉදිකිරීමට බිම් එළිකිරීම් සහ ගෙපල කැපීම් සිදු කෙරෙමින් තිබේ...රාත්‍රී කාලයේ යන්ත්‍ර යොදාගෙන මෙම කටයුතු සිදුකෙරේ.




    බලපල්ලා මංගල පොන්ස් කිව්ව කතා ඇත්ත වේගෙන එන්නේ..මේක තවදුරටත් සිංහල බෞද්ධ රටක් නෙමෙයි.එහෙම නම් මේවා මෙහෙම වෙන්නේ බෑනේ..

    මේ රට පාලනය වෙන්නේ හම්බයන්ගේ සල්ලි බලයෙන්...තීන්දු ගන්නේ හම්බයන්ට ඕන විදියට.

    රටේ ආර්ථික,ආරක්ෂක,නීතිය,සෞඛ්‍යය මේ හැම ක්ෂේත්‍රයක්ම ඉන්නේ හම්බයන්ගේ වහල්ලු..

    වඳ දොස්තර අල්ලපු පොලිසියේ උනුත් රහස් පොලිසියෙන් ප්‍රශ්න කරලා කියන්නේ..
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    බදුර්දීන් සංවේදී වුණා විනිශ්චයකාරවරු සංවේදී වුණා මොන කරුමයක්ද ඔයි මේ රටට වෙලා තියෙන්නේ
    අපේ රට බේරගන්න කවුරුවත්ම නැද්ද
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විල්පත්තුව සම්පූර්ණයෙන් ම කපනකම් ආයේ නඩුව යයිද?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    බදුර්දීන් සංවේදී වුණා විනිශ්චයකාරවරු සංවේදී වුණා මොන කරුමයක්ද ඔයි මේ රටට වෙලා තියෙන්නේ
    අපේ රට බේරගන්න කවුරුවත්ම නැද්ද
    :growl:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    විල්පත්තු "අනවසර ඉදිකිරීම්": තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්‍ෂේප කරයි
    2019 මැයි 28



    විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය තුළ ඇතැයි පැවසෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන අකැමැත්ත පළ කිරීම හේතුවෙන් පෙත්සම නැවත විභාග කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

    2015 වසරේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන ලද අදාළ පෙත්සම විභාග කර අවසන්ව තිබූ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ 2019 අගෝස්තු 06 වෙනිදාය.

    අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග නඩුව යළි මුල සිට විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ නියම කර තිබේ.

    ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් 2015 වසරේ සිට තමන් ගෙන ගිය සටනේ අවසන් අදියරේ දී විනිසුරුවරයා ගත් තීන්දුව හමුවේ තමන් කම්පාවට පත් වූ බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධක්ෂ හේමන්ත විතානගේ පවසයි.

    විල්පත්තු වනාන්තරයට උතුරුන් පිහිටි කල්ලාරු , මරිච්චිකට්ටි, විලච්චිකුලම් වැනි වනාන්තර රාශියක් 2010 වසරෙන් පසු විනාශ කරමින් ජනතාව යළි පදිංචි කිරීමට වත්මන් රජය මෙන්ම ඉකුත් රජය ද කටයුතු කළ බවට චෝදනා කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය අදාළ පෙත්සම ගොනුකර තිබිණ.

    2012 සහ 2013 වසර තුළ නිකුත් කෙරුණු ගැසට් පත් මගින් එම වනාන්තර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ව පැවති බව පෙන්වා දෙන එම කේන්ද්‍රය, පෙත්සමෙන් අමාත්‍ය රිෂාද් බතියුදීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් රැසක් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබිණ.

    අමාත්‍ය රිෂාද් බතියුදීන් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරයි.
    2015 වසරේ ජුලි මස අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සමට අදාළව එවක

    • වන සංරක්ෂණ ජනරාල්
    • මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති
    • වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්
    • ඉඩම් කොමසාරිස් ජනරාල්
    • මන්නාරම දිස්ත්‍රික් ලේකම්
    • මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශ ලේකම්
    • පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සහ
    • නීතිපතිවරයා
    වගඋත්තර කරුවන් ලෙස නම් කෙරුනු රාජ්‍ය නිලධාරීන් අතරට අයත් වේ.
    වගකිවයුතු සියලු පාර්ශ්වයන් ගේ සහභාගීත්වයෙන් 2015 වසරේ සිට 2018 වසර වනතෙක් අවස්ථා රාශියකදී මීට අදාළ නඩු විභාගය අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබිණි.

    එහිදී පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය එළි කොට ඒ තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බවය.

    එබැවින් අදාළ වනාන්තර එළි කිරීම නීති විරෝධී බවට තීන්දු කර දැනට සිදුකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සමෙන් ඉල්ලා තිබිණ.

    විල්පත්තුවේ වන සංහාරයක් සිදු වන බවට එල්ලවන චෝදනා පිළිබඳව ජනමාධ්‍ය අවධානය යොමු වූයේ මීට වසර කිහිපයකට පෙර ය.

    එහිදී රිෂාඩ් බදියුද්දීන් ඇමතිවරයාට සෘජුවම ඇඟිල්ල දිගුකර තිබුණි.

    ලන්ඩනයේ සංචාරයක යෙදී සිටි රිෂාඩ් බදියුද්දීන් ඇමතිවරයා මීට දෙවසරකට පමණ ඉහතදී බීබීසී මැදිරියට පැමිණි අවස්ථාවේ දී, බීබීසී සිංහල සේවය විල්පත්තුව පිළිබඳව විමසීමක් කළේය.

    චෝදනාවලට පිළිතුරු දෙමින් බදියුද්දීන් ඇමතිවරයා කියා සිටියේ විල්පත්තුව අවට ජනතාව නැවත පදිංචි කරවීම සඳහා ගස් කැපීම සිදුකරන ලද්දේ තමන් නොව, ආණ්ඩුව විසින් බවය.

    "ඒක මිනිස්සු නෙවෙයි සුද්ද කළේ. ආණ්ඩුව තමයි සුද්ද කළේ. ආණ්ඩුවක් හැටියට එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාව සුද්ද කරලා, එහෙම නැත්තං දැව සංස්ථාව, එහෙම නැත්තං වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ ගොල්ලෝ තමයි සුද්ද කරලා ඒ ජනතාව පදිංචියට ඇරියේ."

    "දැන් ඒ ඔක්කොම අමතක කරල, හංගල මට විරුද්ධව චෝදනාවක් එල්ල කරනවා." යනුවෙන් ඇමතිවරයා ප්‍රකාශ කළේය.


    කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදී කරුණු සළකා බැලු අභියාචනාධිකරණය මීට පෙර 2018 ජූනි මස 5 වෙනිදා ඊට අදාළ අවසන් තීරණයට දින නියම කළේය .

    කෙසේ වෙතත් අදාළ දිනයේ තීන්දුව ලබා දීම පමා කරමින් අවස්ථා 4ක දී ඒ සඳහා වෙනත් දින නියම කළ බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා පවසයි.

    "මෙහෙම දින නියම වෙලා තිබියදීත් එය කල් දමමින් අවසානේ 2019 වසරේ අගෝස්තු 06 වැනි දිනට අවසන් දින නියම කෙරුණා. මේ අතර හදිසියේ ඊයේ දිනයේ අපට කැඳවීමක් ලැබුණා අධිකරණයෙන් නැවත. සියලු පාර්ශ්වයන්ටත් සහභාගී වෙන්න කියල තිබුණා. එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ප්‍රකාශ කළා මෙම නඩුව විනිශ්චයට ලක් කළ විනිසුරු එහි අවසන් තීරණය දීමට අපහසුතාවයක් ඉදිරිපත් කළ නිසා එම නඩුව නැවත වතාවක් විභාගයට ගත යුතුයි කියා"

    පරිසර යුක්ති කේන්ද්‍රයට අධිකරණයෙන් ලැබුණු ලිපිය
    ඒ අනුව අදාළ පෙත්සම නැවත විභාගය අඟහරුවාදා (මැයි 28) ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුනාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී එම පෙත්සම නැවත විභාගය ජුලි මස 31 දා පැවැත්වීමට නියම කළේය.


    පරිසර යුක්ති කේන්ද්‍රයේ මාධ්‍ය නිවේදනය
    මේ තීරණය සම්බන්ධයෙන් තමන් දැඩි අපහසුතාවට පත්වන බවද පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

    "දැන් මේ සියලු පාර්ශ්ව සහභාගී වෙලා කරුණු විමසලා අවසන් වූ නඩු විභාගයක්. තීරණයක් සඳහා දින නියම කරලා තිබුන නඩුවක් මේ. නමුත් අවාසනාවකට අපිට අයෙත් ඒ ක්‍රියාපටිපාටියේම යන්න වෙනවා. මෙය පළමුවෙනි අවස්ථාව නොවෙයි. විනිසුරුවරු නඩු තීන්දු ලබාදීමෙන් වැළකී සිටීම. අපි කම්පා වෙනවා මේ තත්වය ගැන. ඇත්තටම මේක අවාසනාවන්ත තත්වයක්". පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

    මේ අතර ඔවුන් ඉදිරිපත් කල පෙත්සමට අදාළව 2018 වසරේ පෙබරවාරි මස අට වැනිදා එවක නීතිපතිවරයා අධිකරණය හමුවේ මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබිණ.

    එහිදී විල්පත්තුව සංරක්ෂිත වනාන්තර කලාපය හෙළි කොට කිසිදු අනවසර පදිංචි කිරීමක් සිදු කර නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කර තිබේ.

    යුද්ධයෙන් අනාථ වූ ජනතාව නැවත පදිංචි කර තිබෙන්නේ විල්පත්තුව සංරක්ෂිත වනාන්තර කලාපයෙන් බැහැර ප්‍රදේශයක බව සඳහන් කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා, එසේ නැවත පදිංචි කිරීම් කළ ප්‍රදේශය සංරක්ෂිත වනාන්තර ප්‍රදේශයක් නොවන බව ද අධිකරණය හමුවේ පවසා තිබුණි.

    විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය පිහිටා තිබෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කය තුළ බවත් එහෙත් නැවත පදිංචි කිරීම් සිදුකර තිබෙන්නේ එම වනාන්තර කලාපයෙන් බැහැර මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි වනාන්තර ප්‍රදේශයක බවත් එහිදී රජයේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබේ.

    පසුගිය රජය සමයේ පත්කරන ලද උගත් පාඩම් හා සංහිඳියා කොමිසම මගින් කරන ලද නිර්දේශයක් ප්‍රකාර, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කළ බවත්, එම කාර්ය සාධක බලකායේ නිර්දේශ මත මන්නාරම ප්‍රදේශයේ අදාල නැවත පදිංචි කිරීම් සිදුකළ බවත් රජයේ නීතිඥවරයා 2018 වසරේ පෙබරවාරි මස අභියාචනාධිකරණය ඉදිරියේ පවසා තිබිණි.

    නැවත පදිංචි කිරීම් සිදු කළ බවට පෙත්සම්කාර පාර්ශ්වය විසින් චෝදනා කරන වනාන්තර ප්‍රදේශය මීට දශක කිහිපයකට ඉහතදී ජනතාව පදිංචිව සිටි ප්‍රදේශ බවත්, වසර ගණනාවක් ජනතාව එම ප්‍රදේශයෙන් බැහැරව සිටීම නිසා එම ප්‍රදේශ වනාන්තර බවට පත් වී ඇති බවත් ඔහු එහිදී සඳහන් කළේය.

    එහෙත් එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ, දැනට හෙළිකොට නැවත පදිංචි කිරීම් සිදුකර තිබෙන වනාන්තර ප්‍රදේශ ද සංරක්ෂිත වනාන්තර ලෙස රජය මගින් 2015 වසරේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බවය.

    කෙසේ වුවත් 2015 ට පෙර අදාළ ප්‍රදේශය සංරක්ෂිත වනාන්තර කලාපයක් ලෙස නම්කර නොතිබූ බව එහිදී සඳහන් කළ රජයේ නීතිඥවරයා, ඊට දශක ගණනාවකට පෙර එම ප්‍රදේශ ජනතාවගේ වාස භුමි ලෙස පැවති බව ද පෙන්වා දුන්නේය.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    නීතිපතිවරයා ජනපති යටතේ ඉන්නේ.
    මට පේන්නේ මහින්ද + මෛත්‍රී එකමුතුවෙන් 2015ට පෙර ආණ්ඩුවේ අඩුපාඩුව වහන්න උත්සහ කරලා. සාර්ථකයි දැනට. වර්තමාන රනිල් මේ සම්බන්ධයෙන් දැන් නිශ්ෂබ්දව සිටීමේ හේතු පැහැදිලියි. ඒ
    1. රිෂාඩ් යූ.එන්.පී. සහයෝගයට වාසි දායක වීම
    2. රනිල් ඇතුලු යූ.එන්.පී. අයට ඇති බරපතල චෝදනාවන්ගෙන් බේරීමට මහින්ද පාර්ශවයට යටින් සහය දීම
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    "ඒක මිනිස්සු නෙවෙයි සුද්ද කළේ. ආණ්ඩුව තමයි සුද්ද කළේ. ආණ්ඩුවක් හැටියට එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාව සුද්ද කරලා, එහෙම නැත්තං දැව සංස්ථාව, එහෙම නැත්තං වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ ගොල්ලෝ තමයි සුද්ද කරලා ඒ ජනතාව පදිංචියට ඇරියේ."

    "දැන් ඒ ඔක්කොම අමතක කරල, හංගල මට විරුද්ධව චෝදනාවක් එල්ල කරනවා."
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    "ඒක මිනිස්සු නෙවෙයි සුද්ද කළේ. ආණ්ඩුව තමයි සුද්ද කළේ. ආණ්ඩුවක් හැටියට එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාව සුද්ද කරලා, එහෙම නැත්තං දැව සංස්ථාව, එහෙම නැත්තං වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ ගොල්ලෝ තමයි සුද්ද කරලා ඒ ජනතාව පදිංචියට ඇරියේ."

    "දැන් ඒ ඔක්කොම අමතක කරල, හංගල මට විරුද්ධව චෝදනාවක් එල්ල කරනවා."


    He has point.
    Attorney general's comment is ridiculous.
    SLns are lesser valued compared to former govt
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔව් ඒ මේ අස්සේ ආයෙත් කපලා


    කපල විතරක් නෙවෙයි.. ෆවුන්ඩේශන් කානුපවා කපල ගල් වැලි ගෙනත් ගොඩගහල....
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අපි ඉවරා...යි...ඊයේ කැකිරාවේ වැවක සගවල තියපු ඉතා තියුනු පිහිතල 300 ක් හොයා ගත්ත. සතෙන් සතේ එකතු කරල ලැහැස්තිවෙන්නේ මොකාටද...?????