සරම අසංවර ඇඳුමක්ද?
1. සරම කියන්නේ ඇඟට පහසු සැහැල්ලු ඇඳුමක්. අතීතේ ලංකාවේ අපේ මුතුන් මිත්‍තෝ ඇන්දෙත් සරම කියනවනේ. ඉතින් සරම සමාජ තත්වයක් පෙන්නන සංකේතයක් තැනට ආවේ කොහොමද? ඇයි සරම ඇඳලා ඔෆිස් යන්න බැරි? සරම ඇඳලා පාරට බැස්සොත් අපිව සමාජෙන් කොන් වෙයිද බ්‍රෝ? ඕවා ගැන කතා කරන්න පොඩ්ඩක් ඉතින් ලංකාවේ ඉතිහාසෙ දිගේ ආපස්සට යන්න වෙනවා.
2.
හුලං වදිනව, පුදුම සනීපයි. ඇඳුමක් ඇඳපු නැති ගානයි. ඒ තරං සැපක් වෙන කිසිම ඇඳුමකින් නැහැ. නිදියන්න කියාපු ඇඳුම. උදේට ඇහැරෙද්දි සරම හොයාගන්න නැති එකනං ඉතිං පොඩි ප්‍රශ්නයක්. මගේ යාළුවෙකුගෙ සරම ෆෑන් එකේ කැරකි කැරකි තිබ්බලු උදේ බලද්දි.
3.
අනික දැන් කලිසමක් ගත්තම යන ගානෙන් හෙන අඩුවට සරමක් ගත්තැහැකි. ඒ වගේම වෙඩින් එකකට උනත් සරමක් ඇන්දොත් උඩට කෝට් ඕන නැහැනෙ. ඒ නිසා ඒ වියඳමත් කැපෙනව. සපත්තු ඕන නැති නිසා ඒ වියඳමත් කැපෙනව. පට්ට ඩීසන්ට්! පට්ට ලාබයි!
4.
කලිසං හෝදනව වගේ අමාරු නැහැනෙ. හෝදන්න හරිම ලේසියි. හදිස්සියට කැහැපොට ගහගන්නත් පුළුවන්. මේ වගේ දේවල් තව නෑ.
5.
සරම ඇඳල වෙඩින් එකකට ගිය මිනිස්සුන්ට ඔය ටයි කෝට් දාපු බයියලට වඩා ඕනතරං ඩාන්ස් මූව්ස් තියෙනව. ඔරු ඩාන්ස්, සරම කරේ ඩාන්ස්, රුවල් ඩාන්ස්, කුරුං ගුරුං ඩාන්ස් වගේ දේවල් ගොඩයි.
6.
කලිසම ඇඳගන්නකං විලිවහගන්න දත්වලින් ඇදගෙන ඉන්න පුළුවන්…
සීතලට පෙරවගන්න පුළුවන්…
සරම අස්සෙ සමහර දේවල් හංගගෙන ඉන්නත් පුළුවන්…
යාළුවෙකුගෙ ඔලුවට දාලා ගුටි පූජාවක් දෙන්නත් පුළුවන්…
තුවාය හොයාගන්න නැතොත් මූණ පිහදාගන්න පුළුවන්…
අවන් එකෙන් කේක් එක ගන්න ග්ලවුස් හොයාගන්න බැරිවුනොත් ප්‍රයෝජනේට ගන්න පුළුවන්. ඉන්ස්ටා කර්ටන්…
කොට්ටෙ පොඩියි නං ගුලි කරල තියාගන්න පුළුවන්…
යටින් පටියක් ඉරලා තුවාලෙකට බැඳගන්න පුළුවන්…
හදිසියට බෑග් නැති වුනොත් මොනවහරි දාගෙන ගැටයක් ගහගන්න පුළුවන්…
ළමයව යටින් තියාගෙන පද්දන්න පුළුවන්…
එක එක පැතිවලට නමලා සරමෙන් වෙනස් ඇඳුම් හදන්න පුළුවන්. තව මොනවද ඉතිං…?
සරම අසංවර ඇඳුමක්ද?
අබායා ඇඳලා රජයේ කාර්යාල වෙනසක් පෙන්වන ඉස්ලාම් භක්තික කාන්තාවන්ට සාධාරණය ඉටු කරමින් නව චක්‍රලේඅඛයක් නිකුත් උනා. අබායා අඳින අය පමණක් නොව සිංහල උවත් සාරිය ඉතා අපහසු ඇඳීමට අපහසු හැඳ සිටීම අපහසු ඇඳුමක් නිසා චක්‍රලේඅඛයට විරුද්ධ උනා. දැන් ඒ චක්‍රලේඛය නැහැනේ.
හැමෝම සරම සහ ටී ෂර්ට් ඇඳගෙන ඔෆිස් යන්න බෝයිස්ලා.
ලංකාවේ නීතියේ කොහෙවත් සරම අසංවර ඇඳුමක් කියලා නැහැ කියලයි ආරංචි.
ඩෙනිම උනත් අසංවර නැහැයීලු.
හැමෝම සරම ඇඳගෙන ගෝනි මල්ලක කෑම එක රැගෙන කාර්යාලයට යන්න..
සරම හැඳගෙන අබායේ සුන්දරත්වය විඳින්න

patta

as per new circular for Government servants ?