Hutch+Etisalat

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    හච්+එටිසලාට් ඒකාබද්ධයේ තතු විත්ති
    මෙන්න
    ==============>>>>>>>>><<<<<<=====

    හච් දුරකථන සේවා සමාගම මඟින් දීපව්‍යාප්ත 4G සේවා ආරම්භ කිරීමෙන් පසුව හච් සහ එටිසලාට් සංඥා කුළුණු ඒකාබද්ධ කිරීම පසුගියදා මඩකලපුවෙන් ආරම්භ විය.මේ වනවි⁣ට අම්පාර දිස්ත්‍රික්කයේ ද අදාල ඒකාබද්ධ කටයුතු සිදු කරමින් පවති.එසේම බදුල්ල සහ මොණරාගල ඒකාබද්ධ කිරීම් කටයුතු මේ සතියේ ආරම්භ විය.අද දිනයේ දී බිබිල සම්ප්‍රේෂණ ඒකාබද්ධ කර තිබේ.මොණරාගල සම්ප්‍රේෂණ මේ වනවිට ඒකාබද්ධ කර ඇති අතර එමඟින් ලබාදෙන හච් 4G සේවාවේ වේගය තත්ත්පරයට මෙගා බයිට් 18.02 කි.එසේම බලහරුව,හුලන්දාව,කෝන්කැටිය සම්ප්‍රේෂණ ඒකාබද්ධ කිරීම හෙට දිනයේ සිදු කෙරේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරවිල සම්ප්‍රේෂණ ඒකාබද්ධ කිරීම 29/30 වන දා සිදු කරයි.ඊට සමගාමීව රන්න,මිරිජ්ජවිල තංගල්ල එටිසලාට් සහ හච් සම්ප්‍රේෂණ ඒකාබද්ධ කරනු ඇත.

    රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය සම්ප්‍රේෂණ ඒකාබද්ධ කිරීම එළඹෙන ජුලි මස මුල් සතියේ සිදු කෙරේ.

    ඒකාබද්ධ කිරීමේ කටයුතු ඒකක 15 කට බෙදා දිස්ත්‍රික් සම්ප්‍රේෂණ 5 බැගින් සිදු කරයි.

    මේ අතර මේ දිනවල පොළොන්නරුව සහ මහනුවර දිස්ත්‍රික්කයේ හච් 4G ලබාදීම අඛණ්ඩව සිදු කරමින් පවතී.

    කෑගල්ල සහ කුරුණෑගල සඳහා මේ වනතුරු සේවාව ලබා දී නොමැති අතර මාතලේ යටවත්ත සහ ලග්ගල සඳහා සේවාව ලබා දී නොමැත.

    රත්නපුර දිස්ත්‍රික් ආවරණය සිදුකර නොමැති අතර,කළුතර දිස්ත්‍රික්කයේ ද ඇතැම් ස්ථානවල පමණක් සේවාව දැනට ක්‍රියාත්මකය.



    රටවල් 12 ක දුරකථන ජාල හිමි
    HUTCH හි මව් සමාගම
    ==================>>>>>>>>>>>>>

    ශ්‍රී ලංකාවේ මේ වන විට තෙවන විශාලතම දුරකථන ජාලය Hutch අයත් වන්නේ හොංකොං හි CK Hutchison Holdings මව් සමාගමටය.

    වරාය, යටිතල පහසුකම්, බලශක්ති සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයන්හි නිරත ඇමෙරිකානු ඩොලර් බිලියන 40.7 ක වත්කම් සහිතව Forbe's Global 2000 ශ්‍රේණිගත කිරීම්හි 157 හි පසුවන CK Hutch Holdings සමාගමේ හිමිකරු වන්නේ හොංකොං ජාතික බෞද්ධාගමිකයෙකු වන Victor Li Tzar - Kuoi (1964) ය.

    විදුලි සංදේශ ක්ෂේත්‍රය ගත් කළ CK Hutchison Holdings සමාගමට 3 Mobile, Hutch, Vietna Mobile සහ Vodafone Hutchison යන නම් වලින් පහත පරිදි රටවල් 12 ක දුරකථන ජාල පවතී.

    1. Hutch - Sri Lanka (85%)

    2. Three (3) Mobile
    - Austria
    - Denmark
    - Italy
    - Ireland
    - Sweden
    - England
    - Hong Kong
    - Indonesia
    - Macau

    3. Vietna Mobile - Vietnam (65%)

    4. Vodafone Hutchison - Australia (50%)

    තවද ඉන්දියාව, ඊශ්‍රායලය සහ තායිලන්තය යන රටවල CK Hutchison Holdings සතු වූ දුරකථන ජාල මේ වන විට විකුණා දමා ඇති අතර නෝර්වේ රාජ්‍යයේද මොවුන් සතුව තවමත් මෙහෙයුම් කටයුතු ආරම්භ නොකළ දුරකථන ජාලයක් පවති.




    එටිසලාට් සන්නාමය අද සිට ඉවතට
    078/072 හච් යටතට.
    =======>>>>>>><<<<<===========

    එටිසලාට් සමාගම හච් සමාගම යටතට පත්වීමෙන් අනතුරුව අද සිට එටිසලාට් සන්නාමය ඉවත් කර දැමීමට හච් සමාගම තීරණය කොට තිබේ.මේ පිළිබඳව තොරතුරු ඔවුන්⁣ගේ වෙබ් අඩවිය තුළ ද සඳහන් වේ.ඒ අනුව 072/078 අංක සියල්ලම හච් ලෙස අද සිට හඳුන්වනු ඇත.එසේම 078/072 සඳහා 4G සේවාවන් වලංගු වන අතර 072 අංක සඳහා 4G සේවාව අත්විදීමට අදාල සිම්පත් මාරු කර ගැනීම කළ යුතු අතර අදාල සිම්පත් මාරු කිරීමේදී සිම්පත භාවිත කළ අදාල කාලයට වලංගු සියලු සේවා සමඟ නව සිම්පතක් එටිසලාට් නාමයෙන් තොරව 072 අංකය යටතේ හච් ලෙස නිකුත් කරනු ඇත.

    තව ද මෙම ක්‍රමවේදය යටතේ සියලු එටිසලාට් පාරිභෝගික මධ්‍යස්ථාන හච් යටතට පත්වන අතර දීපව්‍යාප්ත ලංකාබෙල් පාරිභෝගික මධ්‍යස්ථාන 67 ක් ඔස්සේ ද හච් පාරිභෝගිකය සේවා අත්විදිය හැක.

    ක්ලික් සහ ඩිජිමෝ සේවා ලබාදීම 072 අංක සඳහා තවදුරටත් වලංගු අතර හච් සඳහා ඉදිරියේ දී වඩා වාසිදායක එවන් සේවාවක් ලබාදීම අරමුණයි.

    අද සිට ඒ අනුව 072/078 අංක සියල්ලම එටිසලාට් නමින් තොරව (076/077 ඩයලොග් ලෙස හඳුන්වන පරිදි) හච් නමින් හඳුන්වනු ඇත.
     
    Last edited:

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    072 සිම් කොහෙන්ද හච් 4G සිම් වලට මාරු කරගන්නේ. ගම්පහ හච් එකේ තවම බැහැ කිවුවා.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් හම්බයෝ හිටු කියලා ඩයලොග් වලට බහියි.....උන් බහුතරයක් හිටියේ එටිසලට් එක්ක