ලිංගික_අපහරණය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සිසුවිය අපහරණය කළ පාසල් ගුරු හාමුදුරුවන් වසර 11 ක් හිරේ






gossiplanka_2019-07-18_14-00-13.jpg


වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර පාසල් දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් වැරැදිකරු වූ හිමිනමකට සබරගමුව පළාත්බද කෑගල්ල මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා වසර එකොළහක ලිහිල් වැඩ සහිත සිරදඩුවමක් නියම කර වින්දිත දැරියට රුපියල් ලක්ෂයයක මුදලක් ගෙවන ලෙසට ඊයේ (17දා) නියෝග කළේය.මෙලෙස සිරදඬුවම් හා වන්දි මුදල් ගෙවීමට සිදුවූයේ කෑගල්ල ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ විහාරස්ථානයක වැඩසිටි 36 හැවිරිදි උප ගුරු හිමිනමකටය.

විත්තිකාර හිමිනම විහාරස්ථානයේ වැඩසිටියදි විහාරස්ථ දහම් පාසලට පැමිණෙමින් සිටි විහාරස්ථ දායක පවුලක 9වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14ක ගැහැනු දරුවකු සමඟ සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇයට දිනක් පාසල නිමවී නිවෙසට පැමිණෙන අවස්ථාවේදී මේ හිමිනම ජංගම දුරකථනයක් ලබාදී තිබිණි.

එම ජංගම දුරකථනයට අවස්ථා කීපයකදී හිමිනම ඇමැතුම් ලබාගෙන ඇති අතර 2010 අගෝස්තු මස 23 වැනි දින දැරිය පාසල් ගොස් නිවෙසට පැමිණෙන අවස්ථාවේදී හිමිනම ප්‍රකාශ කර ඇත්තේ එදින රාත්‍රි තමා නිවෙසට පැමිණෙන බවය.

දැරිය පවුලේ එකම ගැහැනු දරුවා වන අතර ඇය නිදා ගන්නා කාමරයේ ජනේලයේ ජනෙල් පියනක් නොමැති අතර එම ජනෙල් පියන වෙනුවට රෙදි කැබැල්ලක් එල්ලා ඇත. පසුව හිමිනම දැරියගේ නිවෙසට ගොස් ජනේලයෙන් දැරිය එළියට ගෙන විහාරස්ථානයේ ධර්ම ශාලාවට මධ්‍යම රාත්‍රියේම රැගෙන ගොස් දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර තිබිණි. පසුව මව රාත්‍රියේ සිය දියණිය නිවෙසේ නොමැති බවට සැමියාට දැන්වීමෙන් පසු පියා වැඩිමහල් පිරිමි දරුවා සමඟ විහාරස්ථානයට යන අවස්ථාවේදී දැරිය හා හිමිනම ධර්ම ශාලාවේ සිටින අයුරු දැක ඇත.

දැරියගේ පියා හිමිනමත් සිය දියණියත් දුටු අවස්ථාවේදී හිමිනම පලාගොස් ඇති අතර පසුව දැරිය පියා විසින් නිවෙසට රැගෙන ගොස් තිබිණි. මව විසින් පසුදා 24 වැනිදා කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් සිදුකර තිබිණි. පසුව එවකට කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස සේවය කළ කාන්තා උප පොලිස් පරික්ෂිකා ස්වර්ණා මහත්මිය විසින් අතවරයට ලක්ව සිටි බාල වයස්කාර දැරිය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බී.එම්.බී.සී. බණ්ඩාරනායක මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු දැරිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවට වෛද්‍යවරයා විසින් තහවුරු කර තිබිණි.

ඒ අනුව සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලඝුනොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයා වෙත යොමුකොට, අධි චෝදනා ගොනු කර 2017 වර්ෂයේ අක 3804/17 යටතේ චෝදනා දෙකක් සමඟ සබරගමුව පළාත්බද කෑගල්ල මහාධිකරණය වෙත නඩුව යොමුකොට තිබිණි. ඊයේ (17දා) නඩුව කැඳවූ අවස්ථාවේදි නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනා දෙකටම විත්තිකාර හිමිනම වැරැදිකරු කළ මහාධිකරණ විනිසුරුවරයා පළමු චෝදනාවට රුපියල් 5,000ක දඩ මුදලක්ද නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක්ද නියම කෙරිණි.

ඊට අමතරව වසර හතරක ලිහිල් සිරදඬුවමක් නියම කර එය වසර පහළොව දක්වා අත්හිටුවන ලෙසට නියෝග කෙරිණි. දෙවැනි චෝදනාවට වසර 11ක ලිහිල් වැඩසහිත සිරදඬුවමක් ද රුපියල් 10,000ක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කෙරිණි. දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කෙරිණි. රුපියල් ලක්ෂයක මුදලක් වින්දිත දැරියට ගෙවන ලෙසට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එය නොගෙවන්නේ නම් මාස නවයක ලිහිල් සිරදඬුවමක් නියම කෙරිණි.

තවද වින්දිත දැරියට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙසත් එයින් 10%ක මුදලක් විදිතයන් ආරක්ෂා කිරිමේ අරමුදලටද බැර කරන ලෙසත් නියෝග කෙරිණ. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ එරංග දසනායක මෙනෙවිය පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ මැල්කම් මචාඩෝ මහතා පෙනී සිටියේය. පොලිසිය වෙනුවෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් නිශ්ශංක (30651) අධිකරණයේ පෙනී සිටියේය.



 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම දැනුත් කියන්නේ ලංකාවේ ගණිකා වුර්තිය නීතිගත කල යුතුයි .. නැත්නම් අහක ඉන්න පොඩි කෙල්ලෝ අනාතයි . එතකොට ආදරේ නාමෙන් අහවල් එක කරන්න පෙලබෙන එකත් යම්තාක් දුරට අඩු වෙයි
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මොන මගුලක් ද බං මේක. සිවුරු මාරු කරලා වෙන පලාතකට ගිහිල්ලා බඩුවක් ගහලා ආවනං ඉවරයිනේ ඉන්නම බැරිනං. පොඩි ළමයි අමාරුවේ දාන්නේ නැතුව.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    තවද වින්දිත දැරියට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙසත් එයින් 10%ක මුදලක් විදිතයන් ආරක්ෂා කිරිමේ අරමුදලටද බැර කරන ලෙසත් නියෝග කෙරිණ.



    wtf fukers
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම දැනුත් කියන්නේ ලංකාවේ ගණිකා වුර්තිය නීතිගත කල යුතුයි .. නැත්නම් අහක ඉන්න පොඩි කෙල්ලෝ අනාතයි . එතකොට ආදරේ නාමෙන් අහවල් එක කරන්න පෙලබෙන එකත් යම්තාක් දුරට අඩු වෙයි

    ඒලෙවල් ලියපු කොල්ලො ත්රිවිල් එකට වැටෙනවා වගෙ දැන් ගාමන්ට් යන කෙල්ලො ඕකට වැටෙයි
    අනික ඔව තහනම් කිවට කොච්චර ස්පා තියෙනවද බන් එක ටවුන් එකක්
     

    shop free

    Banned
    Jan 22, 2019
    107
    14
    0
    කරුමෙ

    කර්මය කර්ම පලය කර්ම විපාකය පලදෙනවමයි ඒක බුදුන්ටවත් වැලැක්විය නොහැක මල්ලි.
    ඒ හාමුදුරුවො කර්මයක් කරගත්ත තව ආත්ම කීයක් ඕකට පටිසන් දිදී යයිද කියන්න බෑ.

    ඒ කෙල්ල ඉහත ආත්මයක කල කර්මයක් විපාකයක් ලෙස පල දුන්න එයාටත් තව ආත්ම කීයක් ඕක පලදෙයිද කියන්න බෑ.

    අන්න ඒකයි බබාල පවු කරන්න එපා කියන්නෙ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කර්මය කර්ම පලය කර්ම විපාකය පලදෙනවමයි ඒක බුදුන්ටවත් වැලැක්විය නොහැක මල්ලි.
    ඒ හාමුදුරුවො කර්මයක් කරගත්ත තව ආත්ම කීයක් ඕකට පටිසන් දිදී යයිද කියන්න බෑ.

    ඒ කෙල්ල ඉහත ආත්මයක කල කර්මයක් විපාකයක් ලෙස පල දුන්න එයාටත් තව ආත්ම කීයක් ඕක පලදෙයිද කියන්න බෑ.

    අන්න ඒකයි බබාල පවු කරන්න එපා කියන්නෙ.

    :yes:
    True
    Dan oya rep karapu kenatath passe bawayaka kllk wela ipadila ohoma Wei
    Ethkotath minissu eyatath kiyai ahinsaka kllk dushanaya wela kiyla :yes: