අයි එස් අයි එස් ප්‍රහාරයක් යැයි කීමය සක්ෂš
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අද (24) පැමිණියා.
විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ,
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජනවාරි 26 සහරාන් පිළිබඳව පළමුවරට තොරතුරක් ලැබුණා. එදිනම වාර්තාවක් මඟින් මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නා. ඉන්පසු අපි පැවසුවා මෙය හිතනවට වඩා දුරදිග ගොස් ඇති බව. නමුත් කොතැනකදිවත් ඒ ගැන සාකච්ඡා වුනේ නැහැ.
යැවූ වාර්තාව පොලිස්පති තුමා කා සමඟ හුවමාරු කර ගත්තා ද යන්න මා දන්නේ නැහැ. රාජ්‍ය බුද්ධි සේවයත් සමඟ අපි නිරන්තරයෙන් තොරතුරු හුවමාරු කර ගත්තා. අප්‍රේල් 9 හෝ 10 වන දින රාජ්‍ය බුද්ධි සේවය ඔවුන්ට ලැබුණු තොරතුරු සීඅයිඩියට ලබා දුන්නා. අදාල සැකකරුවන්ගේ විස්තරත් එක්ක අපිට ලැබුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශන අපි දිගටම කර ගෙන ගියා. ඒ නිසයි සිදුවීමෙන් පසු සැක කරුවන් බොහොමයක් අත් අඩංගුවට ගැනීමට හැකි වුණේ.
ප්‍රහාරයට පසුව තුන්වන පාර්ශ්වයක් හරහා අයි එස් අයි එස් නායකයින්ට මෙහි වගකීම භාරගන්න ලෙස ඉල්ලීමක් කරලා තියනවා. අපරාධපරීක්ෂන දෙපාර්තමේන්තුවේ විමර්ශන අනුව මෙය අයි එස් අයි එස් ප්‍රාහාරයක් යැයි කීමය සක්ෂි නැහැ. නමුත් මෙහි අයි එස් අයි එස් මතවාදය ගෙන ගිය බව විමර්ශනවලින් පැහැදිවනවා.
20 වනදා හවස බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා මට දුරකතනයෙන් කතා කරලා යම් තොරතුරක් ලබා දුන්නා. මම ඒ වෙලේම ඒ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාව දැනුවත් කලා. ඉන්පසු පොලිපතිතුමා මට උපදෙස් දුන්නා එය බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ් පොලිස්පතිතුමා වෙත දැනුම් දෙන්න කියලා. ඒ අනුව මම එතුමටත් දැනුම් දුන්නා. 21 වෙනිදා උදේ රාජ්‍ය බුද්ධි සේවයෙන් මට එස්.එම්.එස් එකක් ගහලා තිබ්බා. ඒ වෙනකොට මම හිටියේ මේ සිද්ධිය ආරංචිවෙලා කොච්චිකඩේ දේවස්ථානයේ. මේ සිදුවීමට ආසන්නම වගේ තමයි පණිවිඩය එවලා තිබ්බේ. මම ඒක දැක්කේ කොච්චිකඩේ දේවස්ථානයේ දි" යනුවෙන්.
https://www.gossiplanka.com/2019/07...Hv_cJNewGIklEOHNouoSVSKc7OBUzGDTlA9FX6dKrB4iE