පාතාල කල්ලි සමග විපක්ෂයේ සබඳතා හෙළිවුණා - මහජන ආරක්ෂක ඇමති

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    රටපුරා සිදුවන පාතාල වෙඩි තැබීම් හා සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා රජය විශේෂ ආරක්ෂක මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාතාල කල්ලි අතර වෙඩි තැබීම් හේතුවෙන් ජීවිත ගණනාවක් අහිමි වී ඇති අතර, මේ සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම් ද ඇති බව බුද්ධි අංශ වාර්තා හරහා අනාවරණය වී ඇතැයි ද ඔහු පැවසීය.



    "මෑතකදී සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා මීට පෙරද මෙම සභාවේදී ප්‍රශ්න කර සිටියා. මගේ නිවසටත් සී.එල්. ෆයර් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා," යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    "පාතාල කල්ලි අතර දිගින් දිගටම සිදුවන වෙඩි තැබීම් හේතුවෙන් යම් ජීවිත ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා. අපි කිසි ලෙසකින්වත් මෙම සිදුවීම් ලඝු කොට සලකන්නේ නැහැ," යැයි ඔහු අවධාරණය කළේය.

    පාතාල කල්ලි අතර සිදුවන මරාගැනීම් හා ඒ හා සම්බන්ධ කරුණු සාකච්ඡා කරමින් අමාත්‍යවරයා පැවසුවේ මෙය සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි. "දීර්ඝ කාලයක් තිස්සේ මෙය සාමාන්‍ය සමාජයක් ලෙස නොව අපරාධකරුවන්ගේ දේශයක් ලෙස පැවතුණා," යැයි ඔහු පැවසීය.

    අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ මේ සඳහා දේශපාලන මැදිහත්වීම් ඍජුවම තිබෙන බවට මේ වන විට අනාවරණය වී ඇති බවයි. බුද්ධි අංශ වාර්තා හරහා පොලිස් විමර්ශන පැවැත්වීමෙන් පසුව එම දේශපාලන සම්බන්ධතා සභාවට හෙළි කරන බව ද ඔහු සඳහන් කළේය.

    අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ පාතාල අපරාධ මැඩපැවැත්වීම සඳහා ප්‍රධාන පියවර කිහිපයක් ගෙන ඇති බවයි:

    1. විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවෙන් පලා ආ පිරිස් ඇතුළුව පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම ආරම්භ කර ඇත.
    2. මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 3,000ක් පමණ වේ.
    3. සමහර යුද හමුදා කඳවුරුවලින් පාතාලයට ලබා දුන් ගිනි අවි සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතී.
    4. රජය බලයට පත්වීමෙන් පසු ගිනි අවි 1,278ක් අත්අඩංගුවට ගෙන තිබේ.
    5. සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් කඩිනම් හා විධිමත් විමර්ශන පවත්වා ඇත.
    6. සැකකරුවන් 2,016ක් පමණ විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
    7. අපරාධ සිදුවන ප්‍රධාන පොලිස් ස්ථාන 52ක් හඳුනාගෙන ඇති අතර, මෙම ප්‍රදේශ ආවරණය කිරීම සඳහා විශේෂ කාර්ය බලකා කණ්ඩායම් 15ක් නිරන්තරයෙන් යොදවා ඇත.

    රජය මගින් අපරාධ මැඩපැවැත්වීම සඳහා පහත ක්‍රියාමාර්ග ද ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය:

    • දිවයින පුරා වැටලීම් සිදුකිරීම
    • රාත්‍රී හා දිවා මුර සංචාර ක්‍රියාත්මක කිරීම
    • ජංගම සංචාර ක්‍රියාත්මක කිරීම
    • හදිසි මාර්ග බාධක යොදා සෝදිසි කිරීම් ආරම්භ කිරීම
    • ස්ථිර මාර්ග බාධක යෙදවීම
    • බුද්ධි නිලධාරීන් යොදවා බුද්ධි තොරතුරු රැස් කිරීම
    • සාමාන්‍ය පොලිස් රාජකාරි විශේෂ අධීක්ෂණයකට යටත් කිරීම
    • සෑම පළාතකටම අපරාධ විමර්ශන සඳහා දිසා අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීම සඳහා සැලසුම් කිරීම

    අමාත්‍යවරයා තවදුරටත් හෙළි කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂවල හිටපු හා වත්මන් දේශපාලනඥයින් ගණනාවක් පාතාල කල්ලි සමඟ සම්බන්ධතා පවත්වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.

    "හිටපු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය මට්ටමේ හිටපු හා දැනට සිටින ප්‍රබල දේශපාලන චරිත සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 10ක් සමඟ ඍජු සම්බන්ධතා පවත්වන බවට බුද්ධි තොරතුරු අනාවරණය කර තිබෙනවා. මේ පිළිබඳව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා," යැයි අමාත්‍යවරයා පැවසීය.


    මෙම දේශපාලන සම්බන්ධතා අපරාධ වර්ධනයට බලපා ඇති බව බුද්ධි අංශ වාර්තා කර ඇති බවත්, ඒ පිළිබඳව විමර්ශනය කර සම්බන්ධිත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් කණ්ඩායම් යොදවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

    විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, සංවිධානාත්මක අපරාධ කල්ලි අතර අභ්‍යන්තර ගැටුම් පැන නැගී ඇතත්, ඒවා රාජ්‍ය හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇතැයි කරන චෝදනාව රජය පිළිනොගන්නා බවයි.
     
    • Haha
    Reactions: supun_sg

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    විජේපාල නම් අමු ගොනෙක්..... බලපන් රජයේ ඉහල ඇමට්ටෙක් ඔහොම කිව්වහම ආයෝජකයෝ, සංචාරකයෝ තැති ගන්නවා. මුන් ගේ කටවල් නම් ඊයා