එමලිගේ අතුරුදහන් වීම(a crime story)

haritha_kh

Active member
  • Jun 16, 2018
    245
    108
    43
    එමලිගේ අතුරුදහන් වීම(a crime story)

    මගේ තුන්වෙනි පරිවර්තනය.කියවන්න යන්නේ විනාඩි 5යි😁😁
    ඒත් අන්තිම වෙනකම් කුතුහලේ උපරිමයි😄😜😜කියවලා බලමුකෝ.


    මේ කලින් පරිවර්තන,

    මගේ බ්ලොග් එකෙත් තව තියනවා > https://muviu.blogspot.com

    එමලිගේ අතුරුදහන් වීම



    මම මගේ දෙවන බිරිද වන එමලි සමග විවාහ වීමෙන් අනතුරුව,කැලිෆෝනියාවේ පිහිටා ඇති ඇගේ නිවසේ පදිංචියට ගියෙමි.එය කුඩා නගරයකට ආසන්නව පිහිටි විශාල ඉඩමකින් යුක්ත විශාල නිවසක් විය.ඊට එහා ඉඩමේ පිහිටි නිවසද මෙයට සමාන විය.එය අයිතිව තිබුණේ එමලිගේ සොහොයුරිය වූ මිලිසන්ට් ට ය.


    මිලිසන්ට් හා එමලි සොයුරියන් වූවද ,පෙනුමෙන් හා හැසිරීමෙන් ඔවුන් දෙදෙනා එකිනෙකාට හාත්පසින්ම වෙනස් වූහ.මිලිසන්ට් උස කෙට්ටු අයෙකි.ඇයට තරමක් දැඩි ගතිගුණ ඇත.ඇය තමා අවට සිටි අය පාලනය කිරීමට උත්සහ කරන ස්වභාවයේ අයෙකු වූ අතර එමලිද ඇගේ බලපෑමට යටත් විය.මගේ ආගමනයත් සමග එමලි ඇගේ බලපෑමෙන් තරමක් දුරස් වීම පිලිබදව නම් ඇගේ හිතේ යම් නොසතුටක් විය.


    එමලි තරමක් කොට සහ , ඇත්තෙන්ම කියනවනම් මහත අයෙකි. නමුත් ඇය පවසන ආකාරයට නම් ඇගේ අමතර බර කිලෝ එකොළහක් හෝ දොළහක් පමණි.ඇය එතරම්ම නුවණක්කාර නැත.එසේම ඇය සාමාන්යෙන් අන් අයට අවශ්‍ය දේ කරයි, නමුත් සැම විටම එසේ නොවිය.


    දැනට සති තුනක සිට එමලි නිවසේ නොසිටියාය,නමුත් මිලිසන්ට් මා ගැන අවධානයෙන් පසුවන බව මට දැනිණි.සුළු මොහොතකට පෙරද ඇය මා සමග අපගේ විසිත්ත කාමරයේ කෝපි පානය කරමින් සිටියාය.

    එවිට දුරකථනය නාද විය.මම එය ආමන්ත්‍රණය කළෙමි. “ඔව් ?”

    “හෙලෝ, මම මේ එමලි ”

    “එමලි...මොන එමලිද ? ඔයාගේ වාසගම මොකද්ද ?”

    “අයියෝ මේ මම...එමලි,ඔයාගේ නෝනා”

    “ආ එහෙමද,මම හිතන්නේ ඔයා වැරදි අංකෙකට කතා කරලා තියෙන්නේ” මම දුරකථනය තැබුවෙමි.


    මිලිසන්ට් මා දෙස බලා සිටියාය. “මොකද ඔයා ඔය සුදුමැළි වෙලා.හරියට බය වෙලා වගේනේ.කව්ද කතා කරේ?”

    “ආ එක මේ වැරදිලා ආපු එකක්.”

    මිලිසන්ට් තව කෝපි උගුරක් පානය කළාය. “එක නෙවේ ඇල්බට්, මම හිතන්නේ මම ඊයේ නගරේදී එමලිව දැක්කා.එත් එක වෙන්න බෑනේ”

    “ඔව් ඇත්තෙන්ම,එමලි දැන් ඉන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝවල”

    “සැන් ෆ්‍රැන්සිස්කෝවල කොහේද?”

    “ඇය එක නම් කීවේ නෑ .ඇය යාලුවෝ මුණගැහෙන්න ගියේ”

    “එමලිට සැන් ෆ්‍රැන්සිස්කෝවල යාලුවෝ නෑනේ ! එයාගේ යාලුවෝ හැම දෙනාවම මම දන්නවා.එයා කවද්ද එන්නේ ? ”

    “ඇය ආපහු එන දවසක් නම් හරියට කීවේ නෑ”

    “මට අහන්න ලැබුනා ඇල්බට් ඔයාගේ කලින් බිරිද මැරුනේ බෝට්ටු අනතුරකින් කියලා.ඇය බෝට්ටුවෙන් එළියට වැටිලා ගිලිලා මැරුණද ?”

    “ඔව් එක තමා සිද්ධවුණේ.ඇයට පිහිනන්න බෑ”

    “එතකොට ඔයා විතරයි ඒ අනතුර සිද්ධවුණු වෙලාවේ හිටියේ ?”

    “එහෙමයි මම හිතන්නේ ,වෙන කවුරුවත් ඒ වෙලාවේ ආවේ නෑ”

    “ඇයගෙන් ඔබට උරුමවුන දේපල එහෙමත් තියනවද ?”

    “ඒවගෙන් ඔයාට වැඩක් නෑ මිලිසන්ට්”



    ඇත්තෙන්ම සින්තියා සතුව ඩොලර් පනස්දහසක ජීවිත රක්‍ෂණයක් හා එක බෝට්ටුවක් තිබිණි.අසරණ සින්තියා.දවසක් ඇය ඇගේ බෝට්ටුව තනිවම රැගෙන ගියාය.මම තොටුපලේ සිට එම අනතුර දුටුවෙමි.නමුත් ඇය බේරාගැනීමට මම වෙනත් බෝට්ටුවකින් එහි යන විටද ප්‍රමාද වූවා වැඩිය.


    මිලිසන්ට් කෝපි කෝප්පය අහවර කර නිවසෙන් පිටවූවාය.


    ඇය පිට වූ පසු මම නිවස පිටුපස ඇති වනරොද තුළට ගියෙමි.එහි ගස් අතර වූ එළිමහන් ස්ථානයකට ඇවිද ගියෙමි.කුඩා දොළ පහරක්ද ඒ අසලින් ගලා යයි.මෙහි කෙතරම් සාමකාමීද.නිශ්ශබ්දද.විවේක ගන්න කදිම ස්ථානයක් මේක.පසුගිය දින කිහිපයේ සිටම මම මෙහි ආවෙමි.


    මම දොළ පහර අසළ ඇති දිරා ගිය දැව කදක වාඩි වී එමලි සහ මිලිසන්ට් ගැන කල්පනා කළෙමි.ඔවුන්ගේ නිවාස සහ ඉඩම් සැම අතින්ම සමාන ය,දැන් ඔබට සිතේවි ඔවුන් දෙදෙනාම එක සමානව ධනවත් බව.නමුත් සැබෑ තත්වය එසේ නොවේ, විවාහයෙන් පසු මම දැනගත් තොරතුරු වලට අනුව ,එමලිට මෙම නිවහන මෙන්ම මෙම ඉඩමේද අයිතිය ඇති නමුත් මේවා රැක බලා ගැනීමට සේවකයන් යෙදවීමට තරම් වත්කමක් තිබුනේ නැත.


    මිලිසන්ට් ට එවැනි ගැටළුවක් නැත.ඇගේ නිවසේ බොහෝ සේවකයන් වැඩ කරති.එසේම ඇගේ මුදල් පරිපාලනයට නීතිඥයෙකුද සිටියි.ඈ සතුව අවම වශයෙන් ඩොලර් මිලියනයකවත් වත්කමක් තිබෙනවා විය යුතුය.


    ***


    සාමාන්යෙන් අගහරුවාදා සවස් වරුවේ මම නගරයේ සුපිරි වෙළදසැලට යන්නෙමි.අදත් එහි වාහන අංගනයේදී ,තරමක් මහත,කොට කාන්තාවක් මගෙන් ඉවතට ඇවිද යන සැටි මම දුටුවෙමි.ඇය දම් පැහැති ඇදුමකින් සැරසී දුබුරු පැහැ හිස්වැස්මක් පැළද සිටියාය.පසුගිය දින දහය තුල මම ඇය දුටු සිව්වන අවස්ථාව මෙය විය.මම වේගයෙන් ඈ දෙසට ගියෙමි.ඇය වංගුවකින් හැරවී ඉන් පසු දිවීමට පටන් ගත්තාය.මම එම වංගුව අසලට පැමිණෙන විට ඈ අතුරුදහන්ව තිබුණි.


    එවිටම කාරයක් පැමිණ මා අසළ නතර කළේය.එහි වූයේ මිලිසන්ට් ය. “ඇල්බට් ඔයා මොකද කරන්නේ ? මම දැක්කා ඔයා දුවනවා.මිට කලින් කවදාවත් මම ඔයා ඔහොම දුවනවා දැකලා නෑ”

    “ආ මම මේ පොඩ්ඩක් ව්‍යායාම කරා” මම තවමත් තදින් හුස්ම ගනිමින් කීවෙමි.


    a-crime-story-picture-1.jpg





    ***


    පසුදින උදැසන, මම දොළ පහර අසලට ගොස් නැවත එන විට මිලිසන්ට් අපගේ විසිත්ත කාමරය තුළ සිටියාය.ඇය කෝපි කෝප්පයක් සදා ගනිමින් සිටියාය.

    “මම කාමරේට වෙලා එමලිගේ ඇදුම් පරික්ෂා කළා ” මිලිසන්ට් පැවසීය. “එක ඇදුමක් වත් අඩු නෑනේ?”

    “ඇයි ඇදුම් අඩු වෙන්න ඕනේ ? ගේ හොරු කඩලාද”

    “එමලි එයාගේ යාලුවෝ ගාවට ගියේ එක ඇදුමක් වත් ගෙනියන්නේ නැතුව කියල නම් මට කියන්න එපා!”

    “ඇය ඇදුම් අරගෙන ගියේ.එත් ගෝඩක් නම් ගෙනියව්වේ නෑ”

    “එයා යන දවසේ මොකද්ද ඇදගෙන හිටියේ?”

    “මට මතක නෑ” මම කීවෙමි.

    එදා සන්ද්‍යාවේ,මම ඇද හදන විට,මම එමලිගේ අල්මාරිය විවර කර බැලුවෙමි. ඇයගේ මේ ඇදුම් වලට මොනවද කරන්නේ ? එක්කෝ මම මේවා විසි කරා නම් හරි.

    මම පාන්දර දෙකට අවදි වූවෙමි.දීප්තිමත් සඳ එළිය මාගේ මුහුණට පතිත විය. මම ගෙවත්තේ ඇති කුඩා කුටියට ගියෙමි. වලක් සැරීම සදහා මට යම් ආයුදයක් අවශ්‍ය විය. දිග මිටක් සහිත සවලක් මම ඒ සදහා තෝරාගෙන එය මගේ කර මත තබාගෙන දොළ ගාවට යාමට පටන් ගත්තෙමි.


    දොළ ලගටම පැමිණි මම නැවතුනෙමි.තරමක් කල්පනා කළ මම හිස ගස දමා ආපසු හරි ආවෙමි.සවල පසකට දැමූ මම නිදාගැනීමට ගියෙමි.


    ***


    පසුදා උදෑසන මිලිසන්ට් මා හමු වීමට ආවේ මම උදෑසන ආහාරය ගනිමින් සිටින අතරතුරය.ඇය මා වෙත උදෑසන තැපැල් සේවයෙන් ලැබුණු ලියුමක් රැගෙන අවාය.නිල් පැහැ කවරයක දමා තිබූ එය ලැබී තිබුනේ මගේ නමටය.එහි වූ අකුරු මට හුරුපුරුදු විය.මම එය විවර කර ලියුම ඉවතට ගත්තෙමි.


    ආදරණීය ඇල්බට්,

    මට ඔයාව ගොඩාක් මතක් වෙනවා.මම ලගදීම ගෙදර එනවා ඇල්බට් .



    එමලි.



    මම ලියුම හා කවරය සාක්කුවට දමා ගත්තෙමි.


    “හොදයි” මිලිසන්ට් කීය. “මම අදුරගත්තා එමලිගේ අකුරු.එයා කවදද එනවා කියන්නේ?”

    “ඒ එමලිගේ අකුරු නෙවෙයි.ඒ මගේ චිකාගෝ වල ඉන්න නැන්දා එව්වා ලිව්මක්”

    “මම දැනන් හිටියේ නෑනේ ඔයාට චිකාගෝ වල නැන්දා කෙනෙක් ඉන්නවා කියලා ”

    “බය වෙන්න එපා මිලිසන්ට් ,මට චිකාගෝ වල නැන්දා කෙනෙක් ඉන්නවා”


    ***


    එදා රෑ දුරකතන ඇමතුමක් එන විට මා ඇදට වී සිටියේ අවදියෙනි.

    “කොහොමද පැටියෝ,මම මේ එමලි කතා කරන්නේ”

    “ඔය එමලි නෙවෙයි,ඔය වෙන කව්රු හරි කතා කරන්නේ”

    “මේ මොකද ඇල්බට්,මම මේ එමලි කතා කරන්නේ”

    “ඔයා එමලි වෙන්න බෑ. එයා ඉන්නේ කොහේද කියලා මන් දන්නවා,එයාට මේ වේලාවේ නම් මෙහෙම කතා කරන්න බෑ”


    “ඔයා හිතන්නේ මම ඉන්න තැන ඔයා දන්නවා කියලද ඇල්බට්.නෑ මම දැන් ඉන්නේ එහේ නෙවෙයි. එහේ ඉන්න අමාරුයි ඇල්බට් ,ඉතින් මන් එතනින් අවා ”


    මම අවදි වී ඇදුමක් දා ගත්තෙමි.මම පහළ තට්ටුවට ගොස් මදුවිත බෝතලයක් සොයාගෙන සෙමෙන් එය තොල ගාමින් කල්පනා කළෙමි.


    මම නැවතත් උද්‍යානයේ ඇති කුඩා කුටියට යන විට පාන්දර එක පමණ වන්නට ඇත.මම නැවතත් සවල සොයා ගත්තෙමි.මේ වතාවේදී නම් දොළ අසළ එළිමහන් ස්ථානයට ගොස් එතන ඇති විශාලම ගස අසළ නැවතුනෙමි.


    ඉන්පසු එහි සිට පියවර මැනීමට පටන් ගත්තෙමි. “එක,දෙක,තුන,හතර,...” දහසය වන පියවරේදී මම නැවතුනෙමි.

    ඉන්පසු එහි හැරීමට පටන් ගත්තෙමි.


    මට යම් කිසි හඩක් ඇසෙන විට වල හැරීමට ආරම්භකර මිනිත්තු පහක් පමණ ගතවන්නට ඇත.එක්වරම මිනිසුන් රාශියක් මා වට කර ගත්තෝය.ඔවුන් මාගේ මුහුණට විදුලි පන්දමක් එල්ල කරන්නට විය.ඒ මිනිසුන් අතර සිටි කිහිප දෙනෙකු මම හදුනා ගත්තෙමි.ඔවුන්ගෙන් කිහිප දෙනෙකු මිලිසන්ට් හට සේවය කරන්නෝ වූ අතර ඇගේ නීතිඥයාද ඒ අතර විය.


    මෙවිට මිලිසන්ට් ඉදිරියට පැමිණ “ඇල්බට් ,එහෙනම් තමුසෙට ඕනේ උනේ එයා ඇත්තටම මැරිලද කියලා හරියටම තහවුරු කරගන්න නේද,එක නේද මේ එයාව වලදාපු තැන අපහු හාරන්නේ ?”


    “මම මේ පරණ රතු ඉන්දියානු පිහි හොයනවා ” මම කීවෙමි. “කියමනක් තියනවනේ සඳ එළියෙන් මොකක් හරි හොයා ගත්තොත් එකෙන් වාසනාව උදා වෙනවා කියලා”


    මිලිසන්ට් එය නොසළකමින් එහි සිටි මා නොහදුනන යම් පුද්ගලයන් කීපදෙනෙකු පෙන්වා “මේ ඉන්නේ පෞද්ගලික රහස් පරික්ෂකවරු,එමිලිට ඇත්තටම මොකද වුණේ කියලා මම අනුමාන කරපු දවසේ ඉදන් ඔව්න් දවසේ පැය විසිහතරම තමුන්ව නිරීක්ෂණය කරමින් හිටියේ. ” ඇය තරමක් මහත ,කොට කාන්තාවක පෙන්වා “මේ ඉන්නේ මැක්මිලන් මහත්මිය.ඇය තමයි දම්පාට ඇදුමක් ඇදන් හිටපු කාන්තාව, ඒ වගේම ඇය තම එමලිගේ අත් අකුරු අනුකරණය කරෙත්. එතකොට මේ ඉන්නේ පීටර්ස් මහත්මිය.ඇයට හොදට අනුන්ගේ කටහඩවල් අනුකරණය කරන්න පුළුවන්, දුරකතනයෙන් තමුන්ට එමලි වගේ කතා කරේ මැය තමයි”


    එහි රහස්පරීක්ෂක වරු දෙදෙනෙක් සිටියහ.ඔව්න් සතුව සවල බැගින්ද තිබිණි.මා අඩක් හෑරූ වල ඔවුන් හෑරීමට පටන් ගත්තෝය. “අපි දැනන් හිටියා තමුන් ආපහු මෙතනට එනවා කියලා ඇල්බට්” මිලිසන්ට් කීය. “තමුසේ ඊයෙත් මෙතනට ඇවිල්ලා ආපහු ගියා.එත් තමුන්ගේ වාසනාවට ඊයේ මට තමුන් ගැන බලන්න මිනිස්සු ගොඩක් යොදවන්න බැරි උනා.එත් අද අපි තමුසේ එනකම් ලැස්ති වෙලා හිටියේ”


    පරීක්ෂකවරුන් දෙදෙනා පැය කාලක් පමණ සාරා මද විවේකයක් ගත්තෝය. “මේ පොළොව හරිම හයියයි.” එකෙකු කීය.


    ඔවුන් එම ස්ථානයේ මීටර දෙකක් පමණ ගැඹුරට සෑරුවෝය. “ මෙතන නම් මොනවත් වළලලා නෑ” අනෙකා කීය. “පරණ රතු ඉන්දියානු පිහියක් විතරයි හම්බවුණේ”


    මම මිලිසන්ට් දෙසට සිනහවී, “මොකද ඔයා හිතුවේ මම මෙතන එමලිව වළදාලා තියනවා කියලද ?” යැයි කියා එතනින් ඉවත්ව නිවසට පැමිණියෙමි.

    a-crime-story-picture-2.jpg




    ***


    මෙම එක් එක් සවරුපයෙන් මා වෙත පැමිණි ව්‍යාජ ‘එමලි’ පසුසප සිටින්නේ මිලිසන්ට් බව මට ආරම්භයේ පටන්ම සැකයක් පැවතිණි. මේ සියල්ල ඇගේ සැලැස්මේ කොටස් විය. ඇගේ අරමුණ උනේ කුමක්ද? ඇත්තෙන්ම, ඇය සිතා ඇත්තේ මා ඇගේ සොහොයුරියව ඝාතනය කර ඇති බවය. ඉතින් ඇයට වුවමනා වී තිබුනේ මා හරහාම එය තහවුරු කර ගැනීමටය.


    මේ අතරතුර මමද යම් ක්‍රීඩාවක යෙදී සිටියෙමි.මම බය වී සිටින බව ඇයට ඇගවීමට මටද අවශ්‍ය විය. එසේම මා විසින් සිරුර වනයේ කොතැනක හෝ වළදමා ඇති අයුරක් ඇයට ඇගවවීමටද මට වුවමනා විය.


    දැන් මට අවශ්‍ය වටපිටාව හොදින් සකස් වී තිබේ.සියල්ලන් ඉදිරියේ ඇය මට මිනීමැරුම් චෝදනා එල්ල කළාය. ඉතින් ඒ සම්බන්දව විශාල මුදලක් වන්දි ලෙස ඉල්ලා අධිකරණයට යාමට මට දැන් හැකිය. නමුත් ඇය කිසිවිටෙක එවැන්නක් සිදු වීමට ඉඩ නොදෙනු ඇත. මම ඇයව මෝඩයට ඇන්දූ බව පිළිගැනීමට ඇය නම් කෙසේවත් සුදානම් නොවනු ඇත.රාත්‍රියේ ඇය වටා සිටි පිරිසට මුදල් දී නිහඩ කිරීමටද ඇය පසුබට නොවනු ඇත.

    ඉතින් දැන් මමද ඇය ලවා කරවා ගැනීමට බලාපොරොත්තු වන්නේ එයයි. එදා රෑ කිසිවක් නොවූ සේ සිටීමට නම් මුදල් ඉල්ලා සිටිමි. ලැබෙන මුදල ඉතා විශාල මුදලක් විය යුතුමය !


    ***

    එම සතිය අවසානයේ මගේ දුරකථනය නාද විය.

    “හෙලෝ ,මේ එමලි කතා කරන්නේ.මම ගෙදර එනවා ”

    “ නියමයිනේ ”

    “කවුරුවත් මාව මතක් කලේ එහෙම නැද්ද ?”

    “ආ...ගොඩ දෙනෙක් මතක් කරා ඔයාව ”

    “මම මේ සති හතරේම හිටියේ කොහේද කියලා ඔයා කාටවත් කිව්වේ එහෙම නෑ නේද ඇල්බට්? විශේෂෙන්ම මිලිසන්ට එහෙම? ”

    “මම එයාට කීවේ ඔයා සැන් ෆ්‍රැන්සිස්කෝ වල ඔයාගේ යාලුවෝ බලන්න ගියා කියලා”

    “එහෙමද ,එත් මම සැන් ෆ්‍රැන්සිස්කෝ වල අදුරන කව්රුත්ම නෑනේ ,ඇය ඔයාව විස්වාස කළාද ?”

    “මම හිතන්නේ නෑ එයා විස්වාස කරා කියලා”

    “මට කොහොමවත් ඇයට කියන්න බෑ මම ගියේ නේවාසික ශරීර සුවතා මධ්‍යස්තානෙකට කියලා. ලැජ්ජයිනේ !මට ඒක කරගන්න පුළුවන් වෙයි කියලවත් මන් හිතුවේ නෑ. ඒත් මම ඒක කරා ඇල්බට් ,මම ඒක කරා! මම කිලෝ දහහතරකින් බර අඩු කර ගත්තා දැන් මගේ පෙනුමත් නම් අනිවරෙන්ම සින්තියා වගේ වෙන්නම ඕනේ ”


    “සුබපැතුම් එමලි ! එක කොච්චර හොදද” ඇගේ හිතේ මගේ පළමු බිරිද ගැන පැවති ඊර්ෂ්යාව මෙම ගමනට හේතු වන්නට ඇත.


    “හරි එත් දැන් මගේ පරණ ඇදුම් වලට මොකද කරන්නේ. ඒ එකක්වත් මට අය අදින්න බැරි වෙයි. අලුත් ඇදුම් ගොඩක් ගන්නත් වෙයි. අපිට එච්චර වියදමක් දරාගන්න පුළුවන් වෙයිද ඇල්බට් ?”

    “ආ...මොකද බැරි,දැන් පුළුවන්. මිලිසන්ට් අපිට උදව් කරාවි ”


    *******

    නිමි.




    Originally published: January 1981

    Author: Jack Ritchie

    Awards: Edgar Award for Best Short Story




    කොහොමද කතාව :D:D අදහස පහලින් කොටගෙන යමු.
    ++රෙප් භාරගනු ලැබේ++ ;);)




    +++++++++​
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,791
    3,208
    113
    37
    @ katubedda
    එල කථාවක්.
    මේක උබ ලියපු එකක් නම් දිගටම ලියපන්. එහෙම නැත්නම් ලියපු එකා අලුත් එකක් ලියපු ගමන් උබ එක මෙතන දාපන්. මම උබට රෙප් දෙන්නම්.
     
    • Like
    Reactions: haritha_kh

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    එල කථාවක්.
    මේක උබ ලියපු එකක් නම් දිගටම ලියපන්. එහෙම නැත්නම් ලියපු එකා අලුත් එකක් ලියපු ගමන් උබ එක මෙතන දාපන්. මම උබට රෙප් දෙන්නම්.

    මම මේක පරිවර්තනය කරේ. මේක ලියපු කෙනාගේ නම් තව කතා තියනවා.අනිවාරෙන් හොයලා දාන්නම්:D::D:yes: