මිලේනියම් සිටි පාවාදීම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මිලේනියම් සිටි පාවාදීම

    මිලේනියම් සිටි පාවාදීම​

    Ranil-Wickramasinghe.jpg



    අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන යනුලැබූ ආරක්ෂිත නිවස්නය දිගුදුර විහිදුම් බළකා සාමාජිකයන් පිරිසක් සමග මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරී කුලසිරි උඩුගම්පොල විසින් වැටලීමයි.ඒ හමුවේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සතුරාට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ සාමාජිකයින් විසි අටදෙනකුටම LTTEයේ ගොදුරු බවට පත්ව ජීවිත පුදන්නට සිදු වූහ.

    සතුරන්ගේ (LTTE ) ත්‍රස්‌ත ක්‍රියාකාරකම් දැනගැනීමේ අරමුණින් ස්‌ථාපිත වූ මෙම හමුදා බුද්ධි සේවාවේ ආරම්භක ප්‍රධානියා හිටපු හමුදාපති ලයනල් බලගල්ලේය. එදා සිට වසර 16 ක්‌ ගතවන අවස්‌ථාවේ හමුදා බුද්ධි සේවාව බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා ඇත. 2002 ජනවාරි 2 දා මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පොළ පොලිස්‌පතිගෙන් අවසර නොලබා අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට ගොස්‌ අතිශයින් රහසිගත දිගුදුර විහිදුම් බළකායේ රහසිගත නිවාසය වැටලීම තුළින් ආරක්‍ෂක රහස්‌ කොටි ත්‍රස්‌තවාදීන්ට හෙළිවිය.

    අතිශයින්ම රහසිගත මෙම දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායම උඩුගම්පොල නමැත්තාගේ ක්‍රියාදාමය නිසා මුළුමනින්ම හෙළි විය. මේ සම්බන්ධයෙන් පැවැති ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්‍ෂි විමසීම පවා පළ කිරීමෙන් ඇතැම් මාධ්‍ය වැළකී සිටියේය.

    එවකට ජනමාධ්‍ය ලේකම්ව සිටි කුමාර් අබේසිංහ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් තමා අතුරුගිරිය සිදුවීම වීඩියෝගත කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දුට අමතා යුද හමුදාව ඉදිරියේ එය සිදු කිරීමට අවසරය ගත් බව කියා සිටියේය. එහෙත් මේ කිසිම නිලධාරියකු මෙවන් ප්‍රචාර නිසා ජාතික ආරක්‍ෂාවට හානි සිදුවන බව අදහස්‌ කළේ නැත.

    කුලසිරි උඩුගම්පොලගේ මේ පාවාදීම සාධාරණීයකරණය කිරීමට මෙරට මාධ්‍ය පාර්ශ්වයන් දෙකක්‌ දැඩි ලෙස උත්සාහ කරනු ලැබීය. ඉන් එක්‌ පාර්ශ්වයක්‌ වූයේ රජයේම සති අන්ත පුවත්පතකි. උඩුගම්පොළගේ ඥතියකු අන්වර්ථ නම් භාවිත කරමින් දිගුදුර විහිදුම් බළකාය වැටලීම සාධාරණීයකරණය කරනු ලැබීය. 2002 ජනවාරි 2 වැනිදා රාත්‍රියේ කුලසිරි උඩුගම්පොල අතුරුගිරියට පැමිණියේ එම ප්‍රදේශයේ කිසිම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුට නොදන්වමිනි. කපිතාන් නීලම් ඇතුළු කණ්‌ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගත වූයේ නීත්‍යනුකූලව යැයි හමුදා බුද්ධි අංශ නායක කපිල හෙන්දාවිතාරණ හා හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශය ද උඩුගම්පොල පිළිගත්තේ නැත.

    අතුරුගිරිය සිද්ධිය පුවත්පත්වලට හෙළි කිරීම සඳහා ඔහු මහනුවර සිට හිටපු උප සේවා පොලිස්‌ කොස්‌තාපල්වරයකු වූ ප්‍රාදේශීය වාර්තාකරුවකු ද ගෙන ආවේය.

    එවකට සිටි පොලිස්‌පතිවරයා ද උඩුගම්පොලගේ මෙහෙයුම සමයේ අසරණ තත්ත්වයට පත් විය. ඔහු කොළඹ මුත්තයියා පාරේ හමුදා බුද්ධි අංශයට ගොස්‌ ලිපිගොනු ද ලබාගනු ලැබීය. ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තවදුරටත් අනාවරණය වූයේ යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙක්‌, කර්නල්වරයෙක්‌, මේජර්වරු තිදෙනකු හා කෝප්‍රල්වරයෙක්‌ මෙම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වටලන බව දැන සිටි බවයි.

    දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල නමැත්තා ඔවුන් මහනුවරට ගෙනගොස්‌ කටුගස්‌තොට පොලිසියේ රඳවනු ලැබීය. එවකට ආරක්‍ෂක ඇමැතිව සිටි මාරපන මහතා එකී කණ්‌ඩායම නිදහස්‌ කරන ලෙස කළ නියෝගය ද ක්‍රියාත්මක වූයේ දින කීපයකට පසුවය.

    මේ හමුදා කණ්‌ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල එතැනින් නතර වූයේ නැත. ඔහු හමුදාපති හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනු ලැබීය. මේ සිද්ධිය බලා සිටි කොටි අතිශයින්ම ප්‍රමෝදයට පත්ව අත්පොළසන් දුන්හ. එකල කොටි වෙබ් අඩවියක මෙලෙස සඳහන් විය. ද්‍රවිඩයන් ඝාතනය කිරීමට යොදවා තිබූ කණ්‌ඩායමක සුලමුල දැන් අනාවරණය වී ඇත.

    මේ අතර නිදහස්‌ වූ දිගුදුර විහිදුම් බළකායේ කණ්‌ඩායම තම මානව හිමිකම් අහිමි වූ බව දක්‌වමින් අධිකරණය හමුවට ගියහ. මෙකී මානව හිමිකම් නඩුව ඉල්ලා අස්‌කර ගන්නා ලෙස දන්වමින් එකී කණ්‌ඩායමට දැඩි බලපෑම් එල්ල වුවත් ඔවුහු ඊට එකඟ නොවූහ. 2004 ජනවාරි 30 වැනිදා අධිකරණය විසින් තීන්දුවක්‌ දුන්නේය. දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායමේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කළ අධිකරණය සෑම පාර්ශ්වකරුවකුටම රුපියල් 7,50,000 ක්‌ බැගින් ගෙවිය යුතු යැයි නියම කළේය. උඩුගම්පොල ද රුපියල් 50000 බැගින් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කරනු ලැබීය. මෙහිදී උඩුගම්පොලගේ ක්‍රියාදාමය අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක්‌විය. මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස්‌ කොමිසම විසින් උඩුගම්පොලව අනිවාර්ය නිවාඩු යවන්නැයි එවකට පොලිස්‌පතිව සිටි ඉන්ද්‍රා ද සිල්වා වෙත නියෝග කරනු ලැබීය. 2005 මාර්තු 23 වැනිදා කුලසිරි උඩුගම්පොළව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්‌ විය.

    රාජ්‍ය රහස්‌ පනත යටතේ උඩුගම්පොළට එරෙහිව නඩු පැවරී තිබේ. “අතුරුගිරිය මිලේනියම් සිටි සිද්ධියේ කනගාටුදායක පැත්ත මෙයයි. මේ විශේෂ කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊට සහාය වූ බුද්ධි චරපුරුෂයන් කවුරුන්දැයි කොටින්ගේ ටොසී බුද්ධි සේවාවට වාර්තා විය.

    වැටලීමෙන් හරියටම දින 18කට පසු තම ගොදුරු සොයා යන LTTE පිස්තෝලකරුවන් 2002 ජනවාරි 20 වන දින විද්‍යාදරන් හෙවත් නිති ව ඝාතනය කරනවා. 2002 පෙබරවාරි 9වන දින ක්‌ලාරි හෙවත් ගඩාපිද, 2002 ජුලි 22 වන දින අරින්ජාන් හෙවත් සමින්දරාජන්ද, 2002 දෙසැම්බර් 11වන දින ගනේශ්මූර්ති හෙවත් තිලක රාජාද, 2003 ජනවාරි 03දින කැෂියර් හෙවත් පුලේන්ද්‍රරාසාද, 2003 මාර්තු 18 දින රගුපති හෙවත් රගුද, 2003 අප්‍රේල් 13දින රංජන් හෙවත් වර්ධන්ද, 2003 අප්‍රේල් 26 දින අශෝක්‌ දේවරාජාද, 2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්ද, 2002 අගෝස්‌තු 14දින දේවදාස්‌ද ඝාතනය කරනවා.

    ඉන් නොනැවතෙන කොටි පිස්තෝලකරුවන් 2002 දෙසැම්බර් 02 දින අයිස්‌, 2003 අප්‍රේල් 23 දින යශෝධරන්, 2003 මැයි 19 දින සූරියන්, 2003 අගෝස්‌තු 03 දින රිල්වාන්, 2003 අගෝස්‌තු 08 දින ශන්මුගරාසා, 2003 සැප්තැම්බර් 14 දින සබාරත්නම්, 2004 ජනවාරි 31 දින යෝගරාසාද ඝාතනය කරනවා. එලෙස ඉහත දැක්වූයේ කොටින් විසින් ඝාතනය කළ බුද්ධි කණ්ඩායමේ කිහිපදෙනෙක්.

    බුද්ධි අංශයේ ප්‍රබලයන් වන කර්නල් තුවාන් මුතාලිෆ් හා කර්නල් මිඩින් කොළඹදී ඝාතනය වීමත් මෙහි ප්‍රතිඵලයක්.

    මෙම ඝාතන රැල්ලත් සමඟ අනාරක්ෂිත වූ කපිතාන් නිලම් ඇතුළු සාමාජිකයන් පිරිසක් විදෙස් රටවලට පලා යනවා.

    🔫 කොටි විසින් ඝාතනය කළ බුද්ධි කණ්‌ඩායම.

    🔫2002 ජනවාරි 20 – විද්‍යාදරන් හෙවත් නිති, 🔫2002 පෙබරවාරි 9 – ක්‌ලාරි හෙවත් ගඩාපි, 🔫2002 ජුලි 22 – අරින්ජාන් හෙවත් සමින්දරාජන්,
    🔫2002 දෙසැම්බර් 11 – ගනේෂමූර්ති හෙවත් තිලක රාජා,
    🔫2003 ජනවාරි 03 – කැෂියර් හෙවත් පුලේන්ද්‍රරාසා,
    🔫2003 මාර්තු 18 – රගුපති හෙවත් රගු,
    🔫2003 අප්‍රේල් 13 – රංජන් හෙවත් වර්ධන්,
    🔫2003 අප්‍රේල් 26 – අශෝක්‌ දේවරාජා
    🔫2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්,
    🔫2002 අගෝස්‌තු 14 – දේවදාස්‌,
    🔫 2002 දෙසැම්බර් 02 – අයිස්‌,
    🔫2003 අප්‍රේල් 23 – යශෝධරන්,
    🔫 2003 මැයි 19 – සූරියන්,
    🔫2003 අගෝස්‌තු 03 රිල්වාන්,
    🔫2003 අගෝස්‌තු 08 ශන්මුගරාසා,
    🔫 2003 සැප්තැම්බර් 14 – සබාරත්නම්,
    🔫2004 ජනවාරි 31 – යෝගරාසා හෙවත් ප්ලොට්‌ මොහාන්.

    දිගුදුර විහිදුම් බළකාය නිදහස්‌ වුවත් සටන් විරාමය නිසා ඔවුන්ට මෙරට රැඳී සිටීම අනතුරුදායක විය. මේ නිසා ඔවුහු පිරිසක් විදේශගත වූහ.

    මෙම අතිශයින්ම රහසිගත හමුදා බළකාය අල්ලා ගැනීමට නීති විරෝධී මෙහෙයුමක්‌ දියත් කළ කුලසිරි උඩුගම්පොල නමැත්තා එදා සිටි පොලිස්‌පති, හමුදාපතිටත් ඉහළින් කටයුතු කළ බව මෙහිදී සනාථ විය.මෙම සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිසම පරීක්‍ෂණ පටන් ගැනීමත් සමගම උඩුගම්පොලට මිලේනියම් සිටි නිවස ගැන තොරතුරු සැපයූ බව කියන පුද්ගලයා ද අබිරහස්‌ ලෙස මියගොස්‌ ඇතැයි අනාවරණය විය.

    එසේම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වැටලීමට තමා පැමිණියේ අධිකරණ නියෝගයක්‌ මත යෑයි උඩුගම්පොල පැවසූ නමුත් එම නියෝගය ඔහු කිසිවිටෙක පෙන්නුම් කළේ නැත.මේ හැර යුද හමුදාව මෙකී කණ්‌ඩායමේ හා අවි ආයුධවල නීත්‍යනුකූලතාවය ගැනද ලියවිල්ලකින් සනාථ කරන්නේ නම් දිගුදුර විහිදුම් බළකාය නිදහස්‌ කරන බවද උඩුගම්පොල පවසා තිබිණි.එවැනි ලිපියක්‌ යුද හමුදාව විසින් ගෙනවිත් උඩුගම්පොලට බාරදුන්නත් ඔහු ඒ ගැන තැකීමක්‌ කළේ නැත.

    විශේෂ ජනාධිපති කොමිසම හමුවේ හෙළිවූ තවත් කරුණක්‌ නම් ඇතැම් හමුදා නිලධාරීන් සෘජුව සහ වක්‍රව උඩුගම්පොලගේ මේ වැටලීම දැන සිටි බවයි. ඔවුන් නම් ලුතිනන් කර්නල් පත්මසිරි උඩුගම්පොල (උඩුගම්පොලගේ සොහොයුරු), මේජර් ජනරාල් අයිවන් දසනායක, කර්නල් කේ. එච්. ධර්මරත්න, මේජර් ඒ. සී. සොයිසා, මේජර් ඒ.එස්‌. පොඩිඅප්පුහාමි, මේජර් කේ. යූ. ජයනෙත්ති, මේජර් නජිත් කරුණාරත්න, කෝප්‍රල් ඡේ. එච්. සිල්වා, කෝප්‍රල් එම්. වී. පීරිස්‌.

    එදා පැවැති එ.ජා.ප. රජයේ දේශපාලකයන් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක්‌ විසින් දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායමේ ප්‍රධානී කපිතන් නීලම් ඇතුළු පිරිසට දැඩි බලපෑම් එල්ල කළත් එකී කණ්‌ඩායම ඊට හිස නැමුවේ නැත.

    විශේෂ ජනාධිපති කොමිසම සිය වාර්තාවේ මෙලෙස ද දක්‌වා ඇත. 2001 මහා මැතිවරණයට පෙර මෙම රහසිගත නිවසේ ලිපිනය දැනගැනීමට කර්නල් පරාක්‍රම දසනායක උත්සාහ කළ බවට තදබල සාක්‍ෂි ඇත. දසනායක නමැත්තා මෙහිදී කියා සිටියේ තමා මාලඹේ ඉදිකරන නිවස සඳහා සහාය ලබාගැනීමට කපිතන් නීලම්ට ඇමතීමට අවශ්‍ය බවයි.

    මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බළකා සිද්ධිය මෙරට යුද හමුදා ඉතිහාසයේ සිදුවූ ද්‍රොහීමය ක්‍රියාදාමයකි.එහිදී දේශපාලන පොලිස්‌ නිලධාරියකු වූ කුලසිරි උඩුගම්පොල ක්‍රියා කළ ආකාරය මුළු පොලිස්‌ දෙපාර්තමේන්තුවටම සිදුවූ අවමානයකි.උඩුගම්පොල බේරාගැනීම සඳහා හිටපු නෝවීජියානු ආධාරකාරියක්‌ වූ මාධ්‍යවේදිනියක්‌ ද උඩුගම්පොලගේ ඥතියකු වන අයෙක්‌ විසින්ද ගත් උත්සාහයද අසාර්ථක විය.


    //වටලන ලද ස්ථානය එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඉහල නායකයින් ඝාතනයට සැළසුම් කල තිප්පොලක් වශයෙන් මහජනයාට හුවා දැක්විණි. මේ පිළිබඳ චෝදනාව පළමු වතාවට 2001 නොවැම්බරයේදී මැතිවරණයට පෙර එජාප සභාපති චරිත රත්වත්තේ සහ උප සභාපති දයා පැල්පොල මගින් සිදු කරන ලදී. කෙසේ නමුදු පසුව මෙම චෝදනා පදනම් විරහිත බැව් හෙලිදරව් විය//

    //රනිල් වික්‍රමසිංහ සහ ප්‍රභාකරන් අතර පැවැති සමීප හිතවත්කම, මානුෂික මෙහෙයුම අතර වාරයේදී හමුවූ කොටි සංවිධානය විසින් බෙදා හැර තිබූ මෙවැනි ඔරලෝසු හෝඩුවාවක් සපයනවා//

    z_p01-ticking.jpg

    //ජාතික පොලිස්‌ කොමිසම විසින් චෝදනා 20 ක්‌ යටතේ චෝදනා පත්‍ර ගොනුකර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා පූර්ණ වාර්තාවක් පළ කරන අතර “ජාතියට සිදුකළ සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක්” ලෙස එහි මෙම සිදුවීම හඳුන්වා තිබෙනවා. හමුදාව සමඟ සම්බන්ධතා පැවැත්වූ 80කට අධික පිරිසක් මිලේනියම් සිටි පාවාදීම නිසා ඝාතනය වුණා.//

    ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ්ට අවසන් ගෞරව

    038.jpg


    Ranil-Wickremesinghe-4_850x460_acf_cropped-1_850x460_acf_cropped-1_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped.jpg






    උපුටා ගැනීමකි
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටට මෙච්චර කැරි වැඩ කරලත් මුන්ට කඩේ යන ගොබිලොත් ඉන්නවානේ.

    මේ නපුංසකයට කඩේ යන්නේ එක්කෝ 50KG වගේ කොටින්ට පුක දෙන දෙමළෙක්, නැත්නම් මරාගෙන මැරෙන්න හදන හම්බයෙක්, එහෙමත් නැත්නම් රට බෙදන්න දගලන එන් ජි ඕ කාක්කෙක්. මොකද උන්ගේ පටු අරමුණු ඉටු කරගන්න සපෝට් එක දෙන එකම නායකයා වික්කමසිංහ විතරයි. ඔය නපුංසකය බලේට ආවම රටේ බෝම්බ පිපිරිලා මහා විනාසයක් වෙලා තමා නවතින්නේ. මේ රටට තියන ලොකුම සාපෙ ඕකා:angry:
     
    • Like
    Reactions: ElaMalli

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඩුගම්පොල පකයා කරපු පාවා දීමට රනිල් ගෑවුනේ කොහෙන්ද කියන එක පැහැදිලි මදි

    දොළ පිදේනි ගැන දන්නා අයියල කටවහන් පැත්ත පලාතෙවත් එන්නේ නැත්තේ එකයි

    z_p01-ticking.jpg
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,225
    25,398
    113
    One year before ---- ඔවැනි සිදුවීමක් සිදුවී ඇති බව මාධ්‍ය හරහා පලවුනා. එය එතරම් ම ප්‍රසිද්ධ වන්නට නොදී වැලකුණා.

    බුද්ධි අංශ සතු ආයුධ තොගයක් සහ බුද්ධි අංශ සාමාජකයින් අත්තඩංගුවට ගෙන ජනාධිපතිගේ විරෝධය හමුවේ අධිකරණ ක්‍රියා මාර්ග නොගෙන අතහැර දමා තිබෙනවා.පඹයා වුනත් UNP /JVP මුන්ට විරුද්ධව ඉන්න එක මාර වටිනවා. එවැනි අංශ ආයුධ තබා ගැනීම නීත්‍යානුකූල නමුත් බොරු චෝදනා මගින් අත්තඩංගුවට ගැනීම් කලේ පාස්කු ප්‍රහාරයට අනුබලයක් ලෙසින්ද සැකයි.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,427
    6,582
    113
    Land of Lions
    ප්‍රෙමදාසලාගේ රෙදි ගලොනවා.....



    Formal talks between the Premadasa Government and the LTTE commenced in May 1989. Present at these sessions along with Premadasa, were Defence Secretary General Attygalle and cabinet ministers, among whom were, Ranjan Wijeratne, Wijayapala Mendis, Festus Perera, A.C.S. Hameed and Ranil Wickremesinghe. About July 1989 President Premadasa asked Attygalle to hand over to the LTTE a consignment of arms in accordance with a hand-written list, apparently given by the LTTE.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රෙමදාසලාගේ රෙදි ගලොනවා.....



    Formal talks between the Premadasa Government and the LTTE commenced in May 1989. Present at these sessions along with Premadasa, were Defence Secretary General Attygalle and cabinet ministers, among whom were, Ranjan Wijeratne, Wijayapala Mendis, Festus Perera, A.C.S. Hameed and Ranil Wickremesinghe. About July 1989 President Premadasa asked Attygalle to hand over to the LTTE a consignment of arms in accordance with a hand-written list, apparently given by the LTTE.

    මුන් එකෙකුට එකෙක් නෑ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    One year before ---- ඔවැනි සිදුවීමක් සිදුවී ඇති බව මාධ්‍ය හරහා පලවුනා. එය එතරම් ම ප්‍රසිද්ධ වන්නට නොදී වැලකුණා.

    බුද්ධි අංශ සතු ආයුධ තොගයක් සහ බුද්ධි අංශ සාමාජකයින් අත්තඩංගුවට ගෙන ජනාධිපතිගේ විරෝධය හමුවේ අධිකරණ ක්‍රියා මාර්ග නොගෙන අතහැර දමා තිබෙනවා.පඹයා වුනත් UNP /JVP මුන්ට විරුද්ධව ඉන්න එක මාර වටිනවා. එවැනි අංශ ආයුධ තබා ගැනීම නීත්‍යානුකූල නමුත් බොරු චෝදනා මගින් අත්තඩංගුවට ගැනීම් කලේ පාස්කු ප්‍රහාරයට අනුබලයක් ලෙසින්ද සැකයි.

    :yes::yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,079
    20,305
    113
    Panadura
    රටට මෙච්චර කැරි වැඩ කරලත් මුන්ට කඩේ යන ගොබිලොත් ඉන්නවනෙ
     
    • Like
    Reactions: jcj

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ප්‍රෙමදාසලාගේ රෙදි ගලොනවා.....



    Formal talks between the Premadasa Government and the LTTE commenced in May 1989. Present at these sessions along with Premadasa, were Defence Secretary General Attygalle and cabinet ministers, among whom were, Ranjan Wijeratne, Wijayapala Mendis, Festus Perera, A.C.S. Hameed and Ranil Wickremesinghe. About July 1989 President Premadasa asked Attygalle to hand over to the LTTE a consignment of arms in accordance with a hand-written list, apparently given by the LTTE.


    ජෙප්පො දාන පොදු අපේක්ෂකය ෆොනීද මංද.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    :yes:මේ‍ක බලපු ඵකෙක් UNP ඵකට ජන්දෙ දෙනවනම් උෟ මහ අමනයෙක් වෙන්න ඕන.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,427
    6,582
    113
    Land of Lions
    :yes:මේ‍ක බලපු ඵකෙක් UNP ඵකට ජන්දෙ දෙනවනම් උෟ මහ අමනයෙක් වෙන්න ඕන.

    මේ මුල විතරයි සහොදරයා, බටලන්ද එක අද දන්නම්.
     

    Similar threads