JVP වහලුනි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    PhotoPictureResizer_190821_085819795_crop_1421x1135-710x567.jpg




    අපේක්ෂාවේ අපේක්ෂකයා ලෙස අනුර වේදිකාව මතට එන විට වේදිකාව පහල සිට අත්පුඩි සහ විසිල් ගැසුවා මෙන්ම බොක්කෙන් සහ හදවතින් අනුරට ජය පතන ජෙප්පන්ට දැන් ක්‍රියාත්මක කිරීමට තව වැඩක් ඇත.

    ඒ මෙතෙක් දශකයක් තිස්සේ පමණ නිරන්තරයෙන් දොඩවන


    " රාජපක්ෂගේ කෞතුකාගාරය
    " රාජපක්ෂගේ ඝන්ඨාරය
    " රාජපක්ෂගේ මෝර ටැංකිය "
    " රාජපක්ෂගේ අහවල් එක "


    ආදී වශයෙන් පැරණි හරක් හම් වලට දිගින් දිගටම ඔහේ තලමින් සිටින්නේ නැතිව අනුර ප්‍රමුඛ බලවේගය රටට ඉදිරිපත් කල ප්‍රතිපත්ති මාලාව සහ අනාගත සැලසුම් ගැන කතිකාවක් බුකියේ සහ සමාජය තුල ගොඩ නැගීමය.


    මක් නිසාද යත් බලයෙන් පැරදී වසර පහක් තිස්සේ විපක්ෂයේ සිටින මැදමූලන පවුලේ අඩුපාඩු පෙන්නමින් කරන ගායනා තව දුරටත් මේ රටේ ජනතාව බලාපොරොත්තු නොවන බැවිනි.


    දැන් රට යමින් සිටින්නේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා අදුරු යුගයකටය.
    සුපුරුදු ලෙසම ආර්ථිකය අස්ථාවර වීම සාමාන්‍ය දෙයක් උවද ඉතිහාසයේ අන් කවරදාටත් වඩා දේශපාලන සංස්කෘතිය පිරිහී ඇත .


    අවම වශයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වෙන් කර හදුනා ගැනීමට නොහැකි තරමට විලි ලැජ්ජා විරහිත භාවයකට දේශපාලකයා පත්ව ඇත.


    ජනතාවට වග කියන දේශපාලන බල කේන්ද්‍රයක් මේ මොහොතේ රටේ නැත
    පාරම්පරික වහල් භාවය නිසා කොඩි ඔසවාගෙන හුරේ දමන පාක්ෂිකයන් හැරුණු කොට අවස්ථාව අනුව ඡන්දය භාවිතා කරන ඡන්දදායකයන් මේ මොහොතේ විමසිල්ලෙන් සිටින්නේ වඩාත් ප්‍රායෝගික වැඩ පිලිවෙල කා අතින් එලියට එනවාද යන්න දැන ගැනීමටය.

    නැවත නැවතත් මතක් කර බලන්න....
    පසුගිය යුගයේ රාජපක්ෂ කදවුරේ දේශපාලන ප්‍රතිරූපය දියකර හැරීමට ප්‍රබලම ප්‍රහාරය දියත් කල මිනිසා වූ අනුර දිසානායක එදා ගෝල්ෆේස් රැලියේදී ඔවුන් ගැන කතා කලාද ?
    නැත....

    ඊට හේතුව තව දුරටත් ඵලක් රහිත ලෙස මුව හම්වලට තඩි බෑම ජනතාව ජවිපෙන් අපේක්ෂා කරන කරුණක් නොවන බැවිනි...
    දැන් ජනතාව ජවිපෙන් බලාපොරොත්තු වෙන්නේ රටට අවශ්‍ය වැඩපිලිවෙලක් මිස එක එකා ගැන කේලම් ඕපදූප නොවන වග තමන් හොදින්ම දන්නා බව ඔහු එදා තම කතාවෙන් පෙන්වා දුන්නේය.

    අනෙක් අතට නිරන්තරයෙන් රාජපක්ෂ රාජපක්ෂ යනුවෙන් දෙඩවීමෙන් සිදුවන්නේ සමාජය තුල රාජපක්ෂ බිල්ලෙකු මැවී එම බිල්ලාට එරෙහි ජනතාව සියළු දෙනා තුප්පහි එජාපය තුලට ගාල් වීම වග පහුගිය මහමැතිවරණයෙන් අපට ඔප්පු විය.
    රාජපක්ෂලාගේ නොපනත්කම් වලට ජනතාව 2015 දී දඩුවම් ලබා දී ඇත...


    දැන් අවශ්‍ය වන්නේ රට දිනා ගත හැකි බලයක් ගොඩ නැගීම නම් ජවිපෙ සතු ඡන්ද ලක්ෂ හතෙන් පමණක් එය කිරීමට නොහැකි වග සරල අංක ගණිතය දන්නා ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන කරුණකි.

    එසේ නම් ලක්ෂ හතට පිටින් ඇති ඡන්ද දිනා ගැනීම අනිවාර්‍ය කාරනයකි.ඔබට අවශ්‍ය වන්නේ ලක්ෂ හත තුලම සිටිමින් ඒ ලක්ෂ හතේ සිටින්නන් සමග විනෝද වීමට නම් පරණ මුව හමටම තඩි බෑවාට කිසිදු ගැටළුවක් නැත.

    එසේ නොමැතිව ලක්ෂ හතෙන් එපිට ජනතාව වෙතට අනුර ගෙන යාමට නම් විරුද්ධ දේශපාලන පිල් විවේචනය කිරීම සමගම අනුරට ඡන්දය දිය යුතු සාධාරණ හේතුද ඔබ විසින් සමාජයට පැහැදිලි කල යුතුය.

    තමන් ලක්ෂ හතෙන් එපිටට යා හැකි මිනිසෙක් ලෙස අනුර පලමු දිනයේදීම පෙන්වා දී ඇත.

    දැන් එලඹී ඇත්තේ ඔබ අනුරව ලක්ෂ හතෙන් එපිටට ගෙන යා හැකි පාක්ෂිකයෙක්ද යන්න පෙන්වීමට කාලයයි.
     
    • Like
    Reactions: niko44

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඕක ජෙප්පොන්ට කියල වැඩක් නැ. අනුරටම කිව්වා නම් හරි.
    අනුර එළකිරි එනවද. එහෙනම් මේක දකී


    අනුර හෝ වෙනත් කෙනෙක් ජනාදිපති උනත් කරන්න වැඩකුත් නැ. පැත්තකට වෙලා ඉන්න තමා තියෙන්නේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඕක ජෙප්පොන්ට කියල වැඩක් නැ. අනුරටම කිව්වා නම් හරි.
    අනුර එළකිරි එනවද. එහෙනම් මේක දකී


    අනුර හෝ වෙනත් කෙනෙක් ජනාදිපති උනත් කරන්න වැඩකුත් නැ. පැත්තකට වෙලා ඉන්න තමා තියෙන්නේ.

    Nagahananda ko?mage $ 50 illaganna ona.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබලා දැක්කම පව් කියලා හිතෙනවා බන්, රනිල්, සජිත්,මහින්ද,අනුර,ගොටාබය මොනාද බන් උබලට කලේ.. දැන් කියාගෙන එන්න එපා මහින්ද යුද්දේ නැවැත්තුවා කියලා.. මහින්දට යුද්දයක් නවත්තන්න යුද්දයක් හැදුවෙත් උබලම නේද? මම උබලා කියන්නේ සිංහල ජාතියට නෙමෙයි. මුළු මහත් ලාංකිකයෝම නේද අද රට තියන තැනට තල්ලු කරලා තියෙන්නේ.. ඔය උඩ කිව එක නායකයෙක්වත් උබලට ආදරේද බන්. කහනවද රට හදන්න.. තේරුම් ගන්න උත්සහා කරපන් බන්. සිස්ටම් එක වෙනස් නොකර පුද්ගලයෝ පොර කලාට උබලට රටක් හදන්න බැහැ
     
    • Like
    Reactions: Challenger SRT8

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උබලා දැක්කම පව් කියලා හිතෙනවා බන්, රනිල්, සජිත්,මහින්ද,අනුර,ගොටාබය මොනාද බන් උබලට කලේ.. දැන් කියාගෙන එන්න එපා මහින්ද යුද්දේ නැවැත්තුවා කියලා.. මහින්දට යුද්දයක් නවත්තන්න යුද්දයක් හැදුවෙත් උබලම නේද? මම උබලා කියන්නේ සිංහල ජාතියට නෙමෙයි. මුළු මහත් ලාංකිකයෝම නේද අද රට තියන තැනට තල්ලු කරලා තියෙන්නේ.. ඔය උඩ කිව එක නායකයෙක්වත් උබලට ආදරේද බන්. කහනවද රට හදන්න.. තේරුම් ගන්න උත්සහා කරපන් බන්. සිස්ටම් එක වෙනස් නොකර පුද්ගලයෝ පොර කලාට උබලට රටක් හදන්න බැහැ

    Ubata karanna barida?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ubata karanna barida?
    කැනේඩියන් සිටිසන් බන්.. නො චාන්ස්.. ගොටාබය වගේ දෙශ්හිතයිෂි නැහැනේ මම.. එ හින්දා කැනඩාවේ පුරවැසිකම අතහැරලා චන්දෙ ඉල්ලන්න තරම් වර්ත් නැහැ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කැනේඩියන් සිටිසන් බන්.. නො චාන්ස්.. ගොටාබය වගේ දෙශ්හිතයිෂි නැහැනේ මම.. එ හින්දා කැනඩාවේ පුරවැසිකම අතහැරලා චන්දෙ ඉල්ලන්න තරම් වර්ත් නැහැ.

    Aparade..:sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Eka nan aththa, prathipaththi balanakan chande theeranaya karanna one na :)

    Samahara un nan innawa itin kisima prathipaththi prakashayak dakala nathuwa ambo sudu Hama, pin paatai ane ape sir,Sinhala chanda bedenawata kamathi na e nisa denawa kiya, ape aachchige identity card eka genath diyo wage tharka dala thamange chande danma theeranaya karapu un. Anna un thamai niyama wahallu :rofl:
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජවිපට වඩා හොඳට නාගානන්ද ඇතුළු පිරිස තමන්ගෙ ප්‍රතිපත්ති වැඩපිළිවෙළ ඉදිරිපත් කරල තියෙනවා.