අමේසන් ගිණි තැබීම පළිගැණීමක්ද?

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අමේසන් ගිණි තැබීම පළිගැණීමක්ද?

    Our territory is not for sale

    වර්ෂ 2019 ජූලි මාසය ලෝක වනසංරක්ෂණ ඉතිහාසයේ සංධිස්ථානයකි.... ඊට හේතුව ලොව ප්‍රබලතම තෙල් සමාගමකට එරෙහිව, හුදෙක් මිනිස්සු 2,000කින් සමන්විත ආදිවාසී ජනතාවක් උසාවි ගොස් ජයග්‍රහණය ලැබීමයි.... පස්තාසාවේ Waorani ජනතාව යනු ඉක්වදෝරියානු ඇමසන් කලාපයේ ජීවත්වන ආදිවාසී ජන කොට්ඨාසයකි.... ඔවුන්ගේ සමස්ත ප්‍රජාව, පුද්ගලයන් 2,000ක් තරම් සුළු සංඛ්‍යාවකට සීමා වේ... ඉක්වදෝරියානු රජය විසින් ස්වකීය ජන්මභූමිය වන අක්කර ලක්ෂ 5කට ආසන්න භූමිය තෙල් සමාගම්වලට ලබාදීමට එරෙහි ව ඔවුහු වසර ගණනක් තිස්සේ ඉක්වදෝර රජයට එරෙහිව නඩු කීවෝ ය... 2012දී පළමු නඩු තීන්දුවෙන් පරාජය වූ ඉක්වදෝර රජය, එම තීන්දුවට එරෙහි ව පස්තාසා ප්‍රාදේශීය අධිකරණයේ අභියාචනාවක් ගොනු කළේ ය... එහිදී රජයේ අභියාචනය ඉවත දැමු ත්‍රිපුද්ගල අධිකරණය, 2012දී වෝරානි ජනතාව සමග රජය කටයුතු කළ ආකාරය නීත්‍යානුකූල නොවන බවට තීන්දු කරමින්, අක්කර මිලියන 7ක පැතිරුණු තෙල් නිධි කට්ටි 16ක් තෙල් සමාගම්වලට පවරා දීම අවලංගු කරමින් සිය තීරණය ලබා දුන්නේ ය.... ඒ, මේ වසරේ ජූලි මාසයේ ය.... එහිදී ඓතිහාසික ප්‍රකාශයක් කළ පස්තාසා වෝරානි ආදිවාසී සංවිධානයේ සභාපති නෙමොන්තේ නෙන්කිමෝ (Nemonte Nenquimo) මෙසේ පැවසී ය....

    "රජය අපේ අනුදැනුමකින් තොරව අපේ භූමිය තෙල් සමාගම්වලට විකුණන්න සූදානම් වුණා. වැසි වනාන්තර කියන්නෙ අපේ ජීවිතය. අපේ ජීවිතය බඳු අපේ වනාන්තරයේ සිදුවන්නේ කුමක්දැයි තීරණය කළ යුත්තේ අපි. අපේ භූමිය තෙල් සමාගම්වලට විකුණන්න අපට කිසිම අදහසක් නැහැ. අද උසාවිය තීරණය කර තිබෙනවා අපේ භූමිය සම්බන්ධ ව වෝරානි ජනතාව ඇතුළු ආදිවාසී ජනතාවගේ අයිතීන්ට ගරුකළ යුතු බව. ආණ්ඩුවට තෙල් වැදගත් ඇති; නමුත් එය අපේ අයිතීන්, අපේ වනාන්තර, අපේ ජීවිතවලට වඩා වටින්න හේතුවක් නැහැ."

    ලෝක ඉතිහාසයේ පළමුවරට ආණ්ඩුවක් සහ තෙල් සමාගම් එකට තබා පැරදවූ ආදිවාසී වික්‍රමයට මාසයකට පසුව, අමසෝන් වනාන්තරය හෙවත් පෘථිවියේ ජීවයේ හදවත දැන් සති දෙකක් තිස්සේ ගිනිගනිමින් පවතී...

    rsz_origin.jpg

    වෝරානි ජනතාව පස්තාසා ප්‍රාදේශීය අධිකරණයේදී ඇමසන් නඩු තීන්දුව ජයග්‍රහණය කළ මොහොත.

    • Like
    Reactions: ElaBaba

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    මේ මිනිසුන් වසර දහස් ගානක් ජීවත් උන බිමේ උරුමය ඔවුන්ට ලැබීම ඉතාම හොඳ දෙයක්. ඒ උනාට මේ කියන ජනතාව මේ වනාන්තර ඉදිරියටත් රැක බලා ගනීවිද කියන එකට නම් කාටවත් හරි උත්තරයක් දෙන්න බැහැ.

    ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ටත් මේ ආකාරයෙන්ම ඔවුන්ගේ නිජ බිම් වල අයිතිය සඳහා සටන් කරන්න උනා. ඔවුන් සටන ගෙන ගියේත් මේ ආකාරයෙන්මයි. තමන්ගේ නිජ බිම්, දඩයම් ප්‍රදේශ, නොයෙකුත් ආකාරයේ පූජනීය විශ්වාස හා බැඳුනු ස්ථාන වල ඉඩම් අයිතිය තමන්ට ලබා දෙන ලෙස ඔවුන් වසර ගණනාවක් සටන් කළා. Native Title Act ලෙස හා මාබෝ තීන්දුව (තම අයිතිය වෙනුවෙන් සටන් කල එඩී මාබෝ නම් ඇබොරජින් ජාතිකයා ගේ නමින් ) ලෙස 1992/3 කාලයේදී ඉඩම් අයිතිය ඇබොරජින් වරුන්ට පවරා දෙනු ලැබුවා. ඒ දිනවලදී මේ ඉක්වදෝරියන් ආදිවාසී ජනතාව වර්තමානයේ ලැබූ ජයග්‍රහණය ගැන උදම් අනනවා වගේ ඇබොරජිනල් ජනතාවත් මේ ඉඩම් නැවත ලැබීම ගැනත් බහු ජාතික සමාගම් වලින් තම නිජබිම බේරා ගත් බවත් කියමින් උදම් ඇනුවා.

    ඒ උනාට වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ඇබොරජින් ජනතාවගේ සංවිධානය (ATSIC ලෙස හැඳින්වෙන Aboriginal and Torres Strait Islander Commission එක මගින්) මේවායින් වටිනා ඉඩම් බොහොමයක් බහු ජාතික සමාගම් වලට mining lease ලෙස ලබා දී මුදල් ලබා ගත්තා. මේවා ඇබොරජින් අයිතිය ඇති ඉඩම් නිසා මේවායේ පරිසර විනාශය /ආදායම් ලබා ගැනීම් වැනි කටයුතු වලට උනත් රජය ඒහැටි මැදිහත් උනේ නැහැ. ඒවායේ අදායම මිලියන ගණනින් ATSIC සංවිධානය මාටියා ගහලා දුෂණ වංචා කළා මිසක්, තමන්ගේම මිනිසුන් වූ, ඇබොරජින් බහුතරයකගේ සුභ සිද්ධිය හොයා බැලුවේ නැහැ. බිලියන ගණනින් ආදායම් ලැබුනත්, ඒවාට වෙච්ච දෙයක් සොයාගන්න බැරි තැන, 2005 දී රජය මැදිහත්වී ATSIC එක විසුරවා හැරියා. හුදකලා දුරස්තර පෙදෙස් වල ජීවත් වන ඕස්ට්‍රේලියානු ආදිවාසීන් අදටත් තුන්වන ලෝකයේ ජීවන තත්වයටත් පහලින් ජීවත් වෙනවා. ඔවුන්ට නිත්‍යානුකුලව අයිතිය ඇති (තිබුන ) ඉඩම් වල බහු ජාතික සමාගම් පතල් හාරනවා.

    දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ට ඉඩම් හිමිකම් ලබා දීම (land redistribution), සිම්බාබ්වේ හි සුදු ජාතික ගොවිපොළ හිමියන් එලවා දමා ඒවා ස්වදේශිකයන්ට ලබා දීම, ලංකාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ "රන් පවුම් වතු" රජයට පවරා ගැනීම වාගේ ඉතිහාසගත සිද්ධි ගැන හිතලා බැලුවාම මේ ඉක්වදෝරියන් මිනිසුන් ලබාගත්තේ ජයග්‍රහණයක්ද පරාජයක්ද කියන එක අනාගතය විසින් තීරණය කරාවි.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka

    BUMP!
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ලංකාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ "රන් පවුම් වතු" රජයට පවරා ගැනීම වාගේ ඉතිහාසගත සිද්ධි ගැන හිතලා බැලුවාම මේ ඉක්වදෝරියන් මිනිසුන් ලබාගත්තේ ජයග්‍රහණයක්ද පරාජයක්ද කියන එක අනාගතය විසින් තීරණය කරාවි.

    tfs +

    "රන් පවුම් වතු" what is this?:confused:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113

    tfs +

    "රන් පවුම් වතු" what is this?:confused:

    1972 ඉඩම් ජනසතුවට පෙර විදේශීය (බ්‍රිතාන්‍ය) ජාතිකයන්ට හෝ සමාගම් වලට අයිති වී තිබුන වතු , 'රන් පවුම් වතු' ලෙස හැඳින්වුවා. ඒවායේ ලාභය රන් පවුම් ලෙස ආපසු බ්‍රිතාන්‍යයට යන බව හැඟෙන පරිදි ජාත්‍යාලය වැඩීමටත්, ඉඩම් ජනසතුව සාධාරණීකරණය කිරීමටත් මේ නම උපයෝගී කර ගත්තා.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    1972 ඉඩම් ජනසතුවට පෙර විදේශීය (බ්‍රිතාන්‍ය) ජාතිකයන්ට හෝ සමාගම් වලට අයිති වී තිබුන වතු , 'රන් පවුම් වතු' ලෙස හැඳින්වුවා. ඒවායේ ලාභය රන් පවුම් ලෙස ආපසු බ්‍රිතාන්‍යයට යන බව හැඟෙන පරිදි ජාත්‍යාලය වැඩීමටත්, ඉඩම් ජනසතුව සාධාරණීකරණය කිරීමටත් මේ නම උපයෝගී කර ගත්තා.

    thanks

    ඉඩම් ජනසතු කිරීම නිසි බුද්ධියකින් නොකිරීම නිසා බොහෝ විශාල ඉඩම් "කට්ටි ඉඩම්" යනුවෙන් කැඩුනා කියලත් අහලා තිබෙනව. ඒ නිසා වතු ආදායම සීඝ්‍රයෙන් විනාශ උනා කියලත් අහලා තිබෙනවා. ඒත් 1977 දි මිනිස්සු පැරැද්දුවා
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    thanks

    ඉඩම් ජනසතු කිරීම නිසි බුද්ධියකින් නොකිරීම නිසා බොහෝ විශාල ඉඩම් "කට්ටි ඉඩම්" යනුවෙන් කැඩුනා කියලත් අහලා තිබෙනව. ඒ නිසා වතු ආදායම සීඝ්‍රයෙන් විනාශ උනා කියලත් අහලා තිබෙනවා. ඒත් 1977 දි මිනිස්සු පැරැද්දුවා

    මෙන්න මේ කතාවත් කියවලා බලන්න

    http://www.lankaweb.com/news/items/2017/05/23/සුද්දිගේ-තේ-වත්ත/