කිමිදෙමු

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    ස්නෝර්කල්ස් කරමු

    ස්කුබා ඩයිවින්
    ලංකාවේ ගොඩක් අය ස්නොක්ලින් කරත් ස්කුබා ඩයිවින් හෙවත් කිමිදීමට වලට යොමු වෙනවා අඩුයි. ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැන දැනුවත් කරන්න හිතුවේ.ඔබට කවදා හෝ මේ ගැන ආසාවක් ඇති වෙලා තියෙනව නම් මේ ලිපිය ඔබ සදහායි.
    බොහෝ විදේශිකයො ලංකාවට ඇවිත් ඩයිව් කරලා යන්නේ ලංකාව ඒකට ඉතාමත් සුදුසු අන්දමේ මුහුදු තීරයක් තියෙන හින්දයි. මේ තරම ලස්සන මුහුදක් තියන රටේ ස්කුබා ඩයිව් කරලා නැත්නම් ඒක අපරාදෙ. කොරල් පර ආශ්‍රිත මුහුදු ජීව ක්‍රියාකාරකම් නිරීක්ෂණය, ගිලුණු නැව් ගවේෂණය ආදි ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ඩයිව් කරන්න ගියොත්.
    කොහොමද මේක පටන් ගන්නේ?
    ඔබට ඩයිව් කරන්න හිතෙනව නම් කරන්න තියෙන පලවෙනි දේ තමයී ඒ සදහා ඩයිව් සෙන්ටර් එකක් සම්බන්ධ කර ගැනීම. ඔබට google සර්ච් කරත් facebook හරහා උනත් මේ දේ කරගන්න පුළුවන් වෙයි. දන්න කියන යාළුවෝ ටිකකුත් සෙට් කරගත්තා නම් තවත් හොඳ වෙයි.
    ඩයිව් කරන්න පීනන්න පුළුවන් වෙන්න ඕනෙද?
    ඔබට පිහිනීමට හැකි වීම අත්‍යවශ්‍ය නොවන නමුත් ඔබට පිහිනන්න පුළුවන් නම් ඒක පහසුවක් වේවි. කොහොම උනත් වතුරට තියෙන බය නම් නැති කරගන්න වෙනවා.
    69154759_2893332264070795_5510952075996954624_n.jpg

    69439021_2893332470737441_6367410735693168640_n.jpg

    69530532_2893332630737425_6170499348598620160_n.jpg

    70360326_2893332380737450_7357331423893651456_n.jpg





    ස්කුබා කරලා තියෙන වුන් විස්තර කියං පලයල්ලා
    :angry::angry::angry:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නොගැඹුරු දියේ කරලා තියනවා. ස්නෝර්කල්ස් සහ ගොගල්ස් වැඩි ගාණක් වෙන්නේ නෑ. මම ක්ලබ් වලට නං සම්බන්ධ වෙලා නෑ. වැඩේ නං පට්ට ආතල්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,601
    113
    Nowhere
    නොගැඹුරු දියේ කරලා තියනවා. ස්නෝර්කල්ස් සහ ගොගල්ස් වැඩි ගාණක් වෙන්නේ නෑ. මම ක්ලබ් වලට නං සම්බන්ධ වෙලා නෑ. වැඩේ නං පට්ට ආතල්

    fins witharak 6000 ganak
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ade man patan ganna inne
    FB eke diving groups thiyenawada?
    PADI license eka mulinma karanna hithan inne. ita passe hathara wate dive karanna yanna