නෙළුම්_කුළුණ_ගැන සුවිශේෂී කරුණු 7ක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,519
    47,717
    113
    නෙළුම්_කුළුණ_ගැන සුවිශේෂී කරුණු 7ක්

    නෙළුම් කුළුණ' ගැන සුවිශේෂී කරුණු 7ක්

    _108826722_6a1c0f2a-1075-4c08-8468-d9d0fd747a63.jpg


    දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන 'නෙළුම් කුළුණ' ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අතින් සඳුදා (සැප්තැම්බර් 16) සවස නිල වශයෙන් විවෘත වේ.

    කොළඹ අහස සිඹිමින් නැග සිටින 'නෙළුම් කුළුණේ' ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 වසරේදීය. චීන සමාගමක් විසින් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ ද සම්බන්ධය ඇතිව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි.

    ප්‍රධාන වශයෙන් රූපවාහිනී සහ ගුවන් විදුලි සම්ප්‍රේශණ ස්ථානයක් ලෙස මෙම කුළුණ භාවිත කිරීමට නියමිත අතර ඊට අමතරව උත්සව ශාලා, භෝජනාගාර, කෞතුකාගාරයක් හා නැරඹුම් මැදිරියකින් ද මෙය සමන්විත වේ.

    විවිධ ආන්දෝලන හා විවේචන මධ්‍යයේ ක්‍රියාත්මක කෙරුණු 'නෙළුම් කුළුණ' ව්‍යාපෘතිය පිළිබඳ සුවිශේෂී කරුණු 7ක් මෙසේ දැක්විය හැකිය.

    01. ඉදිකිරීම් ස්ථානය වෙනස් වීම

    _108827886_lotus2.jpg

    බහුකාර්ය විදුලි සංදේශ කුළුණක් ඉදිකිරීමේ අවශ්‍යතාව මුලින්ම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට ඇති වූයේ 2008 වසරේදීය. ඒ අනුව ඊට පෑලියගොඩ නගරයේ ඉඩම් හඳුනාගන්නා ලදුව ඉදිකිරිම ආරම්භ කිරීමට සුදානම් වුවත් අදාළ ඉඩම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙන් එහි ඉදිකිරීම් ආරම්භ නොකෙරිණි. පසුව 2010 වසරේදී පමණ දැන් 'නෙළුම් කුළුණ' ඉදිකර ඇති කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඇති රජයේ ඉඩම් මේ සඳහා හඳුනා ගැනිණි. අක්කර 6ක් පමණ වූ මෙම ඉඩමේ දිවිගෙවූ පැල්පත්වාසීන්ට මහල් නිවාස ලබාදී ඔවුන් එම ස්ථානයෙන් ඉවත්කිරීමෙන් අනතුරුව 2012 වසරේදී ඉදිකිරීම් ආරම්භ විය.

    02. චීන ණය මුදලක්, චීන සමාගම් දෙකක්

    'නෙළුම් කුළුණ' ඉදිකිරිම සඳහා තෝරාගත් කොන්ත්‍රාත් සමාගම් දෙක චීන සමාගම් වූ අතර මෙය ඉදිකිරීම සඳහා චීන එක්සිම් බැංකුව ණය මුදලක් ලබාදීමට කටයුතු කර තිබිණි. චීනය ක්‍රියාත්මක කරමින් සිටින එක් තීරයක් හා එක් මාවතක් (BRI - Belt and Road Initiative) නම් වැඩපිළිවෙල යටතේ ඒ සඳහා වන ගිවිසුම්වලට අත්සන් තැබිණි. චීනයේ එක්සිම් බැංකුව ව්‍යාපෘතියට යන මුදලින් 80%ක් ද ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිසම ද යෙදවීමට එහිදී තීරණය වී තිබිණි. එම සැලසුමට අනුව තීරණය කෙරුණේ නෙළුම් කුළුණ මගින් ලබාගන්නා ආදායමෙන් වසර 40කින් එම ණය මුදල ගෙවීමය. දින 912කින් එනම් 2015 වසරේ ඉදිකිරීම් අවසන් කිරීමේ අරමුණින් වැඩ ආරම්භ කළත් ඊට වසර 7ක් ගත විය.

    03. ඉන්දීය "සැකය"

    _108827886_lotus2.jpg


    චීනය මෙම ඉදිකිරිම සඳහා සම්බන්ධ වීමත් සමග ඉන්දියාව මෙම කුළුණ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබිණි. විශේෂයෙන්ම ඉන්දීය මාධ්‍යවල මෙම කුළුණ දකුණු ආසියාවේ ආවේක්ෂණ කටයුතු සඳහා භාවිත කිරීමට චීනය සුදානම් වන බවට ද වාර්තා පළකර තිබිණි. එහෙත් එම චෝදනා ඉදිකිරීම් සමාගම් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබ තිබූ අතර එවැනි කිසිදු උපකරණ එහි නොමැති බව ඔවුහු අවධාරණය කළහ. මෙහි හිමිකාරත්වය ඇත්තේ චීනයට නොව ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමට බව ද චීන සමාගම එම චෝදනාවට ලබාදුන් පිළිතුරුවල සඳහන් වේ.

    04. උසම ඉදිකිරීම '2021 තෙක් පමණයි'
    _108827884_lotus1.jpg

    අකුණු සන්නායක කණුව ද සහිතව 'නෙළුම් කුළුණේ' සම්පූර්ණ උස මීටර 356ක් ලෙස ගණන් බලා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ද උසම කුළුණ ලෙස සැළකේ. කෙසේ වෙතත් දැනට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ආරම්භකර ඇති 'වන් ටවර්' ව්‍යාපෘතියට අනුව ඉදිවන ගොඩනැගිල්ල මීටර් 376ක් ලෙස සැළසුම් කර තිබේ. 2021දී එහි ඉදිකිරීම් අවසන් කිරීමට සැළසුම් කර ඇති අතර එම ඉදිකිරීම් අවසන්වූ පසු දැනට ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ උසම ඉදිකිරීම ලෙසට 'නෙළුම් කුළුණට' ලැබී ඇති හඳුන්වාදීම කොළඹ 01 ප්‍රදේශයේ ඉදිකෙරෙන 'වන් ටවර්' වෙත හිමිවනු ඇත.

    05. "පගා කුළුණ/පැනලා මැරෙන්නද?/බොම්බයි ලුණු ගෙඩියක් සුද්ද කරලා අනෙක් පැත්තට තැබුවා වගෙයි"

    _108826726_7201bf8a-bd71-4eca-862b-5dd38396bed4.jpg


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලකයන් විවිධ අදහස් පළකර තිබේ. ඒයින්, ජනතාවට අතර දැඩි ලෙස කතාබහට ලක්වූ ප්‍රකාශයකි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් "ඔය නෙළුම් කුළුණ හොඳයි අපිට පැනලා මැරෙන්න" යනුවෙන් කරන ලද ප්‍රකාශය. "ආණ්ඩුව පම්පෝරි ගහනවා. රටේ සංවර්ධනයක් වුණා කිව්වට අපිට වුණ සංවර්ධනයක් නැහැ. ඔය නෙළුම් කුළුණ හොඳයි අපිට පැනලා මැරෙන්න. ඒකේ උඩ හෝටලයක් තියනවාලු. ඒ හෝටලය කැරකෙනවලු. දැන් ඌව පරණගම ඔබට මොකටද මේක. මෙතන මේ කහට කෝප්පයක් බොන්න නැතිව ඉන්න අපිට ඕකට ගිහිල්ලා තේ කෝප්පයක් බොන්න පුළුවන්ද. ඒවා හදන්නේ අපිට නෙවෙයි. මේවා හදන්නේ වෙන පම්පෝරී ගහන වෙන පන්තියකට" ඌව පරණගම ප්‍රදේශයේ රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේය.

    ටිල්වින් සිල්වාට අමතරව මුදල් අමාත්‍ය මංගල සමරවීර 'නෙළුම් කුළුණ', "පාගා කුළුණ" ලෙස හඳුන්වා කළ ප්‍රකාශය ද සමාජයේ යම් කතාබහක් ඇතිවිය. ඒ 'නෙළුම් කුළුණ' වෙනුවට "පගා කුළුණ" ලෙස එය නම් කළ යුතු බවට ඔහු කළ යෝජනාව හේතුවෙනි. "පොහොට්ටුව යනු පගා ගැසීමේ සංකේතය" ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයට චෝදනා කරමින් ඔහු එලෙස කියා සිටියේය.

    මහින්ද රාජපක්ෂ පාර්ශ්වය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

    'නෙළුම් කුළුණ' ඉදිකිරිම ආරම්භ කළ අවස්ථාවේ එවක විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අනුෂ පැල්පිට මෑතකදී 'නෙළුම් කුළුණ' ගැන පුවත්පතකට කළ ප්‍රකාශයද අවධානයට ලක්විය. "ඒ අසලින් යද්දී මම නෙළුම් කුළුණ දිහා බලනවා. දැන් බොම්බයි ලුණු ගෙඩියක් සුද්ද කරලා අනෙක් පැත්තට තැබුවා වගෙයි තියෙන්නේ. නෙළුම් මලේ පාට නෙවෙයි. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ, ඒකටත් හේතුවක් ඇති" ඔහු කියා සිටියේය.

    06. "හුළඟට මේ කුළුණ වැනෙනවා"

    ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් 80 දෙනෙකුගේ පමණ සහය මෙම ව්‍යාපෘතිය සැළසුම් කිරීමට සහ ඉදිකිරීම් අධීක්ෂණයට හිමිවී තිබේ. මෙම ව්‍යාපෘතියට නිල උපදේශන සැපයීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් තෝරාගනු ලැබුවේ මොරටුව විශ්වවිද්‍යාලය ය. "මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිමල් සිල්වාගේ සංකල්පයක් අනුව හැදුනු නෙළුම් කුළුණ සැලැස්ම ඔහු තමයි චීන සමාගමට දෙන්නේ" නෙළුම් කුළුණේ ව්‍යුහ ඉංජිනේරු කිත්මල් පෙරේරා මෙහි ආරම්භය ගැන අදහස් දක්වමින් කියා සිටියේය. සැලසුමේ සිට ඉදිකිරීම් අවසන් වන තෙක් මෙහි සියලු ඉදිකිරීම් මෙම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ නිර්දේශය මත සිදුවූ බව ඔහු පවසයි. "හුළඟට මේ කුළුණ වැනෙනවා හැබැයි අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒ විදිහටයි මේක හදල තියෙන්නේ" ව්‍යුහ ඉංජිනේරු කිත්මල් පෙරේරා සඳහන් කරයි. "භූමිකම්පා, අධික සුළඟට ඔරොත්තු දෙන විදිහටයි මේක අපි හදල තියෙන්නේ තාක්ෂණය යොදාගෙන".

    07. ජනතාවට විවෘත කිරීම පසුවට
    සැප්තැම්බර් 16 වෙනිදා 'නෙළුම් කුළුණ' ඉදිකළ චීන සමාගම විසින් ශ්‍රී ලංකාවට එය භාරදෙන ලදුව අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් නිල වශයෙන් විවෘත කෙරුණද එය ජනතාවට විවෘත කිරීමට තවත් කාලයක් ගතවනු ඇති බව වාර්තාවේ. දේශීය හා විදේශීය සංචාරකයන්ට විවෘත කිරීමට පෙර මෙහි අවසන් කිරීමට වැඩ කටයුතු තවත් ඇති බව එහි ප්‍රධානියෙකු බීබීසි සිංහල සේවයට පැවසීය. ඉදිකිරීම් අවසන් නමුත් මෙහි ඇතුළත ඇති අවන්හල් වැනිදේ ක්‍රියාත්මක වීම තවමත් ආරම්භ කර නොමැති බව වාර්තා වේ. මෙම කටයුතු පාලනය කිරීම සඳහා රජයේ සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවුයේ ද මෑතකදීය.



    BBC SINHALA
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දගෙ වැඩ තමයි ඉතින්, මහින්ද නැත්තන් සීහලුන්ට කොහෙන්ද කුලුණු ..මහින්ද කියන්නෙ රටක්..
     
    • Haha
    Reactions: siri_ayya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මහින්දගෙ වැඩ තමයි ඉතින්, මහින්ද නැත්තන් සීහලුන්ට කොහෙන්ද කුලුණු ..මහින්ද කියන්නෙ රටක්..

    කුළුණු පැනල මැරෙන්නද?පාරවල්‍ මාළු අැඹුල් තියල් ගෙනියන්නද?අපි JVP හරිද..:rolleyes:
     

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    මහින්දගෙ වැඩ තමයි ඉතින්, මහින්ද නැත්තන් සීහලුන්ට කොහෙන්ද කුලුණු ..මහින්ද කියන්නෙ රටක්..

    පර්සි නම් ඔයාට නම් තඩි කුලුණක් බස්සනවා නේද නිතරම ඊට අමතරම පර්සිගේ ඉල්ලීම පිට පොනිලුත් උගේ කුලුණ බස්සනවා කියලා තමයි රට්ටු කියන්නේ
    ඔහොම පුක්ෂණය වෙන එක ඔයාගේ පරම්පරාවේ උරුමයක්ද


    :lol: :lol: :lol: :lol: :P
     
    • Haha
    Reactions: siri_ayya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අද ගූ ඇන් පී කාරයනට බඩ යන තවත් දවසක්, ඉරිසියාවෙ පැලෙනව ඇති නෙලුම් කුලුණ නිසා..:lol::lol::lol:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    මොකක්ද බං අර මෛත්‍රීපාල ජනාපතිතුමා අර කෝටි දෙසීයකට වෙච්ච දෙයක් නැතැය කීවේ....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කුළුණක් නැති රටක අපි මෙච්චර කාලයක් ජීවත් උනානෙ බන්. කතාව නම් 2500ක ඉතිහාසය ගැන. දැන් නම් ලැජ්ජ නැතුව රෑට ඇස්දෙක පියාගෙන නිදාගන්න පුළුවන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,449
    1
    101,374
    113
    34
    Kalutara
    මිනිස්සුන්ට යන්නත් බැරි නම්, ඇතුලේ තියෙනව කියන එව්වා තාමත් ඕපන් නැත්තන් මොන තදියමකටද බන් ඕක ඕපන් කලේ, ආණ්ඩුව පෙරලුනොත් මයිත්රිපාලට ඕපන් කරන්න තියෙන චාන්ස් එක නැතිවෙන නිසාද :P
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මිනිස්සුන්ට යන්නත් බැරි නම්, ඇතුලේ තියෙනව කියන එව්වා තාමත් ඕපන් නැත්තන් මොන තදියමකටද බන් ඕක ඕපන් කලේ, ආණ්ඩුව පෙරලුනොත් මයිත්රිපාලට ඕපන් කරන්න තියෙන චාන්ස් එක නැතිවෙන නිසාද :P
    :yes::yes:
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,261
    1,318
    113
    මිනිස්සුන්ට යන්නත් බැරි නම්, ඇතුලේ තියෙනව කියන එව්වා තාමත් ඕපන් නැත්තන් මොන තදියමකටද බන් ඕක ඕපන් කලේ, ආණ්ඩුව පෙරලුනොත් මයිත්රිපාලට ඕපන් කරන්න තියෙන චාන්ස් එක නැතිවෙන නිසාද :P
    :lol::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මිනිස්සුන්ට යන්නත් බැරි නම්, ඇතුලේ තියෙනව කියන එව්වා තාමත් ඕපන් නැත්තන් මොන තදියමකටද බන් ඕක ඕපන් කලේ, ආණ්ඩුව පෙරලුනොත් මයිත්රිපාලට ඕපන් කරන්න තියෙන චාන්ස් එක නැතිවෙන නිසාද :P

    :yes:
    මහින්දලා හදපු කුළුණ බාගෙට හදලා මිනිස්සු රවට්ටන්න විවෘත කරපු ලැජ්ජ් නැති කපටි සිරිසේන ...........