Warning:200mm-වැසි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,463
    6,648
    113
    Land of Lions
    පළාත් රැසකට මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි


    දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
    #lka #News1st #WeatherSL


    COLOMBO (News 1st) – UPDATE : නිල්වලා ගගේ ජල මට්ටම පිටබැද්දර සහ පානදුගම ප්‍රදේශයෙන් හා ගිං ගගේ ජල මට්ටම තවලම සහ බද්දේගම ප්‍රදේශයෙන් කළු ගගේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙනුත් සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
    ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා එම ගංගා දෙපස සිටින ජනතාවට දැනුම් දෙයි.

    —————————————————————————————————————————————–

    දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ ගිඟුරුම් සහිත තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේත් පවතිනු ඇති බවයි.

    මීට අමතරව වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි වර්ෂාපතනයක් ද ඇති විය හැකි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

    මේ අතර අද පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රදේශයට මිලිමීටර් 124.5 ක්ද, වදුරඹ ප්‍රදේශයට මිලිමීටර් 124 ක්ද, හෑගොඩ ප්‍රදේශයට මිලිමීටර් 117 ක්ද යක්කලමුල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 108.5 වර්ෂාපතනයක්ද වාර්තා වී තිබේ.

    —————————————————————————————————————————————–
    ගාල්ලේ පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි
    #lka #Weather #Galle

    —————————————————————————————————————————————–
    අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (24) සහ අනිද්දා (24) ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කෙරේ - දකුණු පළාත් ආණ්ඩුකාර
    #lka #News1st

    —————————————————————————————————————————————–

    70557550_2749440228449551_2050758763995987968_n.jpg


    —————————————————————————————————————————————–
    06:30 PM Feed​
    28016896d86a4f9237d5e0cc776adfee74c1830f374924ee6a7b5b84ef37eb174c2f92e0.jpg


    නිල්වලා ගග කද්දුව පාර හරහා පිටාර ගලමින්


    Matara

    —————————————————————————————————————————————–

    WEATHER ALERT: අද රාත්‍රියේ දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට මිලිමීටර් 200 ඉක්ම වූ ඉතා තද වැසි. වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 75ට වැඩි වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
    #lka #News1st


    —————————————————————————————————————————————–
    කලුතර දිස්ත්‍රික්කය


    රාවනා ඇල්ල




    aaaaa1.gif
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kohomada ape anduwe kalaguna warthawa.
    mahindage kale wahinawa kiwoth payanawa.
    payanawa kiwoth wahinawa :angry:

    ඒව ගැනනම් කියල වැඩක් නැ, කුණු කන්දක් හරි කඩා වැටිල මිනිස්සුනට කරදර වෙනව, තොපේ පාන්ඩුවෙ තියෙන කාලකන්නිකමට..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,463
    6,648
    113
    Land of Lions
    අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (24) සහ අනිද්දා (24) ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කෙරේ - දකුණු පළාත් ආණ්ඩුකාර
    #lka #News1st
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,692
    2,146
    113
    Nugegoda
    2017 ගංවතුර ආයෙමත් එන්න වගේ, සමහර විට ඊටත් වඩා දරුණු විදියට