චීනය_බලවත් වූයේ කෙසේද?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    චීනය_බලවත් වූයේ කෙසේද?

    චීනය බලවත් වූයේ කෙසේද? ලොව මවිත කළ 'ආර්ථික හාස්කම'

    p1PhdCD.jpg


    ලෝකයෙන් හුදෙකලා වී සිටි චීනයට ලොව බලවත් ම ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත් වීමට ගත වූයේ වසර හැත්තෑවකටත් වඩා අඩු කාලයකි.

    "මහජන චීන ජනරජය" ප්‍රකාශයට පත් කර වසර 70ක් සපිරීම අති උත්කර්ෂවත් අන්දමින් චීනය සමරමින් සිටී. පසුගිය දශක හත ඇතුළත චීනය මහා ධන සම්භාරයකට හිමිකම් කියමින් ආසියාවේ දැවැන්තයා ලෙස නැගී සිටියේ කෙසේද?

    "කොමියුනිස්ට් පක්ෂය පාලනය භාර ගන්නාවිට චීනය ඉතාම දුප්පත් රටක්," ඩීබීඑස් බැංකුවේ චීනය පිළිබඳ ආර්ථික විශේෂඥ ක්‍රිස් ලේයුන්ග් ප්‍රකාශ කළේය.

    "වෙළෙඳ හවුල්කරුවන් හිටියේ නැහැ. රාජ්‍යතාන්ත්‍රික සබඳතා තිබුණේ නැහැ. තනිවම තමයි හැම දේම කරගත්තේ."

    නව වෙළෙඳ මාර්ග සඳහා දොරටු විවර කර ගැනීමටත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් පසුගිය හතළිස් වසර තුළ චීනය වෙළෙඳ ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන්නේය.

    ඉන් චීන ජාතිකයන් මිලියන සිය ගණනකගේ ජීවිත දිළිඳු බවින් මිදුනි.

    7vLZLuR.jpg

    මානව ඉතිහාසයේ දරුණුම සාගතය
    විසිවන සියවසේ සිදු වූ දරුණුතම මානව ව්‍යසනයන්ගෙන් එකක් 1950 දශකයේ දී දක්නට ලැබුණි.

    චීනයේ කෘෂි ආර්ථිකය කඩිනමින් කාර්මිකකරණය කිරීමට මාඕ සේතුං (Mao Zedong) පියවර ගත්තේය. නමුත් එය අසාර්ථක විය. අනතුරුව චීනයේ මහා සාගතයක් ඇති විය.

    fdjo1Kb.jpg


    සභාපති මාඕ සේතුං (Mao Zedong) විසින් 1949 ඔක්තෝබර් පළමුවෙනිදා මහජන චීන ජනරජය ප්‍රකාශයට පත්කරනු ලැබීම

    සාගතයට ගොදුරු වී 1959 - 1961 අතර කාලය තුළ චීන වැසියන් මිලියන 10 - 40 අතර ප්‍රමාණයක් මිය ගිය බවට ඇස්තමේන්තු කොට තිබේ. මානව ඉතිහාසයේ දරුණුම සාගතය ලෙස එය ඉතිහාසගත විය.

    ඒ සමඟම ආරම්භ වූ සංස්කෘතික විප්ලවය හේතුවෙන් ද ආර්ථිකයට තවදුරටත් බාධා ඇති විය. සංස්කෘතික විප්ලවය යනු තම කොමියුනිස්ට් ප්‍රතිවාදීන් ඉවත් කිරීම සඳහා මාඕ සේතුං 1960 දශයක තුළ දියත් කළ විප්ලවයයි.

    නමුත් එය, තවදුරටත් චීන ජන සමාජය බිඳ දැමීමට හේතු විය.

    "මුළු ලෝකයේම වැඩපොළ"

    1976 දී මාඕ මිය යාමෙන් අනතුරුව ද මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා ඩෙං ෂියාඕපිං (Deng Xiaoping) පෙරමුණ ගත්තේය. ක්‍රමයෙන් චීන ආර්ථිකය හැඩ ගැසෙන්නට පටන් ගත්තේය.

    ගොවියන්ට තම ඉඩම් වගා කර ගැනීමට අවසර ලැබිණ. ජීවන මට්ටම යහපත් අතට හැරෙන්නට විය. ආහාර හිඟය ක්‍රමයෙන් පහ වෙමින් පැවතිණි.

    1979 දී එක්සත් ජනපදය සමඟ චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ඇතිකර ගැනීමත් සමඟ විදෙස් ආයෝජන සඳහා දොරටු විවර විය. ඉතා ලාභ මිලට ලැබෙන කම්කරු ශ්‍රමයට ලොල් වූ ආයෝජකයන්ගෙන් මුදල් ගලා එන්නට විය.

    "ඉතිහාසයේ දුටු ඉහළම ආර්ථික ආශ්චර්ය 1970 අවසානයේ පටන් අප දුටුවා," ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ, ගෝලීය ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් මාන් පැවසීය.

    1990 දශකය පුරා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් වාර්තා කළ චීනය 2001 දී ලෝක වෙළෙඳ සංවිධානයට බැඳුණි. ඉන් චීන ආර්ථිකය තවත් ශක්තිමත් විය.

    වෙනත් රටවලට පනවා තිබූ වෙළඳ සීමා සහ තීරු බදු ලිහිල් විය. ගත වූයේ ඉතා කෙටි කාලයකි. චීන භාණ්ඩ ලොව පුරාම දක්නට ලැබිණ.

    "චීනය මුළු ලෝකයේම වැඩපොළ බවට පත් වුනා," ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් මාන් ප්‍රකාශ කළේය.


    KkMyMoO.jpg


    'ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්' (LSE) ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව 1978 දී චීනය සතුව පැවති මුළු අපනයන වටිනාකම වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 10ක් පමණි. එය ලෝක වෙළඳ පොළ තුළ 1%ක ප්‍රතිශතයකි.

    1985 වන විට චීනයේ සමස්ත අපනයනයන් හි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 25 වර්තා කළේය. තවත් දශක දෙකක් ගෙවෙන්නටත් පෙර ඔවුන්ගේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.3ක් දක්වා ඉහළ ගියේය. භාණ්ඩ අපනයනය කරන ලෝකයේ විශාලතම වෙළඳ රාජ්‍යය බවට චීනය පත් විය.

    දිළිඳු බව

    මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් චීන ජාතිකයන් කෝටි ගණනකගේ අතමිට සරු විය. 2010 වසරේදී චීනය ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත්විය.

    චීනයේ මිනිසුන් මිලියන 850ක් දිළිඳු බවින් මුදවාගෙන ඇති බව ලෝක බැංකුව පවසයි. 2020 වන විට දිළිඳු බව සම්පුර්ණයෙන් ම තුරන් කළ හැකි මාවතකට චීනය අවතීර්ණ වී ඇත.

    ඒ සමඟ ම එරට අධ්‍යාපන මට්ටම ද ඉහළ ගොස් තිබේ. 2030 වන විට චීනයේ ශ්‍රම බලකායෙන් 27%ක් පමණ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ පිරිසක් වනු ඇති බවට ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ප්‍රක්ෂේපනය කරයි. එය මේ වන විට ජර්මනියේ පවතින මට්ටම ය.

    ඇති නැති පරතරය

    කෙසේ වෙතත්, ආර්ථිකයේ සාර්ථකත්වය තවමත් චීනය පුරා වෙසෙන බිලියන 1.3ක් වූ ජනතාව අතර සමව බෙදී ගොස් නැත.

    ප්‍රකෝටිපතියන් ගේ වත්කම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මධ්‍යම පාන්තිකයෝ ද හිස ඔසවමින් සිටිති. මේ අතර පිටිසර බද තවමත් දිළින්දන්ගේ අඩුවක් නොමැත.

    ඇති නැති පරතරය වැඩි වෙමින් පවතී. ගම නගරයෙන් ඈත්වෙමින් පවතී.

    "සමස්ත ආර්ථිකය ගත්තම එය එතරම් උසස් මට්ටමක නැහැ. එක් එක් පළාත් ගත්තම එකිනෙකට වෙනස් තත්වයක් තියෙන්නේ," ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ, ගෝලීය ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් මාන් පැවසීය.

    ඒක පුද්ගල ආදායම සැලකිල්ලට ගත් කළ චීනය තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් බව ලෝක බැංකුව පවසයි. දල වශයෙන් චීන වැසියෙකුගේ වාර්ෂික ආදායම ඇ.ඩො. 10,000ක් බව DBS බැංකුව සඳහන් කරයි. එක්සත් ජනපදයේ වැසියෙකුගේ නම් එය ඇ.ඩො. 62,000කි.

    iYyxk9F.jpg

    මේ වන විට චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී තිබේ. එක්සත් ජනපදය සමඟ පවතින 'වෙළෙඳ යුද්ධය' දිග්ගැසෙමින් පවතී.

    චීනයේ වාර්ෂික ආර්ථික වර්ධනය 5% හෝ 6% මට්ටමට පැමිණියත්, චීනය තවමත් ලෝක ආර්ථික වර්ධනයේ බලවත්ම එන්ජිම සහිත රාජ්‍යය යි.

    චීනය තම ආර්ථික සැලසුම් ගෝලීය වශයෙන් ද මෙහෙයවමින් සිටී. මහා පරිමාණයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති රැසක් විදෙස් රටවල් රාශියක මේ වන විට දියත් කර ඇත.

    ඔවුන් විසින් හඳුන්වා දෙනු ලබන මෙම 'සේද මාවත' ඔස්සේ ලෝක ජනගහනයෙන් අඩකට පමණ ළඟා විය හැකි වනු ඇත.

    myu8hek.jpg

    චීනය සිය යුද බලය ලෝකයට ප්‍රදර්ශනය කරමින් සිය රටේ විප්ලවයේ හැත්තෑ වෙනි සංවත්සරය අනුස්මරණය කරමින් සිටී.

    චීන මහජන ජනරජය (PRC) මෙම හැත්තෑ වෙනි සංවත්සරය නම්කරනු ලැබ තිබෙන්නේ "මහා උපන් දිනය" යනුවෙනි.

    ඊට එක්වූ යුද හමුදා පෙළපාලිය අධීක්ෂණය කරමින් අදහස් දැක්වූ ජනාධිපති ෂි ජින්පින් "චීනය සෙලවිය හැකි වෙනත් බලවේගයක් ලොව නැහැ" යැයි කියා සිටියේය.

    චීන ආරක්ෂක අමාත්‍යංශය විසින් වාර්තා කරන ලද පරිදි විප්ලවීය සමරු පෙළපාලියෙහි යුද හමුදා භටයන් 15,000 ක් ගමන් ගත් අතර,580 ක් පමණ යුද උපකරණ එම පෙළපාලිය තුළ ප්‍රදර්ශනය කිරීමේ සැලැස්මක් විය.

    යුද ශක්තිය

    hjC81Tj.jpg


    LJLGhXC.jpg




    යුද්ධ ටැංකි, සන්නද්ධ රථ, නියමුවන් නොමැති ඔත්තු බලන යානා සහ නියමුවන් නොමැතිව දියයට කිමිදෙන යාත්‍රා වැනි නව නිර්මාණ රැසක් මෙවර පෙළපාලියට එක් කරන ලද බව වාර්තා වේ.

    ඕනෑම අවස්ථාවක භාවිත කළ හැකි තත්ත්වයක පවතින සියරට සතු ඉතා දියුණු මට්ටමේ යුදඅවි සම්භාරය චීනයේ මහජන විප්ලවීය හමුදාවේ (චීන රතු හමුදාව ) බලවත් ආශ්වාදයට හේතුවන බව විශ්ලේෂකයෝ පවසති.

    ප්‍රදර්ශනය කරන ලද අවි ආයුධ අතර ප්‍රහාරක ශක්තිය වැඩි දියුණු කරන ලද දේශීය අවි නිෂ්පාදනයට අයත් නව නිර්මාණ රැසකි.

    පසුගිය කාල සීමාව තුළ චීනයේ යුද වියදම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගිය අතර, ජනාධිපති ෂි ජින්පින් (Mr Xi) විසින් 2015 වසරේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ යටතේ එම වියදම් මහා පරිමාණයෙන් වැඩි කරනු ලැබිණි.

    පසුගිය වසර දහයක කාලය ඇතුළත වසරක් පාසා බේජිං පාලනයේ යුද වැය ශීර්ෂය 10%ක මට්ටමින් දිගටම ඉහළ ගිය අතර, දැන එහි වාර්ෂික වැය මට්ටම ඇමෙරිකානු ඩොලර් බිලියන 168.2 ක මට්ටමේ පවතී.

    ඒ අනුව චීනය ලෝකයේ යුද වියදම් අතින් දෙවැනි ස්ථානය හිමිකර ගනී.


    Source: BBC සිංහල
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    චීනය බලවත් වෙන්න ප්‍රදාන හේතුව,එහෙ JVP කියලා පක්ෂයක් නොතිබීම :lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    චීනය බලවත් වෙන්න ප්‍රදාන හේතුව,එහෙ JVP කියලා පක්ෂයක් නොතිබීම :lol::lol:

    exactly
    එහෙනම් උන් අදිවේගී මාර්ගයක් වත් හදල ඉවරයි. මේවා හදන්නේ නුඩ්ල්ස් ගෙනියන්නද කියල කියයි

    :lol::lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    exactly
    එහෙනම් උන් අදිවේගී මාර්ගයක් වත් හදල ඉවරයි. මේවා හදන්නේ නුඩ්ල්ස් ගෙනියන්නද කියල කියයි

    :lol::lol:

    චිනේ කැලයක් මැදින් යන අදිවේගී මාර්ගයක් උන් හදලා තිබ්බා ඒවගේ 05 ගුණයක් විදයම් කරන් ගගක් ඇතුලෙන් යන විදියට කණු ගගහා

    දැන් හිතපන්කෝ ඕක මෙහෙ උනා නම්..

    ඇස් ලොකු කරලා කට උල් කරලා මු අගලට යන කෝටි ගානත් කියලා,ඒ කාගේ සල්ලිද කියලත් අහලා

    ඇත්තමට මෙහෙ ඕක උනා..කඩුවෙල -කඩවත කොටස කණු උඩ ගැහුවා එක..එකේදී කිව්වා ටික මතකනේ :rofl:
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,213
    2,554
    113
    London
    China unveils deadly new military tech at 70th Anniversary Parade

    ?rel=0" frameborder="0" allowfullscreen>
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නැපෝලියන් බොනපාට් කියන ප්‍රංශ අධිරාජ්‍යයා එකපාරක් මෙහෙම කියනවා...''
    “China is a sleeping giant. Let her sleep, for when she wakes she will move the world.”

    :yes::yes::yes::yes:
     
    Top Bottom