LTTEය:සක්‍රීය

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    LTTEය සක්‍රීය කරන්න විශාල ලෙස මුදල් ගනුදෙනු සිදුවෙලා


    එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩ නැගීම, සාමජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කාර්යයන් වෙනුවෙන් මැලේසියාව තුළ විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති මැලේසියානු ආරක්ෂක අංශ සඳහන් කරයි.

    පසුගිය 10 දා 12 දා මැලේසියාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 12ක් අත්අඩංගුවට ගත් අතර ඒ පිළිබදව කරුණු දැක්වීම වෙනුවෙන් මැලේසියානු පොලීසිය ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

    මේ පිළිබඳව අදහස් දැක්වූ මැලේසියානු විශේෂ ප්‍රතිත්‍රස්ත විමර්ශන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ආයොබ් ඛාන් පිට්චේ සඳහන් කළේ අත්අඩගුවට පත් සැකකරුවන්ගේ ගිණුම් තුළ විශාල වශයෙන් මුදල් ගනුදෙනු සිදුවී ඇති බවට තහවුරු කරගෙන ඇති බවයි.

    “ සැකකරුවන් අත්අඩංගුවට ගත් ස්ථානවල කළ පරීක්ෂණවලදී එල්.ටී.ටී, නායකයන්ගේ පිංතුර, පෝස්ටර් හා කොඩි මෙන්ම ජංගම දුරකතන අත්අඩංගුවට ගැනු ලැබුවා. ඒ වගේම විශාල ලෙස මුදල් ගනුදෙනු සිදුවී ඇති බවට තහවුරු වුණා.

    මෙම මුදල් ගනුදෙනු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රවර්දන කටයුතු, බඳවා ගැනීම් හා එල්.ටී.ටී.ඊ. වැඩමුලු සංවිධානය කිරිම වෙනුවෙන් යොදවා ඇති බවට තහවුරු වී තිබෙනවා.” යැයි ඔහු පැවැසීය.

    එසේම මැලේසියාවේ සෑම පළාතකම පාහේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ශාඛා ඇති බවට තහවුරු වී ඇති බවත් සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

    අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් දෙදෙනෙකු ‘හුදෙකලා වෘක ප්‍රහාරයක්’ දියත් කිරිමට සැලසුම් කර තිබූ බවත් 2016 වසරේදී ඔවුන් මැලේසියාවේ ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරයාට ප්‍රහාරයක් එල්ල කර තීබූ බවත් ඔහු පැවැසීය.

    මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් දෙදෙනෙකු මැලේසියාවේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූවන් වුවන් වන අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඒ වෙනුවෙන් කිරිමට දෙයක් ‍නොමැති බවත් මෙය ත්‍රස්තවාදී කරුණක් බවත්ය.

    “එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත සක්‍රීය කරන්න උත්සාහ කරන අයුරු දක්නට ලැබුණා. ඒ නිසායි මේ අත්අඩංගුවට ගැනීම සිදුකළේ එය ව්‍යාප්ත වීම වැළැක්වීමටයි. ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා සහාය දක්වා තිබෙනවා. ඒවගේ දේවල්වලට පොලීසිය ඉඩ දෙන්නේ නෑ. මේ පිළිබඳව පරීක්ෂණ ඉදිරියට කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    image_89013e89f3.jpg


    Segamat-Johor_LTTE_Tamil-Tigers_polis.jpg


    sgsiput_LTTE_Tamil-Tigers_polis.jpg

    https://www.freemalaysiatoday.com/c...huge-financial-transactions-to-activate-ltte/
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කොටි විතරද ප්‍රෙන් නැගිටින්නේ.. ඔටුවෝ එහෙම කොහොමද?
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    :yes:

    ara Pasku bomba scene eka una kalema, Kilinochchi Hospital eke Adikarana Docter karaya ahu una Claimo Bomba 2k ekkada koheda :dull:
     

    Similar threads