සහෝදරයා ඔබට යම් අඩුපාඩු ටිකක් වෙලා තියනව. ඔබ සඳහන් කරන කාරණා ඉතා සුළු දේවල් ටිකක් විතරයි. ඔතන ඉන් ඔබ්බට විහිදුනු තාක්ෂණික, කෘෂිකාර්මික, ධීවර වගේ නොයෙක් ක්ෂේශ්ත්‍ර හරහා විහිදුනු දැවැන්ත වැඩපිළිවෙලක් තියෙන්නේ. බලන්න කොන්ට්‍රෝල් ටවර් එක. එක හදන්න භාවිතා කරලා තියෙන්නේ බහලුම්. අදික සුළඟකට පවා ඔරොත්තු දෙන පරිදි තමා හදල තියෙන්නේ. වැඩිම උනොත් ගහගෙන යනවා විතරයි. ඒ තාක්ෂනය දැකල ජපන් ඉංජිනේරුවන් මවිතවෙලා ඔලුවේ අතගහගත්තා. ඒ වගේම අභ්‍යන්තර බෝට්ටු සේවාවක් තියනව. මිනිස්සු ඉන්න වෙලාවට ට්‍රාන්ස්පෝර්ට් කරන්නත් නැති වෙලාවට ධීවර කටයුතුවල නියලෙන්නත් පුළුවන් විදියට ධීවර ආම්පන්න දීල තාක්ෂණයෙන් සවිමත් කරලා තියනව. ඔව් ඔබ කිව්වා වගේ වී වගාවකින් සරුසාර රටක් හදන්න පළමු වෙඩි මුරය පත්තු කරලා තියෙන්නේ ඔතන. ගුවන් පථය හාල ඉවරයි, ඉතුරු ටික මේ දවස්වල හාගන්න බැරුව ඉන්නේ වැස්ස නිසා, අත් ට්‍රැක්ටර් වලට වැඩ වැඩයි. ඒ වගේම ඊළඟ අවරුදු 5හෙදි ඔය ගුවන්තොට භාවිතා කරන සැමටම ගෙයක් ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කිරීමට නියමිතයි.