විශිෂ්ට සිංහල ගීත

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    විශිෂ්ට සිංහල ගීත

    "සෘණාත්මක" thread එක හා සම්බන්ධයි.
    ඒකේ අදහස් සෘණාත්මක වුනා හෝ නැතා [මට ඒක තේරෙන්නේ නෑ. :baffled:]
    එය ලිවීමට හේතු වන්නා වූ ආකාරයේ අදහස් අතරින්
    සිංහල ගීත පිළිබඳව පෙරා වෙන්කරගන්නා ලද අදහස් තමයි මේ...

    විශේෂම කාරණයක් තමයි මම ප්‍රේම ගීත ශ්‍රවණයෙන් වැළකී සිටින බව...
    [ඒ කියන්නේ මම අහන ගීත ලැයිස්තුවේ නෑ. උවනාවෙන් අහන්නේ නෑ කියන එක. ඇහෙනකොට අහන්න වෙනවා ඉතින්... :D]
    "සෘණාත්මක" thread එකේ කොහේ හෝ කියා ඇති ප්‍රේමය මිනිසා දුර්වල කරන බව.
    ඒ නිසා "ප්‍රේම ගීත" අහන එකත් මනස බොළඳ කරන්න හේතුවක් බව වැටහුන නිසා තමයි
    ඒ තීරණයට මෑතකදී එළඹුනේ...

    ඉතින්... දැනට අසා ඇති අර්ථය අනුව විශිෂ්ට යැයි හැඟෙන සිංහල ගීත ඉදිරිපත් කිරීමටයි මේ සූදානම...
    "විශිෂ්ට" වෙන්නේ මට විතරක් වෙන්න පුළුවන්.

    ඒවගේම මෙතන ඉදිරිපත් වෙන්නේ මගේ මනස පිළිගන්න අදහස.
    ඇතැම් විට පද රචකයා අදහස් කළේ මෙහි දැක්වෙන අදහස් නොවෙන්නත් පුළුවන්. :baffled:

    ඒ නිසා,
    මෙහි කියැවෙන දෑ "පිස්සු වගේ" කියලා හිතෙනවා නම්
    මොහොතක් හෝ නොසිතා මනසින් බැහැර කිරීමේ පූර්ණ අයිතිය ඔබේ...! :)

    ස්තුතියි...!
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :sorry:
    terune ne

    ඒ කියන්නේ මම කැමති සිංහල සිංදු වල තේරුම මට දැනෙන විදියට මේ thread එකේ post කරනවා.
    චුට්ටක් ඉන්න, පොඩි වෙලාවක් දෙන්න පළවෙනි සිංදුව post කරන්න... :D
     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    ඒ කියන්නේ මම කැමති සිංහල සිංදු වල තේරුම මට දැනෙන විදියට මේ thread එකේ post කරනවා.
    චුට්ටක් ඉන්න, පොඩි වෙලාවක් දෙන්න පළවෙනි සිංදුව post කරන්න... :D

    ela bn :love:
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මිනිසා...
    මරණ තුනක් ඇති මිනිසා බලා සිටී...
    නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී...

    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී...
    පයෝධර තුඩු ඉකිබිඳිද්දී...
    සංත්‍රාසයෙන්...
    අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්...
    වයන්න වීණා කන්‍යාවී...

    නියඟලා මල් පාට දේදුණු...
    දෙබෑ කර එන ගිරා පොව්වන්...

    පියුම් කැකුළක් තුඩින් පාරා...
    බලෙන් පුබුදන හංසයා...
    බලන්න නිරුවත් දෑසින්...

    ඔකඳ වී රිද්මයෙන්...
    රසා තලය කළඑළි ගන්වා...
    වයන්න වීණා කන්‍යාවී...

    ගායනය : අමරසිරි පීරිස්
    පද රචනය : ලූෂන් බුලත්සිංහල
    සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

    මේ ගීතය ගැන විවිධාකාරයේ විචාර ඉදිරිපත් වෙලා තියනවා.

    ගීතය ලියපු ලූෂන් බුලත්සිංහල මහත්මයා මේ ගීතය ගැන පැහැදිලි කරන්නේ මේ ආකාරයට...
    Code:
    https://www.youtube.com/watch?v=gCTgK-jUOpY

    මම දැනට කියවන ලද හොඳම විචාරය මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා විසින් කළ පහත සබැඳියේ දැක්වෙන විචාරය... මෙයින් ඉදිරිපත් කරන්නේ වෙනස්ම අදහසක්...
    පොදුවේ ලෝකයටම අදාළ වන...
    Code:
    https://zh-cn.facebook.com/geeminiara/posts/196416014177656/

    කොහොම වුනත් මගේ මනස කැමැත්තෙන්ම පිළිගන්න අදහස මෙතැන් සිට...
    ඊට බොහෝදුරට මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා විසින් කළ විචාරය බලපානවා කියන්න පුළුවන්.

    මිනිසා...
    මරණ තුනක් ඇති මිනිසා බලා සිටී...


    සිටුමැදුර චිත්‍රපටය වෙනුවෙන් මේ ගීතය ලියවුනත්
    ලෝක ධර්මතාව ගැනම බොහොම ලස්සනට පැහැදිලි කරනවාය කියන එකයි මගේ අදහස...

    මිනිස්සු ඉන්නේ විවිධාකාරයේ "මරණ" කරපින්නාගෙන... මෙතන මරණ කියන්නේ
    ස්වභාවදහම හා මිනිසා විසින්ම, මිනිසාට ඇටවුණු උගුල්...

    මේ "මරණ තුන" ගැන පහත විදියටත් කියවන්න ලැබුනා.

    මිනිසකුට ජීවත් වීම සඳහා මහත් අරගලයක් කිරීමට සිදුව ඇත.
    පළමුව ඔහු ස්වභාව ධර්මය සමඟ ගැටී තම අවශ්‍යතා උවමනා ඉන් නිපදවාගත යුතුය.
    දෙවනුව, මිනිස් සමාජය හා ගැටී තම ජීවත් වීම හා වෙනත් ආශාවන් උවමනා ඉල්ලීම් දිනාගත යුතුය.
    තෙවනුව ඔහුට තමාගේම මනස සමඟත් අරගලයක් ඇත.

    Source : https://www.facebook.com/hudakalawa.lk/posts/1238625969529203/

    කොහොම හරි වර්තමානයේ බහුතරයක් මනුෂ්‍යයන් ගැන ඇත්ත මේක නෙවෙයිද... :(

    "නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී"

    මේ පදය ගැන මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්මයා කියන්නේ මෙහෙම...
    කන්‍යාවිය නවක ය. අත්දැකීම් රහිත ය. නො දැන්ම සංකේතවත් කරන්නීය.
    තවද ඇයගේ දෑස්වල සමාජ සබඳතාවල දූසමාන නමැති පටල බැඳ ඇත.
    එහෙයින් ඇය ද ඇතුළු පොදු මිනිසා මත ළඹ දෙන අවදානම ඒ පටල විදා හැර
    ප්‍රකෘති දෑසින් බලන ලෙස ඇගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    පියවි දෑසින් බලාපල්ලා... පාට කණ්ණාඩි ගලවා විසිකර... සියල්ලෙහිම යථාර්තය දෙස... :yes:
    මේ කොටස කියෙව්වම මතක් වෙනවාද තවත් විශිෂ්ට ගීතයක්...
    "බලන් කඩතුරා හැර දෑසේ..." [අඳුරු කුටිය තුල - ටී.එම්.ජයරත්න]

    "නියඟලා මල් පාට දේදුණු"

    නියඟලා මල පාට දේදුන්නක් වගේ හිත ඇඳ බැඳ ගන්නවා... සුන්දරයි...
    නමුත් මූලය වෙන අලය... විෂ... :yes:

    "පියුම් කැකුළක් තුඩින් පාරා... බලෙන් පුබුදන හංසයා..."

    තුඩින් පාරා බලෙන් පිබිදීම... ලෝකය පුරා දූෂිත සිත් දරන මිනිස්සු අතින් සිදුවන...
    ස්වභාවදහමට එරෙහිව යාම...

    බලන්න නිරුවත් දෑසින්
    ඔකඳ වී රිද්මයෙන්
    රසා තලය කළඑළි ගන්වා
    වයන්න වීණා කන්‍යාවී


    ඉහත සබැඳියෙන් දැක්වූ සුචරිත ගම්ලත් මහතාගේ විචාරයේ මේ කොටස පැහැදිලි කරන්නේ මෙහෙම...

    රසාතලය යනු පොළොව යට පිහිටි බව කියැවෙන පාතාල ලෝකයයි.
    එය අවිද්‍යාව නො දැන්ම සංකේතවත් කරයි.
    පියවි දෑසින් බලා ඇති සැටියෙන් අවබෝධ කර ගන්නා ලෙස මෙසේ කන්‍යාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
    එසේ අවබෝධ කරගත් කල්හි ඇය වයන වීණා වාදනයෙන් මෙලොව පමණක් නොව පොළොව යට පිහිටි
    බව කියන පාතාලය ද ආලෝකවත් වනු ඇත.

    මේ "රසාතලය" වචනය ගැන මීට පෙර අහලා තිබුනේ නෑ. මේ විචාරය හරහා ම තමයි ඒකත් ඉගෙන ගත්තේ...
    රසාතලය කළඑළි ගැන්වීම හෙවත් අවිද්‍යාව දුරු කිරීම. :yes:

    මතුපිටින් පෙනෙන විදියේ අදහසක් ද ඇත්තටම බැලුවාම තියෙන්නේ...
    ඉහත වීඩියෝවේ ගීතය ලියපු ලූෂන් බුලත්සිංහල මහත්මයා කරන පැහැදිලි කිරීමට අනුව එතුමා මේ ගීතය ලියන්නේ චිත්‍රපටයට ගැළපෙන විදියට...
    නමුත් ලෝකයා බුද්ධිය කරා මෙහෙයවන ගීතයක් අහඹු ලෙස හෝ නිර්මාණය වෙලා නේද...

    මෙන්න මේ පද ගැනත් ඒවගේ විශිෂ්ට අර්ථයක් කාට හෝ හැඟෙනවා නම් post කරන්න.

    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
    පයෝධර තුඩු ඉකිබිඳිද්දී
    සංත්‍රාසයෙන්
    අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්

    දෙබෑ කර එන ගිරා පොව්වන්

     
    Last edited:
    • Like
    Reactions: s5sage

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    "මරණ තුනක් ඇති මිනිසා..." ගීතයේ ප්‍රියතම පදය තමයි "බලන්න නිරුවත් දෑසින්"
    ඒ කියන්නේ ඕනේම දේක සත්‍යය, යටි අරුත බලන්න කියන එක...

    මොනවා හෝ සැක සහිත දෙයක් දැක්ක ගමන් දැන් මතක් වෙන්නේ මේ පදය...
    "බලන්න නිරුවත් දෑසින්..."

    නිතරම බණ අහන එක හොඳයි කියන්නේ ඇයි?
    වරදක් කරන්න හිත කියනකොට බුද්ධියක් තියන කෙනෙක් නම්
    ඒ අහපු බණ මතක් වෙලා ඒ වරදින් වළකින්න උත්සාහ කරනවා.
    බණ අහලා තියන තරමට වරදින් මිදීමේ අවස්ථාව වැඩියි...
    ගීත කලාවත් ඒවගේ තමයි.

    ශ්‍රේෂ්ඨ ගීත විසින් මනුෂ්‍යයා වරදින් මුදවනවා වගේම බුද්ධිය කරා මෙහෙයවනවා. :yes:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මිනිසා සුවඳයි මල සේ...
    නුවණින් එළියයි හිරු සේ...
    පර වී වැටිලා...
    ඒ හිරු මල මේ දෙරණේ...

    පොළොවේ උරුමේ කියමින්...
    බිලි දී විහිඟුම් ගුණදම්...
    දහසින් මියෙනා සටනින්...
    අඟලේ හිමිකම් සොයමින්...
    ලොව නහවා සෝ කඳුළින්...
    සැනහේ ජය පැන් පුරමින්...

    උණු ලේ විෂ වී සිරුරේ...
    ඉසුරන් ගැටෙනා අතරේ...
    ගිනි මල් පිපිලා අහසේ...
    ඇවිලේ ගිනි දැල් සයුරේ...
    සා පවසින් ඉකි බිඳිනා...
    සුසුමෙන් යදියන් හෙලනා...

    ගායනය : සුනිල් එදිරිසිංහ
    පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි
    සංගීතය : රෝහණ වීරසිංහ


    මනුෂ්‍යත්වයෙන් හෙබි සැබෑ මිනිසා සුවඳ විහිදුවන මලක් සේ ලෝකයට ප්‍රියජනකයි.
    එවැනි මනුෂ්‍යයන් තම නුවණින් ලෝකයම එළිය කරනවා... :)
    නමුත් අද...
    මනුෂ්‍යත්වයේ සුවඳ පලා ගිහින්... හිරු සේ බැබලෙන නුවණ පලා ගිහින්...

    යුද්ධයක් කියන්නේ අනිවාර්යයෙන්ම දුක, කඳුළ, සෝ සුසුම්, ආබාධිතයන්, මළවුන් නිපදවන්නක්...
    ලෝකවාසී ජනයා දුකේ හෙලා, අනෙකාගේ ඉසුරු ඩැහැගැනීමේ අරමුණින්...
    වෛරයෙන් සිත් පුරවාගෙන‍‍‍, යෙදෙන්නා වූ පොරයෙන්...
    යහපතක් සිදුවන්නේ කාටද... :(

    "මේ ලෝක යුද්ධ ගැන, එහෙමත් නැත්නම් රට රටවල් අතර යුද්ධ ගැනනේ කතාකරන්නේ...
    අපට අදාළ නෑනේ..." කියලා මේ ගීතයේ අර්ථය පැත්තකට නොදා
    තම පෞද්ගලික ජීවිතයට පවා ආදේශ කරගත හැකි නම්
    රට වටා සිදුවන අපරාධ කොතරම් අඩුවේවිද...

    පුද්ගලයන් දෙදෙනෙක් අතර සිදුවන ගැටුමක පවා අර්ථයක් නොමැති බව
    එහි හානිය පාඩුව තමාටම බව මේ ගීතයෙන් සිහි කරනවා නොවේද...
    හිරු එළිය විහිදුවන්නා සේ ලෝකයට යහපත විහිදුවමින් නුවණින් යුතුව
    බුද්ධිමත්ව සිතා බලා කටයුතු කළ හැකි මිනිස් පරපුරක් ගොඩනැඟිය හැකි නම්,
    එය තමාගෙන්ම පටන් ගන්නේ නම්,
    මෙතරම් අපරාධ රටක සිදු නොවේවි... :yes:
    සාමය රජයන රටක් රටවැසියන් වීමට අපට භාග්‍යය ලැබේවි... :)
    එය එසේම සිදුවේවා...!

    මේ ගීතයට ගැළපෙන සේ නිර්මාණය කළ හිතට වැදුන වීඩියෝවක් ළඟදී හම්බවුනා...
    එය සංස්කරණය කළ, අන්තර්ජාලයට එක් කළ අයටත් ස්තුතිය... :)


     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මුතු කුඩ ඉහලන මල් ‍වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලේනී
    එබී බලා....
    රිය කවුලු දොරින්
    යටගිය දවසේ
    දෑස ගි‍යා ඉගිලී
    Music
    අදුරු ලලා, සෙණ්කඩ ගල වැස්සේ
    දිය දහරා, පාටයි දේදුන්නේ
    තෙමී තෙමී, ආදර මධු ‍වැස්සේ
    ගිය දෙදෙනා අද යන‍වා දෙමන්සලේ
    Music
    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රියසක මඩ වතුරේ
    නෑ සිත රිදුනේ
    අදත් එදා සිහිවී
    ‍අපේ සබදකම් ‍නෑ රිය සක දන්නේ
    මුතු කුඩ ඉහලන මල් ‍වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලේනී
    එබී බලා....
    රිය කවුලු දොරින්
    යටගිය දවසේ
    දෑස ගි‍යා ඉගිලී


    -----------------------------

    මම අහලා තියෙන විදියට මේක ලූෂන් මහත්මයාගේ පෞද්ගලික අත්දැකීමක් . හැබැයි අපූරු විදියට ලියලා සංගීතය එකතු කරලා හැඟීම් දනවන විදියට ගායනා කරන අතිවිශිෂ්ට ගීතයක් .

    කුඩවලටයි , වර්ෂාවටයි අපූරු විශේෂණ දෙකක් එකතු කරලා තියෙනවා මොකද මේ අවස්ථාව උලුප්පුලා ගන්න . මුතුකුඩ ලස්සනයි. ඒ වගේම ගණන් . වර්ෂාව මල් වගේ. වැහි ලිහිණියෝ වර්ෂාවේ පණිවිඩේ කියන අය . හිතට මැවෙන්නේ අලංකාර චිත්‍රයක් . බොහෝවිට කතානායකයා වර්ෂාවට කැමති කෙනෙක් .
    අහම්බෙන් කෙනෙක් වාහනේක කවුළුවෙන් බලනවා . අඳුරන කෙනෙක් .ක්ෂණයකින් හිත යනවා අතීතයට .
    එදා මේ වගේම නුවර වහිනවා . වතුර ගලාගෙන යනකොට ලාවට අව්ව වැටිලා දේදුණු වර්ණ පේනවා . ඒ කියන්නේ ජීවිතේ චමත් කාරයි . ලොකු දෙයක් නෑ හිත්වල ආදරේ ඇරෙන්න .එදා ආදරයෙන් පිරුණු මීවිත වැස්සක්. හැබැයි එදා මුතුකුඩ ගන්න වත්කමක් දෙන්නටම නෑ . තෙමි තෙමි වැස්සේ ගියේ .මෙහෙම ඇත්තටම ගිහිල්ලා තියෙන කෙනෙක්ට මේ හැඟීම් හරියටම තේරුම් ගන්න පුළුවන් . හැබැයි වර්තමානයේ දෙන්නා තල දෙකක යන්නේ . ඒ කියන්නේ මාර්ග දෙකක. ජීවිතෙත් එහෙමයි . පාරෙත් එහෙමයි . බොහෝවිට පිරිමියට සල්ලි නැති නිසා ගෑණු කෙනා අතහැරියා වෙන්නත් පුළුවන් .
    අහඹු ලෙස ඒ වාහනේ රෝද වලින් මඩ විසි වෙනවා පිරිමියා දෙසට ගැහැණිය හොඳට උණුසුම්ව නොතෙමි ඇතුලේ ඉන්නකොට . මේක සත්‍ය වශයෙනුත් වෙනවා . ඒ කියන්නේ ගැහැණියව ආදරෙන් උණුසුම්ව බලාගන්න කෙනෙක් ඉන්නවා. පිරිමියාට එහෙම කෙනෙක් නෑ. හැබැයි අවුරුදු ගාණකට ඉස්සෙල්ලා මේ පිරිමියාගේ අඩුපාඩු නිසා බොහෝවිට වත් පොහොසත් කම් අඩු නිසා ගෑනිගේ ගෙදරින් සෑහෙන්න මඩ ප්‍රහාර එල්ල වෙන්න ඇති . ඒක තමයි කියන්නේ දැන් සිත රිදුනේ නෑ මොකද එදා රිදිලා ඉවරයි . ඒ සිද්දි ඔක්කොම අතීතයට එකතු වෙලා . අද රෝදෙන් විසි උනේ . ඒක අජීවී දෙයක් . හැබැයි එදා සජීවී දේවල් වලින් මඩ විසික් උනේ . හැබැයි මේ සජීවී අජීවී ඔක්කොම දෙන්න අතර තිබ්බ ආදර බැඳීම දැනන් හිටියේ නෑ . ඒ ආදරය අමරණීයයි



    http://www.elakiri.com/forum/showthread.php?t=1915428


     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මුතු කුඩ ඉහලන මල් ‍වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලේනී
    ...

    ස්තුතියි!
    අනිත් අයත් දන්න තව මේවගේ ගීත පළ කරන්න. :yes:
    ඕනේ කෙනෙකුට විවෘතයි... :)
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    3. බලන් කඩතුරා හැර දෑසේ...

    අඳුරු කුටිය තුළ...
    දොරඟුලු ලාගෙන...
    ගයන ගීතිකා... යදින යාතිකා...
    දෙවියන් හට නෑසේ...
    දෙවියන් හට නෑසේ...

    පොළව කොටන තැන... පාර තනන තැන...
    ගිනියම් අව්වේ... මහ වරුසාවේ...
    දෙවියෝ වැඩ ඉන්නේ...
    දෙවියෝ වැඩ ඉන්නේ...

    බලන් කඩතුරා හැර දෑසේ...
    බලන් කඩතුරා හැර දෑසේ...

    සිනිදු සුවැති සළු සිරසින් හැරදා...
    දූවිලි මඩ වැකි පිලි ගත පළදා...
    දෙවියන් රුව දක්නට හැක්කේ...

    කුසුම් සඳුන් දුම් සුවඳින් වැළකී...
    ගත නැගි දාදිය සුවදින් සැරසී...
    දෙවියන් හා එක්විය හැක්කේ...

    ගායනය: ටී. එම්. ජයරත්න
    පද රචනය : ප්‍රේමදාස ශ්‍රී අලවත්ත
    සංගීතය : ප්‍රේමසිරි කේමදාස

    මගේ ප්‍රියතම ගීත ලැයිස්තුවේ තෙවෙනි ගීතය...

    වැඩ කරන ජනතාව නැත්නම්, කම්කරු ප්‍රජාව වෙනුවෙන් ලියවුනු ගීතයක් බවට මතුපිටින් පෙනුනත්
    සියළුම මනුෂ්‍යයන්ගේ ජීවිතාවබෝධයට ඉතා වැදගත් වන ගීතයක්.

    "බලන් කඩතුරා හැර දෑසේ" යන්නේ අදහස මම දකින්නේ,
    පළවෙනි ගීතය වන "මරණ තුනක් ඇති මිනිසා" ගීතයේ "බලන්න නිරුවත් දෑසින්" අර්ථයට සමානව.

    "අඳුරු කුටිය" නම් විනිවිදභාවයෙන් තොර විවිධාකාරයේ විශ්වාසයන්, මතවාදයන්...
    "දොරගුලු ලාගෙන" යන්නට මගේ අදහස නම් ප්‍රශ්න කිරීම තහනම් කළ
    "එහෙයි" කියා ගන්නා අනුගාමිකයන්ගෙන් පැවතෙන විශ්වාසයන් හා මතවාදයන්...
    මිනිසාගේ බුද්ධියට නිගා දෙන මෙවැනි විශ්වාසයන් හරහා දෙවියන් ඇමතීමෙන් දෙවියන්ට ඇසේවිද?
    [ මෙය අපහාසයක් සේ නොසලකත්වා! කිසිදු ආගමක් හෝ දර්ශනයක් ඉලක්ක කර නොවන බව කරුණාවෙන් සලකන්න. :) ]

    මෙම ගීතයෙන් "දෙවියන්" යනු "ස්වභාවදහම" ම මිස අනෙකක් නොවේය යන්නත් "නොකියා කියන" බවයි මගේ අදහස.
    ඒ නිසා සැබෑවටම දෙවියන් හා එක්වෙන්න නම් කළ යුතු එකම දේ "මහපොළොවේ පය ගසා ජීවත් වන මනුෂ්‍යයෙක්" වීමයි.
    ඊට විකල්ප නෑ. බුදුදහමේ දැක්වෙන නිවන වගේ තමයි, කෙටි මං නෑ. සහතිකපත් මඟින් එය කළ නොහැකියි.
    දුෂ්කර හා කටුක විය හැකි නමුත් දෙවියන් දැකිය හැකි එකම මාර්ගය ස්වභාවදහම හා මුසුව දිවි ගෙවීමයි.

    ගොඩක් අම්මලා තාත්තලා ළමයා පොඩි කාලේ වැස්සට තෙමෙනවාටත් අකමැතියි.
    ඒ ආදරේ නිසා තමයි. නමුත් ඒකෙන් වෙන්නේ මොකක්ද?
    බැරිවෙලා හරි පොඩ්ඩක් තෙමුන ගමන් බරපතල විදියට රෝගී වෙනවා.
    මහන්සි වෙලා දාඩිය පෙරගෙන වැඩ කිරීම "කරුමයක්" ලෙස සිතන්නෝ ද බහුලයි.
    වට කළ මහා ප්‍රාකාර වලින් යුතු මන්දිර වල ජීවත් වෙමින්,
    මහ පොළොවේ නිරුවත් දෙපයින් ඇවිද ගැනීමටවත් නොහැකි තරම් සැප පහසු ජීවිතයකට හුරු වූ මිනිසා හා
    මේ ආකාරයට ස්වභාවදහම හා මුසුව දිවි ගෙවන මනුෂ්‍යයා යන දෙදෙනා අතරින්
    පරම ධනය වූ නීරෝගී සුවය වැඩිපුරම ලබන්නේ කවුද?

    ගිනියම් අව්වේ මහ වරුසාවේ වැඩ කරලා පුරුදු මනුස්සයා...
    ස්වභාවදහමත් එක්ක හරි හරියට ඔට්ටු වෙලා වැඩ කරන මනුස්සයා...
    ඔවුන්ගේ දිවිය කටුක යැයි හැඟෙන නමුත් ඔවුන් නොදන්නා සත්‍ය නම් දිව්‍ය වරමක් ඔවුන්ට ලැබෙනවා, ස්වභාවදහම හා මුසුව එහි ආශිර්වාදය ලබමින් දිවි ගෙවීමට...
    [මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතයෙන් හා ලෙඩ පිරුණු ආහාර ගිලිමින් උවමනාවෙන්ම "මාරයා" කැඳවා ගන්නා ඇත්තටන්ට මෙය අදාළ නොවේ.]


    සිනිදු සුවැති සළු සිරසින් හැරදා...
    දූවිලි මඩ වැකි පිලි ගත පළදා...
    දෙවියන් රුව දක්නට හැක්කේ...


    "සිනිදු සුවැති සළු" යන්න මං දකින්නේ සමාජයේ බහුතරයක් මිනිසුන් තුළ දැකිය හැකි පුහු අලංකාරය, බොරු සෝබනය, ලොකුකම වගේ තේරුමක් නැති දේ විදියට...
    ඒවගේ දේවල් ඔළුවේ තියාගෙන වැඩක් නෑ "සිරසින්" හැර දාන්න...
    "දූවිලි මඩ වැකි පිලි" හෙවත් ප්‍රායෝගික ඇත්ත, සත්‍යය, නිහතමානී බව, මනුෂ්‍යත්වය නම් පිලි පළඳා ගන්න...
    එවිට ඔබට දෙවියන් දැකිය හැකියි...

    කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී...
    ගත නැගි දාදිය සුවදින් සැරසී...
    දෙවියන් හා එක්විය හැක්කේ...


    අද කාලේ සමහරක් කෙල්ලෝ කොල්ලෝ ළඟට ළං වෙන්න පුළුවන්ද බලාපල්ලා...
    නාස් කඩාගෙන ගිහින් මොළේ පෙරලෙනවා එන සුවඳට... :lol:
    ඇඟ පුරාම ඉහින ඕවා මොනවාද කියලා දන්නවාද?
    ගාන වැඩි වුන පළියට ඒවා හොඳ වෙන්නේ නෑ. :no:
    ඊට වඩා දහස් ගුණයකින් හොඳයි දාඩිය "සුවඳ" හෙවත් ස්වභාවදහම හා මුසු වූ මනුෂ්‍යයාගේ සුවඳ...
    මෙතනත් මං දකින්නේ නිහතමානී වීමේ වැදගත්කම ඉස්මතු කරන බව...

    මනුෂ්‍යයන් වෙත නැවතත් කියමි,
    දෙවියන් හා එක්වීමට නම් ස්වභාවදහම හා මුසුව දිවි ගෙවන්න...
    ජීවිතය දෙස... ලෝකය දෙස... සෑම දෙයක් දෙසම...

    :) බලන් කඩතුරා හැර දෑසේ... :)

     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    වෙරළු ගෙඩිය හරි අටකට කපා ගෙන
    කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
    උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
    පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටා ගෙන

    පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
    හොඳ හිත ගිහින් උඩු හුලඟට ගසාගෙන //
    මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
    සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන

    වෙරළු ගෙඩිය...

    තිරිසන් උනෝතින් කිසි හව්හරණ නැති
    ලන්දක කකා ලන්දක කල් යල් හරිති //
    එක මිහි සයන කාටත් නිදි සුවය දෙති
    බිම් පංගුවට ලොල් වී මළගම් නොයති

    වෙරළු ගෙඩිය...
    පද රචනය - වසන්ත කුමාර කොබවක
    සංගීතය - වික්ටර් රත්නායක
    ගායනය - සුනිල් එදිරිසිංහ
    image_de334f32f2.jpg

    කුරුල්ලො අඹලා
    සත පනහේ කුලිය ගන්ට
    මලේ මලේ නින්දට පෙර
    ඩිංගක් මේ ගැන හිතපන්
    මේ සේරම තෑගි ලැබුණේ ලොවින් නුඹට
    මොනවද මල්ලියෙ දෙන්නේ නුඹෙන් ලොවට
    එක පාරට
    ටකේ ගසන්නෙපා මලේ
    කුරුල්ලන්ට
    ඉඩක් දියන්
    එක කරලක් ඇදන් යන්ට

    පරාක්‍රම කොඩිතුවක්කු කවියාණන් ලියූ පොඩි මල්ලියේ කාව්‍ය සංග්‍රහයේ එන පොඩි මල්ලියේ කවි පංතිය මම කියෙව්වෙමි. තම මලණුවන්ට අකම්පිතව ස්නේහයෙන් ජීවිතය වැළඳගන්නට අයියණ්ඩියක දෙන දිරිය ආයාචනාත්මක ස්වරූපයකින් වදන් වියමනකට ගොනු කළ නිර්මාණාත්මක වෑයමක් ලෙස මම පොඩි මල්ලියේ කියවමි.
    ජීවිතයේ පාරවල් සොයා ඇවිදින ගමන් මගේදී ඇවිස්සෙන නෙක දූවිලි ඇස් බොඳ කරන්නට පෙර.. හදවතේ නිල් දියවර සේ පිරි ප්‍රේමණීය ඉසව්වන් කලතන්නට පෙර විඳි නිර්මල ස්නේහයන්, ඒ ස්නේහයන් තුළ වෙළී ගිය බන්ධනයන් කොතෙක් නම් සුපිරිසුදු වුණේදැයි.. සුසම්පූර්ණ වුණේදැයි කියන්නට මගේ ශබ්ද කෝෂයේත් වචන දුප්පත් වැඩියයි සිතෙන තරම්ය මට... ඒ මගේකම් ඒ තමන්ගේකම්, ඈත දුරක හිටියත් ළඟට එන ඉසව්වකදී ලේ සුවඳ හදවතට උරාගෙන දැනෙන කැක්කුමට සිප ගත් තත්පරයන් කොතෙක්නම් ආදරණීය වීදැයි කියන්නටත් නොදැනෙන තරම්ය. මට...
    මඩෙහි උපන්නත් මඩ ඇබින්ඳක්වත් නොගෑවී දියෙහි උඩට එසවුණු සියපතක් සේය ඒ සිතුවිලි... ලෝකයේ නන් දෙසින් එන දූවිලි වරැසාවන්ගෙන් කිළිටි වෙන්නට පෙරාතුව...
    පොඩි මල්ලිට අයියණ්ඩියගේ සිතේ ගොඩනගුණු ඒ සහෝදරත්වයේ ලේ බැම්ම පතුරු නොගැලවී ගරා නොවැටී තිබුණිනම් මේ ලෝකයට යන්නම් කියා යන තෙක්ම දවසක..
    සුනිල් එදිරිසිංහ ගයන වෙරළු ගෙඩිය හරි අඩකට කපාගෙන ගීතය අසන හැම වාරයකම මගේ හිතේ දැවටෙන්නේ ඒ සිතුවිලිය.
    පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටාගෙන
    මේ මහපොළොවේ බිම් අඟලටත් ලේ හලන මිනිස් කුලකයක සාමාජිකත්වය ලද උන් බොහෝය. මිනිස් වේශයෙන් සිටින මිනිස්කම දුරකට වීසිකර යක්ෂයන්ගෙන්, ප්‍රේතයන්ගෙන්, කුම්භාණ්ඩයන්ගෙන් විවරණ ලද, උන්ගේ ගති සිරිත් ආරෝපණය කර ගත් උන් බොහෝය. සහෝදරකම්.. බැඳීම්.. පපුව පලාගෙන එන ස්නේහයන් අමු සොහොන් තුළ වළලා බිම් අඟලට, කොස් ගහට, දෙල් ගහට, කොස් ගෙඩියට, දෙල් ගෙඩියට එක බඩ වැල කඩාගෙන ආ සහෝදරයා මරා දමන්නට තරම් සැහැසි වෙන වියරු වැටෙන උන් අපමණය. දවසින් දවස යාවත්කාලීන වන එවන් ශෝචනීය සමාජ සංසිද්ධීන් ඔස්සේ පිළිඹිබු කරන සෝදාපාළු වූ සමාජ යථාර්ථය කුමක්ද? පාරිභෝගිකවාදී වූ අති ධාවනකාරී සමාජයකින් ඉල්ලා හිඳිනට හැකි මනුස්සකම් සහෝදරකම් භාෂ්මාවශේෂයක් තරම්වත් ඉතිරිව තිබේද? ඒ සියලු ප්‍රශ්න කිරීම් පැල ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන යන ගී පදය තුළ ගැබ්වී ඇතැයි මම හඟිමි.
    එහෙත් ඒ පැල ඉනි වැටට ඇන කොටා ගන්නා උන් පසුකර ආ ගමන් මගේ සොඳුරු සෙනෙහෙබර කඩ ඉම් කොතෙකුත්ද? සංවේදී මතක දහරා කොතෙකුත්ද? හදවත මරා ජීවත් වෙන්නට තතනන අද දවසේත් කල් යල් බලා ඒ ළෙන්ගතු ඉස්සර මතක හදවතට එබෙන සඳ දිග හැරෙන්නේ මේ සිතුවිලිය.
    වෙරළු ගෙඩිය හරි අඩකට කපාගෙන
    කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
    උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
    වෙරළු ගෙඩිය හරි අඩකට කපාගෙන - එය කදිම සංකේත රූපයකි. එකමුතුව.. පරිත්‍යාගය.. බෙදා හදා ගැනීම පිළිබඳව සංකේත රූපයකි.
    කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන - වැඩිහිටියන් කෙරේ දැක්වූ ගෞරවය, යුතුකම්, වගකීම් හා බෙදා හදා ගැනීම සාදු ගුණ ධර්ම ඒ සිතුවිලි ඔස්සේ ගම්‍ය කරයි.
    උන් අපි එදා සත් කුළු පවු විලාසෙන - මගේ සිත නතර වෙන්නේ පන්සිය පනස් ජාතක පොත ළඟය. වට්ඨක ජාතකය මට සිහිපත් වෙයි. වටු කුරුල්ලන්ට වැද්දකු එලූ දැල වටු කුරුල්ලන් එක්වී උස්සාගෙන ගොස් සමගිය බලය වේ යන්න සත්‍යයක් කරමින් උන් එදා එකමුතුකමේ බලයෙන් බේරුණහ. එදා වෙරළු ගෙඩියත් බෙදා ගෙන කන්නට තරම් මහා බැඳීමක් අපේ හදවත් පවුරු තුළ ලියලමින් වැඩුණේය දවසින් දවස. අපේ හදවත් තුළ මහා බැඳීමක් සමගියක් තිබුණි. මහා පර්වතයක් සේ සවිමත් නොසැලෙන නොසෙල්විය හැකි... එක බත්පත පවා.. එක කහට කෝප්පය පවා බෙදාගෙන කා බී ජීවිත දුක සතුට බෙදා ගත් ඒ අතීත ජීවන පිටු අකා මකා මෙවන් ඛේදවාචකයක් නිර්මාණය කළේ කවුරුන්ද?
    ලෝභ, ද්වේශ, මෝහ සිතුවිලි ඒ හදවත් මරාදැමූ දවසක... ඒ සොඳුරුතා හොරු අරන් ගිය දවසක මෙවන් ඉරණමක් මිස බලාපොරොත්තු විය හැකි සුපෙම් හැඟුම් පිරි හෙටක් කොයින්ද?

    පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන
    හොඳ හිත ගිහින් උඩු හුළඟට ගසාගෙන
    ඉලාස්ටිය ලිහී ගිය ජංගි කොටය එක අතකින් උස්සාගෙන අම්මගේ ඉඳුල් දැලි සුවඳ දැවටුණු චීත්තය වටේ එතුණු.. බත් හැලිය ඉදෙනා තුරුආප්පයක්, ඉඳි ආප්පයක් තැම්බෙන තුරු රොටියක් පිච්චෙන තුරු ළිප වටේ ඉඳගෙන එක පිඟානෙන් අම්මාගේ ආදරයත් සමඟ ඉදුණු අහරක රස වින්ද, එකට පේළි ගැසී නියර දිගේ ගුරු පාර දිගේ ඉස්කෝලේ ගිය.. වැහිදාට මඩ වතුරේ නටමින් ගුටි කෑ මල්ලිගේ හිත අතගා ස්නේහයෙන් සැනසූ ඒ අතීත දවස් කෝ අද... ඈතට ඈතට ඈතටම ගියේ මතක සුවඳක්වත් තිබේදැයි ඉඹ බලන්නට.
    හොඳ හිත ගහින් උඩු හුළඟට ගසාගෙන
    ඉඳින් ඒ හිත නැවත දෙඅතින් අල්ලා පපුවට සිරකර ගනු කෙළෙසද?

    මහගෙයි බිමට තනි උරුමය කියාගෙන
    සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන

    ජීවිතයට සාර සම්පත් අවැසිය.. කා බී නිදියමින් වර්ගයා බෝ කරමින් පමණක් තිරිසන් සතුන් මෙන් මියෙන්නට නොවේ අප මෙලොවට පැමිණියේ.
    භෞතිකව අප ජීවිතය වටිනාකම්වලින් සරුකර ගත යුතුය. නිසි ආර්ථික ක්‍රමවේදයක් ඔස්සේ අප ධනය හරි හම්බ කළ යුතුය. එහෙත් සමස්ත ජීවිතයම භෞතික සැප සම්පත් සහ හුදෙක් මුදල්වලට පමණක් අප ලඝු කරන්නේනම් එතන නිර්මාණය වෙන්නේ අසංවේදී, හදවතකින් වියුක්ත නරැම මිනිසෙක් මිස අන් කවරෙක්ද? තම හිත සුව පිණිසත් අන් හිත සුව පිණිසත් ජීවිතය භෞතික සහ අධ්‍යාත්මික යන දෙඅංශයෙන්ම සමබර කර ගත යුතුය. ජීවත් වීම පිණිස භෞතික පොහොසත්කමත් ජීවිතය විඳිනු පිණිස අධ්‍යාත්මික පොහොසත්කමත් අවැසි බැවිනි ඒ.. ඒ මගේ දැක්මයි.. ඒ මගේ චින්තනයයි.. අවසන අප ජීවිතය වෙනුවෙන් හරි හම්බ කරන සියලු භෞතික හා අධ්‍යාත්මික සියල්ලේ වටිනාම ශේෂය සතුට නොවේනම් කිම ඇති ඵල?
    ඒ මගේ ප්‍රශ්නයයි...

    එදා එකට හැදුණු වැඩුණු මහ ගෙදර ඉදලට කොස්සටත් කුලල් කා ගන්නා තැනට පත් වූ විට මැකී සේදී බොඳව යන සහෝදරත්වයේ සුසුවඳ උඩු හුළඟේ නොදන්නා අනන්තයකට නිකම් ගොස්ය.
    තිරිසන් වුණෝතින් කිසි හව්හරණ නැති
    ලන්දක කකා ලන්දක කල් යල් හරිති
    කර්ම විපාකය ගැන ගීත රචකයා කියන්නට උත්සාහ කරතැයි මට සිතේ.
    ඔබ මේ ලද මිනිස් භවයෙන් නිසි ඵල ප්‍රයෝජන නෙලා නොගත්තොත් කුසල් හා පින් නොකර පවු අකුසල් කළොත් ඔබ මතු මතු තිරිසන් භවයක ඉපදී දුක් විඳින්නට පුළුවන.. ඇයි ඔබ එසේ වන්නේ.. දුක මිසක කිසිත් උරුම නැති සංසාර දුක්ඛිත භව වෙනුවෙන් ඇයි ඔබ අකුසල් සිත් වඩන්නේ.. ගීත රචකයා එවන්
    ගැඹුරක් සොයා කිමිදෙතැයි මට සිතේ.
    එක මිහි සයන කාටත් නිදි සුවය දෙති
    බිම් පංගුවට ලොල් වී මළගම් නොයති
    ආවොතින් යා යුතුය. නොගොසින් යළි එන්නට බැරිය. ලොව ඇත්තේ යාම් ඊම් පමණි.. එසේ කීවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රය. මරණය සියල්ලන්ටම පොදු ජීවන ධර්මතාවයකි. ඊට පිටුපෑ හැකි බලයක් ලොවම අතැඹුලක් සේ සාක්ෂාත් කළ බුදුවරයකුටවත් නොතිබුණි. කවදා හෝ සියල්ලකගෙන් සහ සියල්ලෙන් සමුගත යුතුය. එහෙත් අප යන්නේ හිස් දෑතින් නොවේ. පවු පින් කුසල් අකුසල් අපි මේ භව යාත්‍රාවේ නවාතැනින් නවාතැනට ගෙන යන්නෙමු. ඉඳින් අප මේ මහා පොළොව මත දිනෙක මිහිදන් වන්නේ සමානයන් ලෙසය. කුණු කොටස් තිස් දෙකකින් සැදී අප කාටත් උරුම මේ අස්ථීර ශරීරයට දිනෙක අත්වන්නේ පොදු ඉරණමකි.
    ඉඳින් නොමැරෙන මිනිසුන් ලෙස ක්ලේශයන් ආත්මය කරගෙන ජීවත් වන්නේ ඇයි?
    හදවත මරා දමා වටිනාකම් උඩු සුළඟේ පා කර සියක් ආයු ලද්දත් කිම ඵල..
    අගනේය... ඒ සියක් ආයු ලැබීමට වඩා එක් දවසක් මේ මිහිමත මිනිසකු ලෙස ජීවත් වීම.


    ► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර


    වටින විචාරයක් නිසා මෙතනට දැම්ම..:D
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වෙරළු ගෙඩිය හරි අඩකට කපාගෙන...

    ඒ සියක් ආයු ලැබීමට වඩා එක් දවසක් මේ මිහිමත මිනිසකු ලෙස ජීවත් වීම.

    ► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර


    වටින විචාරයක් නිසා මෙතනට දැම්ම..:D

    ස්තුතියි...! වටිනවා... :)
    දොස්තර මහත්තයාට හොඳ දැනුමක් තියනවා. :yes:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    4. සුනු විසුනු කළා මැදුරක්...

    ළඹ සවන් රන් පටින්... දන නෙතින් තදින් බඳිමින්...
    මිණි මෙවුල හඬවමින්... පිපි සමන් කුසුම් දරමින්...
    රණ හසුන් පිහිනමින්... තුනු විලෙහි සිරිය මවමින්...
    උන් රඟති වයති ගී... ගය ගයා මියුරු අරුතින්...

    දැහැමින් බැඳි සිත මඩින්ට මාර සෙන් වටින්...
    උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්...
    සෙවණින් බෝපත් අතරේ ගැලූ අම ගඟින්...
    පවසින් දහමේ නිවුනේ දම් අමා රසින්...

    කැණි මඬල පළාලා... සුනු විසුනු කළා මැදුරක්...
    යළි මැදුර සදාලා... වෙහෙසුමක් තොපට නැත්තේ...
    මම ගයමි උදම් ගී... නද දුන්නු රාජ මිගිඳෙක්...
    දැහැමින් බවුන් වඩයි... නේරංජන නදි තීරේ...

    දස දහසක් සක්වා තළ එකම්පිත වෙවී...
    දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලී...
    දෙව් බඹ සුර නා සේනා සාදුකාර දී...
    පරසතු මල් ගඳ විලවුන් දෙපා මුල පිදී...

    ගායනය : මධුමාධව අරවින්ද
    පද රචනය : සුසිරි සිරිවර්ධන
    සංගීතය : සුනිල් සිරිවර්ධන


    බුදුන් වහන්සේ මාර සේනා පරදා බුද්ධත්වයට පත්වීම හා බුද්ධත්වයට පත්වූ අවස්ථාවේ
    දේශනා කරන උදාන වාක්‍යය පිළිබඳව මේ ගීතයෙන් කියවෙනවා.

    මේ ගීතයේ ඇතැම් කාරණා ගැන මගේ අදහස ඉදිරිපත් කරන්නේ නෑ,
    ආගමිකව සංවේදී කාරණා විය හැකි නිසාවෙන්... :)

    පළමු කොටසේ බොහොම අලංකාරව චිත්ත රූප මැවෙන ආකාරයට ඉදිරිපත් කරනවා
    බුද්ධ චරිතයේ විස්තර වෙන මාර දූවරුන්ගේ රංගනය...

    සිහියේ තබා ගත යුතු දේ තමයි...
    මාර දූවරුන් හා මාර සේනා අප වටාත් නිතරම සැරිසරනවා... සිත් ඇඳ බැඳ ගන්නා විවිධාකාර වේශයන්ගෙන්...

    දෙවන කොටසින් මාර සේනා පරදා බුද්ධත්වයට පත්වූ බව...

    "දැහැමින් බැඳි සිත මඩින්ට මාර සෙන් වටින්..."
    කොයි තරම් හිත යහපත් විදියට තියාගෙන ඉන්න හැදුවත් හැම අතින්ම අපට අහන්න දකින්න ලැබෙන්නේ
    ඒ සිත දූෂිත කරන දෑ... මේ පදයෙන් ඒ යථාර්තයත් පැහැදිලි කරන බවයි මගේ අදහස...

    තෙවන කොටස ගීතයේ වැදගත්ම කොටස විදියට මම දකින්නේ...
    මේ කොටසේ අර්ථය පිළිබඳ සරලව කළ හොඳ පැහැදිලි කිරීමක් කියවන්න ලැබුනා පහත සබැඳියේ...
    Code:
    https://www.facebook.com/sakiladelpachithra/posts/1608471365942489/
    එම පැහැදිලි කිරීම පහතින්...

    බුද්ධත්වයට පත්වුන අවස්ථාවේ බුදුන් වහන්සේ නිරාමිස ප්‍රීතියෙන් යම් උදාන වාක්‍යයක් ප්‍රකාශ කරනවා.
    අන්න ඒකෙ සරල අර්ථය තමයි මේ කියන්නේ.

    සත්ත්වයාගේ නැවත නැවත ඉපදීමට හේතුවන භවය හදන්නේ තණ්හාව නමැති වඩුවායි.
    එම (භව) ගෙදර කැණි මඬල හෙවත් ගෙයි මුදුන වන්නේ අවිද්‍යාවයි. (චතුරාර්‍ය සත්‍ය පිලිබඳ නොදැනීම)

    ඉතින් සින්දුවෙන් කියන්නේ,
    භවය නමැති ගේ හදන,
    තණ්හාව නමැති වඩුවාට,
    නැවත ඒ ගේ හදන්න බැරි වෙන්න, (වෙහෙස නොවී ඉන්න)
    ඒ ගෙදර මුදුන නැතහොත් කැණි මඬල වන "අවිද්‍යාව" සුන් කරලා දාපු බව තමයි.
    ඒ කියන්නෙ චතුරාර්‍ය සත්‍ය අවබෝදයෙන් අමා මහ නිවනට එළැඹීම.

    මෙලෙස උදාන නද දුන්නු රාජ මිඟිඳාණෝ (කෙලෙස් මං සියල්ල දුරු කල තැනැත්තා)
    අනතුරුව නේරංජන නදී තීරයේ දැහැමින් බවුන් වැඩූ සේක.

    අන්න ඒක තමයි ඒ කොටසේ සරල අර්ථය...

    ගීතය ගායනයේදී තෙවෙනි කොටසට (කැණි මඬල පාලාලා) පසුව නැවතත්
    පළමු කොටස (ළඹ සවන් රන්පටින්) ගැයෙනවා.
    ගීතයේ පිළිවෙල අනුව තෙවන කොටසින් කියවෙන්නේ බුදුන් වහන්සේ බුදු බව ලබා "දැහැමින් බවුන් වඩයි... නේරංජන නදී තීරේ..."
    එතනට පසුව නැවතත් පළමු කොටස ගැයෙන එකෙන් මට හැඟෙන දේ තමයි,
    අතිශය දුෂ්කර වූ ක්‍රියාන්විතයකින් පසුව මාර සේනා පරදා බුදු බව ලැබූ උන්වහන්සේට
    බුදු බව ලැබූ පසුවත් (නැවතත් මාරයාට හසු නොවන තත්ත්වයට පැමිණි පසුවත්)
    තවමත් මාරයා උත්සාහ කරන්නේ සුන්දර ලොවක් මවා පෙන්වා තම උගුලට හසුකරගැනීමට...
    නිකමට හිතන්න, එහෙමනම් සාමාන්‍ය මිනිසුන් වන අපට,
    කී දෙනෙක්, කොයි තරම් උගුල් අටවනවා ඇතිද? තව කීයක් අටවන්න බලාගෙන ඇතිද?
    අපි ඉපදුන දිනයේ පටන්ම, මිය යන තෙක්ම විවිධාකාරයේ උගුල් වලට හසුවෙමින් නෙවෙයිද ජීවත් වෙන්නේ? :(

    ඒවගේ උගුල් ගැන වෙනත් ත්‍රෙඩ් එකක පළකල අදහසක් පහත සබැඳියේ...
    http://www.elakiri.com/forum/showpost.php?p=24878098&postcount=24


    මේ ගීතයේ ප්‍රියතම පදය තමයි, "සුනු විසුනු කළා මැදුරක්..."
    මේ කොටස ඇහෙනකොට පුදුමාකාර නිදහසක් දැනෙනවා.
    ඒ හැඟීම සංකේතාත්මකව කියන්න උත්සාහ කරනවා නම්,
    අතිවිශාල මැදුරක් තියනවා මගේ අයිතියට...
    මගේ ස්ව කැමැත්තෙන් මං ඒක විනාශ කරනවා...
    චිත්‍රපටයක වගේ ඉතා හෙමින් (slow motion) ඒක පිපිරිලා කෑලි විසිවෙලා එතන මැදුරක් නැතිම වෙලා යනවා.
    ඊළඟට එතන හැදෙනවා කැලෑවක්. කිසිම මනුස්සයෙක් නැති...
    උඩ බැලුවාම ගස් අතරින් පැහැදිලි නිල්වන් අහස...
    මඳ සුළඟ හෙමින් හෙමින් ඇඟේ වදිනවා.
    නිකමට හිතන්න ඒවගේ පරිසරයකට මිනිත්තු කිහිපයකට ගියත් දැනෙන සුවදායී බව...
    එහෙම නම් අපි කරගෙන තියෙන්නේ සිතා මතා සිරගෙයකට කොටුවීමක් නෙවෙයිද... :(

    ...දැහැමින් බැඳි සිත මඩින්ට මාර සෙන් වටින්...
    :) ...සුනු විසුනු කළා මැදුරක්... :)

     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    5. බුදු හිමියන්ටත් කලියුගයේ...

    බුදු හිමියන්ටත් කලියුගයේ...
    දෙවියන්ගේ පිහිටයි...
    බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි...

    පරවුනු මල් දැක... නිවුනු පහන් මැද...
    බුදුහිමි තනි විය බුදු කුටියේ...
    මල් දම් පළතුරු අඟිල් කපුරු මැද...
    දෙව් රජු වැජඹෙයි දෙව්මැදුරේ....

    යතියන් පුද දෙන රුපියල් සත ගෙන...
    රුපුන් නසා දී රැකවරණේ...
    දෙවියන් උපයන මුදලින් සුරැකෙයි...
    බුදුන් දහම් සඟ තුන්සරණේ...

    පද රචනය : සුනිල් ආරියරත්න
    ගායනය : නන්දා මාලනී
    සංගීතය : රෝහණ වීරසිංහ

    මේ ළඟකදී පවුලේ ළඟම කිහිපදෙනෙක් එක්ක ලංකාවේ ප්‍රසිද්ධ දේවාලයකට යන්න සිද්ධවුනා බලකිරීම මත.
    ඒ ගිය කෙනෙක්ගේම බාරයක් ඔප්පු කරන්න.
    දේවාලේ කපු මහත්තයෙක්, එතන තව වැඩට හිටිය කෙනෙක්ට කිව්ව කතාවක් ඇහුවාම මොකට ආවද කියලා හිතුනා... කළකිරුනා... :(

    "අන්න තව සෙට් එකක් ආවා. කීය වෙයිද මන්දා අද..."
    චාරිකාවක් යන ගමන් ආව පිරිසක් වෙන්න ඕනේ, සැලකිය යුතු පිරිසක් එකවර දේවාලයට ගොඩවදිනකොට ඔය කතාව කිව්වේ.
    ඔක්කොගේම පූජා වට්ටි එකටම අරන් එකටම පූජා කරන නිසා
    ඒ ආව පිරිසටත් පූජා වට්ටි හදන්න හෙම තව ටික වෙලාවක් පරක්කු වෙන නිසයි ඒ නෝක්කාඩුව...
    පූජාව ඉක්මණට ඉවර කරන්න බැරි වෙන නිසා...


    සුදු කමිස, සරම් ඇඳගත්ත පළියට දෙවියන්ට ළං වෙන්නේ නෑ.
    දෙවියන් සොයා එන මිනිස්සුන්ට භක්තිය ඇති වන සේ හැසිරෙන්නවත් නොදන්නා
    මනුස්සකම නැති මිනිසෙක්ට දෙවියන්ට තබා තිරිසන් සතෙක්ටවත් ළං වෙන්න පුළුවන්ද?

    'අඳුරු කුටිය තුළ...' ගීතය පිළිබඳ අදහස් දැක්වීමේදී
    "දෙවියන් යනු ස්වභාවදහම ම මිස අනෙකක් නොවේය" යනුවෙන් කළ පැහැදිලි කිරීම කියවන්න ලැබෙන්න ඇති.
    අතිශය සැප සම්පත් වලින් පිරුණු ලෞකිකත්වයට බර ජීවිත ගත කරන දෙවියන් හා
    බෞද්ධ දර්ශනය හා අතර ගැළපීම කිම? :nerd:
    ඒ ඔක්කොම කතා පැත්තකින් තියමු.
    ඉහත සඳහන් දෙවියන්ගේ ආශිර්වාදය ලබා දෙන අතරමැදියන් වන කපු මහතාගේ කතාව සහ හැසිරීම
    ඇත්තටම දෙවිකෙනෙක් ඉඳලා, ඒ දෙවියන්ට ඇහුනා නම්, දැක්කා නම් මොනවා හිතෙයිද?

    ඊළඟට දෙවියන් කෙරෙහි නියමාකාරයෙන් ගෞරවය පවත්වන්න, දෙවියන් විශ්වාස කරන මිනිස්සු දන්නවාද?
    "මට මේ දේ අවශ්‍යයි, එය ලබාදෙන්න" ආදී විදියට ඉල්ලීම් කරලා,
    "ඒ වැඩේ කරලා දුන්නොත් අරවා දෙනවා, මේවා දෙනවා."
    දෙවියන්ව කුලීකාරයෙක්ගේ තත්ත්වයට පත් කරලා නෙවෙයිද? :rolleyes:

    ඒවාගේම පූජා වට්ටි දෙවියන්ට පූජා කරලා, ආපහු අරන් කනවා... :baffled:


    "යතියන් පුද දෙන රුපියල් සත ගෙන...
    රුපුන් නසා දී රැකවරණේ..."

    තම සතුරන් නසා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා,
    එයාකාරයෙන් දේවාල තුළ උපයන මුදලින්, ලෝකයාට "මෛත්‍රියේ අගය" කියලා දෙන "බුදුන් දහම් සඟ තුන්සරණේ..." රැකෙනවා. :no:

    මිනිස්සු කරන්නේ "කළ යුතු දේ" නෙවෙයි.
    "බුදුහිමි තනි විය බුදු කුටියේ..."
    "දෙව් රජු වැජඹෙයි දෙව්මැදුරේ...."


    ඒවගේම, දෙවියන් වෙන්නේ මනුෂ්‍යයාට වඩා උසස් යම් ගතිගුණ නිසා නම්,
    යම් පමණකට හෝ තමන්ගේ ජීවිතයට ඒ ගතිගුණ අරන් හැදෙන්න ඕනේ කියලා හිතන්න උත්සාහයක්වත් ගන්නවාද? :dull:

    "සත්‍යය" සහ "මායාව" අතරින් බහුතරය පිළිගන්නේ "මායාව" යන වග බොහොම හොඳින් පැහැදිලියි මේ ගීතයෙන්...
    ධනාත්මක චින්තකයන් බොහෝදුරට පෙන්වන්නේ සහ පොළඹවන්නෙත් මේ මායාවේ ගැලෙනා ලෙස...
    ලස්සන ලෝකේ හිත කියන කියන දේ ළංකරගන්නා ලෙස...
    ඉතින් මායාවේ ගැලිලා, ගිලුනම කොහොමද ඇත්ත දකින්නේ...
    ඒවායේ ප්‍රතිඵල තමයි මේ... :dull:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    6. මේ විශ්වයේ රටාව තව නෑ දූ දන්නේ...


    සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ...
    නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වටින්නේ...
    කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ...
    නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ...


    සිනා මල් ගොඩක්...
    නෑ කඳුළු මල් ගොඩක්...

    බලන්න ආසයි සැන්දෑ බටහිර අහසේ...
    ඉගිල්ලෙන්නද මං කිරිල්ලියක වාගේ අම්මේ...
    ඒ අහසේ සුළං කපොළු විදුලි අකුණු මන්දාරම්...
    මේ විශ්වයේ රටාව තව නෑ දූ දන්නේ...


    සිනා මල් ගොඩක්...
    නෑ කඳුළු මල් ගොඩක්...

    අහන්න ආසයි තුරු හිස කුරුළු ගී පිරේ...
    අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ...
    ගැයෙනා මුතු කැට පදවැල් සීරෙන විට කඳුළු ගලයි...
    ඒ ගී උල්පත් ගැන නෑ මගේ දූ දන්නේ...


    සිනා මල් ගොඩක්...
    නෑ කඳුළු මල් ගොඩක්...


    පද රචනය : රත්මලේ බන්දුල ගුණවර්ධන
    ගායනය : නිර්මලා රණතුංග හා සෙව්වන්දි රණතුංග
    සංගීතය : විජේරත්න රණතුංග

    මවක් සහ දියණියක් අතර සිදුවෙන සංවාදයක ආකාරයෙන් ගොඩනඟන ලද
    බොහොම ප්‍රිය උපදවන සේ රචනා කරන ලද ගීතයක්...

    මෙතන මව සහ දියණිය සංකේත විදියට මම දකින්නේ...
    ලස්සනට පිටින් පේන දේ දිහා විතරක් බලලා තීරණ ගන්න,
    යථාර්තය නොදන්නා මිනිසා සංකේතවත් කරන්නේ "දියණිය" නම් සංකේතය හරහා...
    මායාව පිළිනොගෙන, නිරුවත් දෑසින් ලොව දකින,
    ඒ තිත්ත ඇත්ත ලෝකයාට පෙන්වා දීමට උත්සාහ කරන
    මනුෂ්‍යයන් සංකේතවත් කරන්නේ "අම්මා" නම් සංකේතය හරහා...

    මරණ තුනක් ඇති මිනිසා ගීතයේ මේ ආකාරයේ මතුපිටින් බලා තීරණ වෙත එළඹෙන
    යථාර්තය නොදත් මිනිසා සංකේතවත් කරන්නේ "කන්‍යාවක්" විදියට බව මතක ඇති...

    සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ...
    නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වටින්නේ...
    කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ...
    නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ...


    සිනහවේ වේශයෙන් එන්නේ කඳුල... :yes:
    ඒ සිනහවට බැඳිලා, සිනහවේ අයිතිකාරයන් සමඟ හිතින් බැඳුනම ජීවිත කාලයක් විඳවන්න ඒ බැඳීම හොඳටම ඇති...

    ලෝකය ගැන නොදන්නා මිනිසා පිටින් පෙනෙන දේ අනුව තීරණ ගන්නවා.
    හිනා වුනා නම් ඇති, "එයා හොඳයි" කියලා හිතනවා.
    ඒ හිනාව ඇතුලේ තියන අරමුණු ගැන හිතන්නවත් උත්සාහ කරන්නේ නෑ. විශේෂයෙන් ආදරයේදී මේක ප්‍රබල විදියට සිදුවෙනවා...
    (සෘණාත්මක ත්‍රෙඩ් එකේ පැහැදිලි කරලා ඇති ආදරය ගැන. :rolleyes:)
    අද තරුණ පාර්ශවය ආදරය විඳිනවා කියලා ලෝකයට පෙන්නන ගමන් දරුණු විදියට විඳවනවා.
    ගැටළුව තමයි, නරකම දේ තමයි, ඔවුන්වත් දන්නේ නෑ ඔවුන් විඳවන බව... :dull:
    ඒකටත් හේතුව මේ "සිනා මල්" අනුව විතරක් තීරණ වලට එළඹීම.
    මේ ලෝකේ තියන ලොකුම බොරුවක් හා විහිළුවක් වන විවාහයට බොහෝ දෙනා එළඹෙන්නෙත් "සිනා මල්" දැකලා,
    ඒ සුන්දරත්වය අනෙත් සෑම විටකම දැකගත හැකි වේ යැයි සිතාගෙන... නමුත් ඇත්ත...?
    (එළකිරියෙත් ඒ වගේ කිහිපදෙනෙක් තම අත්දැකීම් හෙළිකරලා තිබුනා.)

    බලන්න ආසයි සැන්දෑ බටහිර අහසේ...
    ඉගිල්ලෙන්නද මං කිරිල්ලියක වාගේ අම්මේ...
    ඒ අහසේ සුළං කපොළු විදුලි අකුණු මන්දාරම්...
    මේ විශ්වයේ රටාව තව නෑ දූ දන්නේ...


    "දියණිය" නමින් සංකේතාත්මකව ඉදිරිපත් කරන සත්‍යය නොදත්, සත්‍යය සෙවීමට උත්සාහයක් නොගන්නා මිනිසා
    මේ ලෝකය දකින්නේ සුන්දර තැනක් විදියට...
    නමුත්, සුන්දර ලෙස පෙනෙන බොහෝ දේවල් ඇතුලේ තියන්නේ උගුලක්... :yes:
    විවිධාකාර මිනිස්සු, ආයතන, සමාගම් ආදිය විසින් හීන ලෝක අස්සේ මිනිස්සු ගිල්ලවනවා තම පැවැත්ම වෙනුවෙන්.
    ඒ උගුල් වලට අහුවුනත්, බොහෝදෙනෙක්ට තේරෙන්නේ නෑ තමන් සිරකරුවෙක් වග... :dull:

    අහන්න ආසයි තුරු හිස කුරුළු ගී පිරේ...
    අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ...
    ගැයෙනා මුතු කැට පදවැල් සීරෙන විට කඳුළු ගලයි...
    ඒ ගී උල්පත් ගැන නෑ මගේ දූ දන්නේ...


    වැඩිම සිංහල ගීත ප්‍රමාණයක් තියෙන්නේ "ආදරය වෙනුවෙන්" වෙන් වුන...
    නමුත් ඒ ආදර ගීත ඇතුලේ බොහොම සුළු ප්‍රමාණයයි තියෙන්නේ ගත යුත්තක් තියන...
    බොහෝ ආදර ගීත විසින් මිනිසා හැඟීම්බර, බොළඳ, මෝඩයෙක් කරනවා.
    ආදරය හැමෝටම වගේ ස්වභාවදහමෙන් නොමිලේම අවශ්‍ය පදමට ලැබිලා තියෙන දෙයක්.
    තවදුරටත් ධන කරන්න ගියාම පදම ඉක්මවා ගිහින්, ඇත්ත දකින්න බැරි
    නමට පමණක් "මනුෂ්‍ය" වන මිනිසෙක් ගොඩනැගෙනවා.


    මේ ළඟදී අපේ ගෙදර ආවා නෑදෑ වෙන තරුණ වයසේ නංගි කෙනෙක් පවුලේ අයත් එක්ක,
    එයාගේ පවුලේ අය හා මගේ පවුලේ අය කතා වුනා එක්තරා පුද්ගලයෙක් ගැන,
    ඔහු හොඳ කෙනෙක් නෙවෙයි, එයාගෙන් මේ සේවාව ගන්න යන්න එපා කියලා.
    මේ කෙල්ල කියනවා,
    "අනේ එහෙම හොඳ නරක කියලා කවුරුත් මේ ලෝකේ නෑ" කියලා. :lol:
    හිනාව සිරකොට බැඳ දමා තබාගත්තා ඇය පිටව යනතෙක් බොහෝ අපහසුවෙන්...
    බොළඳ ටෙලිනාට්‍යවල ආනුභාවයෙන් ඇගේ සිත මුලාවෙන් පිරී ඇති අපූරුව... :rofl:
    ඉතා වටිනා දර්ශනාත්මක අදහස්, ඇතැම් "ගොබ්බ", "මෝඩ" ටෙලි නාට්‍ය, චිත්‍රපට, ගීත විසින්
    සමාජයට දෙනකොට ඒ වටිනා අදහස් කතාවේ රටාවටම, වැරදියට, මෝඩ විදියටම ගන්නවා ප්‍රේක්ෂකයන් විසින්...
    එහෙම ශ්‍රේෂ්ඨ අදහසක් තමයි, මේ වැරදියට තේරුම් අරන් තියෙන්නේ.
    අනිවාර්යයෙන්ම මෝඩ ටෙලි නාට්‍යයක ඔය බස ඒ දවස්වල යන්න ඇති... :D


    මෙතන "තුරු හිස" යන්න මං දකින්නේ තවත් සංකේතයක් විදියට.
    සමාජය පිළිගත්, උසස් යැයි කියාගන්නා, ඉහළ මට්ටමේ ඉන්න පුද්ගලයෙක් වුනත්...
    ඒ තැනැත්තා කියන දේ "කුරුළු ගී" වගේ සවනට ප්‍රිය වුවත්, සුන්දර වුවත්...
    ඒ අදහස් තුළ සැබෑ අරමුණ, "ඒ ගී උල්පත්" හෙවත් සැඟවී ඇති සත්‍යය කවරක්ද කියා සොයා බැලිය යුතුයි.
    "මගේ දූ" හෙවත් හීන ලෝකයේ ජීවත්වන බොහෝදෙනා ඒ යථාර්තය දන්නේ නෑ.
    ඒ නිසා ඒ ලස්සන වචන වලට රැවටිලා, අවසානයේ සිදුවෙන්නේ කඳුළු හෙලන්න... :(

    :D සිනා මල් ගොඩක්... :D
    :yes: නෑ කඳුළු මල් ගොඩක්... :yes:
     
    Last edited: