අන්ත දෙක සහ නිවන

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,508
    1,969
    113
    බොහෝ අයට තියන ගැටළුවක් තමයි හැම තැනම දෙපැත්ත ක් ගැන කථා කිරීම.

    දෙපැත්ත ක් කියන්නේ අන්ත දෙකක්. අන්ත දෙකක් කියන්නේ එකක් නිසා එකක් පවතින බවක්.

    ඔබ යමක් ඇති බව හෝ නැති බවක් දැනගන්නේ අන්ත දෙක, නැතිනම් දෙපැත්ත ක් නිසා.
    හේතුව සහ ඵලය ලෙසින් පෙන්වූයේ එයයි.

    ඔබ දැනගත් එළිය පවතින්නේ අඳුර නිසා.
    ඒ වගේම අඳුර පවතින්නේ එළිය නිසා.

    ඒ දෙකම එකක් නැතිව එකක් පවතින්න බැරි අන්ත.
    ඒ දෙකම පෙර පටන් නිත්‍යව පවතිනව නොවේ.
    අරමුණ සමගමයි සකස් වෙන්නේ.

    ඔය විදියට අරමුණ සමග එකක් නැතිව එකක් පවතින්න බැරි ලෙස සකස් වන දෙපැත්ත තමයි, අන්ත දෙක, නැතිනම් හේතු ඵල.
    එසේ නොවුනා නම් ඔබට කිසිම දැනගැනීමක් වෙන්නේ නෑ.

    ඔය අන්ත දෙකක සකස් වීම තමයි බුදුන් වහන්සේ පළමු දේශනාව මගින් පැහැදිලි කලේ. ඒ තවදුරටත් දුෂ්කර ජීවිතයක් ගත කල පස්වග තවුසන්ට.
    එතන පෙන්වූයේ දුක, සැප අන්ත දෙක.
    එයත් එකක් නැතිව පවතින්නේ බැරි හේතු වක් සහ ඵලයක්.

    හේතුව සහ ඵලය දෙකම හැම විටම දෙපැත්ත මාරු වීමක්. හේතුව ඵලය වෙනවා, නැවතත් ඵලය හේතුව ක් වෙනවා.
    හේතු-ඵල ක්‍රියාවලිය එයයි.
    එතන හේතුව සහ ඵලය නිත්‍යව පවතින්නේ නෑ.
    එකක් තිබුනොත් විතරයි අනෙක පවතින්නේ.
    ඒ නිසා තමයි මෙය ඇතිවිට, මෙය වේ කියලා පෙන්වන්නේ.

    ඔබ දැනගන්න හැම තැනකම තියෙන්නේ එකක් නිසා එකක් පවතින බවක් මිස දෙකක් නිත්‍යය ව පවතින බවක් නොවේ.

    එකක් අනුව එකක් සකස් වීම දිගටම සිදුවෙමින් යන ක්‍රියාවලිය තමයි හේතු ඵල ක්‍රියාවලිය.
    එයට තමයි අනිත්‍ය කීවේ.
    දෙපැත්ත නිත්‍යව නොපිහිටා, දෙපැත්ත මාරුවෙමින් යෑම. එතන නැති වීමක් නෑ.
    නතර නොවීම දෙපැත්ත මාරුවෙනවා.

    ඒක නොදකින නිසා අරමුණ වන්නේ දෙකින් එකක්.
    ඒ සමඟම එහි ප්‍රතිවිරුද්ධ ස්වභාවය සකස් වනවත් සමග එකක් නැතිව එකක් පවතින්න බැරි දෙපැත්ත ක් වෙලා දෙපැත්ත එකිනෙකට බැඳෙනවා.
    ඒක තමයි ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්ච යි තණ්හා කියන්නේ.

    ඔතන තියෙන්නේත්, එකක් අනුව එකක් සකස් වීමක්.
    පටිච්ඡ සමුපාදය එයයි.

    ඉතින් අන්ත දෙක නැතිව, එහෙමත් නැත්නම් දෙපැත්ත ක්
    වන හේතු ඵල දෙක නැතිව දහම ගැන කථා කරන්න බෑ.

    මෙතන ඔබ මෙය කියවන්න අරමුණු කරන විටත් දෙපැත්ත සකස් වෙලා.
    ඒ නිසා තමයි කියන මමත් කියවන ඔබත් ඇති බව දැනගන්නේ.

    මෙතන අකුරු, වචන ගැන දැනගන්නත් ඒ නිසා ම තමයි.

    මෙතන අරමුණ සමග දෙපැත්ත ක් මැවුනා වගේ ම තමයි, දකින, අහන, දැනෙන, හිතෙන හැම තැනකම දෙපැත්ත මැවෙන්නෙ.

    එය පෙර පටන් තිබූ එකක් නෙවෙයි.
    ඒත් ඒක පේන්නේ නෑ.
    ඒ දැනගත් දෙපැත්ත ම, ඇත්තටම පවතිනවා කියලා හිතාගෙන, දැනගත් දෙපැත්ත ගැන තමන්ගේ දැනුමට අනුව සංසන්දනය කරගෙන, ප්‍රිය/ අප්‍රිය, කැමති/ අකමැති ලෙස හේතුව සහ ඵලයක් දිගටම සකස් වනවා.

    උපත සහ මරණය එයයි.

    දෙපැත්ත සකස් වීම මායාවක් බව දකින තුරු ම, මරණින් මතු උපතක් ඇති බවත්, උපතට පෙර තවත් තැනක මරණයක් තිබූ බවත් හිතෙනවා.

    ඒත් එය මැවෙන දෙපැත්තක් බව දැනෙන්නේ නෑ.
    ඇත්තටම දෙපැත්ත ක් පවතින්නේ නෑ, මැවෙනවා හැර.
    බුදුන් වහන්සේ ඔය මැවෙන බව තමයි, විඥාන මායාව කීවේ.

    ඒක පෙන්වන්න තමයි සසර නිවන කියල දෙපැත්ත ක් මවලා, යථා-ස්වභාවය වන මැවීමක් නොවන බව පෙන්නුවේ.

    ඒ නිසා, දෙපැත්ත ක් නොවන බව දැක්කත්, ඒ බව පෙන්වන්න, දෙපැත්ත ක් ගැන, එනම් අන්ත, නැතිනම් හේතුව සහ ඵලය ගැන කථාකරන්න ම වෙනවා.

    මෙතනත් දෙපැත්ත ක් මවාගෙන තමයි ලියන්නේ.
    එය මවාගැනීමක් බව දකින තුරු ම දෙපැත්තෙන් නිදහස් වෙන්න බෑ.

    වචන කියන්නෙත් දෙපැත්ත ක් නිසා සකස් වන බවක්.
    ඒ නිසා තමයි වචී සංඛාර වෙන්නේ.
    මේ කියන දේ වචනවලින් තේරුම් අරගෙන හරි/ වැරදි දෙකක් හමුවෙනවා නම්, ඒ ත් මේ කියන දෙපැත්ත ක් නොවන බව නොවේ.

    එය ඔබට දැනුනොත්, වචන නැතිව ගොළු උනා වගේ වෙනවා.
    නිහඬ තාවයට පත් වීම එයයි.
    එතනට තමයි ශුන්‍යතා ව කියන්නේ.

    එය මොකුත් නෑ කියන එකවත්, අසංඥ වීමවත් නොවේ.

    පවතින ස්වභාවයේම, යථා ස්වභාවය දැකීමයි.

    Copied~

    https://www.tiktok.com/@billysbob02/photo/7310792334457720066?_r=1&_t=ZS-950MrvEypPQ
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,619
    113

    Riz Razak ගේ ලස්සන පැහැදිලි කිරීමක් තිබුණා ඕක ගැන
    රදළ පන්තිය + මල්වතු අස්ගිරි නිකාය සෙල්ලම + ඉඩම් මාෆියාව ගැන

    හොයලා බලන්න interested නම් 👀
     
    • Like
    Reactions: ob_server