මැතිවරණ පරාජය advice

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මැතිවරණ පරාජය advice

    මැතිවරණ ජයග්‍රහණය සැමරීම වගේම මැතිවරණ පරාජයකින් පසුව දැනෙන වේදනාව අඩු කර ගැනීමත් මානසික සෞඛ්‍ය රැක ගන්න වැදගත්.
    මේ තත්ත්වය වැඩි වුනොත් කාර්යක්ෂම තාවයට බලපානව වගේම ඇතැම් විට ජීවිත හානි කර ගන්නත් පුළුවන්

    එම නිසා පරාද වූ අය තමන්ගෙ මානසික සෞක්‍ය ගැන හිතන්න ඕන වගේම ජයග්‍රහකයොත් ඒ අයට උදව් කරන්න ඕන.
    මැතිවරණය ක් වෙනුවෙන් බැහැල වැඩ කරලා මුදල් කාලය වැය කරලා දිවා රෑ පෝස්ට් හදලා ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉදලා එ දේ කරන්න බැරි වුනාම බලාපොරොත්තු අහිමි වීමේ දුක දැනෙනවා. සාමාජයේ බහුතරයක් ගෙන් කොන් වුනා වගේ හැගීමක්
    දැනෙනවා.(grief ).

    මුලින්ම වෙන්නෙ ප්‍රතිපල පිළි ගන්න මැලි වීම.
    "නේ නේ එහෙම වෙන්න බෑ".
    වැරදිලා වෙන්න ඇති"
    "ලංකාවම දිනලා නෑ
    "බහුතරය මෝඩයි"
    කියල හිතෙන්නෙ මේ වගේ වෙලාවට.

    ඊලගට තරහ ගන්නව .විරුද්දව චන්දය දීපු අයට ,තමන්ටම මීට වඩා මහන්සි නොවුනට ,පෙදුවේ සමාජයටම බනින්න පටන් ගන්නවා.

    ඊටත් පස්සෙ තත්ත්වය ටික ටික තේරැම් ගන්නවා එතකොට තමයි දුක දැනෙන්න පටන් ගන්නෙ.

    කාලයක් තිස්සෙ පවුලෙනුත් ඈත් වෙලා වගකීම් අත් හැරලා හිටපු අයට පවුලට මූන දෙන්න බැරි වෙන්න පුළුවන් .
    ගෙදරින් එලියට බැස්සහම අසල් වැසියන්ට මූන දෙන්න සතුටු වෙන අය දකින්න අපහසු වෙන්න පුළුවන්.
    මාධ්‍ය වල යන දේශපාලන වැඩසටහන් උත්සව වගේම අතැම් මාධ්‍ය වල පෙරලි දැක්කම ⁣හොස් ගාලා දැනෙන්න පුළුවන් .

    සමාජ මාධ්‍යත් නයාට වහ කදුරු වගේ දැනෙන්න පුළුවන් .

    🙏🙏🙏මේ වගේ වෙලාවට මොනවද කරන්න ඕන

    සතියක් දෙකක් මාධ්‍ය වලින් ඈත් ව ඉන්න

    කලබල වෙනින එපා.කලබල වුනොත් තරහ ගියොත් අන් අයගේ විහිලුවට ලක් වේවි.
    තමන් උදව් කල පැත්තට බහුතරය අකමැති ඇයි කියා සොයා බලන්න.
    සමාජ මාධ්‍ය වලිනුත් ටික දවසක් ඈත් වෙන්න.එසේබැරි නම්
    විරැද්ද මත දරන අය බාධා block කරලවත් තියන්න.දුක හිතෙන. කරුනු අඩංගු ලින්ක් click කරන්න එපා
    පවුලේ අය සමග කාලය ගත කරන්න .සිංදු අහන්න film බලන්න.
    ආදරය කරන අය සමග රවුමක් යන්න
    ජයග්‍රහණය ගැන කතා කරන තැන් වලින් ඉවත්ව ඉන්න.වාදයට යන්න එපා.
    රැකියා වට ඉක්මනින් යන්න .දවස කාර්ය බහුල කර ගන්න.

    සමාන හැගීම් තියන පොදුවේ පරාජය නිසා ඇතිවූ දුක තිබෙන අයත් එක්ක නිතර කතා කරන්න
    එ අයටත් උදව් කරන්න

    තමන්ගෙ supporters කතා කරන්න .හිත සනසන්න.
    ගෙදර තියන ප්‍රචාරක පත්‍රිකා දැන්වීම් නොපෙනෙන තැනකට දාන්න.
    විය්‍යාම කරන්න .රස කෑම කන්න .
    සිදු වූ දෙයට පසු තැවීම නොව අනාගතය ජය ගන්න සිතන්න.
    :P:P:P.
    Suranga Mahesh Thilakarathne

     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙ දවස් වල තියෙන වලි වලින් ඔක්කොම වගෙ ඔය සීන් එක නිසා, මන් දැක්කා ඊයෙත් මරගෙන, පෙරෙදත් තව එකක් ටි වි එකෙ පෙන්නුවා ගහ ගන්නවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නාථ සර් නම් මානසිකව වැටිලලු.ජන්ද ප්‍රථිපල අාපු දවසෙ ඉඳන් අද වෙනකන්ම රෝස් පාන් ඵකක් විතරයි කාල තියෙන්නෙ..:(
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    මෙ දවස් වල තියෙන වලි වලින් ඔක්කොම වගෙ ඔය සීන් එක නිසා, මන් දැක්කා ඊයෙත් මරගෙන, පෙරෙදත් තව එකක් ටි වි එකෙ පෙන්නුවා ගහ ගන්නවා.


    නයා බලන්න කැලනි ගිය මිනිස්සුනේ බන්.. :lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    අහස කළු කරීම මානසික ප්‍රශ්නයක් නිසා ඇස් අන්ධකාර වෙලා කියලා හිනා වෙන්න පුළුවන් උනත්

    කුරුල්ලො කැදැලි කරා පියඹා නොයෑම,
    ගෙදර බත් මුට්ටිය ඉදෙන්නෙ නැති එක,
    පාරේ බස් එක තැන නැවතිලා තිබීම වගේ දේවලුත් තියෙන බව මතක තියාගන්න. මේ ශොක් එක මනසට විතරක් නෙවේ, ජීවී අජීවී වස්තූන්ටත් බලපානවා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    අහස කළු කරීම මානසික ප්‍රශ්නයක් නිසා ඇස් අන්ධකාර වෙලා කියලා හිනා වෙන්න පුළුවන් උනත්

    කුරුල්ලො කැදැලි කරා පියඹා නොයෑම,
    ගෙදර බත් මුට්ටිය ඉදෙන්නෙ නැති එක,
    පාරේ බස් එක තැන නැවතිලා තිබීම වගේ දේවලුත් තියෙන බව මතක තියාගන්න. මේ ශොක් එක මනසට විතරක් නෙවේ, ජීවී අජීවී වස්තූන්ටත් බලපානවා


    :lol::lol::lol: