අත හෝදන

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මචන් උබල අත් ට්‍රැක්ටරේ පදින්න කලින් කීපාරක් අත හොදනවද ? අත හෝදන්නේ නැතුව ඇල්ලුවොත් සමාජ රෝග හැදෙන්න පුළුවන් නේද ? මන් නම් 10 පාරක්වත් සබන් දාලා ඇත හෝදනවා .එත් බන් මට ඒක වදයක් වෙලා දැන්.ටැක්ටරේ පදිද්දී නිකන් හරි අත බාහිර දේක වැදුනොත් ආයේ සබන් දාලා හෝදන්න ඕනේ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මම නම් අත හෝදන්නැතුවමයි කරන්නේ හැබැයි නාද්දි හොඳට සබන් දාලා හෝදනවා

    අතේ තියෙන විෂබීජ අරකෙ ගැවිලා මොකක් හරි ලෙඩක් එන්න පුළුවන්නේ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    :oo:
    ලොකු ට්‍රැක්ටරේට මාරු වෙයං..! ඒක පට්ට.! :cool::rofl::P
    :D
    ඕක OCD එකක්. :yes:
    ehema hithuna matath

    :P:P




    උබ ජීවත් වෙන පරිසරය රස්සාව අනුව තමා... :rolleyes:
    e kiwwe?

    උඹට OCD
    :oo:
    OCD matath oka tiye

    uba mokada karanne? atha hodanawada gahanna kalin
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,671
    1
    60,270
    113
    Mother Earth
    උබේ පයිය කළු වෙලා නම් උබ මැකෑනික් වැඩ කරල පයියෙ මජං ගෑවිලා. උබ මේසන් බාස් කෙනෙක් නම් පයියෙ හම පැලිල ඇති සිමෙන්ති සැරට. උබ ගුරුවරයෙක් නම් පයිය සුදු පාට වෙලා ඇති අතේ තියෙන හුණු ගෑවිලා. :D
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    උබේ පයිය කළු වෙලා නම් උබ මැකෑනික් වැඩ කරල පයියෙ මජං ගෑවිලා. උබ මේසන් බාස් කෙනෙක් නම් පයියෙ හම පැලිල ඇති සිමෙන්ති සැරට. උබ ගුරුවරයෙක් නම් පයිය සුදු පාට වෙලා ඇති අතේ තියෙන හුණු ගෑවිලා. :D
    ubala atha hodanne nathuwa allanawada


    :oo:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙන්ටලි කේස් එකක්ද මන්දා , මන් දන්නා කෙල්ලෙක් හිටියා ඒ කෙල්ල දොරක් ඇරියත් අත හෝදනවා , කව්රු හරි ලඟින් ගියත් ඇති ඇඟ හෝදනවා. පබ්ලික් තැනකට ගිහින් ආවොත් පැය 1 1/2 - 2 නානවා :yes: . කව්රිත් නැත්තං දොරවල් ඇරන් යන්නේ කකුලෙන් . ගෙදර උන් පට්ට stress එකෙන් හිටියේ මේක නිසා. :P කෝම හරි දැන් ඒක හොඳයි. බැඳලා ලමෙකුත් ඉන්නවා. :rolleyes:
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මෙන්ටලි කේස් එකක්ද මන්දා , මන් දන්නා කෙල්ලෙක් හිටියා ඒ කෙල්ල දොරක් ඇරියත් අත හෝදනවා , කව්රු හරි ලඟින් ගියත් ඇති ඇඟ හෝදනවා. පබ්ලික් තැනකට ගිහින් ආවොත් පැය 1 1/2 - 2 නානවා :yes: . කව්රිත් නැත්තං දොරවල් ඇරන් යන්නේ කකුලෙන් . ගෙදර උන් පට්ට ස්ටේර්ස් එකෙන් හිටියේ මේක නිසා. :P කෝම හරි දැන් ඒක හොඳයි. බැඳලා ලමෙකුත් ඉන්නවා. :rolleyes:

    mamath " පබ්ලික් තැනකට ගිහින් ආවොත් පැය 1 1/2 - 2 නානවා" meka arenna okkoma karanawa
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mamath " පබ්ලික් තැනකට ගිහින් ආවොත් පැය 1 1/2 - 2 නානවා" meka arenna okkoma karanawa


    ඔව් අපිත් එළියට ගිහින් ආවම
    හිතේ හයිය අතට ගන්නවා..:oo:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ගත්තේ ඩොකාගේ ඩයරිය FB PAGE එකෙන් .

    මෙන්න ලින්ක් එක https://www.facebook.com/doczdiary/photos/a.538214186337536/1445404768951802/?type=3&theater






    මේ ලෙඩා ගැන කතාව කියන්නේ විශේෂඥ මනෝවෛද්‍යතුමෙක්.


    මේ රෝගියා තරුණියක්. ඈ කුඩා කල පටන් නිතර අත සෝදනවාලු. කෑම කන්න කලින් දහ දොළොස් පාරක් විතර. වැසිකිළි ගියායින් පස්සෙ ඊටත් වඩා වැඩියි ලු. කොහොමහරි මෙයාගේ දෙමාපියන් මේ දේ වැඩිය ගණන් අරන් නැහැ.

    පසු කලෙක ඈ විවාපත් වනවා. තත්වය උග්‍ර අතට හැරෙන්නේ ඉන් පසුවයි. මේ තරුණිය තම ස්වාමියාගේ ශරීරයේ ඇති දාඩිය බිඳුවක් ගැන පවා අධික ලෙස සැළකිලිමත් වනවා. දෙතුන්වතාවක් නොනා මිස නිදියහනට වැදීම ඈ ඔහුට තහණම් කරනවා. ඔහුගේ රහස් ප්‍රදේශ දස වතාවක් පමණ සිය දෑතින් ම සෝදා පිරිසිදු කිරීමට ඈ වග බලා ගන්නවා. ඈ සමඟ ලිංගික හැසිරීම කෙසේවෙතත් මේ දේවල් වලින් තෘප්තියක් ලබන්නට පසුව ඔහු පුරුදු වූවාලු !

    කෙසේ වෙතත් ඔහුට ටික කලකින් ම මේ තත්ත්වය වදයක් වනවා. වෛද්‍යවරයෙක් හමුවන්නට ඔහු තීරණය කරන්නේ ඉන් අනතුරුවයි.

    කරන ලද ප්‍රතිකාර හමුවේ අද ඇය පූර්ණ සුවය ලබා තිබෙනවා.

    තවත් රෝගියෙක් ගැන කතාවක් මා දැන් ඔබට කියන්නම්. මෙයාට තිබ්බ ප්‍රශ්නෙ සියල්ලම පිළිවෙළකට හදන්න යන එක.

    ගෙදර හැම දේම හරි තැන තියෙන්න ඕනි. ඇඳ ඇතිරිල්ල හරියට තියෙන්න ඕනි. එක රැල්ලක් වත් තියෙන්න බැහැ. කුස්සියෙත් ඔක්කොම නීට් එකට තියෙන්න ඕනි. එහෙම නැත්නම් මෙයා විසිපාරක් හරි ඒක හදනවා. සමහර වෙලාවට මේස රෙද්ද දාලා ඒක පොඩ්ඩක් හරි ඇද වෙලා තිබ්බොත් සියපාරක් හරි ඒක එහෙ මෙහෙ කරනවාලු. කොහොමහරි ගෙදර අයට මෙයාගේ මේ too much පිළිවෙල ගතිය වදයක් වෙලා තිබුණා. ඒ හන්දාම එයාලා විශේෂඥ මනෝවෛද්‍ය උපදෙස් ගන්න ඇවිත් හිටියා.

    තවත් ලෙඩෙක් ඇවිත් හිටියෙ ජීවිතය එපා වෙලා සියදිවි හානි කරගන්න ගිහින්. මෙයාට depression හැදිලා. ඇයි කියලා හොයලා බලද්දී මෙයාට හිතෙනවාලු ගෙදර දොර ජනෙල් වහලා නැහැ කියලා. ඉතින් මෙයා ගිහින් බලනවාලු. ඒවා වහලා නිසා මෙයා ආයෙම එනවා. ටික වෙලාවකින් මෙයාට ආයෙම හිතෙනවාලු ඒවා ඇරලා කියලා. ඉතින් මෙයා ආයෙම යනවා වහලා ද බලන්න. එයා දන්නවාලු එක පාරක් බැලුවා කියලා. ඒත් සිතුවිලි එනවාලු ඇරලා කියලා. එහෙම සිතුවිලි එන එක පාලනය කරගන්න බැහැලු. අන්තිමට මෙයා ඒ ගැන හිතලා ම එයාට මානසික පීඩනය එහෙමත් නැත්නම් depression හැදිලා. කොච්චර දරුණුවට තත්ත්වය උත්සන්න වෙලා ද කියනවා නම් එයා ට මේ පීඩනය දරාගන්න බැරිව ජීවිතයට හානි කරගන්න ගිහින්.

    තවත් අයෙක් වෛද්‍යවරයා හමුවට ඇවිත් හිටියේ තමන්ගේ පසුම්බියේ ඇති මුදල් නිතරම ගණන් කරන්නට සිතෙන නිසාවෙන්. කොච්චර ගණන් කළත් ඔහුට ගණන වැරදියි කියා නිතරම සිතෙනවාලු. ඒ සිතුවිල්ල සිතෙන් අයින් කරගන්න බැහැලු. ඉතින් ඔහු කරන්නේ නැවත් නැවත් තම මුදල් ගණන් කරන එක.

    තවත් තරුණයෙක් වෛද්‍යවරයා හමුවට එන්නේ තම බිරිඳ තමන් ව හේතුවක් නැතිවම සැක කිරීම නිසාවෙන්. ඇය ඔහුට පැයකට වතාවක්වත් දුරකථන ඇමතුමක් ලබා දී කොහෙද ඉන්නේ කියා අසනවාලු. වෛද්‍යවරයා ඇයගෙන් ප්‍රශ්න කිරීමේදි පවසා සිටියේ ඔහු ඇයට හොර කරනවා කියා සිතුවිල්ලක් ඇයට පාලනය කරගත නොහැකි ලෙස ඇතිවෙන බවයි.

    ඉතින් මෙන්න මේ කුමන ආකාරයට පැමිණියත් මෙම තත්වය එකම රෝගී තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි.

    වෛද්‍ය විද්‍යාවේ මෙම තත්ත්වය හඳුන්වන්නේ obsessive compulsive disorder ලෙස.

    නම ටිකක් විතර බරසාර වුණාට මෙහි තේරුම ඉතා සරල දෙයක්.

    මෙහිදී රෝගියාගේ සිතේ ඔහුට වදයක් වන අප්‍රසන්න සිතුවිලි නැවත නැවත ඇතිවන අතර කොයිතරම් උත්සාහ කළත් රෝගියාට ඒවා ඇතිවීම පාලනය කරගත නොහැකිවේ.

    ඒ නිසාම රෝගියා කරන්නේ එම සිතුවිල්ල නැතිකර ගැනීමට සිතුවිල්ල මඟින් මෙහෙයවන දෙයක නැවත නැවත යෙදීමයි.

    (තමන් අපිරිසිදු යැයි සිතිවිලි එන රෝගියා නැවත තැවත අත සේදීම වැනි ). මෙසේ එකම දෙය නැවත නැවත සිදුකිරීම රෝගියාට වදයක් වන අතර ඒ නිසාම ඔහු මානසික පීඩනයට සහ කාංසා තත්ත්වයකට ලක්වේ.

    මේ වැඩය කරන විට අනික් අයගෙන් බාධා ඇතිවුණොත් රෝගියා කේන්තියට පත්වනු දැකිය හැකිය.

    එසේම වැඩිවෙලාවක් මෙසේ එකම දෙය සිදුකිරීම නිසා ඔහු අනෙක් රාජකාරී සියලම පාහේ අතපසුකර ගෙන සමාජයීය වශයෙන් ද පසුබෑමකට ලක්වන බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

    බොහෝවිට මොවුන් එකම දේ නැවත නැවත කිරීම නිසා අන් අයගේ උසුළු විසුළු වලට ලක්වනවා.

    මෙම තත්ත්වය රෝගයක් ලෙස සැළකීමට නම් රෝග ලක්ෂණ සති දෙකක් හෝ ඊට වඩා වැඩි කල් තිබිය යුතු වනවා.

    දැනට විශ්වාස කරනු ලබන්නේ මොළයේ සිතුවිලි සහ ක්‍රියාව පාලනය කරන ප්‍රදේශ වල ඇතිවන අසාමාන්‍ය රසායනික සම්බන්ධතා නිසා මෙම රෝගය ඇතිවන බව.

    ඉඳින් මේ තත්ත්වය අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කළ යුතු තත්වයක් බව දැන් ඔබට වැටහෙනවා ඇති.

    මෙහිදී වෛද්‍යවරයා රෝගියාට චර්‍යාමය ප්‍රතිකාර ලබාදෙනවා. එහිදී සිතුවිලි පාලනයට රෝගියා හුරුකරනු ලබනවා. එසේම ඊට සමගාමීව ඖෂධමය ප්‍රතිකාර ද වෛද්‍යවරයා විසින් රෝගියාට නියම කරනු ලබනවා.

    ඉතින් ප්‍රතිකාර හමුවේ රෝගීන් සම්පූර්ණයෙන්ම වාගේ සුවය ලබන බව සමහර විට ඔබ නොදන්නවා ඇති.

    ඉතින් දැන් ඔබේ වේලාවයි. ඔබත් දන්නවා ඇති මේ වගේ රෝගීන්.

    යොමුකරන්න ඔවුන් ව වෛද්‍ය ප්‍රතිකාර වෙතට. හැකිනම් විශේෂඥ මනෝ වෛද්‍ය සායනයක් වෙතට...

    පෝස්ට් එක ගැන ඔබේ අදහස් මට වටිනවා... like comment කරන්න වගේම තව කෙනෙක් ට මේ ගැන දැනගන්න පෝස්ට් එක share කරන්න අමතක කරන්න එපා.

    ඒවාගේ ම මේවගේ post තව කියවන්න කැමති නම්like,follow කරන්න මගේ facebook පිටුව, ඩොකාගේ ඩයරිය.

    මම වෛද්‍ය ජයසංඛ නවෝද් - ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල