පිළිකාව නිටිටාවටම සුවකිරිම

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    පිළිකාව නිටිටාවටම සුවකිරිම

    ඔබ දන්නා අයකු පිළිකා රෝගයට ගොදුරු වී ඇත්නම් ඒය නිට්ටාවටම සුවකර ගැනීමේ බෙහෙත් වට්ටෝරුවක් තිස්සමහාරාමයේ වෙද මහතකු විසින් සොයාගෙන ඇත. රෝගයෙන් සම්පූර්ණම සුවය ලැබූ කිරිබත්ගොඩ සිට පැමිණි මැගේ කතාව අහලා බලන්න. හැකිතාක් මෙය ශෙයාර් කිරිමට කාරුණික වන්න
    දේශමාන්‍ය සිසිර ගමගේ වෛද්‍යාචාර තුමා
    "මිණිකිරණ" වෙද මැදුර
    ආසිරිමාවත
    දියස් යාය
    තිස්සමහාරාමදුරකථන.
    0774714200
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    http://www.elakiri.com/forum/showthread.php?t=1921388

    මෙහෙම දෙයක් තියනවා,, ලංකාවේ මේ වෙනකොට පිලිකා සුව කරනවා කියලා කීප දෙනෙක්ම බිහි උනා,, මිනිසු අසරන උනාම ඕවාට යනවා,

    මීට කලිනුත් බලංගොඩ මෙහෙම කෙනෙක් හිටියා,(පොලොස් ගෙදර කියල කිව්වෙ ) ඒ කාලෙ හිටිය comedy නලුවෙක් තමයි මෙතන ප්‍රසිද්ද කලේ,(මතකත් අති පිංපොං ලගෙ කාලෙම පොරක් ආව "බංකු බංකු " කියල කිව්වහම දන්නවා, ඇඩ් එකකත් හිටියා ) .. මිනිහට සනීප උනා, බොහෝම තාවකාලිකව, හැබැයි ඒ පිලිකාවෙන්ම පොර මියගියා...

    මේ දේවල් ගොඩක් වෙලාවට කරන්නේ ස්වාභාවික දේ යොදාගෙන, ඒ හින්දා පිලිකාවක මුල්ම අවදියේ සුව වෙන්න හැකියාවක් තියනවා.. ඒ හින්දා එහෙමම සුව වුනා කියලා Follow-up එන්නෙ නැතුව මට දැන් හොදයි කියල අතැරල දාපු පිරිස් බොහෝයි... ඒ අයට අත් උන ඉරනමත් එතරම් හොද නැහැ..

    පිලිකාවක එක එක stages තියනවා,, treatment එක තීරනය වන්නේ ඒ අනුව... නමුත් මේහෙම කිසිම හොයල්ලක් බැලිල්ලක් නැතුව එකම බෙහෙත මේක බලසම්පන්නයි කියල දෙන එක මම අනුමත කරන්නේ නැහැ.. බෙහෙතක් හොයාගත්තා කියන්න කලින් trial කරන්න ඔනේ,, නියම දත්ත අවශ්‍යයි..

    වැදගත් මෙපමන ප්‍රමානයක් සුව උනා කියන එක නෙවෙයි... Prognosis එක මනින්නේ නැහැ අපි සුව උන ප්‍රමානයෙන්.. දත්ත ඉදිරිපත් කරන්න පුලුවන්නම් සුව උන ප්‍රතිශතය, ඒ වගෙම ඉදිරි වසර 5ක් හෝ 10ක් යන විට ඒ සුව උන අයගේන් පිලිකාව නැවැත වැලදී මියගය ප්‍රතිශතය, අතුරු ආබාද,, මේවා ගැන නියම දත්ත නැතුව බෙහෙතක් හොයාගත්තා කීම අහිංසක ජනතාව මුලා කිරීමක්

    ගොඩක් අය කියන දෙයක් "ඉංග්‍රීසි බෙහෙත් ගත්තහම මැරෙන්නේ ලෙඩෙන් නෙවෙයි, බෙහෙතින්"කියන එක, නමුත් කිසි කෙනෙක් හිතන්නේ නැහැ පිලිකාව කියන්නේ එසේ මේසෙ ලෙඩක් නොවෙයි කියන එක, අද ලෝකයේ පිලිකා වැඩිවීමට හේතුව මිනිසාගේ ජීවන රටාව.. ඔක්කොම නොවුනත් බහුතරයක් පිලිකා එහෙමයි, මේක හිතුවනම් මිනිස්සු ගොඩාක් පිලිකා හදා නොගෙනම ගොඩයන්න තිබ්බා..

    මේ වගේම ඕගොල්ලො අහල ඇති "වෑල්ඩින් වෙද මහත්තයා" ගැන, ලගදි නැතු උනා,,, මේයත් කකුල් වල ප්‍රශ්න තියෙන අය විශාල ප්‍රමානයක් සුව කලා,, නමුත් ඒ වගෙම විශාල ප්‍රමානයක් රෝහල් වලට නැව්ත ආවා වෑල්ඩින් වෙද මහත්තයාගේ ප්‍රතිකාර වලින් පසුව කකුල් තිබ්බාටත් වඩා අමාරු උන...

    ඒ හින්දා මේ වගේ දෙවල් නිසි හැදෑරීමක් නැතුව ජනගත කරන්න හොද නැහැ.. මේක ආන්ඩුවකින් විය යුතු දෙයක්,, මම නම් කියන්නේ මේ වගෙ මිනිසුන්ට රජයේ වියදමින් research කරල සාර්තක නම් මේවා පිටරට වලට පවා ගෙනියන්න අත හිත දෙන්න ඕනේ...
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ලංකාවේ සතියට දෙපාරක් පිලිකා වලට බෙහෙත් නම් හොයා ගන්නවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ලංකාවේ සතියට දෙපාරක් පිලිකා වලට බෙහෙත් නම් හොයා ගන්නවා

    ඉතුරු ටිකට ඒඩ්ස් වලටයි ඩෙංගු වලටයි බෙහෙත් හොයාගන්නවා

    ලගදි දවසක් එකෙක් මාත් එක්ක හෙනම ආගියුමන්ට් එකක් ගියා ඩවුන්ස් සින්ඩ්‍රෝම් (සාමාන්‍ය ව්‍යවහාරයෙදි මන්ද බුද්ධික කියලා කියන්නෙ) සනීප කරන්න පුලුවන් වෙදමහත්තයෙක් ඉන්නවා කියලා. මිනිහට වෙන කවුරුවත් කියන එකක් අහන්න උවමනාවකුත් නැහැ හිතන්නෙම සනීප කරන්න පුලුවන් කියලා. ඕක හැදෙන්නෙ ඇයි කියන එක ගැන පොඩිම අවබෝධයක් තියන එකෙක් දන්නවා ඕක සනීප කරන්න බැහැ කියලා. (සනීප කරන්න නම් ඇගේ සියලුම සයිල වල තියන ජාන වෙනස් කරන්න ඕන, සමහරවිට ඊයෙ පෙරේද හොයාගෙන තියන CRISPR වගේ එකක් උපරිම දියුණු තත්වෙකට ආවොත් ඇරෙන්න කවදාවත් මේක සනීප කරන්න බැරි වෙයි)
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඉතුරු ටිකට ඒඩ්ස් වලටයි ඩෙංගු වලටයි බෙහෙත් හොයාගන්නවා

    ලගදි දවසක් එකෙක් මාත් එක්ක හෙනම ආගියුමන්ට් එකක් ගියා ඩවුන්ස් සින්ඩ්‍රෝම් (සාමාන්‍ය ව්‍යවහාරයෙදි මන්ද බුද්ධික කියලා කියන්නෙ) සනීප කරන්න පුලුවන් වෙදමහත්තයෙක් ඉන්නවා කියලා. මිනිහට වෙන කවුරුවත් කියන එකක් අහන්න උවමනාවකුත් නැහැ හිතන්නෙම සනීප කරන්න පුලුවන් කියලා. ඕක හැදෙන්නෙ ඇයි කියන එක ගැන පොඩිම අවබෝධයක් තියන එකෙක් දන්නවා ඕක සනීප කරන්න බැහැ කියලා. (සනීප කරන්න නම් ඇගේ සියලුම සයිල වල තියන ජාන වෙනස් කරන්න ඕන, සමහරවිට ඊයෙ පෙරේද හොයාගෙන තියන CRISPR වගේ එකක් උපරිම දියුණු තත්වෙකට ආවොත් ඇරෙන්න කවදාවත් මේක සනීප කරන්න බැරි වෙයි)

    lankawe minissunta monawahari amuthu athbootha kathawak kiwweth kata aragena eka piligannawa,, andanna lesiy,, ekai mehema dewal wenne...

    http://www.elakiri.com/forum/showthread.php?t=1921388
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,953
    40,799
    113
    වෙදා හොඳ කෙනෙක්ද හොරෙක්ද කියන්න දන්නෙ නෑ. ඒත් මේ යූටියුබ් චැනල් එක නම් සල්ලි වලට ඕන දෙයක් මාකට් කරන එකක් බව නම් තේරෙනවා.