SWISS UNP drama queen හිරේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,117
    16,968
    113
    අසත්‍ය ප්‍රකාශ ලබාදුන් ස්විස් නිලධාරිනිය ලබන 30 දක්වා රිමාන්ඩ්


    4454878.jpg


    පැහැරගැනීමකට ලක්වූ බවට අසත්‍ය තොරතුරු ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනිය දෙසැම්බර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර සිටියා.

    මෙම කාන්තාව අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගනු ලැබුවේ රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා අනුවයි.

    තමන්ව පැහැරගත් බවට චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් සතියේ දින කිහිපයකදීම දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.

    එමෙන්ම අධිකරණ නියෝග අනුව ඇය අද දිනයේදී අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කර එහිදී විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ද ලක් කරනු ලැබුවා.


    Neth news
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගැනි වැරදි ගවර්මන්ට් එකත් එක්කහ් සෙල්ලම් දැම්මෙ කියලා හිතනවා ඇති
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,968
    113
    ගැනි වැරදි ගවර්මන්ට් එකත් එක්කහ් සෙල්ලම් දැම්මෙ කියලා හිතනවා ඇති

    චූ යන්න අැති.:lol:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අංගොඩටත් ගියා එහෙනම් නංගා! :rofl: කිබුලා මාමා දිරෝගන්න බැරි ආතල් එකක් නංගාට දීල! :baffled: :sorry: