Sri Lankan Black Panther Still Alive

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    lyb6114.jpg


    වඳවී ගිය බවට සැළකුණු ශ්‍රී ලංකාවේ කළු කොටියා (Sri Lankan Black Panther) තවමත් ජීවත්වන බව තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා වනජීවි දෙපාර්තමේන්තුව සමත්වී තිබෙනවා.

    මෙය ශ්‍රී ලංකාවේ කළු කොටියෙකු කැමරාවක සටහන් කරගත් පළමු අවස්ථාව ලෙස සැළකිය හැකියි.

    ලොව වෙසෙන කොටි වර්ග 8 ක් අතුරින් ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂය සුවිශේෂී වන්නේ ඔවුන්ගේ ඉතාමත් සීමිත ගහණය හේතුවෙන්.

    මෙතෙක් කල් වඳවී ගොස් ඇති බවට විශ්වාස කළ කළු කොටියා සැලෙකෙන්නේ ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂයේ වර්ණ ප්‍රභේදයක් ලෙසයි.

    අවසන් කළු කොටියා ලෙස මීට පෙර තොරතුරු සටහන්ව තිබුනේ ද පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව උගුලකට හසුව මිය ගොස් තිබූ සත්ත්වයෙකි.

    ඒ අනුව එම සත්ත්වයාගේ හම යොදාගෙන ගිරිතලේ වනජීවි කෞතුකාගාරයේ නිර්මාණය කළ අනුරුව ශ්‍රී ලංකාවේ කළු කොටියාගේ අවසන් සාක්ෂිය ලෙස සැලකුණා.

    නමුත් වනජීවි දෙපාර්තමේන්තුව දීපව්‍යාප්තව සිදු කරන ශ්‍රී ලංකාවේ කොටි පිළිබඳ ගවේෂණය එම ඉතිහාසය වෙනස් කිරීමට සමත්වුනේ ජීවමාන සාක්ෂියක් සපයමින්.

    කළු කොටි ගැවසෙන බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක වනජීවි දෙපාර්තමේන්තුව දුරස්ථ චලන සංවේදී කැමරා සවිකළ අතර ඉන් එක් ස්ථානයක පමණක් පසුගිය ඔක්තෝබර් මස 26 වෙනි දා මේ අපුරු සාක්ෂිය සටහන් වී තිබුණා.

    ඒ, පසු පස හඹා ගිය වනජීවි දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ කළු කොටියා තවමත් ඉතිහාසයට පමණක් සීමා නොවන බවට තහවුරු කරගත්තේ දර්ශන කිහිපයක්ම තම කැමරාවල සටහන් කර ගනිමින්.

    ඒ අනුව මෙම කළු කොටියාගේ සීමාවේ ශ්‍රී ලංකාවේ කොටි උපවිශේෂයට අයත් ගැහැණු සත්ත්වයෙකු පැටවුන් දෙදෙනෙකු හා තවත් පිරිමි සත්ත්වෙයකු ද සිටින බවට අනාවරණයවී තිබෙනවා.


    මෙය වනජීවි දෙපාර්තමේන්වේ වෛද්‍ය මාලක අබේවර්ධන, වෛද්‍ය මනෝජ් අකලංක යන නිලධාරීන්ගේ මුලිකත්වයෙන් සිදු කළ මෙම ගවේෂණයකි.







    Neth news/newsfirst
     
    Last edited by a moderator:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    andun diviya.. koti koheda lankawe

    :no::rolleyes:උඹට පිස්සුද ඔය ඉන්නෙ හඳුන් දිවියා නෙමෙයි.මේ ඉන්නෙ හඳුන් දිවියා.,

    cVTYjtc.jpg
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කලු දිවියා? කලු කොටියා? :confused:

    එකටම කියන්න ඕන කොටියා & දිවියා කියන්නෙ බිළාල පවුලේම වෙනස් විශේෂ දෙකක්.ලංකාවෙ දකින්න පුලුවන් දිවියන් විශේෂ 2 ක් විතරයි.ඒ,
    • හඳුන් දිවියා (Prionailurus viverrinus)
      prionailurus-viverrinus.jpg

    • කොළ දිවියා (Prionailurus rubiginosus)
      CATS-320-M.jpg

    විතරයි .එතකොට අපි මේ දකින සතා මොකාද?:confused: ඒ ඉන්නෙ ලංකාවට ආවේනික විශේෂයක් වන Panthera pardus kotiya යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන,කොටියා.

    එතකොට ,
    • මේ කලු කොටියා කියන්නෙ???
    :confused:

    අපි අතරෙත් ජාන වෙනස්කම් වෙනව වගේම ,සතුන් අතරත් එහෙම වෙනව.මේ ඒවගේ සිදුවීමකින් හටගත්තු සතෙක්.ශරීර වර්නය ගෙනදෙන්න මූලික වෙන මෙලනීන් වර්නකය වෙනස් වීමක් නිසා,තමයි මේ කලු කොටියා ඇතිවෙන්නෙ.ඒ වගේ කොටින්ට මෙලනිස්ටික් සතුන් කියල කියනවා.එතකොට එයත් අයිති Panthera pardus kotiya කියන විශේෂයටම තමයි.එ විදියට බැලුවම කලු කොටියා කියන්නෙ වෙනම විශේශයක් නෙවෙයි..

    • එහෙනම් මේ සත්වයා වඳ වෙන්න පුලුවන් ද??
    :confused:

    සාමාන්‍ය වර්ණ රටාව තියෙන කොටියෙක්ට මේ වගේ කලු පැහැ කොටියෙක් ඉපදෙන්න පුලුවන්..ඒවගේම කලු කොටියෙක්ට බොහෝ විට සාමාන්‍ය වර්ණ රටාව තියෙන පැටව් ඉපදෙන්නත් පුලුවන්.එතකොට අපිට කියන්න බැහැ වඳ වීමක් ගැන.
    මොකද,කොටි අතර නිලීන වෙලා මේ ජාන ඉස්සරහට යනකොට, ලංකාවෙ කලු කොටි නැති වෙලා,තව අවුරුදු 100ගිහිල්ල හරි සාමාන්‍ය වර්ණ තියෙන කොටියෙකුට මේ වගේකලු පැහැති කොටියෙක් ඉපදෙන්න පුලුවන්.

    #කොහොම_උනත්_මේ_සත්තු_ඉන්නවිදියටම_ඉදීවි…




    උපුටා ගත්තේ : D.V.
    චායාරුප අන්තර්ජාලයෙන්
     
    • Like
    Reactions: HSW