Sri Lankan Black Panther Still Alive

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    meka wanajiwi eken media walata nokiwwanam thama hoda.
    nathnam dan okunwa dadayam karanna, skin eka rata patawanna yai ape mas waddo tika kaleta.
     

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    lyb6114.jpg


    වඳවී ගිය බවට සැළකුණු ශ්‍රී ලංකාවේ කළු කොටියා (Sri Lankan Black Panther) තවමත් ජීවත්වන බව තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා වනජීවි දෙපාර්තමේන්තුව සමත්වී තිබෙනවා.

    I'm Proud of you Bro - White Panther
     
    • Like
    Reactions: khjinesh

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    meka wanajiwi eken media walata nokiwwanam thama hoda.
    nathnam dan okunwa dadayam karanna, skin eka rata patawanna yai ape mas waddo tika kaleta.

    සිරාවට බං .. කැලේ සත්තු කැලේම හැංගිලා ඉන්න තරමට උන්ටත් හොදයි අපිටත් හොදයි.
    නැත්නම් මුව හොයන් ගිහින් මරයි,හැම ගහයි. අන්තිමේ ලස්සන අහිංසක ජිවිතයක් නැති වෙනව විතරයි
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    meka wanajiwi eken media walata nokiwwanam thama hoda.
    nathnam dan okunwa dadayam karanna, skin eka rata patawanna yai ape mas waddo tika kaleta.




    ඔය ඉන්න කැලේ පැත්ත පළාතකට මිනිස්සුන්ට යන්න තහනම් කළා නං :oo:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,572
    1
    10,823
    113
    andun diviya.. koti koheda lankawe

    උඹල තමා සර්පයෙක් දැක්කමත් දන්නවා වගේ හැම එකාටම පොළග පොළඟ කියල ඔලුවටම කෙලින්නේ :dull:
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    lyb6114.jpg


    වඳවී ගිය බවට සැළකුණු ශ්‍රී ලංකාවේ කළු කොටියා (Sri Lankan Black Panther) තවමත් ජීවත්වන බව තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා වනජීවි දෙපාර්තමේන්තුව සමත්වී තිබෙනවා.

    මෙය ශ්‍රී ලංකාවේ කළු කොටියෙකු කැමරාවක සටහන් කරගත් පළමු අවස්ථාව ලෙස සැළකිය හැකියි.

    ලොව වෙසෙන කොටි වර්ග 8 ක් අතුරින් ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂය සුවිශේෂී වන්නේ ඔවුන්ගේ ඉතාමත් සීමිත ගහණය හේතුවෙන්.

    මෙතෙක් කල් වඳවී ගොස් ඇති බවට විශ්වාස කළ කළු කොටියා සැලෙකෙන්නේ ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂයේ වර්ණ ප්‍රභේදයක් ලෙසයි.

    අවසන් කළු කොටියා ලෙස මීට පෙර තොරතුරු සටහන්ව තිබුනේ ද පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව උගුලකට හසුව මිය ගොස් තිබූ සත්ත්වයෙකි.

    ඒ අනුව එම සත්ත්වයාගේ හම යොදාගෙන ගිරිතලේ වනජීවි කෞතුකාගාරයේ නිර්මාණය කළ අනුරුව ශ්‍රී ලංකාවේ කළු කොටියාගේ අවසන් සාක්ෂිය ලෙස සැලකුණා.

    නමුත් වනජීවි දෙපාර්තමේන්තුව දීපව්‍යාප්තව සිදු කරන ශ්‍රී ලංකාවේ කොටි පිළිබඳ ගවේෂණය එම ඉතිහාසය වෙනස් කිරීමට සමත්වුනේ ජීවමාන සාක්ෂියක් සපයමින්.

    කළු කොටි ගැවසෙන බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක වනජීවි දෙපාර්තමේන්තුව දුරස්ථ චලන සංවේදී කැමරා සවිකළ අතර ඉන් එක් ස්ථානයක පමණක් පසුගිය ඔක්තෝබර් මස 26 වෙනි දා මේ අපුරු සාක්ෂිය සටහන් වී තිබුණා.

    ඒ, පසු පස හඹා ගිය වනජීවි දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ කළු කොටියා තවමත් ඉතිහාසයට පමණක් සීමා නොවන බවට තහවුරු කරගත්තේ දර්ශන කිහිපයක්ම තම කැමරාවල සටහන් කර ගනිමින්.

    ඒ අනුව මෙම කළු කොටියාගේ සීමාවේ ශ්‍රී ලංකාවේ කොටි උපවිශේෂයට අයත් ගැහැණු සත්ත්වයෙකු පැටවුන් දෙදෙනෙකු හා තවත් පිරිමි සත්ත්වෙයකු ද සිටින බවට අනාවරණයවී තිබෙනවා.

    මෙය වනජීවි දෙපාර්තමේන්වේ වෛද්‍ය මාලක අබේවර්ධන, වෛද්‍ය මනෝජ් අකලංක යන නිලධාරීන්ගේ මුලිකත්වයෙන් සිදු කළ මෙම ගවේෂණයකි.




    Neth news

    Patta machn Rep 7++