Lankawe students la china wala kotu wela

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    වසා දැමු චීන නගරයක ලාංකික සිසුන් 44ක් : රැඳී සිටින පිරිසට ලංකා රජයෙන් උපදෙස්



    චීනයේ වුහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන ශ්‍රි ලාංකික සිසු සිසුවියන් 44 දෙනෙකුව හැකි ඉක්මණින් සම්බන්ධ කර ගන්නා ලෙස ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිං හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසය පැතිරි යාමත් සමග චීනයේ වුහාන් නගරය සම්පුර්ණයෙන්ම වසා දැමිමට එරට බලධාරින් පියවර ගැනීමත් සමගයි.

    ඒ අනුව වුහාන් නගරයේ රැඳී සිටින ශ්‍රි ලාංකික සිසු සිසුවියන් 44 දෙනා ආරක්ෂා සහිතව තැබීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද වුහාන් ප්‍රාන්ත රජයෙන් ලක් රජය ඉල්ලා සිටි බවයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ.

    වුහාන් ප්‍රාන්තයේ සිටින සියලුම ලාංකිකයින් ගේ තොරතුරු මේ වන විට බීජිං හි පිහිටි ශ්‍රි ලාංකික තානාපති කාර්යාලය රැස් කරගෙන ඇති අතර ඔවුන් සමග සම්බන්ධවි ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ග ගැන දැනුවත් කිරීම කටයුතු අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර චීනයේ ජිවත් වන සියලුම ශ්‍රි ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ පැතිරි යමින් තිබෙන නව කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල රැඳී නොසිටින ලෙසයි. හැකි තරම් නිවෙස් තුල රැඳී සිටින ලෙසත් යම් අයුරකින් රෝගී තත්ත්වයක් ඇතිවුවහොත් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

    චීනයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු අසතුටුදායක පුවතක් වාර්තා වී නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සෑම විටම එහි පවතින තත්ත්වය පිලිබදව අවධානයෙන් පසුවන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා.

    Neth news
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    දැන් ඕකුන් අර වෙෙරසේ බෝ කරගෙන අාවොත් සිංහලු කියයි චීන්නු ලංකාවෙ ඉන්න නිසා බෝ උනා කියලා..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    oka hadunama marenwada?wiki eke tiyenne etchara loku scene ekak ne kiyalane.rarely becomes lethal kiyalane tiyenne