Corona Virus eka 6 months walin lokema pathirenawalu

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,623
    45,954
    113
    කොරෝනා වෛරසය මාස 06කින් ලොවපුරා පැතිරීයාමේ අවධානමක් : මිලියන 65ක් ජිවිතක්ෂයට පත්වෙතැයි අනුමාන කරයි



    සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මාස 18ක් තුලදී ලොවපුරා මිලියන 65ක ජනතාවක් මරණයට පත්වීමේ අවධානමක් ඇති බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ අංශය අනතුරු අඟවා තිබෙනවා.

    චීනයේ මෙම වෛරසය පැතිරීම ආරම්භයට මාස තුනකට පෙර ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ අංශය මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුනේ ඔවුන් සකස් කර ඇති උපකල්පිත වැඩසටහනක් යටතේයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් හොප්කිනිස් රෝහලේ ජේෂ්ඨ පර්යේක්ෂකයෙක් වන වෛද්‍ය එරික් ටෝනර් ප්‍රකාශ කර සිටියේ පළමු වරට චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වෛරස් රෝගය පිලිබඳව වාර්තා වීමේදී තමන් පුදුමයට පත්නොවූ බවයි.

    "මෙම වෛරසය මිට පෙර වාර්තාවූ "සාර්ස් වෛරසයට" වඩා වේගයෙන් පැතිරෙන බවට මේ වන විට සොයා ගෙන තිබෙනවා. වෛරසය පැතිරී යාම ආරම්භවී මාස 06ක් ගතවන තැන මෙය ලෝකයේ සෑම රටකටම පැතිරී යනු ඇති බවයි" වෛද්‍ය එරික් ටෝනර් ප්‍රකාශ කර සිටියේ.

    " මෙවැනි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයේදී මේ කරුණු වාර්තා වුනා. 1918 වර්ෂයේදී ස්පාඤ්ඤයේ පැතිරී ගිය උණ රෝගය සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කළා. එම උණ රෝගයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 500ක්. ඉන් මියගිය සංඛ්‍යාව මිලියන 50ක් වුවා. එවැනි වෛරස් රෝගයක් යලි පැතිරීමේ අවධානමක් ගැන අප කල්තියා අවධානය යොමු කළා. එහිදී අපට පරිගණක දත්ත මගින් පෙන්නුම් කළා මෙවැනි වෛරස් තත්ත්වයක් යටතේ ඇතිවිය හැකි විනාශය කොතරම්ද කියා. එය දැන් සිදුවෙමින් පවතිනවා. මෙය ලොව පුරා පැතිරී යන වසංගත තත්ත්වයක් පමණක් නොවේ. එය ලෝක ආර්ථිකයටද විශාල පහරක් එල්ල කරාවි" ජෝන් හොප්කිනිස් රෝහලේ ජේෂ්ඨ පර්යේක්ෂකයෙක් වන වෛද්‍ය එරික් ටෝනර් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

    ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ ආයතනය සකස් කර ඇති පරිගණක උපක්ල්පිතය අනුව නව කොරෝනා වෛරසයට මාස 18ක් තුලදී ලොවපුරා පැතිරී යාමෙන් පුද්ගලයින් මිලියන 65ක් මරණයට පත් කිරීමේ හැකියාව ඇති බව අනුමාන කර ඇත. මෙම මාරාන්තික වෛරසයට ගොදුරුවීමෙන් මේ වන විට පුද්ගලයින් 41ක් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර රෝගයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව 1300කට ආසන්න වනවා.

    චීනයට අමතරව මේ වන විට වෛරසය ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ප්‍රංශය, සිංගප්පුරුව, හොංකොං, ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, නේපාලය, තායිලන්තය, තායිවානය වැනි රටවලින් වාර්තා වී තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා දහස් ගුණයකින් ඉහළ ගොස් ඇති බවට විශ්වාස කරන බවයි.

    මේ වන විට අසල්වැසි ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

    Neth
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉක්මනට බෙහෙතක් හොයාගත්තොත් හොදයි
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,471
    8,239
    113
    ටෘම්ප් කරයා මූනට මූන ඇවිත් පච උනා
    දැන් වෙන ගේමක් ගහල බලන් ඉන්නව ඇති :yes::yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,785
    113
    Home Sweet Home
    මැරෙනවා නම් මැරිරිචදෙන් ඔන්න ඔහේ , මට නම් එපා වෙලා ඉන්නේ මේ ජිවිතේ :dull:
     
    • Haha
    Reactions: Bitter Truth

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    41/1300 = 3.15 % :sorry::sorry:



    එතනත් සීයට තුනයි කියහන්කෝ..... :baffled::baffled: කොහොම උනත් 3% කියන්නේ ලොකු බලපෑමක් කියලා මං හිතන්නෑ. :confused::confused:

    :love:

    මැරෙනවා නම් මැරිරිචදෙන් ඔන්න ඔහේ , මට නම් එපා වෙලා ඉන්නේ මේ ජිවිතේ :dull:

    ලෝකෙ සෑහෙන පිරිසකට එපා වෙලා තමා බං ඉන්නෙ :( ඒ වුනාට හැදිල විඳවන්න ගියහමයි තේරෙන්නෙ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    This is a hypothetical simulation. It was done months ago . I don't think this will happen in real life.
    Moreover, genetics is really advanced now. What 50 PhD's did in a month can be done in two days with the advances in computing. It will take a few days for someone to unlock the genetic code of this virus. Vaccine is far away. The Australian team says six months but if all the scientists get together it could be sooner. But they got to figure out how to mimic the virus so that our bodies will be able to develop the antibodies.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,871
    113
    This is a hypothetical simulation. It was done months ago . I don't think this will happen in real life.
    Moreover, genetics is really advanced now. What 50 PhD's did in a month can be done in two days with the advances in computing. It will take a few days for someone to unlock the genetic code of this virus. Vaccine is far away. The Australian team says six months but if all the scientists get together it could be sooner. But they got to figure out how to mimic the virus so that our bodies will be able to develop the antibodies.

    If its a new strain of sars why it's that difficult to develop vaccine?:oo:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    :love:



    ලෝකෙ සෑහෙන පිරිසකට එපා වෙලා තමා බං ඉන්නෙ :( ඒ වුනාට හැදිල විඳවන්න ගියහමයි තේරෙන්නෙ.

    meka hadunama echchara widawanna wenawada :oo: