ගොම කුරුමිණියාගේ ගමන් මඟ

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගොම කුරුමිණියාගේ ගමන් මඟ

    102014208_univ_lsr_lg.jpg

    ගොමවලින් ප්‍රයෝජන ගන්න ගොම කුරුමිණියා හරිම දක්ෂයි. ඌ බිත්තර දාන්නත් සහකාරියව ආකර්ෂණය කරගන්නත් යොදාගන්නෙත් ගොම. කන්නෙත් ගොම. ගොම අයිති කරගන්න කුරුමිණියාට තරඟ වදින්න වෙන අවස්ථාත් නැතුවාම නෙමෙයි. අලියෙක්ගේ මලපහ ඉවත් කරන්න ගොම කුරුමිණියන් 16,000කට පමණ ගියේ පැය 2ක් වැනි කෙටි කාලයක් බව පර්යේෂකයන් සොයාගත්තා.

    සමහර විශේෂයන් ගොමවලින් කුඩා බෝල සාදා ඒවා ඉක්මනින් තල්ලු කරගෙන ගිහින් පොළොවේ වළලනවා. උන් බෝල කරගත් ගොම ගුලිය ගෙන යන්නේ කෙළින් මඟකයි. ඒ නිසා ඉක්මනින්ම ඌට අවශ්‍ය තැනට ඒවා ගෙනියන්නත් ගොම බෝල සොරකම් කරන්න එන කුරුමිණියන්ගෙන් එය ආරක්ෂා කරගන්නත් පුළුවන් වෙනවා.

    ගොම කුරුමිණියන් කෙළින් මඟක යන්නේ කොහොමද?

    මේ ගැන සිතන්න: අධ්‍යයනවලින් හෙළි වී තිබුණේ ගොම කුරුමිණියන් එහෙම යන්නේ ඉරේ හෝ සඳේ උදව්වෙන් කියලයි. නමුත් සඳ නැති රැයකදී වුණත් ඌට කෙළින් මඟක යන්න පුළුවන්. ඒ ගැන වැඩිදුර අධ්‍යයනය කළ දකුණු අප්‍රිකාවේ පර්යේෂකයන් සොයාගත්තේ ගොම කුරුමිණියා ගමන් කරන්නේ තනි තරුවක ආධාරයෙන් නොව ක්ෂීරපථ මන්දාකිණියේ තිබෙන තරුවලින් නිකුත් වන ආලෝක ධාරාවක ආධාරයෙන් බවයි. සඟරාවකත් ඒ ගැන මෙහෙම සඳහන් වුණා. “සතුන් තම ගමන් මඟ සොයාගැනීමට ක්ෂීරපථ මන්දාකිණිය යොදාගන්නවා කියා වාර්තා වුණු මුල්ම අවස්ථාව මෙයයි.”—Current Biology.

    “පෙනෙන නොපෙනෙන තරම් තරු එළියක් තියෙද්දී වුණත් ඌට කෙළින් මඟක ගමන් කරන්න පුළුවන්. ඒ නිසා අනාගතයේදී ඉතා මද ආලෝකය තියෙන අවස්ථාවකදී වුණත් යමක් හඳුනාගැනීමට හැකි රොබෝ යන්ත්‍ර නිපදවන්න ගොම කුරුමිණියා සතු හැකියාව විද්‍යාඥයන්ට උදව් වෙයි” කියා පර්යේෂකවරයෙකු වන මාකස් බර්න් පැවසුවා. උදාහරණයකට මේ ක්‍රමය අනුකරණය කර කඩා වැටුණු ගොඩනැඟිල්ලක හිර වී සිටින මිනිසුන්ව සොයාගැනීමට හැකි රොබෝ යන්ත්‍ර නිපදවීමට හැකි වෙයි.

    ඔබේ නිගමනය කුමක්ද? කෙළින් මඟක ගමන් කිරීමේ හැකියාව ගොම කුරුමිණියාට ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?

    ඔබ දැන සිටියාද?

    පස පෙරලා එය සාරවත් කරන්නත් බීජ ව්‍යාප්තියටත් ගොම කුරුමිණියා දායක වෙනවා. ඌ නිසා මැස්සන් බෝ වීමත් පාලනය වෙනවා
     
    • Like
    Reactions: tokkaputha

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    zhivet-na-dache-zhuk-navoznik-3.jpg

    ගොම කුරුමිණියන්ට මග සොයා ගෙන යන්නට.

    විද්‍යාඥයන් ඒ පරීක්ෂණ සඳහා ගොම කුරුමිණියන්ට පුංචි කාඞ්බෝඞ් කැප් සවි කළා ඔවුන් අවට දේ නොපෙනෙන්න.

    ඊළඟට ඔවුන්ව වටයක් සහිත බිම්කඩක කොටු කළා. මීටරයක් උසින් කළු රෙද්දක් ඇද්දා ඒ වටය ආවරණය වෙන විදියට, අහසේ ලක්ෂණ කිසිත් නොපෙනෙන්න.

    සඳ නැති ඒ රැයේ වුනත් ගොම කුරුමිණියන්ට සුළු වේලාවක් විතරයි ගියේ, ඒ වටයේ මැද සිට වටයේ අද්දර අහස පෙනෙන මානය තෙක් දුරක් යන්නට.

    ඒත් අහස නොපෙනුන නිසා මේ කාලය තත්පර 40 සිට 124ක් දක්වා කාලයක් වැඩියෙන් ගන්නට ඔවුන්ට සිදුවුණා.

    මේ පරීක්ෂණය දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් ග‍්‍රහලෝකාගාරයේදී යළිත් වරක් ඔවුන් විසින් සිදු කරන්නට යෙදුනා. එහි ප‍්‍රතිඵලයත් ඒ හා සමාන වුණා.

    ගොම කුරුමිණියන් අහසේ ඉතා හොඳින් තරු පායා ඇති විට පමණක් නොව කිරිසයුර විතරක් යම්තමට පෙනෙන විටත් එක වගේ පාර සොයා ගෙන ගියා, විද්‍යාඥයන් විස්මයට පත් කරමින්.

    ”සමහර තරුවල ආලෝකය මඳි ගොම කුරුමිණියන්ගේ කුඩා සංයුක්ත ඇස්වලට” පර්යේෂකයන් කියනවා. ”ඒ නිසා තරු පන්ති හඳුනා ගන්නට ඔවුන්ට බැහැ. ඒත් ඔවුන්ට හඳුනා ගන්න පුළුවන් ඔවුන්ගේ හිසට උඩින් අහසේ ඇති කිරිසයුර හා එහි එළිය. ඒ එළිය අහසේ ආරුක්කු හැඩයෙන් විහිදී ඇති ආකාරය.”

    ”මේ සොයා ගැනීම තමයි, පළමුවරට අපට සනාථ කර දුන්නේ කෘමීන් තරු විහිදි අහස යොදා ගෙන මග සොයා ගන්නා බව. සත්ව ලෝකය මග සොයා ගැනීම පිණිස කිරිසයුර යොදා ගන්නා බව ප‍්‍රථම වරට ලිඛිත වාර්තාවකට ඇතුළත් කළේ මේ අවස්ථාවෙදියි.” ඒ පර්යේෂකයන් වර්තමාන ජීවවිද්‍යාව යන අරුත් ඇති ‘කරන්ට් බයොලොජි’(Current Biology) නම් විද්‍යාත්මක සඟරාවට ලිපියක් ලියමින් සඳහන් කරනවා.



    ඒ වගේ ම ගොම කුරුමිණියනුත් කොම්පාසුවක් මෙන් සූර්යයාත්, චන්ද්‍රයාත් උපයෝගී කර ගෙනත් මග සොයා ගන්නවා යැයි දැන් විද්‍යාඥයන් කියනවා.

    මේ විදියට කිරිසයුර උපයෝගී කර ගෙන මග සොයා යාම මුල්වරට මේ විදියට විද්‍යාඥයන් හඳුනා ගත්තත් ඔවුන් හිතනවා මේ හැකියාව සත්වලෝකයේ තවත් සතුන් තුළත් පිහිටා තිබිය හැකි බව. ඒ නිසා මෙය සත්වලෝකයේ රහස් හෙළි කර ගන්න මේ අතින් ගත් මුල් පියවර විය හැකියි.



    Anith kattiyata Balanna Comment ekak kotan yannooo :D
     
    Last edited: