අපි දන්න නිකොලා ටෙස්ලා (Nikola Tesla) ගැන නොදන්න දේවල් !!!

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,663
    7,021
    113
    United States
    1624374032467.png

    නිකෝලා ටෙස්ලා (Nikola Tesla)
    උපන් දිනය: 1856 ජූලි 10
    උපන් ස්ථානය: ඕස්ට්‍රියානු අධිරාජ්‍යයේ ස්මිල්ජන් හිදී
    මරණය: 1943 ජනවාරි 07 වනදා කිරීටික ධමනි වල ලේ කැටි ගැසීම නිසා
    මරණය සිදුවූ ස්ථානය : ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී

    ඔබ තෝමස් අල්වා එඩිසන් යනු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකුයයි සිතනවාද ?

    ඔබ නිකොලා ටෙස්ලා නැමැත්තෙකු ගැන අසා තිබෙනවාද?


    පළමු ප්‍රශ්නයට පිළිතුර 'ඔව්' සහ දෙවැන්නට 'නැත' නම් මේ ලිපිය ඔබ සඳහායි.
    නිකොලා ටෙස්ලා උපත ලැබුවේ ක්‍රොයේෂියාවේ සර්බියානු පවුලකයි. ඒ 1856 ජූනි 10 වනදා අකුණු ගසන මධ්‍යම රාත්‍රියේයි. ඒ නිසාම ඔහුව විදුලියෙන් උපන් දරුවා ලෙසද හැඳින්වුනා.
    ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ බැවින් ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්‍ය වුණා. නමුත් තම මව නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්‍රම දුටු කුඩා ටෙස්ලාට අවශ්‍ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි.
    දිනක් ඔහුගේ සුරතල් බළලාගේ ලෝම වලින් හටගත් කුඩා ස්ථිති විද්‍යුත් ධාරාවක් වැදුණු ටෙස්ලා තමන් විදුලිය ගැන ඉගෙනගත යුතු බව තීරණය කළා.
    කළක් තම උපන්බිමේ දුම්රිය සමාගමක ට්‍රොලි සම්බන්ධව සේවය කළ ටෙස්ලා තම ජීවිතයේ ගත් සාධනීයම තීරණයක් ගන්නවා. ඒ ඇමරිකාවට සංක්‍රමණය වීමටයි.
    ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කිහිපයක්, මග වියදමට මුදල් ස්වල්පයක් සහ තමාව හඳුන්වාදීමේ ලිපියක් පමණක් සහිතවයි. ඔහු සේවයට යන්නේ ඒ මහා "ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා" වූ තෝමස් අල්වා එඩිසන්ගේ විද්‍යාගාරයටයි.
    එහිදී ටෙස්ලා කලක් පුරාවට බොහෝ පර්යේෂණ වල නියැලෙමින් බොහෝ නිර්මාණ කරනවා. එඩිසන් දැන සිටියේ සහ අලෙවි කලේ DC (සරළ ධාරා) විද්‍යුතයයි. එකළ එය ඉතාම මිළ අධික සේවාවක් වුණා.
    සෑම වර්ග සැතපුමකටම පමණ බලාගාරයක් අවශ්‍ය වීම,
    සම්ප්‍රේෂණය සඳහා ඝනකම් රැහැන් අවශ්‍ය වීම,
    ගිණිගැනීම් අධික වීම,
    ගින්නෙන් විදුලි පද්ධතියට සිදුවන හානි ප්‍රතිසංස්කරණය කිරීමට අධික වියදමක් යාම
    ආදී හේතූන් නිසා එඩිසන් මෙම ව්‍යාපාරයෙන් අධික ලාභ උපයන්නට සමත් වුණා.
    ටෙස්ලා තමන්ට වඩා අතිදක්ෂයෙක් බව තේරුම්ගන්නා එඩිසන් අවසන් වරට ටෙස්ලාට භාරදෙන ව්‍යාපෘතිය වූයේ ඔහුගේ DC ජෙනරේටර් සහ මෝටර් වල දෝෂ නිරාකරණය කර දෙන ලෙසටයි. ඒ සඳහා දැවැන්ත මුදලක් ටෙස්ලාට දීමටත් ඔහු පොරොන්දු වෙනවා. ටෙස්ලා දිවා රෑ නොබලා මෙම කාර්යය අවසන් කර එඩිසන්ට භාරදී පොරොන්දු වූ මුදල් ඉල්ලනවා.
    එවිට එම මුදල් දීම ප්‍රතික්ෂේප කරමින් එඩිසන් ටෙස්ලාට මෙසේ පවසනවා
    "Tesla, you don't understand our American humour"
    ("ටෙස්ලා, ඔබට ඇමරිකානු අපගේ කවටකම් තේරෙන්නේ නෑ")
    එඩිසන් සහ ටෙස්ලා බිඳීයාම මෙසේ ඇරඹෙනවා. නිකොලා ටෙස්ලා වෙනම විද්‍යාගාරයක් අරඹනවා. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදීමට එකඟ වන්නේ J.P. Morgan සහ George Westinghouse සමාගම් දෙක පමණයි.
    දැන් තමයි නිකොලා ටෙස්ලා නියමෙටම වැඩ පටන්ගන්නෙ. ඔහු AC (ප්‍රත්‍යාවර්ථ ධාරා) විදුලිය ලොවට ගෙනෙනවා. ඔහු ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය නයගරා දියඇල්ලේ ඉදිකරන්නේ ජලයෙන් විදුලිය නිපදවීම පිළිබඳව කිසිඳු අදහසක් ලෝකයට නොතිබූ යුගයකයි.
    මුළු පළාතකටම එක් බළාගාරයක් හොඳටම ප්‍රමාණවත් වීම,
    සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සඳහා තුනී රැහැන් ප්‍රමාණවත් වීම,
    නිෂ්පාදන හා නඩත්තු ගාස්තු ඉතා අවම වීම
    ආදී හේතු නිසා අප අදටත් පාවිච්චි කරන ටෙස්ලාගේ මෙම AC විදුලිය එදා අතිශයින් ජනප්‍රිය වන්නට පටන්ගන්නේ තෝමස් අල්වා එඩිසන්ගේ ව්‍යාපාර වලට මරු පහරක් එල්ල කරමිනි.
    එඩිසන් නිකන් සිටියේ නැත. ඔහු පාසැල් ළමුන්ට මුදල් ලබාදී නිව්යෝක් නිවෙස් වලින් සුරතල් බල්ලන් සහ පූසන් සොරාගත්තේය. අවසානයේ අශ්වයන් සහ ඇතින්නක්ද සොයාගත්තේය. ටෙස්ලාගේ AC විදුලිය අනතුරුදායක බව පෙන්වීමට මේ "ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා" එම සියළු සතුන් ප්‍රසිද්ධියේම AC විදුලිය වද්දවා පණපිටින් පුළුස්සා මරා දැම්මේය.
    අසමසම මොළයක් තිබූ ටෙස්ලා මීට කදිම උපායක් යෙදුවේය. Faraday Cage එකක් ආකාරයට සාදාගත් ඇඳුමක් ඇඳගත් නිකොලා ටෙස්ලා ප්‍රසිද්ධියේ තම සිරුර හරහා ඉතාමත් අධික විදුලියක් යවාගෙන පෙන්වමින් තම නිෂ්පාදනය ආරක්ෂිත බව පෙන්වුවා.
    මේ සමග කුජීත වී යන එඩිසන්ගේ DC විදුලිය සැම අතින්ම ප්‍රතික්ෂේප වී දුප්පතාගේ හිතවතා වූ ටෙස්ලාගේ AC විදුලිය ලොව පුරා ජනප්‍රිය වෙනවා (අදටත් ඔබේ නිවසේ භාවිතා වන්නේ AC විදුලියයි).
    ශ්‍රේෂ්ඨ විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් පරාජය භාරගත්තා යැයි ඔබා සිතනවාද? ඔහු ටෙස්ලාගේ විද්‍යාගාරයට ගිණිතබා ටෙස්ලාගේ සටහන් විනාශ කරනවා...
    නමුත් එඩිසන්ගේ මෙම උත්සාහයද ව්‍යර්ථ වන්නේ මානව ඉතිහාසයේ බිහිවූ අසමසම හා අසාමාන්‍ය මොළයක් හිමි නිකොලා ටෙස්ලා ඉදිරියේ තෝමස් අල්වා එඩිසන්ට තිබුණේ ළදරු මොළයක් බව ඔහුට අමතක වීම නිසාය.
    නිකොලා ටෙස්ලාට භාෂා 8ක් කතා කළ හැකි විය.
    Serbian, English, Czech, German, French, Hungarian, Italian සහ Latin ඒවාය.
    ඔහුට එක්වරක් පමණක් කියවීමෙන් පසූ සම්පූර්ණ පොතක්ම නැවත ඒ අයුරින්ම ලිවිය හැකි මතකයක් විය.
    ඉතාම සංකීර්ණ ත්‍රිමාණ සටහනක් මොළයෙන් නිර්මාණය කරගෙන කිසිඳු සටහනක් නොමැතිව 100%ක් අංගසම්පූර්ණව එය නිර්මාණය කළ හැකි විය.
    මෙවැනි මොළයකට සටහන් ගිණිතැබීමෙන් සිදුවූ හානිය ඉතාම අවම විය.
    එඩිසන්ගේ මූල්‍ය අනුග්‍රහය යටතේ අප කවුරුත් දන්නා ගුග්ලි එල්මෝ මාකෝනි රේඩියෝව සොයාගත්තේය. නමුත් ඔහු සැබැවින්ම කලේ ටෙස්ලාගේ සොයාගැනීම් හා පේටන්ට් 17ක් භාවිතා කරමින් ලොව ප්‍රථම ගුවන්විදුලි පණිවුඩය යැවීමයි (රේඩියෝවක් ගලවා එහි ඇති ටෙස්ලා කොයිල්, ට්‍රාන්සිස්ටර් ආදිය බලන්න). ටෙස්ලා මේ ගැන මාධ්‍ය වලට පිළිතුරු දුන්නේ
    "Marconi is a good fellow. Let him continue. He is using seventeen of my Patents"
    ලෙසයි. ඉතාම මෑතකදි දුන් නඩු තීන්දුවකින් නැවතත් ගුවන්විදුලිය සොයාගැනීමේ ගෞරවය ටෙස්ලාට ලැබුණු නමුත් අදටත් බහුතර ලෝකය එය දන්නේ නැත.
    රේඩාර් සොයාගැනීමේ ගෞරවය ලැබෙන්නේ රොබට් වොට්සන් හටයි (1935දී). නමුත් 1917දී පළමු ලෝක යුද්ධයේදී ඇමරිකානු නාවික හමුදාව වෙනුවෙන් මුලින්ම රේඩාර් තාක්ෂණය සොයාගන්නේ නිකොලා ටෙස්ලාය. අවාසනාවට එවකට නාවික හමුදාවේ Research & development අංශයේ ප්‍රධානියා වූයේ එඩිසන්ය. ඉතිරිය ඔබම සිතාගන්න.

    ටෙස්ලා තවත් ඇදහිය නොහැකි සොයාගැනීම් රැසක් සිදුකලේය.
    ඔහු ට්‍රාන්සිස්ටරය ආශ්‍රිත සොයාගැනීම් නොකරන්නට ඔබ අද ෆේස්බුක් එන්නේද නැත.
    අදටත් පරීක්ෂණ මට්ටමේ ඇති Cryogenic Engineering පිළිබඳව වසර 100කට පෙර ඔහු පරීක්ෂණ කළේය.
    අභ්‍යාවකාශයෙන් එන ගුවන්විදුලි තරංග රෙකෝඩ් කල ලොව පළමු විද්‍යාඥයාය.
    භූමිකම්පා නිපදවිය හැකි යන්ත්‍රයේ නිර්මාණකරු. (මෙහි පරීක්ෂණ කරන විට මුළු නිව්යෝක් නගරයටම භූමිකම්පාව දැනී ඇත. මෙම තාක්ෂණයෙන් (HAARP) අයනගෝලයේ වෙනස්කම් සිදුකර කාළගුණයද පාලනය කලහැකි අතර ලෝකයේ භයානකම ආයුධය ලෙස සැලකේ)
    පෘථිවියේ අනුනාද සංඛ්‍යාතය සොයාගත් විද්‍යාඥයා (මෙම අගය නිවැරදි බව තහවුරු කරගැනීමට පමණක් ලෝකවාසී විද්‍යාඥයන්ට තවත් වසර 50ක් ගතවිය).
    බෝල අකුණු ඇතිවන ආකාරය තවමත් විද්‍යාඥයන්ට නිශ්චිතව කිව නොහැක. නමුත් 1890 කාලයේදී ටෙස්ලා බෝල අකුණු නිර්මාණය කලේය.

    දුරස්ථ පාලකය.
    රැහැන් රහිත සන්නිවේදනය.
    නියෝන් ලයිට්.
    ෆ්ලොරොසන්ට් ලයිට් (ටියුබ් ලයිට්).
    AC මෝටරය (බ්ලෙන්ඩරයේ ෆෑන් එකේ වායුසමීකරණයේ සිට කර්මාන්තශාලා වල දැවැන්ත යන්ත්‍ර දක්වා ඇත්තේ AC මෝටර්ය).
    විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් මත ගමන් කරන පාවෙන පීරිසිය

    කාලගුණ ය පාලනය කරන HAARP ටෙස්ලාගේ අනිගි නිර්මාණකිHAARP කියන්නෙ ලෝකයේ ඕනෑම තැනක් කෙටි කාලයකින් සම්පූර්ණයෙන් ජීවයෙන් තොර ප්‍රදේශයක් බවට පත් කිරීමේ හැකියාව ඇති ලෝකයේ භයානකම ආයුධයයි.

    ඔබ සිතන්නේ මේවා සොයාගත්තේ කවුරුන් කියාද?
    ටෙස්ලා ලොවට අවසන් වරට දායාද කලේ මෑන්හැටන් දූපතේ ඉදිකල ටෙස්ලා කුළුණයි. එම තනි කුළුණ මගින් වායුගෝලයට ඉහලින් ඇති අයනගෝලය භාවිතාකර "මුළු ලෝකයටම රැහැන්‍ රහිතව" නොමිලේ විදුලිය ලබාදීමට හැකිවිය.
    මෙලෙස බැලූ කල නිකොලා ටෙස්ලා කෝටිපතියෙකු විය යුතුය.නැත. ඔහු සැමවිටම මිනිසුන්ට අඩු මිලට විදුලිය ලබාදීමට හා ජල, සූර්ය, සුළං ඇතුළු පුර්ජනනීය බලශක්තිය හඳුන්වාදීමට කටයුතු කල කෙනෙකි. තව වසර 50000කට ප්‍රමාණවත් තෙල් පොළොවේ ඇතැයි සිතූ එම කාලයේ එඩිසන් සිතුවේ අනාගතය තෙල් මත රැඳෙනු ඇතැයි කියාය. නමුත් අසාමාන්‍ය ටෙස්ලා යුග ගණනක් අනාගතය දැක්කේය.
    නොමිලේ මිනිසුන්ට විදුලිය දෙනවිට ඉන් ලාභ උපයන්නේ කෙසේද? මේ නිසාම ආයෝජකයන් සියල්ල ටෙස්ලා අත්හැරියහ. ටෙස්ලා ණය වෙමින් ලොවට සෙත සැදුවේය. කුරුල්ලන්ට හා සතුන්ට ඉමහත් ආදරයක් දැක්වූ මේ අවිවාහකයා 86 හැවිරිදි වියේදී දුප්පතෙකු ලෙස දිවියෙන් සමුගත්තේය. වංචනික ව්‍යාපාරික එඩිසන් ගැන සැවොම දන්නා නමුත් ලොවක් තැනූ ටෙස්ලා ගැන පාසැල් පෙළපොතක වත් උගන්වන්නේ නැත. නමුත් අපගේ දරු මුණුබුරන්ද ඔහුට ණයගැතිය.
    ඉතින් සියවසේ විද්‍යාඥයා වීමට වඩා සුදුසු බොහෝදුරට සෛද්ධාන්තික විද්‍යාඥයෙකු පමණක් වූ ඇල්බට් අයින්ස්ටයින්ද නැතහොත් වසර සිය ගණනක පෘථිවියේ අනාගතය තනිව තම දෑතින් ගොඩනැගූ නිකොලා ටෙස්ලාද යන්න සිතා බැලීම ඔබ සතුය.

    1624374368465.png


    ටෙස්ලාට තේරුණා තමන් මේ මිනිසුන්ගෙ සුභසෙත වෙනුවෙන් හදපු නිර්මාණය දවසක ආයුධයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් බව. ඒ නිසා ඔහු මේ තොරතුරු කිසිවක් ප්‍රසිද්ධ කරේ නැහැ. නිකොලා ටෙස්ලාගෙ අභාවයෙන් පස්සෙ ටෙස්ලාගෙ සියළුම සටහන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකානු FBI ආයතනය මගින් අත්අඩංගුවට ගැණුනා. ඔවුන්ට අවශ්‍ය වුණේ ටෙස්ලාගේ සටහන් භාවිතා කරලා දෙවන ලෝක යුද්ධයට ආයුධ හදන්න. නමුත් දශක ගණනක් යනතුරුත් ඒ සටහන් තේරුම්ගන්න තරම් වත් බුද්ධිමත් විද්‍යාඥයන් ඇමරිකාව සතු වුණේ නෑ. යම් ස්ථානයක් ඉලක්ක කර පොළොව තුලට කම්පන තරංග එල්ලකිරීම තුලිනුයි මෙය සිදුකරන්නෙ. ඇලැස්කාව, හයිටි, නේපාලය, ඉරානය වැනි රටවල ඇතිවූ භූචලන වලට බොහෝ රටවලින් සෘජුව ඇඟිල්ල දිගුවුණේ මෙම HAARP ව්‍යාපෘතියටයි. මෙම භූචලන වලට තම අත්හදා බැලීම් වල සම්බන්ධයක් ඇති බව පිළිනොගත්තත් 2014 මැයි මාසයේදී මෙම HAARP ව්‍යාපෘතිය "නිළ වශයෙන්" නතර කිරීමට ඇමරිකානු රජය කටයුතු කළා. කොහොම වුණත් 3 වෙනි ලෝක යුද්ධයක් ඇතිවුණ දවසක නම් මේ ආයුධය එළිපිටම නැවතත් ක්‍රියාත්මක වෙයි.

    ටෙස්ලා මහත පුද්ගලයන් ට අකැමැති ඉතාමත් ම පිරිසිදු අයෙකි.එක දිගට නොනිදා පැය 56 ක් වැඩ කිරීම සමත් ටෙස්ලා අවිවාහක විය.ලොවක් තැනූ ටෙස්ලා HOTEL NEWYORKER හී දී අවසන් ගමන් යන්නේ ද දුප්පතෙක් ලෙසය. ඔහු අකුනු ගසන දිනක උපත ලැබූ නිසා අකුනු මිනිසා යැයි නමින් හැදින් ය.
    කණගාටු දායක දේ වන්නේ ටෙස්ලා ගැන පාසල් පෙල පොතක හෝ සමාජයේ වැඩි උනන්දුවක් නොමැති වීමය.


    නිකෝලා ටෙස්ලා(Nikola Tesla) ජිවිත කතාව පිළිබදව නිර්මානය කර ඇති චිත්‍රපට.👇👇


    1624375472483.png

    The Current War 2017

    Action / Biography / Drama / History



    https://yts.mx/movies/the-current-war-2017

    Sinhala Sub : https://www.baiscopelk.com/the-current-war-2017-sinhala-subtitles
    https://piratelk.com/the-current-war-2017-sinhala-subtitles


    1624375766294.png

    Tesla 2020​

    Action / Biography / Drama​



    https://yts.mx/movies/tesla-2020

    Sinhala Sub : තවමත් නිකුත් වි ඇත්තෙ යාන්ත්‍රික පරිවර්තන පමනි.

    තොරුතුරු :- පොත් පත් ,
    WEKIPEDIA( ඔබන්න)
    තොරතුරු ගවේෂණ වල එකතුවකි.

    Nikola Tesla Museum

    හිතනවා මොකක් හරි දෙයක් දැනගන්න ඇති කියලා..හැමෝටම සුභ දවසක්...😗
     

    Attachments

    • 1624373856674.png
      1624373856674.png
      100.7 KB · Views: 114
    • 1624374231829.png
      1624374231829.png
      106.2 KB · Views: 84
    • 1624374430680.png
      1624374430680.png
      251.9 KB · Views: 89

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    සුපර් මෑන් කියන කැරැක්ටර් එක හදලා තියෙන්නේත් එඩිසන්ගේ කැරැක්ටර් එක උඩට උස්සන්නයි.. ඒකයි සුපර්මෑන්ගේ සතුරා විදියට "මෑඩ් සයන්ටිස්ට්" කියන කැරැක්ටර් එකක් හදලා ඒ හරහා ටෙස්ලාව පහත හෙලන්නයි...

    මේක මම කියවපු දෙයක් ආර්ටිකල් එකක..

    dSVqXE1.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ටෙස්ලා ටිකාක් විතර අර්බන් ලෙජන්ඩ් එකක් මට්ටමට යන ප්‍රවණතාවයක් පේනව සෝෂල් මීඩිය වල. ටෙස්ලා ලෝකෙ උඩු යටිකුරු කරන්න හිටි මනුස්සයෙක්‍ ය, එඩිසන් කුමන්ත්‍රණශීලීව ඒ වැඩේ කඩාකප්පල් කලාය වගේ එකක්. බිස්නස් රයිවල්රි එකකට වඩා වැඩි දෙයක් නෑ.

    අනිත් කාරනේ පදනමක් නැති conspiracy theories වලට එයාව ගාව ගැනීම. පොඩි ඇත්තක් මැදි කරගෙන වඩා විශාල සාවද්‍ය අදහස් නිර්මාණය කරනව. මේ ලිපියෙම HAARP ගැන ලියල තියෙන දේවල් උදාහරණයක්.

    ඒ දෙන්නම ඉතාම විශිෂ්ඨ ගනයෙ ඉංජිනේරුවො දෙන්නෙක්. ටෙස්ලා තරමක් විතර විද්‍යුත් භෞතිකයටත් දායකත්වයක් දීල තියෙනව. අනිත් අතට එඩිසන් කියන්නෙ වඩා හොඳ manufacturing engineer කෙනෙක්. ඇමරිකාවට විදුලිය සැපයීම වඩා ලාභදායී විදියකට කරන්න එයා කරපු ඉන්ඩස්ට්‍රියල් වැඩ තීරණාත්මකයි.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ටෙස්ලා ටිකාක් විතර අර්බන් ලෙජන්ඩ් එකක් මට්ටමට යන ප්‍රවණතාවයක් පේනව සෝෂල් මීඩිය වල. ටෙස්ලා ලෝකෙ උඩු යටිකුරු කරන්න හිටි මනුස්සයෙක්‍ ය, එඩිසන් කුමන්ත්‍රණශීලීව ඒ වැඩේ කඩාකප්පල් කලාය වගේ එකක්. බිස්නස් රයිවල්රි එකකට වඩා වැඩි දෙයක් නෑ.

    අනිත් කාරනේ පදනමක් නැති conspiracy theories වලට එයාව ගාව ගැනීම. පොඩි ඇත්තක් මැදි කරගෙන වඩා විශාල සාවද්‍ය අදහස් නිර්මාණය කරනව. මේ ලිපියෙම HAARP ගැන ලියල තියෙන දේවල් උදාහරණයක්.

    ඒ දෙන්නම ඉතාම විශිෂ්ඨ ගනයෙ ඉංජිනේරුවො දෙන්නෙක්. ටෙස්ලා තරමක් විතර විද්‍යුත් භෞතිකයටත් දායකත්වයක් දීල තියෙනව. අනිත් අතට එඩිසන් කියන්නෙ වඩා හොඳ manufacturing engineer කෙනෙක්. ඇමරිකාවට විදුලිය සැපයීම වඩා ලාභදායී විදියකට කරන්න එයා කරපු ඉන්ඩස්ට්‍රියල් වැඩ තීරණාත්මකයි.
    ඔව්. ලියන එකා ලියනවා දොඹෙන් යන්න. ඒ උනාට තාර බර ඇරලා තමයි ඇත්ත එළියට ගන්න ඕනෙ.

    මේ වගේ අතිශෝක්ති නම් බුකියේ ඕන තරම්. මේක දැක්ක ගමන් කට්ටිය උඩ දාගෙන ශෙයාර් කරන්නෙ.