JVP ඔන්න_පටන්_අරන් උද්ඝෝෂණ රැල්ල
පාර්ශ්ව කිහිපයක් අද සවස කොළඹදී පැවැත්වූ විරෝධතා හේතුවෙන් කොළඹ කොල්ලුපිටිය ප්‍රෙද්ශයේ දැඩි රථවාහන තදබදයක් පැවැත්විය.
කෙසේ වෙතත් උද්ඝෝෂකයන්ට විරෝධතා පැවැත්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයත් ෂැන්ග්‍රිලා හෝටලයත් අතර හිස් ඉඩමක් වෙන් කර ඇති බව පොලිසිය පෙන්වා දුන්නත් විරෝධතාකරුවන් අදාල ස්ථානයේ විරෝධතා පැවැත්වීම ප්‍රතික්ෂේප කළේය.
ඉන්ධන අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත් කිරීම,පාඩු ලබන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නඩත්තු කිරීම සඳහා ජනතා මුදල් නාස්ති කිරීමට එරෙහිව සහ CPC , IOC ඉන්ධන මිල සමාන කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා IOC බෙදුම්කරුවන්ගේ සංගමය අද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
එහිදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙක් විරෝධතාකරුවන්ට ප්‍රකාශ කළේ උද්ඝෝෂණ කිරීම සඳහා වෙනම ස්ථානයක් ස්ථාපිත කර ඇති බැවින් එම ස්ථානයට ගොස් විරෝධතාව පවත්වන ලෙසයි.
එහෙත් විරෝධතාකරුවන්, එලෙස වෙන් කරන ලද ස්ථානයට යාම ප්‍රතික්ෂේප කළේය.
මෙලෙස උද්ඝෝෂණ සඳහා වෙනම ස්ථානය්ක ස්ථාපිත කර තිබුණේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයත්, ෂැන්ග්‍රිලා හෝටලයත් අතර ඇති නව බාලදක්ෂ මාවතේ හිස් ඉඩමකයි.
මේ අතර HND සිසුන්ට උපාධිය දක්වා ඉගෙනීමට ඇති අයිතිය තහවුරු කිරීම, ජීවන වියදමට සරිලන ලෙස මහපොළ ශිෂ්‍යධාරය ඉහළ දැමීම ඇතුලු ඉල්ලීම් 3ක් මුල් කරගනිමින් අන්තර් උසස් ජාතින ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය අද විරෝධතා පාගමනක් සංවිධාන කර තිබුණි.
කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරි පිටින් ඇරඹි විරෝධතා පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන්ගත් අතර එහිදී පොලිස් නිලධාරීන් දැනුම් දුන්නේ උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති ස්ථානයට ගොස් සිය විරෝධතාව පවත්වන ලෙසයි.
එහෙත් විරෝධතාවයේ නිරත සිසුන් එම අවස්ථාවේ තවත් විරෝධතාවක නිරත ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථවේ සහ සමස්ථ ලංකා ව්‍යාපෘති සහයක එකමුතුවේ පිරිස් සමඟ එක්ව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රිය ධාවනය කළ නොහැකි වන අයුරින් සම්පූර්ණයෙන් එම මාර්ගය අවහිර කරනු ලැබුවේය.
විරෝධතාකරුවන් වෙන් කළ ස්ථානයට යාම ප්‍රතික්ෂේප කරයි