බදියුදීන්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබලා මොකද හිතන්නේ බදියුදීන් ව නම් හිරේ දාන්නේ නැති පාටයි ඩිල් එකක් ගහලා බේරෙයි

    රිෆ්ඛාන් බදුර්දීන් අත්අඩංගුවට
    හිටපු කර්මාන්ත හ වාණිජ අමාත්‍ය රිශාඩ් බදුර්දීන්ගේ සොහොයුරු රිෆ්ඛාන් බදුර්දීන් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ

    ඉඩම් වංචාක් සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදුර්දීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් බදුර්දීන්, කොළඹ මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළේය.



    --------------------------------------------------------------------------------------

    හිටපු ඇමැති රිෂාඩ්ගේ සොහොයුරාගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේපයි
    February 6, 2020 11:03 am

    අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

    එම පැමිණිල්ල අද(06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී සැකකාර රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇප ඉල්ලීම ඉදිරිපත් කළේය.

    ඊට පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු විධිමත්ව ආරම්භ වූයේ ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව බව සඳහන් කළේය.

    ජනාධිපතිවරණයට පෙර මෙම නඩුවේ සැකකරුවන් හඳුනාගෙන තිබූණ ද රහස් පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට නොගත් බව පෙන්වා දුන් නීතිඥවරයා දේශපාලන බලපෑම් හේතුවෙන් එවැනි තත්ත්වයක් උද්ගත වූ බව කියා සිටියේය.

    මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ තම සේවාදායකයාට ඉකුත්දා දුරකථන මඟින් තර්ජන එල්ල වී තිබෙන බව සඳහන් කළ නිතිඥ චන්ද්‍රසේන මහතා මේ පිළිබඳව ඔහු රහස් පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බවද පැවසුවේය.

    මේ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විමසූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එවැනි පැමිණිල්ලක් ලැබී තිබෙන බවත් ඒ අනුව දුරකථන විස්තර ඇමතුම් වාර්තා ලබාගෙන පරීක්ෂණ සිදු කරන බව දන්වා සිටියේය.

    මෙම වාතාවරනය මත සැකකරුට ඇප ලබා දුනහොත් පරීක්ෂණවලට මෙන්ම සාක්ෂිකරුවන්ට ද බලපෑම් සිදුවිය හැකි බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඉල්ලීම් කළේය.

    එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා තම සේවාදායකයා කිසිදු පුද්ගලයෙකුට තර්ජනයක් කිරීමක් නොකළ බව සඳහන් කළේය.

    එම නිසා ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට තරම් සාධාරණ කරුණු ඇප පනත යටතේ ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදා හරින ලෙස ද ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්ස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

    දෙපාර්ශවය කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම අවස්ථාවේ විමර්ශන කටයුතු සිදු වෙන හෙයින් සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවීමට ඉඩකඩ පවතින බවයි.

    ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

    තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනා අක්කර 40 ක පමණ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකසා අත්පත් කර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.


    --------------------------------------------------------------------------------------
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පුත්තලමේ රිෂාඩ් බෙදූ අක්: 327ක් රජයට:no::no:
    හිටපු ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතාගේ මැදිහත්වීමෙන් අත්පත්කරගෙන ඇතැයි කියනු ලබන මන්නාරමේ සහ පුත්තලමේ පිහිටි ඉඩම් අක්කර 3000 ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් කෙරෙන විමර්ශනයට අදාළව බදුයුර්දීන් මහතාට සම්බන්ධකම් ඇතැයි කියනු ලබන පුත්තලමේ පිහිටි ඉඩම් අක්කර 327 ක් රජයට පවරා ගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කෙළේය. එසේ නැවත රජයට පවරා ගැනීමට පියවර ගෙන ඇත්තේ බදු පදනමින් බදියුර්දීන්ට සම්බන්ධකම් ඇති ඇති පුද්ගලයින්ගේ නම් වලින් ලබාගත් රජයට අයත් අක්කර 110 ක සහ අක්කර 217 ක ඉඩම් දෙකකි. එම ඉඩම්වලට ගෙවිය යුතු බදු මුදල්ද ගෙවා නැති බව පොලිස් මූලස්ථාන තොරතුරු සදහන් කෙළේය. පුත්තලමේ පිහිටි ලුණු ලේවායක්ද එසේ බදුයුදීන් මහතාට සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු බදු පදනමින් ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙන බවත් පොලිස් මූලස්ථාන තොරතුරු සදහන් කෙළේය.

    බදුයුදීන් මහතාට සම්බන්ධකම් ඇති මන්නාරමේ පිහිටි ඉඩම් අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් ගැනද මේ වන විට විමර්ශන පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

    http://www.dinamina.lk/2020/02/06/පුවත්/89678/පුත්තලමේ-රිෂාඩ්-බෙදූ-අක්-327ක්-රජයට
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    January 27, 2020 11:58 am
    රිෂාඩ් බදියුදීන්ට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට දින නියම වෙයි

    විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර හෙළි කොට අනවසර ඉදිකිරීම් සෑදීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමකට අදාළ වැඩිදුර විභාගය ලබන 12 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

    මෙම පෙත්සමට අදාළ විභාග දිනය නියම කිරිම සඳහා අදාල පෙත්සම අද (27) ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

    එහිදී විනිසුරු මඩුල්ල නියෝග කර සිටියේ පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන 12 වනදා සිදු කරන බවයි.

    එම නඩුවේ වගඋත්තරකරුවන්ගේ වෙනස් වීම් සිදුවී ඇති බැවින් වගඋත්තරකරුවන්ගේ නාමාවලිය සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව නීතිපතිවරයාගේ සහ වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන් යන නීතිඥවරුන්ගේ විරෝධතාවට යටත්ව අදාළ වගඋත්තරකාර නාමාවලිය සංශෝධනය කිරීමට අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නේය.

    පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.

    විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ආරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 හෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුලින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බව පෙත්සම ඉදිරිපත් කරන පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

    එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙළි කිරීම් සිදුකොට අනවසර ඉදිකිරීම් සෑදීම වැළැක්වීමෙන් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    මෙම නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කර තිබේ.


    http://sinhala.adaderana.lk/news.php?nid=129185
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    mehemai Rishad sir waraddak kala kiyala oya media wala ka gahuwata kisima padanamak sakshiyak na. gota ehema boru nadu walata minissu hire danneth na.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    mehemai Rishad sir waraddak kala kiyala oya media wala ka gahuwata kisima padanamak sakshiyak na. gota ehema boru nadu walata minissu hire danneth na.

    ඉඩම් ටික හරි ගත්තොත් හොදයි එකටත් ගොටාගේ කොන්ද පන තියේ ද ? එතොකොට පාස්කු ???
    බලමුකො මාස තුනයි ඉස්සතර මොනාද වෙන්නේ කියලා



    sohoyura witharai malli danne.
    rishad sir wa danne na... :)
    basil sirla rishad sir la hoda yaluwo malli :lol:
    රිසාඩ් හැම කෙනා එක්ක යාලුයිනේ ස්වාදීන අදිකරන්යේ විනිසුරුවරයොත් බය වෙන තරමට :baffled::baffled:

    මෙම නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කර තිබේ