මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ විශේෂ අභියාචනා පෙත්සම ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනු ලැබීය.
මහින්ද සමයවර්ධන, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බලන ලදී. එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හබීල් පාරිස් මහතා සඳහන් කළේ, අදාළ චෝදනාවට තම සේවාදායකයා වරදකරු කළහොත් ඊට එරෙහිව අභියාචනාධිකරණයේදී එම තර්කය ඉදිරිපත් කිරීමේ අයිතිය තබා ගනිමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවයි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ඊට එකඟතාව පළ කිරීමෙන් පසුව, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නේය. යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.
පසුව නඩුවේ දෙවන විත්තිකාරිය වූ ඩේසි ෆොරස්ට් නිදහස් කිරීමට නීතිපතිවරයා කටයුතු කළ අතර, එක් විත්තිකාරියක නිදහස් වූ පසු තනි විත්තිකරුවෙකුට එරෙහිව පමණක් කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යා නොහැකි බවට පෙත්සම්කරුගේ නීතිඥවරුන් මහාධිකරණයේදී මූලික විරෝධතාවක් මතු කර තිබුණි. එම මූලික විරෝධතාව මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ද අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන ලදී.
එම තීරණයෙන් අගතියට පත්වීම නිසා යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම විශේෂ අභියාචනා පෙත්සම ගොනු කර තිබූ අතර, මෙම නඩු කටයුත්තේදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අශෝක බරන් මහතා සමඟ නීතිඥ හබීල් පාරිස් මහතා ද, නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ද පෙනී සිටියහ.
gl
නඩුව පැරදුන ගමන් අභියාචනයක් ඉදිරිපත් කරලා ඇප ගන්න ලෑස්ති වෙන්නෙ.