අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්
මචන් මන් මේ දවස් ටිකේ ප්රශ්න ගොඩක ඉන්නේ. ඒ මදිවට ලෙඩ ඉවරයක් නෑ.මේ දවස් ටිකේ මට ටිකක් තරහ යනවා වැඩී.
මම මේ දවස් ටිකේ අම්මටත් බැන්නා. මම අම්මට ගොඩක් ආදරෙයි. ලේසියෙන් හිත රිදෙන දෙයක් කියන්නේ නෑ. ඒ වගේම මම අම්මට ගොඩක් සලකනවා. මොකද අම්මා තාත්තත් නැතුව මාව හදාගන්න ගොඩක් මහන්සි වුනා.කුලී වැඩ හිටන් කරලා. මන් දැන් හම්බකරනවා. අම්මට රස්සවක් කරන්න දෙන්නේ නෑ මගේ ආදායමෙන් මන් අම්මගේ වියදමට හැම මාසෙම අම්මට කොටසක් දෙනවා.
ඒ වගේම අම්මත් මට ගොඩක් ආදරෙයි.
ඒත් මේ දවස් ටිකේ මන් අම්මට ටිකක් බැන්නා. ටිකක් කිව්වට. ගොඩක් නරක විදිහට.අම්මා මූසලයි කියලත් කිව්වා. ඇත්තටම අම්මගේ කිසිම වැරැද්දක් නැතුව මම බැන්නේ. මොකද මට මගේ ප්රශ්න කියන්න කවුරුත් නෑ. ඉතින් මේ දවස් වල තිබ්බ ප්රශ්නත් එක්ක මගේ හිතේ තිබ්බ පීඩනය පිට වුනේ අම්මට බැනලා.
මන් මේක ටයිප් කරන්නෙත් කාමරේ දොර වහගෙන අඩන ගමන්. මට දරාගන්න බැරි තරම් දුකක් දැනෙනවා,මගේ කටින් පිට වුනු වචන මට ආපහු ගන්න බෑ.
මන් අම්මට බනිද්දී අම්මත් මට ආපහු පෙරලා බනිනවා නම් මට දුකක් නෑ. ඒත් අම්ම මොකුත් නොකියා ඒ හැමදෙයක්ම අහගෙන ඉන්නවා. ඒත් මන් දැක්ක අම්මා ඊට පස්සේ වෙනම පැත්තකට ගිහින් හොරෙන් අඩනවා.
මට මේ දේවල් මතක් වෙද්දි ලොකු දුකක් දැනෙනවා

:no ohoma naraka kala katath thiyanawa. uba loan walata hirawelada inne ?