අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්

    මචන් මන් මේ දවස් ටිකේ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඒ මදිවට ලෙඩ ඉවරයක් නෑ.මේ දවස් ටිකේ මට ටිකක් තරහ යනවා වැඩී.

    මම මේ දවස් ටිකේ අම්මටත් බැන්නා. මම අම්මට ගොඩක් ආදරෙයි. ලේසියෙන් හිත රිදෙන දෙයක් කියන්නේ නෑ. ඒ වගේම මම අම්මට ගොඩක් සලකනවා. මොකද අම්මා තාත්තත් නැතුව මාව හදාගන්න ගොඩක් මහන්සි වුනා.කුලී වැඩ හිටන් කරලා. මන් දැන් හම්බකරනවා. අම්මට රස්සවක් කරන්න දෙන්නේ නෑ මගේ ආදායමෙන් මන් අම්මගේ වියදමට හැම මාසෙම අම්මට කොටසක් දෙනවා.

    ඒ වගේම අම්මත් මට ගොඩක් ආදරෙයි.

    ඒත් මේ දවස් ටිකේ මන් අම්මට ටිකක් බැන්නා. ටිකක් කිව්වට. ගොඩක් නරක විදිහට.අම්මා මූසලයි කියලත් කිව්වා. ඇත්තටම අම්මගේ කිසිම වැරැද්දක් නැතුව මම බැන්නේ. මොකද මට මගේ ප්‍රශ්න කියන්න කවුරුත් නෑ. ඉතින් මේ දවස් වල තිබ්බ ප්‍රශ්නත් එක්ක මගේ හිතේ තිබ්බ පීඩනය පිට වුනේ අම්මට බැනලා.

    මන් මේක ටයිප් කරන්නෙත් කාමරේ දොර වහගෙන අඩන ගමන්. මට දරාගන්න බැරි තරම් දුකක් දැනෙනවා,මගේ කටින් පිට වුනු වචන මට ආපහු ගන්න බෑ.

    මන් අම්මට බනිද්දී අම්මත් මට ආපහු පෙරලා බනිනවා නම් මට දුකක් නෑ. ඒත් අම්ම මොකුත් නොකියා ඒ හැමදෙයක්ම අහගෙන ඉන්නවා. ඒත් මන් දැක්ක අම්මා ඊට පස්සේ වෙනම පැත්තකට ගිහින් හොරෙන් අඩනවා.

    මට මේ දේවල් මතක් වෙද්දි ලොකු දුකක් දැනෙනවා
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    සල්ලි ප්‍රශ්න තමයි බන්.හම්බ කලාට කිසි දියුණුවක් නෑ. එකම තැන.

    ithin ban ekata ammata banala hari yanne nane :no::no ohoma naraka kala katath thiyanawa. uba loan walata hirawelada inne ?
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මචං ගිහින් අම්මගෙන් සමාව ගනින්. පෘතග්ජන මිනිස්සු විදිහට යම් යම් වැරදි තියෙන්න පුළුවන් වුනත් අම්මා කෙනෙක් දරුවෙක් ලොකුමහත් කරන්න කරන කැපවීම කියන්න බැරි තරම් ලොකුයි :love:
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ithin ban ekata ammata banala hari yanne nane :no::no ohoma naraka kala katath thiyanawa. uba loan walata hirawelada inne ?

    ඔව් බන් මට ඒක තේරෙනවා. ඒ නිසා තමයි මට ගොඩක්ම දුක. ලොකු ලෝන්නම් නෑ බන්. ඒත් මට ඕනේ ඉක්මනින් දියුණු වෙන්න. ඉක්මනින් ඉඩමක් අරන් ගෙයක් හදලා වාහනයක් ගන්න.බංකුවකට ගියාට ලෝන් දෙන්නෙත් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඳලා සමාව ගනින් වැඩේ ඉවරයි. අම්මල ඕව හිතේ තියන් ඉන්නේ නෑ අනික වඳින්න සමාව ගන්න ලැජ්ජ වෙන්න දේකුත් නෑ අම්ම නෙ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මචං ගිහින් අම්මගෙන් සමාව ගනින්. පෘතග්ජන මිනිස්සු විදිහට යම් යම් වැරදි තියෙන්න පුළුවන් වුනත් අම්මා කෙනෙක් දරුවෙක් ලොකුමහත් කරන්න කරන කැපවීම කියන්න බැරි තරම් ලොකුයි :love:

    මචන් මට එහෙම සමාව අරන් පුරුද්දක් නෑ. මට අම්මගේ හිත හදන්න විදිහක් කියන්න.මට මගේ කටින් පිට වුනු වචන් ආපහු ගන්න විදිහක් තියෙනවා නම් මන් ආපහු ගන්නවා
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඔව් බන් මට ඒක තේරෙනවා. ඒ නිසා තමයි මට ගොඩක්ම දුක. ලොකු ලෝන්නම් නෑ බන්. ඒත් මට ඕනේ ඉක්මනින් දියුණු වෙන්න. ඉක්මනින් ඉඩමක් අරන් ගෙයක් හදලා වාහනයක් ගන්න.බංකුවකට ගියාට ලෝන් දෙන්නෙත් නෑ

    loan gannath epa danma. thawath prashna wadi wenawa. diyunuwenna target thiyagena wada karana eka hodai. eth machan eka passe too much yanna epa ekai oya manasika prashna enne. uba monawahari business ekak karanawa nam eka tika tika diyunu karanna balapan. loan aran eka para diyunu karanna giyoth thiyana dewal tikath nathi wei
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එළකිරියේ හරි දාපන් බන් හිත ඇතුලේ තියාගෙන ඉන්න එපා . අම්මා ට බැන්නමා හිට වඩා අපි විදොනවා.

    ජොබ් එකත් එක්ක මොනවාහරි කරන්න බලපන් එකපාරම එන්නේ නැතිවෙයි ස්කිල් එකක් හදාගෙන ඔන්ලයින් මොනා හරි මමත් මේ දවස් වල ට්‍රයි එකක් දෙනවා. දුප්පත් අපි කොච්චර ඉගෙනගත්ත් ජොබ් එකක් කරත් එක දවසින් ගොඩ යන්න වෙන්නේ නැහැනේ බන් මුල ඉදන් පටන් ගන්න වෙන්නේ අතහරින්න එපා

    https://www.facebook.com/oecsl/
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    තරහ යනව බන් ඒක වලක්වන්න බෑ උබ ගිහින් සමාව ගනින්
    මචන් කියවුන දේවල් හිතල පිට උනේ නෑ කියපන්. සල්ලි ප්‍රස්න
    උබට විතරක් නෙමෙයි අපි කාටත් පොදුයි මචන්.
    ටිකක් නිවාඩු පාඩුවේ කල්පනා කරල හොද පඩියකට රටවත් පලයන්
    දැන් කාලේ අවන්කවම 30 වගේ අරන් හැරෙන්නත් බෑ, දියුනුවක් නෑ. ගුඩ් ලක්
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මටත් පුදුම විදියට තරහ යනවා සමහර වෙලාවට.පස්සේ ඒ ගැන මාර විදියට දුක හිතෙනවා.මම නම් කරන්නේ තරහ යන වෙලාවට කොහේ හරි යනවා.තරහ නිවුනහම ආයේ ගෙදර එනවා.
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    උබ දැන් මෙහෙම කියන එකෙන් තේරෙනවා උබ නරක මිනිහෙක් නෙමෙයි....එක පාරට තරහ ගිහින් කරපු වැඩක් හිතේ තියෙන ප්‍රශ්නත් එක්ක

    අම්මා ගාවට ගිහින් සමාව ගනින් ...අම්මලා හරි පුදුම මිනිස්සු බන්....ළමයි මොනා කලත් සමාව දෙනවා

    උබේ හිතේ තියෙන අවුල එක්කෝ අම්මට නැත්නම් ළගම කෙනෙක්ට කියපන්.....අයියලා මල්ලිලා නැද්ද?

    Anyway , වැඩිය හිතන්න එපා .....අම්මා එක පාරට සමාව දුන්නේ නැතත් පොඩ්ඩක් පස්සෙන් ගිහින් හිත හදපන්...එතකොට ඔය ඔබේ තියෙන හිතේ බරත් අඩුවෙයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    dan uba lamai hadala untath oya dukama denna epa.
    :(
    වැඳලා සමාව ගනින් වැඩේ ඉවරයි. අම්මල ඕව හිතේ තියන් ඉන්නේ නෑ අනික වඳින්න සමාව ගන්න ලැජ්ජ වෙන්න දේකුත් නෑ අම්ම නෙ.

    කොහොමද බන් කරන්නේ මන් මෙච්චර කාලෙකට එහෙම සමාවක් ඉල්ලලා පුරුද්දක් නෑ. අම්මටත් ඒක පුරුදු නැති වෙයි. ඒත් මට සමාව ගන්නත් ඕනේ
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කොහොමද බන් කරන්නේ මන් මෙච්චර කාලෙකට එහෙම සමාවක් ඉල්ලලා පුරුද්දක් නෑ. අම්මටත් ඒක පුරුදු නැති වෙයි. ඒත් මට සමාව ගන්නත් ඕනේ
    අම්මගෙන් සමාව ඉල්ලන්න ඉගෙන ගන්න ඕන නෑ.අපිට ඕන දෙයක් කියන්න පුළුවන් අම්ම ලඟ විතරයි.අම්ම එහෙම කවදාවත් දුක් උනාට තරහ වෙන්නේ නෑ.අම්මල හරි පුදුමයි සහෝ.ලජ්ජා වෙන්න දෙයක් නෑ.පුරුදු වෙන්න දෙයක් නෑ.අම්ම වගේ මේ ලෝකේ කවුරුවත් නෑ අපිට.
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මචන් මට එහෙම සමාව අරන් පුරුද්දක් නෑ. මට අම්මගේ හිත හදන්න විදිහක් කියන්න.මට මගේ කටින් පිට වුනු වචන් ආපහු ගන්න විදිහක් තියෙනවා නම් මන් ආපහු ගන්නවා

    හුකන්නෝ ඒ තොගේ අම්ම.ඔය පකේ හීන මානෙ වෙන උන් එක්ක තියගනින්.ඔය ඉන්නේ තොව වදාපු අම්මා.තොට අම්මගෙන් සමාව ගන්න බැරි තරම් තොගෙ තියන ලොකුකම මොකදද...

    මගෙ පපුව දිගේ ඇසිඩ් පාරක් ගිය වගෙ යකෝ තෝ අම්මට ඒ කියපු වචනෙට.

    මම ඒ බැන්නෙ තෝ අම්මට බැනපු නිසා නෙමෙයි.මොකද ඒක දැන් වෙලා ඉවරයි.උබ මොන වගේ පීඩනේක හිටියද කියලා අපි කටවත් කියන්න බෑ.එත් මම එක අනුමත කරන්නේ නෑ.

    තමන්ගේ අම්මගෙන් සමාව ගන්න බැරි නරුමයෙක් වෙන්න එපා මිනිහො.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    loan gannath epa danma. thawath prashna wadi wenawa. diyunuwenna target thiyagena wada karana eka hodai. eth machan eka passe too much yanna epa ekai oya manasika prashna enne. uba monawahari business ekak karanawa nam eka tika tika diyunu karanna balapan. loan aran eka para diyunu karanna giyoth thiyana dewal tikath nathi wei

    ඒත් මචන් දැන් මගේ වයස 32 යි . මගේ ජීවිතේ වැඩි කාලයම් මන් දුක් වින්දා. මන් විතරක් නෙමේ අම්මත් ගොඩක් දුක් වින්දා. හැබැයි මගේ ආදායම ඉස්සරට වඩා හොදයි. ඒත් මට ඕනේ අඩුම තරමේ වයස 35 වෙන්න කලින්වත් මගේ හීන ටික ඉටු කර ගන්න. ඒත් තව අවුරුදු 3 යි තියෙන්නේ. ලෝන් එකක් ගන්න පුලුවන්නම් මට ඒකෙන් මගේ වඩ ටික කරගෙන මගේ ආදායමෙන් ලෝන් එක ගෙවන්න පුලුවන්. ඒත් ආදයමෙන්ම මගේ වඩ කරන්න හිටියොත් අවුරුදු ගානක් යයි
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    උඹ හිතේ අවුලෙන් හිටියේ එක නිසා හේතුවක් නැතුව බැන්නට සමාවෙන්න කියල අම්මට වැඳලා සමාව ගනින්.. දැන්ම කරහන් :yes::yes::yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    එළකිරියේ හරි දාපන් බන් හිත ඇතුලේ තියාගෙන ඉන්න එපා . අම්මා ට බැන්නමා හිට වඩා අපි විදොනවා.

    ජොබ් එකත් එක්ක මොනවාහරි කරන්න බලපන් එකපාරම එන්නේ නැතිවෙයි ස්කිල් එකක් හදාගෙන ඔන්ලයින් මොනා හරි මමත් මේ දවස් වල ට්‍රයි එකක් දෙනවා. දුප්පත් අපි කොච්චර ඉගෙනගත්ත් ජොබ් එකක් කරත් එක දවසින් ගොඩ යන්න වෙන්නේ නැහැනේ බන් මුල ඉදන් පටන් ගන්න වෙන්නේ අතහරින්න එපා

    https://www.facebook.com/oecsl/

    මමත් ෆ්‍රීලාන්සිං තමයි බන් කරන්නේ. ආදායමත් නරක නෑ. ඒත් ඉතුරුවක් නෑ බන්. මාසේ වියදම 70000 යි. ඉතින් කොහෙද ඉතුරුවක් තියෙන්නේ.