ඔය එක්පොලියිට් කරන්නෙ සිංහළුන්ගෙ අභිමානය ප්‍රෞඩ ඉතිහාසය වගේ තැන්. අපිට එක පාරටම මේවා බොරු කියන්න හිත් දෙන්නෙ නෑ. අපේ හිතේ පොඩි චකිතයක් තියෙනවා. මේ රටේ හොඳ තාක්ෂනයක් තිබ්බා ලෝකෙම හොඳ නැව් හැදුවා කඩු හැදුවා ලොකු ලොකු දේවල් කරලා තියෙනවා. ඒත් දැන් ඒ ටෙක්නොලජි අපිගාව නෑ. සමහර ඒවා ලෝකෙන්ම ඒවා වැලලිලා ගිහින්.
මුන් මේ රෑට අඩියක් ගහලා පාන්දරට හිතට එන දේවල් සේරම රාවණාගෙ ඇඟේ ගහලා බඩ වියත රැකගන්න හදන අනාථයො. මේයා රාවනා සීන් එකට බැස්සෙ මේ ලඟකදි ඉඳන්නෙ. මෙයා මේ කවුරුත් නොකියපු අළුත් කතාවක් කියන් ඉන්නේ රාවනා ෆෑන්ස්ලා ටික මෙයාගෙ පැත්තට හරවගන්න. ටීවී ප්‍රෝග්‍රෑම් ටිකකට මූන දාගන්න. අහුවෙන්න එපා බන්. මෙයා මේ ටෙක්නොලජි ගැන කියෙව්වා කියලා අළුතින් කිසි දෙයක් කරන්නෙ නෑනේ. වංශෙ කබල් ගාලා ලැබෙන දේකුත් නෑනේ. ලැබෙන්නෙ මෙයාට ප්‍රසිද්දිය විතරයි. ඒ නිසා අමාරුවෙන් උනත් ඕවා ප්‍රතික්ශේප කරන්න උත්සහ කරපන්. තව පස්සෙ පස්සෙ ඒවි දහස් ගනන් ඒ කාලේ නිවන් ඇරපු මැශින් වල නිවන් ටෙක්නොලජි. ඕවත් කියන් එන්න බැරි නෑ. මේ රටේ මිනිස්සු ඒතරම් ලාමකයි අහිංසකයි මෝඩයි. මුන් හැමෝම මුන්ගෙ දියුණුවට මෝඩ අපිව පාවිච්චි කරනවා.