JVP යෙන්_පැහැදිලි කිරීමක්
සුළු පක්ෂ එක්ව බලවේගයක් ගොඩනැගීම සඳහා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් සිය පෙරමුණ සමග සාකච්ඡා කළ බව කියන ප‍්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතික්ෂේප කරනවා.
රාවුෆ් හකීම් මන්තී‍්‍රවරයා ඊයේ (23) මහනුවරදී ප‍්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සුළු පක්ෂ සමග එක්ව නව ගමනක් යාමට සැලසුම් කර ඇති බවයි.
මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් කළ මෙම ප‍්‍රකාශයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස ප‍්‍රතිචාර දැක්වූවා.
එහිදී "රවුෆ් හකීම් මේ රටේ මොන ආණ්ඩුවක් හැදුවත් ඇමතිකමක් අරගෙන ආණ්ඩුවට රිංගපු කෙනෙක්. තමන් නියෝජනය කරන මුස්ලිම් ජනතාවගේ මූලික ප්‍රශ්නවලටවත් උත්තර හොයන්න ඔහුට බැරි වෙලා තියෙනවා. දැන් මේ කතන්දර ගොතන්නේ තමන්ට තනියෙන් මුස්ලිම් ජනතාව ඉදිරියට යන්න බැරි නිසයි. අපි සන්ධාන ගහන්න කිසිඳු සූදානමක නෑ." යනුවෙන් සඳහන් කළා
Neth news
මුස්ලිම් කොංග්‍රසය කිව්ව හවුල ගැන ජවිපෙන් පැහැදිළි කිරීමක්