BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඇමරිකාවෙන් ප්‍රථම කොරෝනා වෛරස් මරණය වාර්තා වෙයි

    කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසයට ගොදුරුවී ඇමරිකාවේ සිදුවූ ප්‍රථම මරණය වොෂින්ටනයෙන් වාර්තාවනවා.
    50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර, ඔහුට වෛරසය ආසාදනය වූ ආකාරය පැහැදිළි නොමැති බවයි වොෂින්ටන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බෝවන රෝග පිළිබඳ ඒකකයේ ප්‍රධානී ජෙෆ්රි ඩුචින් ප්‍රකාශ කළේ.
    තවත් එවැනි සිද්ධින් වාර්තාවිය හැකි වුවද කළබල නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජනපති ට්‍රම්ප් ඕනෑම තත්ත්වයකට මුහුණදීමට ඇමරිකාව සූදානම් බව අවධාරණය කළා.

    http://www.hirunews.lk/
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Latest Updates

    March 1

    OCEANIA

    • 1st death in Australia: a 78-year-old man in Perth who was among the 164 Australians flown out of Japan after being quarantined aboard the Diamond Princess cruise ship. His wife also tested positive to the virus and is currently in a stable condition in isolation at a Perth hospital.


    • Incoming travel from Iran to Australia is banned starting Sunday. Appropriate level of travel advisory to Italy is being considered. But "it's not possible to further isolate Australia," said Chief Medical Officer Brendan Murphy, adding that the focus should be on detection and containment instead. [source]
    ASIA

    • 376 new cases, of which 333 (89%) in Daegu, in South Korea. [source] [source]
    • 573 new cases, 35 new deaths (of which 34 in Hubei) and 2,623 new discharges occurred in China on Feb. 29, as reported by the National Health Commission (NHC) of China.
    February 29

    NORTH AMERICA

    United States


    • 1st death in the United States in Washington State. [source]
    • Travel advisory raised to level 4: Do not travel to specific regions in Italy and South Korea.
    • Travel from Iran banned.
    • Recent new cases in Washington State, Oregon and California suggest local, person-to-person spread of the virus in the United States.
    • 3 new cases in the United States earlier today: [source] [source] [source]
      - 1 in Washington State
      : a 18-year-old student from Jackson High School in Mill Creek with no travel history to an outbreak area who on Feb. 24 had body aches, chills and a headache. After feeling better, he returned to school, before test results came out on Feb. 28. The school will be closed for a few days of deep disinfecting.
      - 1 in Washington State:
      a woman in her 50s with confirmed travel to Daegu, South Korea. - 1 in Oregon [
      source]
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා පැතිරෙයි-මරණ 2967 දක්වා ඉහළට

    ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස් අසාදිතයින් මේවනවිට ලෝකයේ රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකින් වාර්තා වෙයි.
    වෛරසය හේතුවෙන් මේවන විට මියගොස් ඇති සංඛ්‍යාව 2,967කි.
    වෛරසය ප්‍රථමයෙන්ම වාර්තා වූ චීනයේ හුබෙයි පළාතෙන් ඊයේ(29) දිනයේ නව කොරොනා වෛරස් ආසාදිතයින් 570 දෙනෙකු තහවුරු වී, මරණ 34 ක් වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
    සුවය ලැබීමෙන් අනතුරුව පුද්ගලයින් 2,292දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.
    ඒ අනුව ඊයේ වන විට සමස්ත චීනයෙන් තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 79,968 ක් වන අතර මියගොස් ඇති සංඛ්‍යාව 2,873 කි.
    නව කොරෝනා වෛරසය අද වනවිට ලොව රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකට පැතිර ගොස් ඇති අතර සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 86000කට ආසන්න බවයි.
    අසාදිතයෙකු වාර්තා වූ නවතම රටවල් බවට මැදපෙරදිග කලාපයේ කටාර්, ලක්සම්බර්ග් සහ ඉක්වදෝරය පත්වුණි.
    චීනයට පසුව වැඩිම බලපෑමක් එල්ලවූ දකුණු කොරියාවෙන් අද වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3,150 කි.
    වාර්තා වූ මරණ සංඛ්‍යාව 17කි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    The coronavirus COVID-19 is affecting 64 countries and territories around the world and 1 international conveyance (the Diamond Princess cruise ship harbored in Yokohama, Japan).

    Screenshot_1.jpg

    1111111.jpg
    22222.jpg
    333333.jpg
    Screenshot_5.jpg
    https://www.worldometers.info/coronavirus/
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දකුණු කොරියානු රජයෙන් දැනුම්දීමක්

    සියලුම පුරවැසියන්ට හැකිතාක් දුරට නිවෙස් තුළටම වී සිටින්නැයි දකුණු කොරියානු රජය දැනුම් දී සිටියි.
    එරට රජය මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ ගතවූ පැය 24 තුලදී නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 813 දෙනෙක් එරටින් වාර්තා වීමත් සමගයි.
    දිනයක් තුලදී දකුණු කොරියාවෙන් වාර්තාවූ ඉහලම වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව මෙය වන බව වාර්තා වෙයි.
    මාධ්‍ය හමුවක් පවත්වමින් දකුණු කොරියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රටේ තත්ත්වය ඉතා තීරණාත්මක මොහොතකට ලඟා වී ඇති බවයි.
    කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා ජනතාවගේ සහය අවශ්‍ය බවත් ඒ හේතුවෙන් මහජන රැස්වීම්, ආගමික වතාවත් සඳහා සිදුකරන ඒකරාශීවීම් වලට නොයා හැකිතාක් දුරට නිවෙස්වලටම වී සිටින්නැයි ඔහු ඉල්ලා සිටියි.
    ජපානයෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 940කට ආසන්නයි.
    ඒ අතුරින් 705 දෙනෙකු හමු වී ඇත්තේ යොකෝහමා වරායේ නිරෝධායනය කර ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන්ය.
    කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා යෙන් බිලියන 270 (ඩොලර් බිලියන 2.5) ක හදිසි ආර්ථික පැකේජයක් ජපාන අගමැති ෂින්සෝ අබේ ඊයේ ප්‍රකාශයට පත් කළේය.
    එමෙන්ම රජයට සහය දක්වන ලෙසට ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබුණි.
    ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් උළෙලට පෙර වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට හැකිද යන්න පිළිබඳව තීරණය කිරීම සම්බන්ධයෙන් ජපානය තීරණාත්මක අවස්ථාවක පසුවන බව අගමැතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළේය.
    චීනයෙන් පිටත වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, ඉරානයෙන්.
    ඉරානයේ සෞඛ්‍ය අංශ උපුටා දක්වන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, බ්‍රහස්පතින්දා සවස් වන විට ආසන්න වශයෙන් පුද්ගලයින් 210 ක් කොරෝනා හේතුවෙන් මියගොස් ඇති බවයි.
    ගත වූ පැය 24 තුළ තවත් ආසාදිතයින් 205 දෙනෙකු වාර්තා වී ඇති ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවයි.
    ලාංකිකයින් වැඩිම පිරිසක් සේවය කරන ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයින් 1000 ඉක්මවන අතර එරටින් මරණ 29 වාර්තා වෙයි.
    අද වනවිට ප්‍රංශයෙන් වාර්තා කරන කොරෝනා වෛරස් ආසාදිතයින් 100කට අධිකයි.
    ඇමරිකාවෙන්ද මේ වනවිට කොරෝනා අසාදිතයින් 60කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පළමු මරණය වොෂින්ටන් ප්‍රාන්තයෙන් ඊයේ වාර්තා වුණි.
    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයා 50 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි.
    කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමට ඉතාලිය ඉරාකය සහ දකුණු කොරියාව සමග සිදුකළ සියලු ගුවන් ගමන් නවතා දැමීමට තුර්කිය පියවර ගෙන තිබේ.
    මේ අතර අසර්බයිජානය තුර්කිය සමග පවතින තම දේශසීමා කලාපය වසා දැමීමට පියවර ගෙන තිබුණි.
    ලෙබනනයෙන් ද තවත් ආසාදිතයින් තිදෙනෙකු හමු වී ඇති අතර එරට සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞදි අරාබිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
    කුවේට් සහ රුසියාව ද විදෙස් සංචාරකයන්ගෙන් වැළකී සිටින ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා තිබුණි.
    මේ අතර ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයින්ට රට තුළට ඇතුළු වීම වළකමින් තහනමක් පැනවීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගත්තේය.
    http://sinhala.adaderana.lk/
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වෛරසය නිසා ඇමරිකාව සංචාර සීමා පනවයි

    කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ ප්‍රථම මරණය වාර්තාවීමත් සමඟ ජනපති ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර සංචාර සීමාවන් පනවා තිබෙනවා.
    ඒ අනුව ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුලුවීම සීමා කර ඇති අතර, ඉතාලියේ සහ දකුණු කොරියාවේ වෛරසය ව්‍යාප්ත වූ ප්‍රදේශ වෙත සංචාරය නොකරන ලෙස ඇමරිකානුවන්ට අවවාද කෙරෙනවා.
    මේ වනවිට එරට ආසාදිත සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා රටවල් 61 කට ව්‍යාප්ත වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය එහි අවදානම උපරිම මට්ටමට නංවනු ලැබුවා.
    මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 2975ක් වාර්තාවන අතර, ආසාදිත සංඛ්‍යාව 86,584ක්.
    චීනය හැරුණුකොට වැඩිම ආසාදිත සංඛ්‍යාවක් එනම්, 3150ක් වාර්තාවන්නේ දකුණු කොරියාවෙන්.
    ඉතාලියේ ආසාදිත සංඛ්‍යාවද 1128 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    http://www.hirunews.lk
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඕස්ට්‍රේලියාවේ ප්‍රථම කොරෝනා වෛරස් මරණය පර්ත් නුවර

    කොරෝනා වෛරසය හේතුවෙන් ඕස්ටේ්‍රලියාවේ ප්‍රථම මරණය පර්ත් නුවර රෝහලකින් අද උදෑසන වාර්තාවුණා.
    78 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර, ඔහු ජපානයේ නැංගුරම් ලා තිබූ ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවෙන් ඉවත් කරගත් ඔස්ට්‍රේලියානුවෙක් .
    ඔහු ඇතුලු ඕස්ට්‍රේලියානුවන් 160 දෙනෙකු පමණ එම නෞකාවෙන් ඉවත් කරගත් අතර, මියගිය පුද්ගලයාගේ 79 හැවිරිදි බිරිඳටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තාවන්නේ.
    දකුණු කොරියාවේ ආසාදිත සංඛ්‍යාවද 3526 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    ඒ ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 376 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.
    දකුණු කොරියාවෙන් කොරෝනා වෛරස් මරණ 17 ක්ද වාර්තාවුණා.
    ඉතාලියේ ආසාදිත සංඛ්‍යාවද 1128 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 29ක් ලෙසයි වාර්තාවන්නේ.
    http://www.hirunews.lk
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට කොරෝනා වැළදී නොමැති බව තහවුරු වෙයි

    එහි විශේෂඥ වෛද්‍ය සමිත ගී කියනගේ මහතා සඳහන් කළේ, ඔවුන් පෙරේදා දිනයේදී අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ බවයි.
    සෙම්ප්‍රතිෂ්‍යාව ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර හා රාගම රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝග විද්‍යායතනය යොමු කෙරුණි..
    ඔවුන් දෙදෙනා සමග කොරෝනා බවට සැකපිට අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 4 ක්.

    https://www.newsfirst.lk/sinhala/2020/03/01/ඉතාලියේ-සිට-පැමිණි-ශ්‍රී/
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    40-B7-A56-A-D849-4-E7-C-93-BE-41-C10856270-D.jpg
    [/url][/IMG]


    සනීපයි නේද පුතේ ?
    හුටා :baffled: මේ මනුස්සය අර දේව මෙහෙය අස්සේ මිනිස්සුන්ගේ අත් අල්ල ආශිර්වාද කරා නේද :baffled:

    වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුන වාගේ සිද්දියක් වෙන්නේ දැන්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    I don't think Vatican made a statement to this effect yet. But he is sick. That's true.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා පැතිරෙන දකුණු කොරියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 137ක් දිවයිනට - උණ, ප්‍රතිශ්‍යා වැළඳුණු දෙදෙනෙකු රෝහල් ගත කෙරේ

    දකුණු කොරියාවේ සිට පැමිණි කොරියානු ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    වයස අවුරුදු 30ක් සහ 37ක් වන ඔවුන් ගුවන් තොටුපලේ සිට ගිලන් රථයකින් මීගමුව රෝහල වෙත රැගෙන ගිය බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

    අද උදැසන කොරියානු ගුවන් සේවයට අයත් ඊ.කේ. 473 දරණ එම ගුවන් යානයෙන් මගීන් 182 කු මෙරටට පැමිණ ඇති අතර, ඉන් 137 දෙනෙකුම ශ්‍රී ලාංකිකයින්.

    කටුනායක ගුවන් තොටුපල සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රිය උපකරණ මගින් ගුවන් මගීන් නිරන්තර පරීක්ෂාවට ලක් කරන අතර, එමඟින් මෙම උණ රෝගීන් දෙදෙනා හඳුනාගෙන තිබෙනවා.

    දකුණු කොරියාවේ නව කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යාමත් සමඟ එරට සිට දිවයිනට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ගුවන් තොටුපල කාර්යභාර නිලධාරී ප්‍රකාශ කළා.

    එමෙන්ම කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපල පරිශ්‍රයේ නව පියවර ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකයෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුණා.

    මක්කම සිට පැමිණි තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු උණ සහ ප්‍රතිශ්‍යා තත්ත්වය හේතුවෙන් මීගමුව රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

    මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ ප්‍රථම මරණය වාර්තාවීමත් සමඟ ජනපති ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර සංචාර සීමාවන් පනවා තිබෙනවා.

    ඒ අනුව ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයන්ට ඇමරිකාවට ඇතුලුවීම සීමා කර ඇති අතර, ඉතාලියේ සහ දකුණු කොරියාවේ වෛරසය ව්‍යාප්ත වූ ප්‍රදේශ වෙත සංචාරය නොකරන ලෙස ඇමරිකානුවන්ට අවවාද කෙරෙනවා.

    මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වන ඉතාලියේ මිලාන් නුවර වෙත සිය ගුවන් ගමන් අත්හිටුවීමට ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

    මේ වනවිට ඇමරිකාවේ කොවිඩ් - 19 ආසාදිත සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා රටවල් 61 කට ව්‍යාප්ත වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය එහි අවදානම උපරිම මට්ටමට නංවනු ලැබුවා.

    මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 2978ක් වාර්තාවන අතර, ආසාදිත සංඛ්‍යාව 86,983ක්.

    චීනය හැරුණුකොට වැඩිම ආසාදිත සංඛ්‍යාවක් එනම්, 3526 ක් වාර්තාවන්නේ දකුණු කොරියාවෙන්. ඒ ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 376 දෙනෙකු වාර්තාවීමත් සමඟයි.

    දකුණු කොරියාවෙන් කොරෝනා වෛරස් මරණ 17 ක්ද වාර්තාවුණා.

    ඉතාලියේ ආසාදිත සංඛ්‍යාවද 1128 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    එරට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 29 ක් ලෙසයි වාර්තාවන්නේ.

    http://www.hirunews.lk
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    හුටා :baffled: මේ මනුස්සය අර දේව මෙහෙය අස්සේ මිනිස්සුන්ගේ අත් අල්ල ආශිර්වාද කරා නේද :baffled:

    වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුන වාගේ සිද්දියක් වෙන්නේ දැන්

    now we can really find out about the god and his existence
     
    Status
    Not open for further replies.