BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Iran reports 11 new COVID-19 deaths, taking total to 54
    TEHRAN: Iran's health ministry on Sunday (Mar 1) reported 11 new deaths from the novel coronavirus and 385 infections, bringing the overall number of lives lost to 54 and cases to 978.
    https://www.channelnewsasia.com/news/world/covid-19-iran-death-toll-coronavirus-mar-1-12488390
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    තවමත් කොරෝනා වෛරසයෙන් බේරී සිටින උතුරු කොරියාව
    චීනයෙන් ව්‍යාප්ත වූ නව කොරෝනා වෛරසයට ලොව පුරා රටවල් රැසක් මේ වනවිටත් ගොදුරු වී අවසන්.
    චීනයට මායිම්ව පිහිටා තිබුණත් කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ රටක් ලෙස උතුරු කොරියාව තවදුරටත් සිය වාර්තාව රැකගැනීමට සමත් වීම කා අතරත් කතාබහට ලක්ව ඇත.
    න්‍යෂ්ටික වැඩපිළිවෙල මුල් කරගෙන ජාත්‍යන්තරය පනවා ඇති සම්බාධක හේතුවෙන් හුදෙකලා වී සිටින රාජ්‍යයක් ලෙස උතුරු කොරියාව ප්‍රකටයි.
    චීනයෙන් හමු වූ නව කොරෝනා වෛරසයට ලොව පුරා රටවල් රැසක් ගොදුරු වී ඇති පසුබිමක දැඩි සම්බාධක හමුවේ වූවත් ඔවුන් ඊට මුහුණ දීමට සූදානම්ව සිටියි.
    කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ රටක් ලෙස තවදුරටත් සිය වාර්තාව රැකගැනීමට ඔවුන් සමත් වී නමුත් තවමත් අවදානම පහව ගොස් නැහැ.
    උතුරු කොරියාව වෛරසයේ වැඩිම ව්‍යාප්තියක් පවතින චීනයට මායිම්ව පිහිටා ඇති රටක් වීම ඊට හේතුවයි.
    කොරෝනා වෛරසය රට තුළට පැමිණීම වැළැක්වීමට උතුරු කොරියාවේ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.
    ඒ යටතේ ක්‍රියාත්මක විෂබීජහරණ ක්‍රියාවලිය සාප්පු සවාරි දිස්ත්‍රික්ක දක්වා පුළුල් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණි.
    වෛරසය උතුරු කොරියාවට පැතිරී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
    උතුරු කොරියානු බලධාරීන් ආසාදිතයින් සහ මරණ වසන් කරන බවට දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පළවීමෙන් අනතුරුව ඔවුන් මේ බව පවසා තිබුණි.
    පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් ලෙස රට තුළට ඇතුළුවන සියලුම දෙනා මසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
    මේ අතර ආරක්ෂාව තර කරමින් චීනය සමඟ පවතින තම දේශසීමා කලාපයට සහන සේවකයින් යෙදවීමටත් ඔවුන් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා නිසා චීනයේ වායු දූෂණය පහළට
    නව කෙරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ චීනයේ කර්මාන්තශාලාවල ක්‍රියාකාරකම් කැපී පෙනෙන අයුරින් පහළ බැස ඇත.
    එය ලෝක ආර්ථිකයටද බලපෑම් එල්ල කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
    COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වායු දූෂණය පහළ වැටී ඇති බව නාසා ආයතනය සිදු කළ පරීක්ෂණයකින් පෙනී ගොස් ඇත.
    එරට කාර්යබහුල නගර රැසක් නිරෝධායනයට ලක්කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව සඳහන්.
    ඒ අනුව රථවාහන ධාවනය, කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම ඇතුළු මිනිස් ක්‍රියාකාකරම් අවම වීමෙන් වායු දූෂණය අඩුවී ඇති බව නාසා ආයතනය චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් සිදු කළ පරික්ෂණයකදී පෙනී ගොස් තිබුණි.
    මේ සඳහා යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ සහයෝගයද ලැබී ඇත.
    චීනයේ නගර කිහිපයක් වසා දමා අද වනවිට මාස දෙකකට ආසන්න කාලයක් ගතව අවසන්.
    ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ලෝක ආර්ථිකයටත් විශාල බලපෑමක් සිදුව ඇති බවයි.
    මේ වන විට චීනයේ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවල ක්‍රියාකාරකම් ශීඝ්‍රයෙන් පහළ වැටීමට පටන්ගෙන ඇත.
    ඒ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා බොහෝ කර්මාන්ත ශාලා වසා දැමීම සහ නිෂ්පාදන කටයුතු පාලනය සදහා පියවර ගැනීමත් සමඟයි.
    මේ සමඟ එරට මිලදී ගැනීමේ කළමණාකරුවන්ගේ දර්ශකයේ අගය (PMI) ජනවාරි මාසයට අදාලව 50 සිට 35.7 දක්වා පහළ වැටී තිබුණි.
    ඒ අනුව පෙනී යන්නේ පසුගිය දශකය තුළ ලෝකය පුරා ඇති වූ මූල්‍ය අර්බුදයට වඩා කොරෝනා වෛරසය මගින් ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් සිදුව ඇති බවයි.
    මේ වන විට ශ්‍රම බලකායේ සිදුව ඇති ශීඝ්‍ර පහත වැටීමට තමන්ට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව චීන කර්මාන්තශාලා හිමියන් පවසයි.
    චීනය සමස්ත ලෝක නිෂ්පාදනයෙන් තුනෙන් එකකට හිමිකම් කියන අතර ලෝකයේ විශාලතම අපනයනකරුවායි.
    චීන නිෂ්පාදනවල පසුබෑම ලෝකයේ සෙසු රටවල ආර්ථීකයටද අති විශාල බලපෑමක් එල්ල කරනු ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.
    නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග චීන නිශ්පාදන ක්‍රියාවලියේ සිදු වූ කඩා වැටීම නිසා චීනයේ නිෂ්පාදන හා පාරිභෝගික වෙළඳපොල මත යැපෙන සුප්‍රකට සමාගම්ද දැඩි බලපෑමට ලක්ව තිබේ.
    තව දුරටත් මෙම කර්මාන්ත ශාලා මේ අයුරින් පවත්වාගෙන යෑම හෝ යථා තත්ත්වයට පත්කර ගැනීම විශාල අර්බුදයක් වී ඇති බවත් විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක සිරාද ?

    37-B8347-A-2-D59-4-CA0-99-D1-188-E033-EDBB7.png
    [/url][/IMG]
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348

    :yes: Factories are closed. Less pollution and less electricity used. Wait a couple of weeks.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉතාලියේ සිට පැමිණෙන මගීනුත් හෙට සිට විශේෂ පරීක්ෂාවකට - කොරෝනා මරණ 3000ට ආසන්න වෙයි

    ඉතාලියේ සිට පැමිණෙන මගීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී හෙට සිට විශේෂ පරීක්ෂාවකට ලක් කර දින 14ක පසු විපරමකට ලක් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

    එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ අද වන විට උණ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් 16 දෙනෙකු රෝහල් 6ක ප්‍රතිකාර ලබන බවයි.

    ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඞී.එච්. රෝහලේ රෝගීන් 5 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර මීගමුව දිස්ත්‍රික් මූලික රෝහලේ 4 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.

    එමෙන්ම, කුරුණෑගල ශික්ෂණ රෝහලේ ද රෝගීන් දෙදෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, විදේශිකයෙකු ද ඔවුන් අතර සිටින බවයි වාර්තා වන්නේ.

    ඉතාලිය සහ දකුණු කොරියාව වැනි රටවල කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීම වැඩි වී ඇති බවයි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.

    ලොව පුරා රටවල් 65කින් පමණ වාර්තා වන කොවිඞ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාව 87,657කට ආසන්න වී ඇති අතර, මරණ සංඛ්‍යාව ද 2994 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඇමරිකාවේ නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ පළමු මරණය අද වොෂින්ටන් නුවරින් වාර්තා වුණා.

    ඇමරිකාවේ මිලියන 27.5ක පිරිසකට වෛද්‍ය රක්ෂණාවරණය නොමැති පසුබිමක් තුළ වෛරසය ව්‍යාප්ත වුවහොත් ඔවුන්ට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

    වෛද්‍ය රක්ෂණාවරණ නොමැති සංක්‍රමණිකයන් බලධාරීන් සමඟ සම්බන්ධ වීමට පවා බියක් දක්වන බව ද එම වාර්තාවල දැක්වෙනවා.

    එමෙන්ම, ඕස්ට්‍රේලියාව සහ තායිලන්තය ද අද සිය පළමු කොරෝනා මරණය වාර්තා වී තිබුණා. අයර්ලන්තය, කටාර් සහ ඉක්වදෝරය යන රටවලින් ද අද පළමුවරට කොරෝනා ආසාදිතයින් වාර්තා වුණා.

    කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ මේ වන විට නව ආසාදිතයන් 573 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

    එමෙන්ම, චීනයෙන් පිටත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන දකුණු කොරියාවේ ද ආසාදිතයන් සංඛ්‍යාව 3736ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ නව ආසාදිතයන් 586 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

    රුසියාවේ නිරෝධායන ක්‍රියාවලියට පටහැනිව කටයුතු කළ විදේශිකයන් 88 දෙනෙකු පිටුවහල් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

    http://www.hirunews.lk
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    COVID-19 UPDATE : Total cases in South Korea surge to 3,736, French official advises against kissing, cases in Germany jump to 117 (Updated : 09.30)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,436
    113
    මාලඹේ
    කවුරු හරි අර update වේන කොරෝනා map එකේ ලින්ක් එක දෙන්නකෝ
    -----------------------
    හරි හම්බුනා
    sketch-1583080121075.png
     
    Last edited:

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    බෙලරුස් වලින් දැන් තොරතුරැ ලැබෙන අයුරින්, තවත් කොරොනා වැලදුනු කාන්තාවක් වාර්තා වෙලා තියනවා. ඇයත් ලගදි ඉතාලි ගිහින් ආපු කාන්තාවක්. නමුත් කිසිම රෝග ලක්ෂනයක් පෙන්නුම් කරන්නේ නැ.

    ඇය වාර්තා වු ප්‍රදේශයේ ලාංකිකයන් 1000කටආසන්න පිරිසක් ඉන්නවා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    බෙලරුස් වලින් දැන් තොරතුරැ ලැබෙන අයුරින්, තවත් කොරොනා වැලදුනු කාන්තාවක් වාර්තා වෙලා තියනවා. ඇයත් ලගදි ඉතාලි ගිහින් ආපු කාන්තාවක්. නමුත් කිසිම රෝග ලක්ෂනයක් පෙන්නුම් කරන්නේ නැ.

    ඇය වාර්තා වු ප්‍රදේශයේ ලාංකිකයන් 1000කටආසන්න පිරිසක් ඉන්නවා.

    loke kohe giyath lankawe ekek pandurak assen adela ganna puluwan neda :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඇමරිකන් කාරයට තර්ජනයක් වෙච්ච රටවල්වලට විතරක් කොහොමද මේක ලොකුවට බලපාලා තියෙන්නේ... China.. Iran...:confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    ඇයි ජාපානෙට තරුවක් දාල ? :eek:

    Japan: The 705 people from the “Diamond Princess” cruise ship are listed separately and they’re not included in the Japanese government’s official count. 380 were asymptomatic. Fourteen of them are U.S. citizens whose test results weren’t known until they were taken off the ship.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    ඇමරිකන් කාරයට තර්ජනයක් වෙච්ච රටවල්වලට විතරක් කොහොමද මේක ලොකුවට බලපාලා තියෙන්නේ... China.. Iran...:confused:

    South Korea? Japan? Both those countries are America's closest allies
     
    Status
    Not open for further replies.