BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචන්, මම නොදන්න කමට අහන්නෙ. ඔයිල් ප්‍රයිස් වැටෙන එක කොහොමද ලොකුවට බලපාන්නෙ? :rolleyes:

    Supply chain එක බිදවෙටෙන්න යන්නේ... කර්මාන්ත සලා වල නිෂ්පාදන නොවෙන නිසයි oil price වැටෙන්නේ.ඉස්සරහට හැම දේම තමන්ගේ රටේ හදන්න වේවි මෙහෙම ගියොත්...නැත්නම් බඩගින්නේ,බෙහෙත් නැතුව මැරෙන්න වෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,230
    72,411
    113
    මාලඹේ
    Supply chain එක බිදවෙටෙන්න යන්නේ... කර්මාන්ත සලා වල නිෂ්පාදන නොවෙන නිසයි oil price වැටෙන්නේ.ඉස්සරහට හැම දේම තමන්ගේ රටේ හදන්න වේවි මෙහෙම ගියොත්...නැත්නම් බඩගින්නේ,බෙහෙත් නැතුව මැරෙන්න වෙන්නේ

    මචං දන්නේ නැති නිසා අහන්නේ කර්මාන්ත ශාලා වල බඩු හදන්නේ බොරතෙල් වලින්ද?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචං දන්නේ නැති නිසා අහන්නේ කර්මාන්ත ශාලා වල බඩු හදන්නේ බොරතෙල් වලින්ද?

    කිව්වා කියලා හිතා ගනින් :angry::angry:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    89706579_1329801530552882_6610201882566590464_o.jpg

    Waththak madde tiyenne.. Good spot :P
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පැය 24ක් තුළ ඉතාලියේ කොරෝනා මරණ 133ක්
    නව කොරෝනා වෛරසයෙන් ඉතාලියේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 366 දක්වා ඉහළ ගොස් තිබේ.
    ඒ ගතවූ පැය 24 තුළදී වාර්තාවූ මරණ 133ක් සමගින්ය.
    මේ අතර වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් සෞදියේ කාතිෆ් කලාපය වසාදැමීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.
    නව කොරෝනා වෛරසයේ ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඉතාලියේ සමස්ත ආසාදිතයින් ගණන 7375 දක්වා ඉහළ ගොස් තිබේ.
    ඒ,ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 1492 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.
    සිදුවූ මරණ සංඛ්‍යාව 366ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගතවූ පැය 24 තුළ වාර්තා වූ පුද්ගල මරණ ගණන 133කි.
    සෞදි අරාබියේ කොවිඩ් ආසාදිතයන් 11දෙනාම හමුවූ ප්‍රදේශය වන නැගෙනහිර කාතිෆ් කලාපය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර නැවත දැනුම් දෙන තෙක් රට පුරා සියළුම පාසැල් සහ විශ්වවිද්‍යාල වසාදමා තිබේ.
    කාතිෆ් කලාපය වසාදැමීමෙන් රටේ තෙල් නිෂ්පාදනයට බලපෑමක් එල්ල නොවන බවද එරට වාර්තාවල සඳහන්ය.
    අද වනවිට ලොව පුරා රටවල් 97ක කොරෝනා වෛරසය පැතිරී ඇති අතර මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන එක්ලක්ෂ නවදහස ඉක්මවා තිබේ.
    සමස්ත මරණ ගණන 3800කි.
    පුද්ගලයන් හැටදහසකට වැඩි පිරිසක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
    මරණ 3119ක්ම චීනයේ සිදුවූ අතර එරටින් වාර්තා වූ ආසාදිතයින් ගණන අසූ එක්දහස ඉක්මවයි.
    මේ අතර දකුණු කොරියාවේ ආසාදිතයින් ගණන 7300 දක්වා වැඩි වී ඇති අතර මරණ ගණන 50 දක්වා ඉහළ ගොස් තිබේ.
    ඉරානයෙන් ආසාදිතයින් 6566ක් වාර්තා වන්නේ මරණ 194 ක්ද සමගයි.
    කොවිඩ් 19 වෛරසයෙන් අමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 21දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන ආසාදිතයින් ගණන 550කි.
    මේ අතර ප්‍රංශය, හොංකොං, එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයකින්ද ඊයේ දිනයේදී මරණ කිහිපයක් වාර්තාවී තිබුණි.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දඹදිව සංචාර තාවකාලිකව අත්හිටුවන්න උපදෙස්
    දඹදිව වන්දනා චාරිකා සඳහා පිටත් වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසයි.
    අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ ලොව පුරා රටවල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
    ඉන්දියාවේද මේ දිනවල කොරෝනා වෛරසය පැතිර යන බවට වාර්තා වෙයි.
    දඹදිව වන්දනා සඳහා සහභාගී වන්නන් සියයට 90 කට වැඩි පිරිසක් වයස්ගත පුද්ගලයින් වන බැවින් ඔවුන් එරට සංචාරය කිරීම අවදානම් සහගත බවට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බවයි බන්දුල හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය
    http://sinhala.adaderana.lk/news.php...uti&nid=132378
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරොනා පැතිරයන රටවලින් පැමිණෙන අය අද සිට නිරෝධායන මධ්‍යස්ථානවලට
    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය තදින් පැතිරයමින් තිබෙන රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රි ලාංකිකයින් නිරෝධායනය කිරිමේ කටයුතු අද(09) දිනයේ සිට සිදුකිරිමට නියමිතව තිබේ.
    මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල පරිශ්‍රය සහ වැලිකන්දේ පිහිටි කන්ද කාඩුව පුනුරුත්ථාපන මධ්‍යස්ථාන පරිශ්‍රය නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
    ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයින් ඒ අනුව අද දිනයේ සිට අදාළ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරිමට නියමිත බව අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.‍
    මේ අතර මේ වන විට විදෙස් රට වල සිට පැමිණි පුද්ගලයින් දෙදහසක් පමණ පසුවිපරමකට ලක් කරමින් සිටින බව විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.
    http://sinhala.adaderana.lk/sports/1...B6%BD%E0%B6%A7
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සංචාරකයින්ගේ පැමිණීම අඩුවෙලා
    එහෙත් රටවල් කිහිපයක සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබේ.
    මේ වසරේ පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම පහත බැස තිබේ.
    ලොව පුරා සංචාරකයින්ගේ පැමිණිම සියයට 17 යි දශම 7 කින් පහත බැස ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
    පෙබරවාරි මාසය තුළ පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 7507 ක් වෙයි.
    චීනයේ සංචාරකයින්ගේ පැමිණීම සියයට 92 යි දශම 5 කින් පහත බැස ඇති බව වාර්තා වෙයි.
    එහෙත් රටවල් කිහිපයක සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබේ.
    රුසියානු සංචාරකයින්ගේ පැමිණීම සියයට 61 කින් ඉහල ගොස් ඇති අතර පෝලන්තය, යුක්‍රේනය,
    ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන රටවලින් සංචාරක පැමිණීම ඉහල ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේය.
    http://sinhala.adaderana.lk/news/132...B6%BD%E0%B7%8F
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බදුල්ල රෝහලට ඇතුළත් කළ ඉරාන ජාතිකයාට කොරෝනා නොමැති බව තහවුරු වෙයි
    බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු ඉරාන ජාතිකයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
    ඔහුගේ ජෛව සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට යොමුකළ සිදුකළ පරීක්ෂාවේදී ඒ බව තහවුරු වි ඇති බවයි බදුල්ල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න සඳහන් කළේ.
    ඔහුට වැළඳී ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව පමණක් බව තහවුරු වී ඇති අතර, ඒ අනුව ඔහු ඊයේ (08) දිනයේ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
    36 හැවිරිදි අදාළ ඉරාන ජාතිකයා පසුගිය 15 වනදා ඉරානයේ සිට මෙරටට පැමිණ තිබුණේ උමා ඔය ව්‍යාපෘතියේ ඇල්ල - කරදගොල්ල වැඩබිමේ සේවය කිරීම සඳහායි.
    http://www.hirunews.lk/sinhala/23613...B6%BA%E0%B7%92
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලොව පුරා කොරෝනා මරණ ගණන ඉහළට - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14කට කටාරයේ දොර වැසේ

    වහාම ක්‍රියාත්මක වන පරිදි දඹදිව වන්දනා ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව බුද්ධශාසන අමාත්‍යාංශය පවසනවා.
    එම අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නව කොරෝනා වෛරසයේ ලෝක ව්‍යාප්තියත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස එම තීරණයට එළඹි බවයි.
    එමෙන්ම අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන් රටට ඇතුලු කරගැනීම තාවකාලිකව අත්හිටුවීමට කටාර් රජය තීරණය කර තිබෙනවා.
    විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, චීනය, ඉරානය, ඉරාකය, ලෙබනනය, නේපාලය, සිරියාව, තායිලන්තය, පිලිපීනය, දකුණු කොරියාව සහ ඊජිප්තුව යන රටවල්වලට මෙම තහනම පනවා ඇති බවයි.
    ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට මුදාගෙන ඉන්දියාවට රැගෙනවිත් නිරෝධායනය සඳහා යොමු කෙරුණු එම නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
    එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඔවුන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධීකරණය වෙමින් තොරතුරු ලබාගනිමින් කටයුතු කරන බවයි.
    මෙම සති අන්තයේදී ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසන් වන බවද චෙන්නායි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.
    බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු ඉරාන ජාතිකයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
    ඔහුගේ ජෛව සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට යොමුකළ සිදුකළ පරීක්ෂාවේදී ඒ බව තහවුරු වි ඇති බවයි බදුල්ල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න සඳහන් කළේ.
    ඔහුට වැළඳී ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව පමණක් බව තහවුරු වී ඇති අතර, ඒ අනුව ඔහු ඊයේ දිනයේ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
    36 හැවිරිදි අදාළ ඉරාන ජාතිකයා පසුගිය 15 වනදා ඉරානයේ සිට මෙරටට පැමිණ තිබුණේ උමා ඔය ව්‍යාපෘතියේ ඇල්ල - කරදගොල්ල වැඩබිමේ සේවය කිරීම සඳහායි.
    මේ අතර ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල සිට පැමිණෙන මගීන් දින 14 ක නිරෝධායනයකට ලක් කිරීම අද (09) පස්වරුවේ සිට ආරම්භ කෙරෙනවා.
    එමෙන්ම ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වසරක් තුළ අවම අගය අද වාර්තා කළා.
    බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 32 ක් ලෙසයි සටහන් වුණේ.

    1991 වසරෙන් පසු දිනක් තුළ වාර්තාවූ අවම අගය වන අතර, එය සියයට 27 ක පහළ යාමක් බව සඳහන්.
    කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ ඉල්ලුම කැපී පෙනෙන ලෙස අඩුවීම මෙලෙස තෙල් මිල පහත වැටීමට ප්‍රධාන හේතුවක් වන අතර, නිෂ්පාදන කප්පාදුව දිගුකිරීම සඳහා ඔපෙක් සංවිධානය කළ යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කිරීම ද ඊට බලපා තිබෙනවා.
    ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දීම සඳහා පියවර ගැනීමට විදුලිබල බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීරගේ අවධාණය යොමුව තිබෙනවා.
    ඒ අනුව මෙම වාසිය ජනතාවට ලබාදෙමින් මෙරට ඉන්ධන මිල අඩු කිරීමේ යෝජනාවක් මෙම සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
    එමෙන්ම ලෝක ඉන්ධන මිල පහළ යාම, කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ ආසියාවේ කොටස් වෙළඳපොල ද සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.
    ජපානයේ කොටස් වෙළඳපොල සියයට 6.1 කින් පහළ ගොස් ඇති අතර, ඕස්ට්‍රේලියාවේ කොටස් වෙළඳපොළ පහළ ගොස් ඇත්තේ සියයට 6 කින්.
    චීනයේ මෙම වසරේ මුල් මාස දෙක තුළ අපනයන සියයට 17.2 කින් පහත වැටී තිබෙනවා.
    එමෙන්ම ආනයන ද සියයට 4 කින් පහත වැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
    මේ අතර ඇමරිකාවේ කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 500 ඉක්මවා ඇති අතර, ඇමරිකාවේ ප්‍රාන්ත 30 ක් පුරා වෛරසය මේ වනවිට ව්‍යාප්තව පවතිනවා.

    ප්‍රාන්ත කිහිපයකට මේ වනවිටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එලෙස අලුතින්ම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ ප්‍රාන්ත අතරට එක්ව ඇත්තේ මිලියන 60 ක් පමණ ජීවත්වන කැලිෆෝනියා සහ නිව්යෝක් ප්‍රාන්තයි.
    ඇමරිකාවේ කොරෝනා මරණ දෙකක්ද අලුතින් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට කොරෝනා මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ දස දහස ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාවද 3,831 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
    චීනයේ ආසාදිතයන් 80,738 ක් වාර්තාවන අතර, මරණ 3120 ක් සිදුව තිබෙනවා.
    චීනයට පසුව මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ඉතාලියෙන් වන අතර, එම සංඛ්‍යාව 366 ක්.

    දිනක් තුළ චීනයේ සිදුවන මරණ සංඛ්‍යාව එක දක්වා පහත වැටී ඇති අතර, ඉතාලියේ දිනක් තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 133ක් ලෙස වාර්තාවී තිබෙනවා.
    http://www.hirunews.lk/sinhala/23614...B7%83%E0%B7%9A
     
    • Like
    Reactions: laknath123

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    චීනයේ නීරෝධායන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් කඩාවැටෙයි ‍
    චීනයේ දකුණුදිග ප්‍රදේශයේ චුවැන්ෂෝ නගරයේ හෝටල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයන් 70දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බව වාර්තා වේ.
    මෙය, කොරෝනා වයිරසය ආසාදනය වූවන් වෙනුවෙන් නීරෝධායන මධ්‍යස්ථානයක් ලෙස වෙන් කළ හෝටල් ගොඩනැගිල්ලක් බව පැවසේ.
    කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන් බුන් අතර සිරවී සිටි 48 වැනි පුද්ගලයා අද උදෑසන වනවිට බේරාගැනීමට ජීවිතාරක්ෂක භට පිරිස සමත්වූහ.
    ගිනි නිවන හමුදා නිලධාරීන් 848දෙනෙකු, සුනඛයන් හත්දනෙකු යොදාගනිමින් සිර වූ පිරිස මුදාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි.
    සෙනසුරාදා රාත්‍රියේදී කඩා වැටුණු ගොඩ නැගිල්ලේ සිටි පිරිස බේරාගැනීම සඳහා එම නිලධාරීහු රාත්‍රියේ පටන් මේවනවිටත් මෙහෙයුම් කරමින් සිදුකරමින් සිටිති.
    ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
    (සීඑන්එන් ඇසුරිනි)
    http://www.lankadeepa.lk/world_news/...0%8D/14-567321
     
    • Like
    Reactions: Kolama

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඉහළට
    ඇමරිකාවේ කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 500 ඉක්මවා තිබෙනවා.
    ඇමරිකාවේ ප්‍රාන්ත 30 ක් පුරා වෛරසය මේ වනවිට ව්‍යාප්තව පවතින අතර, ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
    එලෙස අලුතින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ ප්‍රාන්ත අතරට එක්ව ඇත්තේ මිලියන 60 ක් පමණ ජීවත්වන කැලිෆෝනියා සහ නිව්යෝක් ප්‍රාන්තයි.
    ඇමරිකාවේ කොරෝනා මරණ දෙකක්ද අලුතින් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට කොරෝනා මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    http://www.hirunews.lk/sinhala/23613...B7%85%E0%B6%A7
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා නිසා නිව්යෝක් නුවරට හදිසි තත්ත්වයක් - මලයාසියාව සහ තායිලන්තය, සුපිරි මගී නෞකාවලට තහංචි පනවයි

    කොවිඞ් - 19 වෛරස් ආසාදිතයන් සිටිය හැකි බවට සැක පළවීම හේතුවෙන් සුපිරි මගී නෞකාවලට සිය රටේ වරාය වෙත ඇතුලූවීම මලයාසියාව සහ තායිලන්තය වළක්වා තිබෙනවා.

    http://www.hirunews.lk/sinhala/23608...B6%BA%E0%B7%92
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Supply chain එක බිදවෙටෙන්න යන්නේ... කර්මාන්ත සලා වල නිෂ්පාදන නොවෙන නිසයි oil price වැටෙන්නේ.ඉස්සරහට හැම දේම තමන්ගේ රටේ හදන්න වේවි මෙහෙම ගියොත්...නැත්නම් බඩගින්නේ,බෙහෙත් නැතුව මැරෙන්න වෙන්නේ

    ඒත් මචන් ච‍යිනා දැන් රිකවර් වේගෙන නේද යන්නෙ? රජ්ජු බන්ඩාර දෙවියන්ගෙ පිහිටෙන් හොද අතට හැරුනොත් හොදයි! :rolleyes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,139
    25,279
    113
    ඩොකෙක් Infra red thermometer 10,000 ක් හොයනවා , තියෙන එකෙක් සෙට් කරලා දෙන්නම්. ලංකාවට සොට් එක කමින් සූන් ලයින් වගේ..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඩොකෙක් Infra red thermometer 10,000 ක් හොයනවා , තියෙන එකෙක් සෙට් කරලා දෙන්නම්. ලංකාවට සොට් එක කමින් සූන් ලයින් වගේ..

    hotels walata sell karanna ban oya.
     
    Status
    Not open for further replies.