නිරෝධායනයට ලක්වෙන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට දැක්වෙන කූඨ ලේඛනය සම්බන්ධවයි.
මෙය කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සාදන ලද ව්‍යාජ ලේඛනයකි.
රජයේ ඕනෑම නිල ලේඛනයක රාජ්‍ය ලාංඡනය, යවන්නාගේ නම, යවන්නාගේ අත්සන, නිල මුද්‍රාව, දිනය, අංකය, සම්බන්ධ කර ගැනීමට දුරකථන අංක සහ ලිපිනය සුදුසු පරිදි ඇතුළත් වෙන නමුත් මෙහි ඒ කිසිවක් නැත.
අප විසින් සෘජුවම නිරෝධායන අංශය සම්බන්ධ කරගෙන මේ ගැන විමසා බැලූ අතර ඔවුන්ද මෙම ලේඛනය ව්‍යාජ එකක් බව තහවුරු කළෝය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා ආරක්ෂක අංශ වෙතත්, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තුමා අනෙකුත් අංශ වෙතත් නියෝග කර ඇත්තේ විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ නිරෝධායන කටයුතු නොමිලයේ සිදුකරන ලෙසටයි. එම නියෝගය ඒ පරිදිම ක්‍රියාත්මක වේ.
නිරෝධායන ක්‍රියාවලියේදී ආහාර සහ පානීය ජලය සඳහා වැය වෙන මුදල සාපේක්ෂව අඩු අතර, විශේෂයෙන්ම ප්‍රවාහනය සඳහා විශාල මුදලක් වැය වේ. අඩුම මුදලක් වැය වෙන දේ සඳහා මුදල් අය කරන බව දක්වා තිබීමෙන්ම මෙය සම්පූර්ණ අසත්‍යය ලේඛනයක් බව වටහා ගැනීමට අපහසු නොවේ.
මීට පෙර චීනයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේද නිරෝධායන කටයුතු ලබා දුන්නේ නොමිලයේ ය. කොරියාව, ඉතාලිය ඇතුළු අනෙකුත් කොරෝනා තර්ජනයට ලක්ව ඇති රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේද නිරෝධායන කටයුතු නොමිලයේ සිදුකරනු ලැබේ.
සමාජ මාධ්‍ය වල ඇති සෑම දෙයක්ම පරම සත්‍යය නොවේ. ඔනෑම කඩාකප්පල්කරුවෙකුට ප්‍රින්ට් අවුට් එකක් ගෙන ෆොටෝ ගසා මෙලෙස පළ කිරීමේ හැකියාව පවතී. එනිසා මෙවන් ලේඛනයක් දුටු විට කල්පනාකාරීව ඒ ගැන තීරණය කරන මෙන් සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමු.
මේ ගැන සියල්ලන්වම දැනුවත් කිරීමට කාරුණික වන්න.