BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    කොරෝනා වෛරසයට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයා සම්බාහනය කළ පුද්ගලයාත් රෝගී වී රෝහල් ගත කෙරේ
    කාංචන කුමාර ආරියදාස2020-03-12
    ShareFacebookTwitterEmail
    749
    Views


    දිවයිනේ පළමුවෙන් සොයාගත් කොරෝනා වෛරසය ඇතුළු වූ ලාංකික පුරවැසියාට සම්බාහන ප්‍රතිකාරයක් සිදු කළ හබරණ ප්‍රදේශයේ ස්පා (spa) ආයතනයක සේවය කරන පිරිමි අයෙකු හදිසියේ රෝගාතුර වීමෙන් හබරණ පොලිසිය මැදිහත්ව අද 12 දින පෙරවරුවේ අනුරාධපුර මහ රෝහලට රැගෙන ගිය බව පොලිසිය පවසනවා.

    ඒ හබරණ නගර මධ්‍යයේ පිහිටි ස්පා (spa) ආයතනයක හිමිකරුවෙකු හබරන පොලීසියට කර තිබූ දැනුම්දීමකට අනුවයි.

    එහිදී දැනුම් දී ඇත්තේ තම ස්පා ආයතනයේ සේවය කළ තෙරපීවරයෙකු රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන බවත් පසුගිය 26 වැනි දින පසුගියදා හමුවූ සංචාරක මගපෙන්වන්නාට ඔහු විසින් විනාඩි විස්සක පමණ සම්බාහන සත්කාරයක් සිදු කොට ඇති බවද හිමිකරු පොලීසියට ප්‍රකාශ කොට තිබෙනවා.

    අදාළ සම්භාහන නිලධාරියා පදිංචිව සිටින හබරණ වෙහෙරගල ප්‍රදේශයේ නිවසට ගොස් රෝගියා අනුරාධපුර රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

    එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි අවශ්‍යතාවයක් සලකා හබරණ ප්‍රදේශයේ පිහිටි සියලුම සම්භාහන මධ්‍යස්ථාන තාවකාලිකව වසා දමා ඒවා ජිවානුහරණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට දැනුම් දුන් බවද පොලිසිය සඳහන් කළා.

    මෙම සිද්ධියත් සමග හබරණ පොලීසියේද නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

    මෙම රෝගී තත්ත්වයෙන් පසුවන සම්භාහන නිලධාරියාගේ නිවස සොරුන් ඇතුළුවී මීට දින කිහිපයකට ඉහත දී භාණ්ඩ රැගෙන ගොස් තිබෙන බවත් පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුම එම නිවසට ගොස් එම අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සහ භාණ්ඩ ස්පර්ශ කිරීම් ආදී සිදුව තිබෙන බවද මෙම හේතුව නිසා පොලිස් නිලධාරීන් ද දැඩි අපහසුතාවයකට මේවනවිට පත්ව ඇති බවයි වාර්තා වුණේ. :dull: :dull: :dull:

    එමෙන්ම දැනට කොරෝනා වෛරසය ශරීරගතව ඇති සංචාරක මගපෙන්වන්නා සඳහා සම්බාහනය කළ තරුණයා එම දින සිට පසුගිය දින කිහිපය දක්වාම දෙස් විදෙස් බොහෝ දෙනෙකු සඳහා සම්බාහන ක්‍රියාවලියේ යෙදී තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා.

    කෙසේ වෙතත් මෙම සම්භාහන මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම මෙ වන විට වසා දමා තිබෙන බවද සඳහන්.

    Emios ko oya?:rolleyes:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,225
    5,050
    113
    Loading...
    කොරෝනා ආසාදිත මත්තෙගොඩ රණසිංහ මහතා ආගිය තැන්

    මේ වනවිට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබන මෙරටදී හඳුනාගත් පළමු කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයා මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන ජයන්ත රණසිංහ බවත් ඔහු සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර හෝටල් කිහිපයක පසුගිය දිනවල විදේශිකයින් සමග සංචාරය කළ බවත් ඔහුගේ ආසන්න සංචාරය නොව ඊට පෙර සංචාරයේ
    කොරෝනා යයි සැක ඉතාලි ජාතිකයෙකු සිටි බවට කරුණු හෙළිව ඇති බවත් එම ඉතාලි ජාතිකයා ඉතාලියට ගිය පසු මියගියේද යන්න කරුණු සොයමින් පවතින බවත් වාර්තාවේ.
    නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ගැන තොරතුරු කිහිපයක් පමණක් ඊයේ නිල වශයෙන් රජය අනාවරණය කළ නමුත් ඔහු සාමාජිකත්වය දරන රියදුරු සංචාරක මාර්ගෝපදේශක සංගමය සිය සාමාජිකයින්ට ඔහු සමග සබඳතා පැවැත්වූවේ නම් පරීක්ෂණ කරගන්නා ලෙසට නිකුත් කළ එස්එම්එස් පණිවිඩයක් නිසා ජයන්ත රණසිංහ මහතා ගැන තවත් තොරතුරු සමාජ මාධ්‍ය වෙත නිරාවරණය විය.
    මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමුවු‍ණේ චීනයේ වූහාන්හි වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුවයි.

    ඉතාලි බස කතාකරන මාර්ගෝපදේශකයෙක් වූ ජයන්ත මහතා
    ඉකුත් පෙබරවාරි මස 25දා සිට මාර්තු 2 වැනිදා අතර කාලය තුළ ඉතාලි ජාතිකයන් සමඟ දඹුල්ල, පේරාදෙණිය, දික්වැල්ල හා මහනුවර පළමු සංචාරයෙහි නිරතව සිට ඇති බව දැනගන්නට තිබේ.
    මොහු පොලිස් වාර්තාවක් ලබාගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි පොලිසියකට දෙවරක්ම පැමිණ
    ඇත. ඒ කටුනායක ගුවන්තොටුපළට ඔහුගේ වාහනය ඇතුළු කිරීම සඳහා අවසර පත්‍රයක් ලබාගැනීම සඳහාය.
    අවසන් වරට මගපෙන්වා ඇත්තේ ඉකුත් 03 වැනිදා සිට මෙරට සංචාරයක නිරත වූ ඉතාලි ජාතිකයින් සිව්දෙනෙකුටයි.
    3 වැනිදා සිට 8 වැනිදා දක්වා සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කර තිබෙන ඔවුන් එම ප්‍රදේශවල හෝටල් කිහිපයකම නවාතැන් ගෙන තිබේ.
    ඉතාලි ජාතිකයින් සිව්දෙනා කටුනායක ගුවන් තොටුපළට ඇරලවූ ජයන්ත රණසිංහ මහතා පසුව මත්තේගොඩ පිහිටි තම නිවසට ද පැමිණ ඇත.

    දෙදරු පියෙකු වන 52 හැවිරිදි ජයන්ත මහතා අසනීප තත්ත්වයෙන් රෝහල් ගතකර තිබුණේ, පසුගිය 9 වැනිදායි.
    ජයන්ත රණසිංහ මහතා සාමාජිකත්වය දරන රියදුරු සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය සංගමය සෙසු සාමාජිකයින්ට යැවූ එස්.එම්.එස්. පණිවිඩියක දැක්වෙන්නේ, ජයන්ත මහතා ඇතුළු ඉතාලි ජාතිකයින් නවාතැන් ගත් හෝටල්වල රැඳී සිටියේ නම් කඩිනමින් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු වන ලෙසයි.
    වයස අවුරුදු 52ක් වන ජයන්ත රණසිංහ මත්තෙගොඩ ප්‍රදේශයේ නිවසක පදිංචි කරුවෙකි. ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවසේ සිටම නිරෝධායනයට ලක් කිරීමට රජයේ බලධාරීන් දැන් පියවර ගෙන තිබේ. ඔහු සංචාරය කළ ස්ථාන මෙන්ම ඔහු සමඟ ගමන් කළ ඉතාලි ජාතිකයන් සංචාරය කළ ස්ථාන පිළිබඳවද මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුවේ.
    කලක් ඉතාලියේ රැකියාව කළ හෙතෙම මෙරටට ආවේ ඉතාලි භාෂාව පිළිබඳ හසල දැනුමින් යුක්තව බවත් පැමිණි පසු සංචාරක මාර්ගෝපදේශකයකු (guide) ලෙස කටයුතු කරන්නට පටන්ගත් බවත් පැවසේ. සංචාරකයන් මෙරටට ගෙන්වන සමාගම් කිහිපයක් හා සම්බන්ධ වී නිදහස් සංචාරක මාර්ගෝපදේශකයෙක් (guide) ලෙස ඔහු කටයුතු කරමින් සිටියේය.
    ඉකුත් පෙබරවාරි මස 25දා සිට මාර්තු 2 වැනිදා අතර කාලය තුළ ඉතාලි ජාතිකයන් සමඟ දඹුල්ල, පේරාදෙණිය, දික්වැල්ල හා මහනුවර පළමු සංචාරයෙහි නිරතව සිට ඇති කාලය තුළදී එක් ඉතාලි ජාතිකයෙකුට අසනීප තත්වයක් පැවති බවත් එම තැනැත්තා ඉතාලියට ගියේ එම අසනීපය සහිතව බවත් කරුණු හෙළිව ඇති අතර ඔහු ඉතාලියේ වාසය කරන ප්‍රදේශයේ කොරෝනා මරණ 3 ක් වාර්තාවී ඇති බවත් කියැවිණි.මෙම පුද්ගලයා එම මරණ අතර සිටීදැයි දැන් පරීක්ෂණ සිදුවේ.
    බොහෝ දුරට ජයන්ත මහතාට රෝගය වැළඳෙන්නට ඇත්තේ ඔහුගෙන් බවට අනුමාන කෙරේ.
    ආසාදිත සංචාරක මග පෙන්වන්නා ගේ ගමන් කාලසටහන පහත දක්වන්නේ ඒ හා සම්බන්ධිතව සිට සැකසහිත රෝග ලක්ෂණ පහළවූ අයගේ දැනගැනීම පිණිසය.

    25/02 Amaya Lake, Dambulla
    26/02 – Amaya Lake, Dambulla
    27/02 – Amaya Lake, Dambulla
    28/02 – Royal Kandyan , Kandy
    29/02 – Royal Kandyan , Kandy
    3/03 – Amaya Lake, Dambulla
    4/03 – Amaya Lake, Dambulla
    5/03 – Amaya Lake, Dambulla
    6/03 – Royal Kandyan , Kandy
    7/03 – Royal Kandyan , Kandy
    02/03 from Dickwella resort


    Source
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,782
    66,979
    113
    Kohomada kema daruwa

    images-1.jpg
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද (12) උදෑසන පොළොන්නරු රෝහලට ඇතුළත් කර තිබේ.

    කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු හා සෝමාවතිය ප්‍රදේශයේ වන්දනාවේ පැමිණි අයෙක් මෙලෙස රෝහල් ගත කළ බව වාර්තා වෙයි.

    මෙම රෝගීන් දෙදෙනාම ඉතාලියේ සිට පැමිණි අය වන අතර ඒ අතුරින් සෝමාවතිය ප්‍රදේශයේ වන්දනාවේ ගොස් සිටියදී රෝහල් ගත කළ පුද්ගලයා මාර්තු 10 දිනට පෙර ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකු බවයි වාර්තා වෙන්නේ.

    එම පුද්ගලයා සිය පවුලේ සාමාජිකයින් සමඟ රට පුරා ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බවත් වාර්තා වෙයි.

    මෙම රෝගීන් දෙදෙනා IDH රෝහලට රැගෙන යෑමට සුදානම් බවත් එහි සිටින අද දෙරණ වාර්තාකරු පවසයි.

    මේ අතර සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ විදෙස් රටවලින් මාර්තු 10 දිනට පෙර මෙරටට පැමිණි පුද්ගලයින් තම නිවෙස්වල සිට නිරෝධායන කටයුතුවල නිරතවන ලෙසයි.

    adaderana
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,782
    66,979
    113
    කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු

    Fuck
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දිවයිනේ සියලුම පාසැල් 26 දක්වා වසා දැමේ
    2020-03-12
    ShareFacebookTwitterEmail
    170
    Views


    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.


    :dull: :dull: :dull:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,782
    66,979
    113
    දිවයිනේ සියලුම පාසැල් 26 දක්වා වසා දැමේ
    2020-03-12
    ShareFacebookTwitterEmail
    170
    Views


    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.


    :dull: :dull: :dull:

    Happooo elakiri ewilla ivarai
     
    Status
    Not open for further replies.