කොරෝන 2+ ,

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    ඔන්න දෙවෙනියත් confirm කරලා ,
    කලින් එක්කෙනා එක්ක එකට හිටපු එක්කෙනක් ,
    වැඩි විස්තර තාම දන්නේ නෑ එයත් IDH එකේ


    කවුරුවත් අනවශ්‍ය විදියට මේ දවස් වල ඉස්පිරිතාල වලට යන්න එපා
    පුළුවන් තරම් ගමන් බිමන් අඩු කරන්න
    අඩුම තරමින් හැම කෙනෙක් ගෙන්ම මීටරය ක් වත් ඈතින් ඉන්න

    පුළුවන් තරම් උත්සව වගේ ඒවා අඩු කරන්න,

    කෑම බීම පරිසමින් තොර ගන්න

    කෑම දෙනකොට කඩේ පොර කෑමයි සල්ලියි අරවයි මේවයි සේරම අල්ලනවද කියල විමසිලිමත් වෙන්න

    :sorry::sorry::sorry:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔන්න දෙවෙනියත් confirm කරලා ,
    කලින් එක්කෙනා එක්ක එකට හිටපු එක්කෙනක් ,
    වැඩි විස්තර තාම දන්නේ නෑ එයත් IDH එකේ


    කවුරුවත් අනවශ්‍ය විදියට මේ දවස් වල ඉස්පිරිතාල වලට යන්න එපා
    පුළුවන් තරම් ගමන් බිමන් අඩු කරන්න
    අඩුම තරමින් හැම කෙනෙක් ගෙන්ම මීටරය ක් වත් ඈතින් ඉන්න

    පුළුවන් තරම් උත්සව වගේ ඒවා අඩු කරන්න,

    කෑම බීම පරිසමින් තොර ගන්න

    කෑම දෙනකොට කඩේ පොර කෑමයි සල්ලියි අරවයි මේවයි සේරම අල්ලනවද කියල විමසිලිමත් වෙන්න

    :sorry::sorry::sorry:


    :yes::yes::yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    89824552_10163035461535134_4572194824932818944_n.jpg
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584019669-corona_l.jpg
    කොරෝනාවලින් බේරෙන හැටි

    නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහ එම රෝගය බෝවීම වළක්වා ගැනීමේ පියවර පිළිබඳව තවමත් බොහෝ දෙනාට නිසි වැටහීමක් නැහැ.
    එහෙත් ඒ සඳහා වන නිසි සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ඔබටත් ඊට ගොදුරුවීම වළක්වාගත හැකි වනු ඇති.
    නව කොරෝනා වෛරසය ප්‍රධාන වශයෙන්ම එක් අයකුගෙන් තවත් අයකුට ආසාදනය වන්නේ කතාකරන විටදී, කහින විටදී හෝ කිවිසුම් යාමේදී පිටවන බිඳිති මඟින්.
    එම දියර බිඳිති , ආසාදිතයා අසල සිටින පුද්ගලයෙකුගේ මුඛයේ හෝ නාසයේ හෝ තැන්පත් වීම මගින් මෙම වෛරසය ශරීරගත වෙයි.
    මෙම දියර බිඳිති බරින් වැඩි නිසා බොහෝ දුරක් වාතය හරහා ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ.
    ඒවා දළ වශයෙන් මීටර් 1ක් වැනි දුරක් ඇතුළතදී අසළ ඇති යම් පෘෂ්ඨයක් මත තැන්පත් වීම සිදුවෙයි.
    මේ නිසා එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය සම්ප්‍රේෂණය වන විටදී එය බොහෝ විට සිදුවන්නේ අදාළ රෝගී පුද්ගලයා සමීපව ආශ්‍රය කරන අයටයි.
    ඒ අතර ආසාදිතයකුගෙන් පරිසරයට නිකුත් වූ වෛරස තැවරුණු පෘෂ්ඨයක් ආසාදිත නොවන පුද්ගලයකු විසින් ස්පර්ශ කළ විට වෛරසය එම තැනැත්තාගේ අත්වල තැවරීමට ඉඩකඩ පවතියි.
    එවැනි අතකින් ඔහු හෝ ඇය දෑස් ,නාසය හෝ මුඛය ඇල්ලීමෙන්ද වෛරසය ආසාදනය විය හැකියි.
    නව කොරෝනා වෛරසය මෙලෙස ආසාදනයවීම වළක්වාගැනීම සඳහා ඔබට අනුගමනය කළ හැකි පහසු පියවර කිහිපයක්ම පවතියි.
    මෙම වෛරසය ප්‍රමාණයෙන් විශාල වන නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් මඟින් වෛරසය ඇතුළුවීම වළක්වාගත හැකියි.
    එමෙන්ම බාහිර පෘෂ්ඨ ස්පර්ශ කළ පසු හොඳින් සබන් යොදා සෝදා දෑත් ‍පිරිසිදු කිරීමත්, ඇල්කොහොල් සහිත පිරිසිදුකාරක මගින් විෂබීජ හරණය කිරීමත් වෛරසය ශරීරගත වීම වැළැක්වීමට ඉවහල් වෙයි.
    ඔබ නිතර දෑත් සෝදා පිරිසිදු කරගැනීම ඒ අනුව වැදගත් වෙයි.
    ඔබ කහිනවිට හෝ කිවිසුම් යවන විට සිය වැලමිටෙහි ඇතුල් පැත්තෙන් කට සහ නාසය ආවරණය කර ගැනීම හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.
    එම ටිෂූ කඩදාසිය භාවිත කළ වහාම අවට පරිසරයට මුදාහැරීම වෙනුවට පියනක් සහිත කසල බඳුනකට බැහැර කිරීමට වගබලාගත යුතුයි.
    ඔබට උණ, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතාව, කෙටි හුස්ම ගැනීම, දියර ලෙස මළපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව වැනි අසීරුතා ඇත්නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න.

    http://sinhala.adaderana.lk/news/132...B6%A7%E0%B7%92