හොදම decision එකක්. දැන් කා ගහන් නැතුව පහල කියල තියන ටික ඇත්තද බොරුද කියල උබම හිතපන්
දැන්සමහරු කියයි මචන් අපෝ දැන් කරල අල කන්නද අරක මේක. හැබයි මං හිතනව හරිම වෙලාවට තමා තීරණේ ගත්තෙ කියල. බලපන් ලොකු කලබලයක් නෑ. ඒත් ගානට වැඩ ටික යනව. corona patient la වැඩි උනා මචන්. ඒත් බලපන් වැඩි උන speed එක තාම stable. Italy china වගේ එක පාරට 100යි ඊළඟ දවසෙ 500යි වගේ උනේ නෑ. ලංකාව ඇතුලෙ control කරනව උපරිමයෙන්.
අනිත් එක මං මේ UNP එකේ උන්ට නෝන්ඩි දානව නෙමේ. සිරාම මට හිතුන දේ කියන්නෙ එක video එකක් දැකල සජිත් කතා කරනව. උබලත් පක්ෂෙ පැත්තන් හිතන් නැතුව මේ virus එක පැත්තෙ ඉඳන් පොඩ්ඩක් හිතපන්. ඊයෙද කොහෙද මට කියනව ඇහුන අර china වල වගේ lock down සංකල්පය කලා නං මෙලහට මේක නවත්තගන්න පුළුවන් වගේ ඔහොම කතාවක් අහුන.
මට මචං ඒ කියන විදිහෙන්ම තේරෙනව බන් මෙයාට මේ ගැන, මේ වගෙ දේකදි වැඩේ කරන්න කිසිම අවබෝධයක් plan එකක් නෑ කියල. නිකන්ම china වල දැකපු දේ කිවුව. china වල wuhan lockdown කලේ patientla වැඩි වෙන speed එක එක පාරට වැඩි උන උන නිසා. ඒ කාලෙ ඒ වෙනකොට හරියටම උන්ටත් තේරුන් ගන්න බැරි උනා මේක කොහෙන් කලවර වෙයිද මොකක් වෙයිද කියල. මොකද මේක පටන් ගත්තෙ ඒ පලාතෙන්.
ඒත් ලංකවෙ මේක ආවෙ පිටරටවල් වල ඉදන් ලංකාවට ආපු මිනිස්සුන්ගෙන්. ඒ නිසා ලංකාවෙ මේක පැතිරෙන්න කලින් Europe වලට ආපු ගමං මොකද කලේ, නිරෝධායන මධ්‍යස්ථාන හැදුව. මොකද කට්ටිය දන්නව Europe වල වැඩි වෙච්ච ගමං ඒ රටේ ලංකාවෙ මිනිස්සු ටික මෙහෙට එනව කියල. එතකොට ඒ මිනිස්සුන්ට හැදුන්ත් ඒ මිනිස්සු ඉන්නෙ නිරෝධායන මද්‍යස්ථාන ඇතුලෙ ලංකාව ඇතුලට expose උනේ නෑ. මේ නිරෝධායන මධ්‍යස්ථාන හදන්න කලින් යුරෝප් වලින් ලංකාවට ටිකක් ඇවිල්ල තියනව. හැබැයි ඒ ආපු ටික දෙනත් එහෙන් එනකොට යුරෝප් වල ලොකුවට spread වෙලා තිබ්බෙ නෑ ඒ කියන්නෙ රෝග ලක්ෂණ මතු වෙලා තිබ්බෙ නෑ. හැබැයි virus එක ඇගට ගිහින් තිබ්බ.
එහෙම ආපු අයගෙන් තමා මේක ලංකාවෙ සමහරක් පැති වල එකා දෙන්නට හැදුනෙ.
මේ මනුස්සය කියන විදිහට lockdown කරන එක තමා විකල්පෙ වෙන එකක් කියන් නෑ. මෙයා හිටිය නං එහෙනන් අර නිරෝධායන මද්‍යස්ථාන හදන්නෙ නෑ අර එදා airport එකේ ඇවිල්ල කා ගහපු උන් ඔක්කොම ගෙදර යවල වැඩේ spread උනාට පස්සෙ lockdown කරනව. මචං ඒකෙ ඇතුලෙ ඉදල හැදිච්ච උන් ටික ගෙදර යවල මේක spread උනා නං ලංකාවෙ කොහෙ කියල lockdown කරන්නද? මිනිස්සු එක එක පැති වලට යනව. වැඩියෙ ඕන් නෑ උන් 25 දෙනෙක්
ඒලියට ගිහින් තිබ්බ නං ලංකාවෙ මේ වෙනකොට මළ ගෙයක්.
ඒකයි ඉස්සෙල්ලම නිරෝධායන මද්‍යස්ථාන ටික හැදුවෙ. දැන් ඒව ඇතුලෙ 3000ක් ඉන්නව. මුන් ටික එලියට යවල හැදෙනකන් බලන් ඉදල කොහෙ lockdown කරන්නද. හැම එකක්ම කරන්න ගෝටට plan එකක් තිබ්බ. ඒ plan එක, එක එක්කෙනාට බෙදල දුන්න කරන්න කියල. දැනටත් ඒ plan එකයි යන්නෙ. ඔක්කොම step by step යන්නෙ.
මේක ඇතුලෙ කිසිම කලබලයක් panic එකක් තියනව දැක්කද කියපන් උබල? ලොකුම දේ තමා patients ල වැඩි වෙන ප්‍රතිශතය අඩු වෙලා නෑ හැබැයි වැඩි වෙලත් නෑ. stable. ඒ අර කලින් ආපු සෙට් ක නිරෝධානය කරන්න යවපු නිසා. තව ඒ අතරතුර එක එක දේවල් කලානෙ. ඉස්සරහටත් මේක ටික ටික වැඩි වෙන්න පුළුවන් හැබයි stable ව්දිහට. ඉට පස්සෙ දැන් china වල වගේ වැඩි වෙන වේගෙ අඩු වෙනව. අඩු වෙලා නැති වෙලා ගිහින් අලුතෙන් හැදෙන patient ල නැති වෙල ගිහින් ඉතුරු වෙන්නෙ දැනට treatment කරන උන්ව විතරයි.
ඇත්තට මංපොහොට්ටුවකට කඩේ යන නිසාවත් unp එකේ උන්ව නෝන්ඩි කරන්න ඕන නිස්සවත් මේක කියනව නෙමේ. සිරාම අවංකවම මිනිස්සුන්ගෙ පැත්තන් හිතල කියන්නෙ. unp ආන්ඩුවක් ඉදල මේක කරන්න ගියා නං ඇත්තටම මේක හත්පොලේ ගා ගන්නව බන්. ගාගෙන ඉට පස්සෙ අරු බැලුවෙ නෑ මූ බැලුවෙ නෑ මන් මෙහෙම කිවුව ඒත් මූ මෙහෙම කලේ නෑ කිය කිය බෝලෙ පාස් කරනව අර පාස්කු බොම්බෙ වගේ. අවන්කවම ඕක තමා වෙන්නෙ. මේක ලංකාව ඇතුලෙ ගොඩක් දුරට under control stable බන්. මේක වසන්ගතයක් වෙලා නං අර දැන හැදිල hospital වල ඉන්න උන්ගෙන් ඒ වෙලාවෙ බෝ වෙච්ච අයත් ඉන්න ඕන ගුණනය වෙවී වැඩි වෙන්න ඕන. ඒත් එහෙම එකක් වෙලා නෑ. උබලත් රජයෙන් කියන විදිහට පරිස්සමට ඉදපල්ල




That reminds me of Dear old Chndra Anagiratne.....