මචං දැන් කන්ෆර්ම් කේස් අඩුවේගෙන යනවා කියල හෙන හයිප් එකේ එලියට බැහැල දගලන්න එපා.. පිං සිද්ධ වෙයි මචං අමතක කරන්න එපා සාමාන්‍යයෙන් මේ කරුමක්කාර ලෙඩේ රෝගලක්ෂන එලියට එන්න සාමාන්‍යයෙන් දවස් දාහතරක් යනවා ඉතාලියේ දවස් විසි අටක් ගිය අයත් ඉන්නවා..
රෝයල් බිග් මැච් සීන් එක, ජර්මන් මැණික් කාලකන්නියගේ සීන් එක, රාගම පිස්සාගේ සීන් එක වගේම යාපනේ පල්ලියේ සීන් එක මේ හැම එකම උනේ මාර්තු දොළොස් වෙනිදායින් පස්සේ ඒ කියන්නේ තාම දවස් දාහතරක් ගිහිං නෑ.
ඒ කියන්නේ මචං තාම රෝගලක්ෂණ එලියට දාන්න කල් මදි මචං.. ඔය උඩ කියපු කට්ටියගෙන් තෑග්ග හම්බඋන අය සහ ඒ හම්බඋන කට්ටිය තෑග්ග බෙදපු අය තාම දන්නේ නෑ තමන් රෝග වාහකයෙක් තියා තමන්ගේ ඇගේ මේ වයිරස් එක තියනවා කියලවත්..
ඒ ගොල්ලන්ගේ ඇගෙන් මේක පිට දාද්දි මේ මාසේ අන්තිම ඊලග මාසේ මුල වගේ වෙයි.. උබල නිකමට හිතුවද දැන් මේ රිසක් එක අඩුවෙගෙන යනවනම් ගවර්මන්ට් එක වෙනම හොස්පිටල් කොරෝනාවලට වෙන් කරන්නේ ඇයි කියල ? ඒ ගොල්ලෝ දන්නවා අවදානම තියෙන්නේ තව ඉස්සරහ කියා
පරිස්සම් වෙයන්
සමහර විට මගේ ඇගේ වයිරස් එක තියෙන්න පුළුවන්... උබේ ඇගේත් තියෙන්න පුළුවන් කඩේ අපිත් එක්ක බඩු ගන්න පොරකන එකාට, ඒ ටී එම් එකේ උබට කලින් සල්ලි ගන්න එකාට, සුපර් මාර්කට් එකේ උබ එක්ක පෝලිමේ ඉන්න එකාට, කැෂියර් එකේ ඉන්න ලස්සන නංගිට, ත්‍රිවිල් එක එලවන අයියට, මේ ඕනෙම කෙනෙක්ට මේ ලෙඩේ හැදීලා තියෙන්න පුළුවන්.
එක නිසා පරිස්සමින් මචං.. මොකද තාම මේක හරියටම එලියට ආවේ නෑ.
උබ පරිස්සම් උනේ නෑ කියන්නේ උබ උබේ ජීවිතේ විතරක් නෙමෙයි බං අවධානමේ දාන්නේ උබේ පවුලේ අය, අහල පහල අය විතරක් නෙමෙයි උබ නොදන්නා ය දහස් ගණනකගේත් ජීවිත උබ අමාරුවේ දානවා
මචංලා උබලට වැදල කියන්නම් පිංසිද්ධවෙයි උබලගේ ගෙදරින් මිනියක් එලියට් යන විදිහට වැඩ කරන්න එපා මචං. උබට උබේකියන එකාගේ මිනියවත් බලන්න වෙන්නේ නෑ මචං සමහර විට උබේ ආදරය කරන කෙනා නැතිවුනා කියල උබට පණිවිඩේ එද්දිත් එයාගේ මිනිය පොලිතින් පැකට් එකක දාල වලලලා තියෙන්න පුළුවන් නැත්නම් ඇටකට්ටක්වත් ඉතුරු නොවෙන්න අධික උෂ්ණත්වයක පුච්චලා වෙන්න පුළුවන්..
මේක විහිළුවක් නෙමෙයි බං.. තම අවධානම තියනවා සීයට සීයක්ම. උබත් ආරක්ශාවෙලා උබේ ආදරය කරන අයවත් ආරක්ෂා කරගනින්